• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අගමැතිලට-රජගෙදර බේබිලට කෙළවෙච්ච සතියක් කියවලා බලන්න පොඩි චූන් එකක් එයි I Sri Lanka Latest News

June 29, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපි අපගේ ආදරණීය දරුවන්ට ගැහැනු, පිරිමි බවට අදාළව ‘පුතා’ හෝ ‘දුව’ වශයෙන් කතාකරනු ලබයි. එහෙත් සමහර මවුපියන් ලිංග භේදය නොසලකමින් සියලු දරුවන්ට පුතා ලෙසින්ද ආමන්ත්‍රණය කරයි. එනම් පුතාලා ‘පුතා’ ලෙසත්, දුවලාත් ‘පුතා’ ලෙසත් හැඳින්වෙයි.(Sri Lanka Latest News)

තවත් සමහර මවුපියන් එම දරුවන් කෙතරම් උස්මහත් වුවත් බාල වයසේ සිට තරුණ වයස දක්වාම කතා කරන්නේ ‘බබා’ ලෙසිනි. අවුරුදු විසි ගණන්වල සිටින දුවලා පුතාලාටත් එසේ ‘බබා’ ලෙසින් ආමන්ත්‍රණය කෙරෙති. මවුපියන්ගේ මෙම ආදරය ගැන අපට විවිධ විවේචන සිදුකරන්නට අවශ්‍ය නැත. එහෙත් මෙම ‘බබා’ යන වදන අපේ රටේ සමහර පවුල්වල දරුවන්ට යෙදී ඇත්තේ එක්තරා වෙනස් ආකාරයකටය.

එනම් එහිදී ‘බබා’ වෙනුවට ‘බේබි’ ලෙසින්ද ආමන්ත්‍රණය කරති. සමාජයේ ඉහළ පාන්තික නිවෙස්වල දරුවන්ට මෙසේ ‘බේබි’ යැයි බොහෝ විට ආමන්ත්‍රණය කරන්නේ එම පවුල්වලට සම්බන්ධ ආවතේව කරන සෙසු පිරිස් විසිනි. මේ ආකාරයට අපගේ සමාජයෙන් බොහෝ විට ‘බේබිලා’ ගැන අසන්නට ලැබී ඇත්තේ ඉහළ දේශපාලන පවුල් සහ ධනවත් වටපිටාවක් ඇති පවුල් වෙතිනි.

එහිදීද මෙරට තුළදී පසුගිය කාලයක් පුරාම මෙවැනි ‘බේබිලා’ ගැන වැඩිපුරම අසන්නට ලැබුණේ මෙරට සිටින ප්‍රධානතම පෙළේ සහ ජනප්‍රියතම දේශපාලන පවුලක් වෙතිනි.

මේ ආකාරයට ශ්‍රී ලංකාවේ දේශපාලන පවුල්වල බේබිලා ගැන විටින් විට අනේකවිධ කතාන්දර පසුගිය දශක ගණනාවක් පුරා අපට අසන්නට ලැබිණි. මේ දේශපාලන බේබිලාගේ ‘දඩබ්බරකම්’ සහ ‘කඩප්පුලිකම්’ ගැන අපට අසන්නට ලැබුණු වාර අනන්තය.

Sri Lanka Latest News

සමහර අවස්ථාවලදී ඔවුන් හැසිරුණු ආකාරය අතිශය නින්දිතය. එමෙන්ම ලැජ්ජාසහගතය. මෙම සිදුවීම්වලදී අපට එලෙස අසන්නට ලැබුණු පුවත් බහුතරයක්ම මෙම දේශපාලකයන්ගේ පුතාලාගේ කෙරුවාවන් තුළින් එළිදැක්විණි. මෙරට සිටින ප්‍රධානතම පෙළේ දේශපාලන පවුලේ බේබිලාගේ සහ තවත් එවැනිම බලගතු ඇමැතිවරුන්ගේ පවුල්වල පුතාලාගේ අගතිගාමී වැඩ ගැන අපට අසන්නට ලැබී ඇත.

