• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉදිරි සති තුනේ කොළඹට ලොකු සුද්දයක්! ඇමැති සීතා කියන කතාව අහන්න! I Sri Lanka Latest News

June 26, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
ඉදිරි සති තුනේ කොළඹට ලොකු සුද්දයක්! ඇමැති සීතා කියන කතාව අහන්න! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉදිරි සති අන්තයේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ ඩෙංගු මර්දනය සඳහා විශේෂ පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාත්මක ‍කරන බැවින් නිවසේ රැඳී සිටිමින් ඒ සඳහා සහාය ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසුවාය. Sri Lanka Latest News

එම වැඩසටහනෙන් අනතුරුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සතියක් පුරා කීට පරීක්ෂාවන් සිදු කෙරෙන බවද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.
ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝගය පාලනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා ඩෙංගු මර්දන අමාත්‍ය කමිටුවක් සහ විශේෂඥ කමිටුවක් පත් කරන ලද අතර එම විශේෂඥ කමිටුව මඟින් පළාත් මට්ටමින්ද අනුකමිටු 09ක් පත් කරනු ලැබු බවත්, එම කමිටුවල මෙහෙයවීමෙන් ඩෙංගු මර්දන වැඩසටහන් දීප ව්‍යාප්තව සක්‍රීයව ක්‍රියාත්මක වන බවත් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් බෝ වන ස්ථාන ලෙස පාසැල්, පූජණීය ස්ථාන, රජයේ සහ පෞද්ගලික ආයතන, වෙළෙඳ පරිශ්‍ර මෙන්ම අත් හැර දමා ඇති බිම් කොටස් පරීක්ෂා කිරීම සඳහා විශේෂිත දින වෙන් කරමින් මෙම වැඩසටහන බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කෙරෙන අතර අනෙකු පළාත් සඳහා ඔවුන්ට ආවේණික ගැටලු හදුනාගෙන විශේෂිත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට දිරිමත් කරන බවද රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසීය.
රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය මේ බව සඳහන් කළේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය පිළිබඳව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී දී අද (25) පැවති මාධ්‍ය හමුවේදීය.
ජනවාරි මස සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 47,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බවත් ඒ අතරින් 50%ක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවත් සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරිය ඩෙංගු රෝගය පැතිරීම දේශගුණික තත්ත්වය සමඟ ඉහළ ගොස් ඇති බවත්, මෙම තත්ත්වය පාලනය කර නොගතහොත් කොවිඩ් මෙන් ඩෙංගු රෝගයද මාරාන්තික තත්ත්වයකට පත් විය හැකි බවත් සඳහන් කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය මෙසේද පැවසීය
“ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම ලෝක තත්ත්වයක් බවට පත්වී තිබෙනවා. මේ වසරේ මුල් භාගයේ පමණක් අපේ රටේ ඩෙංගු රෝගීන් 47,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වන අතර ඩෙංගු මරණ 27ක් වාර්තා වෙනවා.

මේ තත්ත්වය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා ඩෙංගු පාලනය සඳහා අමාත්‍ය කමිටුවක් සහ විශේෂඥ කමිටුවක් පත් කරන ලද අතර එම විශේෂඥ කමිටුව මඟින් පළාත් මට්ටමින්ද අනුකමිටු 09ක් පත් කරනු ලැබුවා .

මෙම විශේෂඥ කමිටුවට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, ප්‍රතිශක්තීකරණ හා අණුක වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය නිලිකා මලවිගේ, විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු විද්වත් පිරිසක් ඇතුළත් වෙනවා.

ඩෙංගු මර්දනයේදී මදුරුවා බෝවීම වැළැක්වීම වගේම මදුරුවාට වෛරසය ලැබීම වැළැක්වීමත් ඉතා වැදගත් වෙනවා. වර්ෂාවත් සමඟ ජලය රැ‍ඳෙන ස්ථාන හඳුනා ගෙන මදුරුවන් බෝවීම වළක්වා ගැනීමෙන් වාහකයා අඩු කර ගත හැකියි. එසේම මදුරුවකු දෂ්ඨ කිරීමට ඇති අවස්ථා අඩු කර ගැනීමට ජනතාව දැනුවත් කිරීම ඉතා වැදගත්. ජන ඝණත්වය වැඩි ස්ථානවල එක් මදුරුවකුගෙන් විශාල පිරිසකට ඩෙංගු බෝවීමට ඇති අවස්ථාව වැඩියි.

පළාත් වශයෙන් පත් කර ඇති ඩෙංගු මර්දන අනු කමිටු හරහා කඩිනම් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කෙරෙමින් පවතිනවා. එළැඹෙන මාසවලදී දරා ගත නොහැකි තරම් රෝහල්ගත වන රෝගීන් ධාරිතාවකට නොයා ඉන්න තමයි මේ මඟින් උපරිම උත්සාහය ගන්නේ.

