• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මගේ අවුරුදු 35ටම පාර්ලිමේන්තුව ඉරිදා දවසක තියලා නෑ! බැංකු වහලා.. කොටස් වෙළෙඳපොළ වහලා.. පක්ෂ නායක රැස්වීම කල් දාලා මොකද්ද ආණ්ඩුව වහන්න යන්නේ! මුලින් කිව්වේ දේශීය ණයවලට අත තියන්නේ නෑ කියලා! බැංකු පද්ධතියයි EPF-ETF අරමුදල්වලට මොකද වෙන්නේ? VIDEO I Sri Lanka Latest News

June 28, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනමතයට හිස නමා ජන මර්දන අණපනත් වහාම හකුලාගන්න! සජබ මහලේකම් වැඩබලන ජනපති රනිල්ට දැනුම් දෙයි!
Share on WhatsAppShare on Facebook

තමන්ගේ දේශපාලන ඉතිහාසයේ වසර 35ටම ඉරිදා දිනෙක පාර්ලිමේන්තුව කැදවා නැති බව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. Sri Lanka Latest News

මාධ්‍ය හමුවේ ඒ මහතා මෙසේ කීය.

රජය දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීම සම්බන්ධව කිසිම කොන්දේසියක් ගැන කතා කරලා නැහැ. අපිට මතකයි දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීම සම්බන්ධව රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මැතිතුමාත් මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මැතිතුමාත් දිගින් දිගටම කිව්වා දේශීය ණය ප්‍රතිව්‍යුගත කරන්නේ නැහැ කියලා අවස්ථා කිහිපයකම කිව්වා එසේ කිව්වේ දේශීය තැන්පත්කරුවන්ට අර්ථසාධක අරමුදලට දේශීය බැංකුවලට ප්‍රශ්නයක් වෙයි කියලා නමුත් අද රජය කඩිමුඩියේ එය සම්මත කරගන්න අවශ්‍ය කටයුතු කරනවා.මේ සම්බන්ධව විපක්ෂය වත් ජනතාව වත් දැනුවත් කිරීමක් කර නැහැ රට දින 5 කට වහලා බැංකු පද්ධතිය වහලා කොටස් වෙළෙඳපොළ වහලා සම්මත කරගන්න හදනවා. කවද්ද පාර්ලිමේන්තුව තියන්න යන්නේ සෙනසුරාදා සහ ඉරිදා.මම පාර්ලිමේන්තුවේ අවුරුදු 35ක් ඉඳලා තියෙනවා ඉතිහාසයේ කවදාවත් මොන විශේෂ පනත ආවත් උතුරු නැගෙනහිර ප්‍රශ්නය ජනතා විමුක්ති පෙරමුනේ මිනීමැරුම් ත්‍රස්තවාදී සමයේ දී වත් ඉරිදා පාර්ලිමේන්තුව රැස්වුණේ නැහැ මොකක්ද විශේෂත්වයක් ආණ්ඩුව මොකක්ද වහන්න යන්නේ ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය පාර්ලිමේන්තුව රැස් කරද්දී පක්ෂ නායකයෝ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කැඳවනවා.ගිය සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කැඳවන්න තීරණය කළේ අද අඟහරුවාදා උදේ වරුවේ නමුත් ආණ්ඩුවත් කතානායකවරයාත් සිකුරාද දක්වා කල් දාලා කැබිනට් මණ්ඩලය රැස් කරන්නෙත් මේ ගැන කතා කරන්නේ බදාදා ඊයේ දින කතා කරල නැහැ මොකක්ද මේකෙ තියෙන රහස මොකක්ද කරන්න යන්නේ ඇතුලේ මොකක් හරි තියාගෙන ජනතාවත් රවට්ටලා පාර්ලිමේන්තුවත් රවට්ටලා යන ගමන ගැන සැකයක් තියෙනවා. අපෙන් අහනව මේකට විරුද්ධ ද කියලා ඔව් ශේහාන් සේමසිංහ මහත්මයත් විරුද්ධ බව ප්‍රකාශ කළා. මහ බැංකු අධිපතිතුමා විරුද්ධ බව ප්‍රකාශ කළා. විපක්ෂයක් රටේ මූල්‍ය කරුවන් සම්බන්ධයෙන් කල්පනා කරල විරුද්ධත්වය ප්‍රකාශ කළා. මේක ඇතුලේ මොනවාද තියෙන්නේ කියලා දන්නේ නැතුව අපි කොහොමද අනුමත කරන්නේ. ශෙහාන් සේමසිංහ මැතිතුමා දේශපාලනඥයෙක් මහ බැංකු අධිපතිතුමා දන්නවා මේ රටේ මූල්‍ය පද්ධතියට තැන්පත්කරුවන්ට අර්ථසාධක අරමුදලට ප්‍රශ්නයක් වෙනවා කියලා.අපි හිතනවා එතුමන්ලා ඒ ගැන තමයි කිව්වේ කියලා.නමුත් අද මේක වෙනස් කරලා ඒ කටයුත්ත කරනවා. අපි අහනවා මේ පිළිබඳව ඇයි ආණ්ඩුව කඩිමුඩියේ මෙහෙම වැඩ කරන්නේ මොකක් හරි දෙයක් තියෙන නිසා.