මෙවැනි සිදුවීම්වලදී හෙළිවන අනෙක් අපූරු කරුණ නම් මෙම පුතාලාගේ කඩප්පුලි වැඩ ගැන ඔවුන්ගේ මවුපියන් විසින් සුදු හුණු ගාමින් එම ක්‍රියාවන් වසං කිරීමය. එසේත් නැතිනම් එම සිදුවීම්වලට ප්‍රතිචාර නොදක්වමින් තව තවත් එවැනිම නිහීන වැඩ කිරීමට පෙලඹවීමය. ජනතාව එදිනෙදා භාවිත කරන මංමාවත් වසා කාර් රේස් පදින සහ සතුන්ට වෙන්වූ අභයභූමිවල පවා ජීප් රේස් පදින ඇරුම පුදුම දේශපාලන පුතුන් ගැන අපට පසුගිය කාලයේ අසන්නට ලැබිණි.

මෙම සිදුවීම්වලට අමතරව එම පුත්තු කාලයක් පුරාම තවත් සැදී පැහැදී සිටියේ තම මවුපියන්ගේ දේශපාලනයට මුවාවී විවිධ දූෂණ වංචා සහ වෙනත් කොල්ලයන්ද සිදුකිරීමටය. රටේ මිල කළ නොහැකි නිධන් වස්තුවේ සහ පුරාවස්තුවේ සිට සෑම ආකාරයකම භයානක අපරාධ මේ දේශපාලන පුතාලා විසින් සිදුකළහ. මෙම වගතුග ලියා තබන්නට ග්‍රන්ථයක් හෝ මදිය.

අද ඔබට අපේ රටේ දේශපාලන තාත්තලා සහ පුතාලාගේ වගතුගක් ලියා තබමින් මේ ලිපිය ආරම්භ කළේ ඇයි? එයට හේතු වූයේ මෙයට දින කිහිපයකට ඉහතදී අපට ජපානය හරහා අසන්නට ලැබුණු එක්තරා සුවිශේෂ කතාන්දරයක් හේතුවෙනි.

මෙම වගතුග අපගේ රටට විශාල පාඩමක් සපයන කතාන්දරයක් ලෙස සැලකිය හැකිය. එම සිදුවීම කුමක්ද? ජපානයේ රාජ පරම්පරාවක් වසර සිය ගණනක සිට පැවැතියද, ජපානයේ ප්‍රධාන රාජ්‍ය නායක තනතුර වන්නේ අගමැති ධුරයයි. එනම් මහජන ඡන්දයෙන් එරට අගමැතිවරයා තේරී පත්වෙයි. ඉතා උසස්, ගෞරවනීය ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රටක් ලෙස සැලකෙන ජපානයේ වත්මන් අගමැතිවරයා වන්නේ ෆුමියෝ කිෂිඩා (Fumio Kishida) වන අතර, ඔහු ඉතා උසස් අයුරින් මහජන ප්‍රසාදය දිනා සිටින දේශපාලනඥයෙකි.

ඔහු මින් පෙර ජපාන රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය. පසුගියදා මෙම අගමැති නිල නිවෙස තුළින් වාර්තා වූයේ එක්තරා ආකාරයක අපූරු සිදුවීමකි. එනම් එම පුවතින් කියැවුණේ අගමැති ෆුමියෝ කිෂිඩාගේ වැඩිමහල් පුත් ෂොටාරෝ කිෂිඩා (Shotaro Kishida) ගැන කියැවෙන සුවිශේෂ පුවතකි. එනම් පසුගියදා මෙම අගමැති පුත්‍රයාට අදාළව කියැවෙන යම් සිදුවීමක තතු සහ එයට අදාළ ඡායාරූප ගණනාවක්ද ජපානයේ එක්තරා ප්‍රධාන පෙළේ පුවත්පතක් විසින් ප්‍රකාශයට පත්කර තිබිණි. මේ සුවිශේෂ පුවත මගින් හෙළිකර තිබුණේ ජපාන අගමැති පුත්‍රයා විසින් පවත්වන ලද එක්තරා සුපිරි සාදයක විස්තරයයි. එම වගතුග හෙළිකර තිබුණේ මෙසේය.

වත්මන් ජපාන අගමැති ෆුමියෝ කිෂිඩාගේ පුත් ෂොටාරෝ කිෂිඩා යනු 32 හැවිරිදි තරුණයෙකි. තවද විවාහ ජීවිතයට පත්ව නැති ඔහු පුතුන් තිදෙනකුගෙන් යුත් අගමැති කිෂිඩාගේ පවුලේ වැඩිමහලු පුත්‍රයාය. මුලින් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විධායක රැකියා කළ ඔහු, තම පියා අගමැතිවරයා වූ පසුව දේශපාලන ක්ෂේත්‍රයට පිවිසියේය. එසේ වූයේ 2022 වසරේදී අගමැති කිෂිඩා විසින් තම වැඩිමලු පුත් ෂොටාරෝ තමන්ගේ විධායක දේශපාලන ප්‍රතිපත්ති ලේකම්වරයා ලෙස පත්කර ගන්නා ලදී.