ඒ අනුව එළැඹෙන සති අන්තයේදී ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතුව කොළඹ නගරය තුළ විශේෂ පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනවා. ඊට ඩෙංගු මර්දන ඒකකය, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සහ පළාත් පාලන ආයතනය ද එක් වන අතර සෞඛ්‍ය නිලධාරී කාර්යාලය මඟින් අදාළ දැනුම් දීම් සිදු කරනු ඇති. ඒ අනුව එළැඹෙන සති අන්තයේ නි‍වසේ රැඳී සිටිමින් ඊට සහාය ලබා දෙන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එම වැඩසටහනෙන් පසු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල විශේෂිත දින වෙන් කර සතියක් පුරා ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් බෝ වන ස්ථාන ලෙස පාසැල්, පූජණීය ස්ථාන, රජයේ සහ පෞද්ගලික ආයතන, වෙළෙඳ පරිශ්‍ර මෙන්ම අත් හැර දමා ඇති බිම් කොටස් කීට පරීක්ෂාවන් සිදු කරනවා.

ඊට සමගාමීව අනෙකුත් සියලුම පළාත් තුළද ඔවුන්ට ආවේණික ගැටළු හඳුනා ගෙන පළාත් සෞඛ්‍ය නිලධාරී ගේ උපදෙස් අනුව විශේෂිත වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.
ඩෙංගු රෝගියා තමන් රෝගියකු ලෙස වගේම, තමන් ගෙන් අන් අයට රෝගය බෝ නොවන ලෙස ආරක්ෂා කිරීම පිළිබඳවත් දැනුවත් විය යුතුයි. ඒ සඳහා විශේෂයෙන් මේ වෙලාවේ මාධ්‍යට විශාල කාර්යභාරයක් කළ හැකියි.

ඩෙංගු මර්දනයේදී වැඩි අවධානය යොමු කරන්නේ ප්‍රාථමික සෞඛ්‍යයටයි. මෙම තත්ත්වය සෑම වසරකම අප මුහුණ දෙන තත්ත්වයක් නිසා මගේ අදහස නම් මෙම දැනුවත් කිරීම් පාසැල් මට්ටමෙන් පුළුල්ව සිදු කළ යුතු බවයි. ඒ වගේම මෙය විෂය මාලාවට ඇතුළත් කළ යුතු විශේෂිත තත්ත්වයක් ලෙස මම දකිනවා.

මේ අතර ජනාධිපති මාධ්‍ය ඒකකය නිෂ්පාදනය කරන ‘101 කතා’ වැඩසටහනට
එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා දැක්වු අදහස්

ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ වගේම රජය, පෞද්ගලික අංශය, මහජනතාව ඇතුළු සියලු පාර්ශ්ව එක් කර ගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරිම ඉතා වැදගත් වෙනවා.

මෙම වැඩපිළිවෙළ දීර්ඝ කාලීනව ක්‍රියාත්මක කිරීම තුළින් ඩෙංගු රෝගය පාලනය කිරීමේ හැකියාව පවතිනවා. ඉදිරියේදී ඇති වන මෝසම් වැසි සමඟ ඩෙංගු ව්‍යාප්තිය වැඩි වීමේ අවදානමක් තිබෙනවා. සාමාන්‍යයෙන් ජුනි සහ ජූලි මාසවල ඩෙංගු රෝගින්ගේ වැඩි වීමක් දක්නට ලැබෙනවා. එම නිසා ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා සියලු පාර්ශ්ව ඉතා අවධානයෙන් කටයුතු කළ යුතුයි.

ඩෙංගු රෝගයට ඕනෑම වයස් කාණ්ඩයකට අයත් අයෙකු ගොදුරු විය හැකියි. වාර්තාවන රෝගීන්ගෙන් සියයට 75ක්ම වයස අවුරුදු 15 ට වැඩි අයයි. මීට පෙර කුඩා ළමුන් අතර පැතිර ගියත්, වර්තමානය වන විට තරුණයන් අතර රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. ඩෙංගු රෝගය යනු වෛරසයක්. එම නිසා ඩෙංගු රෝගය වැළඳුණු අයෙකුට මදුරුවෙක් දෂ්ට කළහොත් එම මදුරුවාගෙන් තවත් කෙනෙකුට රෝගය වැළදිය හැකියි.