දැන් කියනවා මේක කරාම පොලිය අඩු වෙනවා කියලා අපි දන්නේ නැහැ තවම නම් අඩු වුණේ නැහැ දැන් අවුරුද්දක් රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන එක ගැන අපේ විරුද්ධත්වයක් තිබුණේ නැහැ අපි කිව්වේ යන්න කියලා ලෝකයේ බංකොලොත් වෙච්ච රටවල් ගියා හැබැයි සාකච්ඡා මාර්ගයෙන් ඒගොල්ලො දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව එකඟත්වයකට ආවා කරන්නේ නැහැ කියලා. සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගත්තා. නමුත් ලංකාව අද මුදල් රාජ්‍ය ඇමැති දන්නෙත් නැහැ බැංකු අධිපති දන්නෙත් නෑ මේ කරන්න යන වැඩේ රටේ ජනතාව අද කල්පනා කරනවා තැන්පත්කරුවෝ මූල්‍ය පද්ධතිය බැංකු පද්ධතිය මොකක්ද මේ ප්‍රශ්නය කියලා ජනතාව අපෙනුත් අහනවා ජනතාවට ලොකු ප්‍රශ්නයක් මොකක්ද මේ හංගන්නේ කියලා ආන්ඩුවේ මොකක්ද මේ කරන්නේ අපි කියනවා රජයකට මෙහෙම හිතුවක්කාර විදිහට වැඩ කරන්න දෙන්න බැහැ. ඇයි මේකෙ ජනතාව දැනුවත් කරන්න බැරි රජයක් පාරදෘශ්‍යභාවයෙන් වැඩ කරන්න ඕන ජනතාව දැනුවත් කරන්න ඕන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ප්‍රශ්නයක් නැහැ ජනතා ඡන්දෙන් ආපු නායකයෙක් නෙමෙයි. මේක අස්සේ තවත් පනත් ආවා ත්‍රස්ත විරෝධී පනත මාධ්‍ය විකාශන අධිකාරි පනත මේ සේරම ගෙනල්ලා කරේ ඒකාධිපති විදිහට පාලනය කරන එක. විපක්ෂයක් විදියට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරනවා අපි රජයේ මතයෙ හිටියා නමුත් රජය ඒ මතය වෙනස් කරද්දී අපට වෙනස් කරන්න බැහැ රජයට ස්ථිර ප්‍රතිපත්තියක් නැහැ විපක්ෂයේ විදිහට අපි ඒ මතයේම තාමත් ඉන්නවා අපි පැහැදිලිවම කියනවා මේ රට බංකොලොත් කරපු කණ්ඩායමක් එක්ක තමයි ජනාධිපතිවරයා වැඩ කරන්නේ මේකට වගකියන්න ඕන අය තමයි අද වැඩ කරන්නේ.පසුගිය සතිය පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රකාශය සම්බන්ධ විවාදයේ දී ඒගොල්ලො කතා කරේ මුකුත් දන්නේ නැති බබ්බු වගේ හොරකම් කරපු වැරදි තීන්දු ගත්ත කැබිනට් මණ්ඩලයේ හිටපු කට්ටිය ඡන්දය දුන්න මන්ත්‍රීවරුයි දැන් කතා කරනවා අලුතෙන් ඉපදිච්ච අය වගේ සැකයක් තියෙනවා දේශීය ණය ප්‍රතිව්‍යුගත කරන්නේ නැහැ කියලා ණය ප්‍රතිව්‍යුගත කරන කරනවා නම් ඒගොල්ලෝ කියනවා බැංකු පද්ධතිය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා තැන්පත්කරුවන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියනවා නමුත් අපට සැකයක් තියෙනවා ඔයාල මුලින් කියපු දේ වෙනස් කරලා තියෙනවා විපක්ෂයක් විදිහට අපි ස්ථාවර තැන ගෙන කටයුතු කරනවා.