Sri Lanka Latest News

අගමැතිවරයා යටතේ ජ්‍යෙෂ්ඨ ලේකම්වරුන් 06 දෙනකු සිටින අතර, ඉන් එක් තනතුරක් ලබාදුන්නේ තම පුත්‍රයාටය. මෙම තනතුර ස්ථාපිත කිරීමෙන් පසුව ජපානයේ විවිධ පාර්ශ්ව චෝදනා කළේ ඉහත තරුණයා එම තනතුරට කිසිසේත්ම නුසුදුස්සකු බවටය. නිසි දේශපාලන අවබෝධයක් නැති මෙම තරුණයාට ලබාදුන් තනතුර නිසා ජපාන පාලන තන්ත්‍රය හෑල්ලුවට ලක්කෙරෙන බවද මාධ්‍ය වාර්තා සඳහන් කර තිබිණි. මෙම තනතුර යටතේ ජපාන අගමැතිවරයා විදේශ රටවල සංචාරය කිරීමේදී විවිධ රාජ්‍ය නායකයන් හා සම්බන්ධීකරණය කිරීමද සිදුවෙයි.

එනම් එම රාජ්‍ය නායකයන් සමග පවා අදාළ ලේකම්වරයා කටයුතු කළ යුතුය. මෙහිදී ජපානයේ විවිධ දේශපාලනික පාර්ශ්ව චෝදනා කර සිටියේ අගමැතිවරයාගෙන් පසුව තම පුත්‍රයා දේශපාලනයට ගෙන ඒම සඳහා මෙවැන්නක් සිදුකළ බවය. එහිදී අගමැති කිෂිඩා එම චෝදනා බැහැර කර සිටියේය. තම පුතා දේශපාලනයට ගෙන ඒමට තමන් තුළ කිසිදු සැලැස්මක් නැති බවත් ඔහු කියා සිටියේය. මෙලෙස ඔහුගේ පුත්‍රයා ෂෙටාරෝ ජපාන අගමැති කාර්යාලය තුළ කටයුතු කරගෙන ගියේය. ජපාන අගමැතිවරයාට නිල අගමැති කාර්යාලයට අමතරව නිල අගමැති නිවෙසක්ද හිමිව තිබිණි. මේවා ඉතා සුපිරි මට්ටමේ නිවස්නයන් විය. අපගේ මෙම කතාවට අදාළ සිදුවීම ඇතිවන්නේ අගමැති නිල නිවෙස තුළය.

මෙයට දින කිහිපයකට ඉහතදී ජපානයේ ප්‍රධාන කැබිනට් (ඇමැති මණ්ඩල) ලේකම්වරයා රාජ්‍ය නිල ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අගමැති පුත්‍රයාගේ එක්තරා ඉතා ආන්දෝලනාත්මක ඡායාරූප පෙළක් ප්‍රධාන පුවත්පතක් විසින් ප්‍රකාශයට පත්කර ඇති බවය. මේ අනුව කැබිනට් ලේකම් හිරෝකාසු මට්සුනෝ ප්‍රකාශ කර තිබුණේ අගමැති පුතා ෂොටාරේ කිෂිඩා පසුගිය 2022 වසරේ දෙසැම්බර් මස අගදී යම් අවුරුදු සැමරීමේ උත්සවයක් අගමැති නිල නිවෙස තුළදී පවත්වා ඇති බවය.

එම උත්සයට අදාළ තොරතරුැ සහ ඡායාරූප රැසක්ද ඉහත පුවත්පත විසින් ප්‍රකාශයට පත්කර ඇති බවද ඔහු අවධාරණය කර සිටියේය. මෙම උත්සවයේ විස්තර හා ඡායාරූප පළවී හෝරා කිහිපයක් යන්නට මත්තෙන් ජපානයේ පොදු සමාජය සහ තවත් විවිධ පාර්ශ්ව ගණනාවක් දැඩි විරෝධය පළකරන්නට ගත්තේය. මෙම විරෝධය හමුවේ කැබිනට් ලේකම්වරයා පුවත්පත් සාකච්ඡාවක්ද කැඳවා තිබුණේය.

