මාස 02ක ඉඳන් ප්ලෑන් කරපු ගමනට අන්තිමට දවස උදා වුණා. නියමිත දවසේ උදේ කොටුව ස්ටේෂන් එකෙන් පොඩි මැණිකේ දුම්රියට නැඟලා ගම්පොළට යද්දී උදේ 10:40 වගේ වුණා. චැරියට් පාත් වෙත ළඟා වීමට නම් මහනුවර නුවරඑළිය මාර්ගයේ පුස්සැල්ලාව නගරයට පැමිණිය යුතු වෙනවා. අනතුරුව පුස්සැල්ලාව නගරයෙන් පෙරෙට්ටාසි දක්වා බස් රථයේ ගමන් කිරීමෙන් එම සුන්දර ස්ථානයට ළඟා විය හැකිය.
එම බස් රථයේ කිලෝ මීටර් 18ක් නැතහොත් පැය 1යි මිනිත්තු 30ක පමණ ගමන් කිරීමෙන් අනතුරුව පෙරෙට්ටාසි වතුයායේ කළමනාකරුගේ බංගලාව අසලට පැමිණිය හැකිය. ඒ ගමනත් එතරම් සුන්දර අත්දැකීම් දෙන ගමන් මාර්ගයක් නොවන බව පැවසිය යුතුමයි. මොකද මුළු දුර ප්‍රමාණයෙන් 75% ක් පමණ මාර්ගය දැඩි අබලන් තත්ත්වයේ තියෙන්නේ. එම ස්ථානයේ සිට බංගලාව ඉදිරියෙන් ඇති කොන්ක්‍රීට් මාර්ගයේ ගමන් කළ යුතු වෙනවා. එම මාර්ගය අනතුරුව තේ වතු යායකට පිවිසෙන අතර එහි කිලෝ මීටරයක් පමණ ගමන් කළ යුතු වෙනවා.

එම අඩි පාර ඔස්සේ තව දුරටත් ඉදිරියට ගමන් කිරීමේදී මාර්ගය තුන් පසකට බෙදී යනවා. එතැනින් මැද මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙන් චැරියට් පාත් වෙත ළඟා වීමට හැකියි. එම මඟෙහි ටික දුරක් ගමන් කරනා විට යළි මාර්ග දෙකක් හමුවන අතර දකුණු පස ඇති අඩි පාර ඔස්සේ ගමන් කළ යුතුයි. ඒ අඩිපාරෙන් තමයි අපේ ගමන යන්න තියෙන්නෙ. එම මාර්ගය ඔස්සේ මඳ දුරක් ගමන් කළ යුතුයි. ඔබ ගමන් කරන මඟෙහි වම්පස තරමක ගල් කුළක් හමු වෙනවා නම් ඔබ ගමන් කරන්නේ නිවැරදි ගමන් මඟේ.
ඉතින් ඒ ගල් කුළ පහු කරලා සෑහෙන දුරක් තරමක ආනතියක් සහිත කටුක මාර්ගයක ගමන් කළ යුතු වෙනවා. මෙයත් ඉදිරියෙන් දෙකට බෙදී යන අතර ඉන් වම්පස මඟෙහි ගමන් කළ යුතුයි. ජය්රසදඑච්එය ගමන් මඟේ සුන්දරම කොටසක් තමයි මේ. කඳුකර වැසි වනාන්තරවලට අදාළ ලක්ෂණ සහිත ශාක මල් වර්ග රාශියක් මෙහිදී දැකගත හැකියි. ශ්‍රී ලංකාවේම සීතලම කාලගුණය සහිත (නුවරඑළිය ප්‍රදේශයටත් වඩා) ප්‍රදේශය ලෙස සැලකෙන්නේ රාවණා රජුගේ කරත්ත පාර හෙවත් චැරියට් පාත් ප්‍රදේශයයි. එම අධික ශීතල කාලගුණය හේතුවෙන් සෑම දිනකම උදෑසන මල් තුහින දැකීමට එම ප්‍රදේශයට යන අයකුට අවස්ථාව ලැබේ.
හරිම ලස්සන මිටියාවතක්, උස ගස් නැති පිට්ටනියක් වගේ භූමියක් වන මෙය හෝර්ටන් තැන්නට ගොඩක් සමානකම් දක්වන භූමි භාගයක් කිව්වොත් නිවැරදියි. රාවණාගේ කරත්ත පාර පිහිටලා තියන මෙම කඳු වැටිය පිහිටලා තියෙන්නෙ නුවරඑළිය දිස්ත්‍රික්කයේ, මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 2100කට වඩා උසින්. එක පැත්තකින් පිදුරුතලාගල රක්ෂිතය, තවත් පැත්තකින් කොත්මලේ ඔය, තවත් පැත්තකින් හේවාහැට හඟුරන්කෙත ප්‍රදේශය, ශ්‍රී පාදය, පිදුරුතලාගල, කිකිලියාමාන, සිංගල් ත්‍රී, පීකෝක් හිල්, කොත්මලේ, ග්‍රේට්වෙස්ටන්, රිකිල්ලගස්කඩ, කුකුළාගල රන්දෙණිගල ජලාශය, දොළොස්බාගේ කඳු සහ තවත් විශාල භූමි ප්‍රමාණයක් දැක බලා ගන්න පුළුවන්. ඒ තරම්ම පුළුල් දර්ශන තලයක් සහිත ස්ථානයක් තමයි චැරියට් පාත් කියන්නෙ.