කලබලේ රට වහලා පොලිසියත් දාලා මේ කටයුතු කරයි. ඉතිහාසයේ කවදාවත් ඉරිදා දවසක පාර්ලිමේන්තුව ඇරලා නැහැ මේ රට යුද්ධ දෙකක් තිබුණා ජේවීපී දකුණෙ කරපු ත්‍රස්තවාදී කටයුත්තක් යන කාලේ වත් ඉරිදා පාර්ලිමේන්තුව ඇරියෙ නැහැ ඒකයි කියන්නේ මේ තුළ ප්‍රශ්නයක් තියෙනවා මේ සම්බන්ධව මුදල් රාජ්‍ය ඇමැති දන්නෙත් නැහැ ඒ නිසා මෙහි ලොකු රහසක් තියෙනවා.

SendShareShare
Previous Post

පන්සල්වලට එන්නේ දරා ගත නොහැකි විදුලි බිලක් බව ජනපති පිළිගත්තා! සෝලා පවර් දෙනවා කිව්වා! ඒ පොරොන්දුව ඉටු නොකළොත් වසල සූත්‍රයට අනුව රනිල් පොරොන්දු කඩ කරපු නීච නින්දිත අවඥා සහගත වසළයෙක් වෙනවා! සෝභිත හිමි වසළ සූත්‍රයේ ගාථාවම දේශනා කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

දේශීය කලාව පෝෂණය කරන්න සාගලගෙන් “Colombo Tattoo”! අලුත් තාලේ වැඩක්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වන්න ඉල්ලමින් ගෝඨාත් අභියාචනාධිකරණයට යයි!  I Sri Lanka Latest News

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම! පූජිත්ගේ හේමසිරිගේ නඩුව යළි කැඳවන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කරයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර නඩුවක එක තීන්දුවක් ජුලි 31 එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අර්බූද ගොඩක් මැද අනුර පළමු කාර්තුවේ ආර්ථිකය ගොඩදාගනී! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ හිටපු CID මැදිරියට මානව හිමිකම් කොමිසම යයි! අඩුපාඩු ගොඩයි! හරියට වාතාශ්‍රය එන්නෙත් නෑ! I Sri Lanka Latest News

Load More
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වන්න ඉල්ලමින් ගෝඨාත් අභියාචනාධිකරණයට යයි!  I Sri Lanka Latest News

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන...

Read more
ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම! පූජිත්ගේ හේමසිරිගේ නඩුව යළි කැඳවන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කරයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර නඩුවක එක තීන්දුවක් ජුලි 31 එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අර්බූද ගොඩක් මැද අනුර පළමු කාර්තුවේ ආර්ථිකය ගොඩදාගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.