ෂොටාරෝ කිෂිඩා විසින් සංවිධාන කරන ලද එම උත්සවයට තමන්ගේ මිතුරු මිතුරියන් සහ පවුලේ නෑ හිතවතුන්ද සහභාගි වී ඇත. සුපිරි ආහාරපාන, මත්පැන් වර්ග, සංගීත හා නැටුම් ජවනිකාවලින්ද උත්සවය පරිපූර්ණ වී ඇත. මෙහිදී හෙළිවන අපූරු කරුණ නම් අගමැති නිල නිවෙසේ ඇති සාම්ප්‍රදායික රතු පලස මත සිටද මෙම සහභාගි වූ පිරිස් විවිධාකාරයේ ඡායාරූප ගෙන තිබීමය.

Sri Lanka Latest News

මෙම සාම්ප්‍රදායික රතු පලස මත සම්භාවනීය පිරිස් සමග ඡායාරූප ගනු ලබන්නේ අගමැතිවරයාගේ සහභාගිත්වයෙන් පමණි. මෙහිදී අනෙක් රසවත් කරුණක් ලෙස හෙළිවන්නේ රතු පලස ඇති පඩිපෙළෙහි තවත් කිහිප දෙනකු සමග ෂොටාරෝ කිෂිඩා ඔවුන්ට මැදිවී සිටින්නේ ඇමැති මණ්ඩලයක සේයාරුවකට සමාන ආකාරයට යැයි පාර්ශ්ව චෝදනා කර ඇත. එසේම එම නිල නිවෙසේ ඇති පුවත්පත් මාධ්‍ය සාකච්ඡා පවත්වන පීඨිකාවේද ඔවුන් සාකච්ඡා පවත්වන අයුරින් සේයාරූ ගෙන ඇත.

ජපානයේ අගමැතිවරයාගේ නිල නිවෙස ජපාන භාෂාවෙන් හඳුන්වා ඇත්තේ ‘ෂූෂෝ කන්තෙයි’ (Shusho Kantei) ලෙසිනි. මෙහි මුල් ගොඩනැගිල්ල දැනට වසර 100කට ආසන්නව පැරැණි වුවද (1929දී ගොඩනගන ලද) එහි අලුත් ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ වසර 21කට පෙර එනම් 2002 වසරේදීය. තට්ටු 05කින් යුත් මෙම ගොඩනැගිල්ලෙහි පොළොව යටද එක් තට්ටුවක් තිබේ.

උසින් මීටර් 35ක් වන ගොඩනැගිල්ල වර්ග මීටර් 25,000කින් සමන්විත වෙයි. නිල නිවෙසේ උද්‍යාන ප්‍රදේශය වර්ග මීටර් 46,000කින් සමන්විතය. රාජ්‍ය නායකයන් පිළිගැනීමේ ශාලා, ඇමැති මණ්ඩල රැස්වීම් ශාලා, මාධ්‍ය සාකච්ඡා ශාලා, හමුදා උත්තමාචාර ශාලා සහ වෙනත් අංග රැසකින්ද සමන්විත මෙම ගොඩනැගිල්ලෙහි අගමැති පවුලේ සියලු සාමාජිකයන්ට ජීවත් වීම සඳහා අවශ්‍ය නිවාස පහසුකම් සියල්ලමද ඇත. මේවා අතිසුපිරි මට්ටමක පවතින පහසුකම් වෙයි.

මෙම ආන්දෝලනාත්මක සිදුවීම ගැන මෙයට දින කිහිපයකට පෙරදී ජපානයේ ප්‍රධාන කැබිනට් ලේකම්වරයා සිදුකළ මාධ්‍ය ප්‍රකාශයේදී ඔහු වැඩිදුරටත් මෙසේ පවසා ඇත.

‘ෂුකාන් බුන්ෂුන් (Shukan Bunshun) නමැති පුවත්පත තමයි මුල් වරට මෙම සිදුවීම හෙළිකරලා තියෙන්නේ. විස්තර සහ ඡායාරූප ගණනාවක්ද එහි තිබෙනවා. මෙය නිකම් අල්ලා ඉවත දැමිය හැකි සිද්ධියක් නොවන ලෙසට අපි රාජ්‍ය පාර්ශ්වය ලෙසට සඳහන් කර සිටිනවා. අගමැතිවරයා මේ ගැන දැඩි අවධානය යොමුකර තිබෙනවා. ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙය කිසිසේත්ම සිදු නොවිය යුතු සිදුවීමක් බවටයි.