ප්‍රධාන වශයෙන්ම මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීම ඉතා වැදගත්. පිරිසිදු ජලය ඒකරාශී වන ස්ථානවල තමයි බොහෝ විට ‍ඩෙංගු මදුරුවා රැඳී සිටින්නේ. ඉවත දමන ප්ලාස්ටික්, පරණ ටයර්, මල්පෝච්චි, පොල් කටු, තැඹිලි කෝම්බ ඇතුළු ඕනෑම ස්ථානයක ඩෙංගු මදුරුවන් බෝ වෙනවා. හැකි තරම් දුරට එවැනි ස්ථාන පිළිබඳව අවධානය යොමු කර ඒවා ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම මදුරුවන් දෂ්ට කිරීම වළක්වා ගැනීමටත් පියවර ගත යුතුයි.

‍ඩෙංගු රෝගය වැළඳුණු අයෙකුගෙන් තවත් අයෙකුට බෝ නොවීමට නම් මදුරුවන් දෂ්ට කිරීමට ඉඩ ලබා නොදීමට පියවර ගත යුතුයි. ඒ සඳහා ශරීරය වැසෙන ලෙස ඇඳුම් භාවිතා කළ හැකියි. ඒ වගේම මදුරු විකර්ෂණ ආලේප තිබෙනවා. එමගින් ද මදුරුවන් දෂ්ට කිරීම පාලනය කරගත හැකියි. නමුත් මේ සියලුම ක්‍රම සියයට සියයක්ම සාර්ථක නැහැ.

ප්‍රාදේශීය සභා, නගර සභා, මහජන පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශවල මැදිහත් වීමෙන් රෝගය පාලනය කිරීම සදහා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට පියවර ගෙන තිබෙනවා. ‍ඩෙංගු රෝගය වැඩි වැඩියෙන් බෝ වන පළාත් කේන්ද්‍ර කරගෙන විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම බහුතරයක් රෝගීන් වාර්තා වන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඉදිරි සතිය ඇතුළත විශේෂිත වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. එම දිස්ත්‍රික්කවල පවතින කසළ ඉවත් කිරීමට ඒ අනුව කටයුතු කෙරෙනවා. මේ සදහා යුද හමුදාවේ ශ්‍රම දායකත්වය ලබාදීමට එකඟ වී තිබෙනවා.

ජලය පිරුණු භාජනවල ජලය ඉවත් කළත් මදුරු කීටයන් රැඳී සිටිය හැකියි. එම නිසා ඒවාත් හොඳින් පිරිසිදු කොට නැවත ජලය එක්රැස් නොවන ලෙස තැබිය යුතුයි. සාමාන්‍යයෙන් මදුරුවාගේ ජීවන චක්‍රය පවතින්නේ දින පහක් හෝ හයක්. ඒ නිසා සතිපතා පරිසරය පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. ඔබ සිටින අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම අනිවාර්යයයෙන්ම කළ යුතු වෙනවා. ඩෙංගු රෝගය පාලනය කිරීම තනි පුද්ගලයකුට පමණක් කරන්න බැහැ. ඒ වගේම එය ආයතන කිහිපයකට පමණක් කරන්නත් බැහැ. මේ සඳහා රටේ සියලු දෙනාගේම සහාය අවශ්‍යයි.

ඩෙංගු රෝගය වැළඳුණු කෙනෙක් නම් වෙහෙස මහන්සි වී වැඩ නොකළ යුතුයි. විවේක ගැනීම අත්‍යවශ්‍යයි. එහෙම නොවුණහොත් සංකූලතා ඇති වීමේ සම්භාවිතාව වැඩියි. උණ ‍සඳහා පැරසිටමෝල් ඖෂධය හැර වෙනත් ඖෂධ භාවිතා නොකළ යුතුයි. කිසිම උණ රෝගියකුට පැරසිටමෝල් හැර වෙනත් ඖෂධ ලබා නොදෙන ලෙසට උපදෙස් දී තිබෙනවා. ඇතැම් විට පැරසිටමෝල් ඖෂධයට උණ සම්පූර්ණයෙන්ම පාලනය නොවෙන්න පුළුවන්. එවැනි අවස්ථාවල රෝගීන් බිය විය යුතු නැහැ. උණ තිබුණා කියලා බරපතල ගැටලුවක් වෙන්නේ නැහැ. ශාරීරිකව විවේක ගැනීම තුළින් සංකූලතා අවම කර ගන්න පුළුවන්. තැඹිලි, දෙහි, දොඩම්, ජීවනී වැනි දියර වර්ග භාවිතා කිරීම ඉතා වැදගත් බව කිව යුතුයි.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-06-25

SendShareShare
Previous Post

සිංහල සිනමාවට අසාධ්‍යයි! ගාමිණී-විජය ඉන්න තැනකින් වාර්තා කරන්න! I Sri Lanka Latest News

Next Post

බස් එකෙන් බැහැලා ඉස්සරහට යද්දී ආපු බස් එකම ඇඟ උඩින් ගිහින් ! 23 හැවිරිදි තරුණිය එතැනම මරුට I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.