කඳුකර නිවර්තන වැසි වනාන්තර ගණයට අයත්වන මෙම ප්‍රදේශය තුළ ලංකාවේ වෙනත් කිසිම ප්‍රදේශයක දක්නට නොලැබෙන ශාක වර්ග කිහිපයක්ම දැක ගන්න පුළුවන්. උසින් අඩු වෙච්ච ලඳු කැලෑවලින් වට වෙලා මැද හිස් වෙලා තියන මෙම ප්‍රදේශය හරියට විශාල පාරක් වගේ. ඒ නිසා වෙන්නට ඕනෑ මෙම ස්ථානය චැරියට් පාත් ලෙස හඳුන්වන්නේ. ජනප්‍රවාදවල සඳහන් වන ආකාරයට රාවණා රජතුමාගේ කරත්තය ගමන් කරපු පාර හැටියට මෙම ස්ථානය හඳුන්වනවා. පාරක් වගේ දිගට එක කලාපයක විතරක් ගස් වැවෙන්නෙ නෑ. වටේට තියෙන්නෙත් කුඩා පඳුරු වගේ ගස් විතරයි.

රාවණා රජතුමාගේ දඬුමොනර යානය ගොඩ බස්සවපු ගුවන්තොටුපළක් කියලත් සමහර අය මෙම ස්ථානය හඳුන්වනවා. ලංකාපුරයේ සුන්දරත්වය පෙන්වන්න රාවණා රජතුමා සීතාව රැගෙන ආව ස්ථානයක් කියලත් තවත් ජනප්‍රවාදයක සඳහන් වෙනවා. මෙම තැනිතලාවේ එක කෙළවරක තියෙනවා වතුර පිරුණු කුඩා පොකුණක්. මේකටත් ඉතිහාසය සම්බන්ධයි. මේකට කියන්නෙ සීතා පොකුණ කියලලු. සමහර අය විශ්වාස කරනවා මේක සීතාගෙ කඳුළුවලින් නිර්මාණය වුණා කියලා. ඒ වගේම මේ පොකුණ ඕනෑම නියන් කාලයක හිඳෙන්නේ නෑ කියලත් ගම්වාසීන් කියනවා.
පහළින් පේන පුළුල් වූ සුන්දර දර්ශන තලයත්, ඈත ඉඳලා වේගයෙන් ඇදී ගෙන එන වලාකුළුත් එක පාරට ඇඟේ වදින කොට දැනෙන සිසිලසත්, වට පිටාවෙන්ම පේන නිල්ල පිරුණු මිටියාවතත්, නිල් පාටින් පිරුණු අහසත්, මවන්නෙ ඇස් ඉවතට ගන්න බැරි තරම් සුන්දරත්වයක්. ටිකක් පහළ ඉඳන් බලනකොට පේන්නෙ හරියට කොළ පාට තණ පිට්ටනියයි නිල්පාට අහසයි එකට එකතු වුණා වගේ දර්ශනයක්. මේ හැමදෙයක්ම දෙනෙතට ගෙනත් දෙන්නෙ වචනවලින් කියලා නිම කරන්න බැරි තරමක සුන්දරත්වයක්.
මීදුම නැති දවසක ඉර උදාව වගේම ඉර බැසීමද මෙම ස්ථානයට අපූරුවට දර්ශනය වෙනවා. ඒ වගේම සුපැහැදිලි අහසක් ඇති දවසක රාත්‍රී අහස අතිශය චමත්කාර දසුනක් මවනවා. මේ ක්‍්පචසබට කරන්න ලංකාවේ ඇති ලස්සනම තැනක් කිව්වොත් මා නිවැරදියි.
නමුත් වර්තමානය වනවිට ක්‍ය්රසදඑ ච්එය රක්ෂිතය, ජ්පචසබට කරන අය වගේම ගම්මු විසින්ම විනාශ කරන බව එතැනට යන ඕනෑම කෙනෙක්ට දක්නට ලැබෙනවා. වග විභාගයකින් තොරව කපා දමපු ශාක ප්‍රජාව වගේම තැනින් තැන අත් හැර දැමූ පොලිතීන් ප්ලාස්ටික් ඒ බව මනාව තහවුරු කරනවා.
ළහිරු මධුශංක