පසුගිය 2022 දෙසැම්බර් අගදී සිදුවූ මේ සිදුවීම මෙලෙස සමාජයට අනාවරණ වුණේ පසුගියදායි. අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා මෙම සිදුවීමට අදාළව යම් විනය ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියලා. ඒ ගැන ඔහු ඉතා ඉක්මනින් ප්‍රකාශ කරාවි…’

ඔහු එලෙස ප්‍රකාශ කිරීමෙන් පසුව ගතවූයේ හෝරා කිහිපයක් පමණි. එනම් අප දැන් මෙම සිදුවීමේ සංක්‍රාන්තිමය හැරවුම් ලක්ෂ්‍යයට පැමිණ සිටින්නෙමු. පසුගියදා ආරංචි වූයේ මුළුමහත් ලෝකයම විමතියට පත්කරන පුවතකි. එනම් මෙම සිදුවීමට දඬුවමක් වශයෙන් ජපානයේ අගමැති ෆුමියෝ කිෂිඩා විසින් තම පුත් ෂොටාරෝ කිෂිඩා වහාම ක්‍රියාත්මක වන පරිදි අගමැති විධායක ප්‍රතිපත්ති ලේකම් ධුරයෙන් ඉවත් කර ඇත.

මෙලෙස ඔහු දේශපාලන ප්‍රතිපත්ති සඳහා වන විධායක ලේකම් ධුරයෙන් නෙරපා ඇත. තමන්ගේ පුත්‍රයා විසින් සිදුකර ඇති මෙම තදබල වරදට දඬුවමක් වශයෙන් තමන් එම තීරණය ගත් බව අගමැතිවරයා ප්‍රකාශ කර ඇත. මෙය සිදුවන විටදී තමන් එම රාත්‍රී භෝජන සංග්‍රහ උත්සවයේ නොසිටි බවද අගමැතිවරයා ප්‍රකාශ කර ඇත. ඉදිරියේදී මෙවැනි සිදුවීම් නොවිය යුතු බවටද ඔහු අවධාරණය කර ඇත.

‘රජයේ ඉහළ තනතුරක සිටින මාගේ පුත්‍රයා විසින් සිදුකළ කාර්යය ගැන මම කනගාටුවට පත්වන අතර, සියලු දෙනාගෙන් සමාවද ඉල්ලා සිටිනවා. ඔහුගේ වගවීම ඔහු විසින්ම අවතක්සේරු කර තිබෙනවා…’ යැයි අගමැති කිෂිඩා ප්‍රකාශ කර ඇත. ‘චෝදනා සත්‍යයක්. මමත් මේ තත්ත්වයට වගකිව යුතුයි. මම ඒකයි මේක බැරෑරුම් ප්‍රශ්නයක් විදියට හිතන්නේ…’ යැයිද අගමැතිවරයා මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

අගමැති පුත් ෂොටාරෝ කිෂිඩා හට මෙයට පෙරද වතාවන් කිහිපයකදී විවිධ චෝදනා එල්ල වී තිබිණි. එනම් රාජ්‍ය ජනතා මුදල් භාවිත කරමින් සුපිරි යාන වාහන ලබාගැනීම, සුපිරි තෑගිබෝග ලබාගැනීම මෙන්ම විදෙස් රටවල සංචාරයන් සිදුකිරීමට එරෙහිව එම චෝදනා නැගී තිබිණි. අද අගමැති තාත්තා විසින් අගමැති පුතාගේ සියලු රාජ්‍ය තනතුරු, පට්ටම් ගලවා ගෙදර යැවුවේය. ඒ, ජපානයේය. අපේ ශ්‍රී ලංකාවේ නම් අගමැති තාත්තලා, ජනාධිපති තාත්තලා තව තවත් තම පුතුන්ට නිහීනකම් කරන්නට ආධාර උපකාර ලබාදෙති.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

හරක් කටාගේ ගෝලයා මෙහෙයවපු කප්පම් ජාවාරමකට සම්බන්ධ 5ක් අත්අඩංගුවට I Sri Lanka Latest News

Next Post

බස් ගාස්තුව එහෙම්මමයි! කොරෝනා කාලයේ නග්ගපු ගාස්තුවට හිලව් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

Load More
අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

ලාංකීක ජන හදවත් දිනාගත් ගායක අජිත් බණ්ඩාරගේ ආදරණීය දියණිය ඇයයි. බහු කුසලතාවලින් අනූන, නව යොවුන් වියේ සිහින සැබෑ කරගන්නා සොඳුරු...

Read more
අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.