• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිංහල සිනමාවට අසාධ්‍යයි! ගාමිණී-විජය ඉන්න තැනකින් වාර්තා කරන්න! I Sri Lanka Latest News

June 26, 2023
in Exclusive, Heart, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

චිත්‍රපට කලාව කියන්නේ බොහොමයක් වූ කලාවන් අතර සුපිරිතම කලාවක්. ගමේ භාෂාවෙන් කියනවා නම් ඒක ඇවිදින් ‘බයිස්කෝප්’ කලාව. ඒ කාලේ බයිස්කෝප් කිව්වම මිනිස්සු හිටියේ පිස්සු හැදිලා ආයෙමත් හැදෙන මයින්ඩ් එකකය. චිත්‍රාගාරවල චිත්‍රපට කරපු ස්ටයිල් එකෙන් එළියට බැහැලා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සෞන්දර්ය කලාවට අනුව හදාපු රේඛාව, ගම්පෙරළිය චිත්‍රපට හෝල්වලට එනකොට ප්‍රේක්ෂකයෝ ඒ දිහා බලාන හිටියේ සමවැදුණු ගානටය.(Sri Lanka Latest News)

අද කාලේ වයස අවුරුදු 50 ඉඳන් වයස අවුරුදු 80-90 සීමාවේ ඉන්න කට්ටියට අලුතෙන් කියන්න ඕනෙ නෑ ඒ දවස්වල බයිස්කෝප් කලාව ගැන. ‘ඒ දවස්වල’ කියලා මේ කියන්නේ එක්දහස් නවසිය හැත්තෑවේ ඉඳන්, එක්දහස් නවසිය අසූ ගණන්වල අගභාගය ගැනයි. තවත් විදියකට කියනවා නම් ආනන්ද ජයරත්න, ටෝනි රණසිංහ, සේනාධීර රූපසිංහ වාගේ නියම පිරිමි පෙනුමැති කඩවසම් නළුවො උන්නු කාලයය.

තව ඩිංගෙන් ඔස්වල්ඩ් ජයසිංහව අමතක වෙනවා. බොකුටු ගැහුනු කොණ්ඩයක් තිබුණු ඔස්වල්ඩ් ජයසිංහත් හරි ජේත්තුකාරයා. එයාලා එක්ක ජෝඩු විලාසිතාවට රඟපාන්න ආව ජීවරාණි කුරුකුලසූරිය, සන්ධ්‍යා කුමාරි, විජිත මල්ලිකා, ශ්‍රියාණි අමරසේන වැනි නිළි කෙල්ලො ටික අර කියාපු කඩවසම් නළු කොල්ලන්ට ඇස හිත පිනවන තාලෙ සුන්දර සුසංයෝගයක් දුන්නා. තවත් යුගයක සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා, විජය කුමාරණතුංග, රවීන්ද්‍ර රන්දෙණිය, ප්‍රවීණ සිනමාකරුවන් වූ තිමති වීරරත්න, නීල් රූපසිංහ සහ ලෙනින් මොරායස් වැනි චිත්‍රපට අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු සමගින් එක පෙළට සිනමාවට ආවා. ඒ ජනප්‍රිය තරුවලට අත්වැල දෙමින් නටන්න රඟපාන්න ආව ලස්සන කෙල්ලො සෙට් එකේ රැජිනිය වුණේ හෙළ රැජින මාලනී ෆොන්සේකාය.

ඒ වාගේම ශ්‍රියාණි අමරසේනත් සිය ජනප්‍රියත්වය සමගත් එකතුව සිටියා. ඒ සිනමා වසන්තය… අනේ, එදා ප්‍රේක්ෂක සිත්සතන් මොන තරම් කුල්මත් කළාද? උදේ 10.30 ෂෝ එකේ ඉඳන් 2.30, 6.30 ෂෝ තුනක් එක දවසකට පෙන්නුවා. හැම ෂෝ එකක්ම සති තුන හතරක්ම යන කල් ‘හවුස් ෆුල්’. එක ෂෝ එකක් බලන්න ඊට කලින් ෂෝ එක ඉවර වෙන්නත් පැයක් හමාරක් තියෙද්දී දිග පෝලිමක් හැදුණු කාලයක් ඒක. ‘හවුස් ෆුල්’ බෝඩ් එක යකඩ දොරේ එල්ලනකොට මිනිස්සු එක පොරේට ගහගත්තේ වැලි බෝතල්වලින්. සංගදිය සමථයකට පත්වුණේ පොලිසියත් ආවට පස්සෙයි.

ඒ විතරක් නෙවෙයි, නළු නිළියන්ව බලන්න එයාලගේ ඇඟිල්ලක කෙළවරක් හරි අල්ලන්න ප්‍රේක්ෂකයෝ පොරකාපු පොරකෑමක්. දවසක් කවුදෝ කෙල්ලක් ගාමිණී ෆොන්සේකාගේ ෂර්ට් බොත්තමක් කඩාගෙන ගිහින් තිබුණා. ටෝනි රණසිංහගේ ලේන්සුව ඇදලා අරන් තිබුණා. ඒ වාගේම විජය කුමාරණතුංගගේ සමරු සටහන් ගන්න මොන තරම් කොල්ලො කොල්ලෝ වලි කෑවද?

විජයගේ කැරැලි කොණ්ඩ මෝස්තරය කොපි කරපු ‘ලෝකල් විජේලා’ මොන තරම් ගම්වල හිටියද? මාලනී ෆොන්සේකා විදියට කොණ්ඩෙ පීරන්න, සන්ධ්‍යා කුමාරි, ජීවරාණි අඳින පලඳින විදියට සාරිය, ගවුම අඳින්න තරම් උමතු වූ ගැහැනු සිය දහස් ගානක් ඒ දවස්වල හිටියා.

හැංගිමුත්තන් කරන ළමා ළපටි අතර ඒ දවස්වල ප්‍රසිද්ධව තිබුණු කවිපදය මතකද?

‘ජීවරාණි දොරකඩ
ගාමිණී ෆොන්සේකා එනකොට
මලක් ගෙනවා
ඒ මල
මොන පාටද බබෝ…’

අන්තිම පද දෙක ඇදලා පුංචි උන් කියාපු ඒ කවි පදයට පස්සෙන් පහු සන්ධ්‍යා කුමාරිගේ නමත්, එයින් පසු මාලනී ෆොන්සේකාගේ නමත් ඈඳුණා මතකයි.

ගැහැනු සිත් වශී කරන තාලේ ඇස් දෙකකුයි හිනාවකුයි තිබුණු තිස්ස විජේසුරේන්ද්‍ර ‘සුහද පැතුම’ සහ ‘සුදු පරෙවියෝ’ චිත්‍රපට හරහා ප්‍රේක්ෂක සිත්සතන් අපූරු මිහිරියාවකින් නළවා තැබුවා. එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල මුල් කාලේ ඕලෙවල් කරපු තරුණ බාලිකාවන්ගේ අච්චු පොත් අස්සෙ තිස්සගේ ෆොටෝ එක තියෙන පත්තර කෑලි අනන්තවත් තිබ්බා.

ඒ මනරම් බයිස්කෝප් සමය අර ඉහත සටහන් කළ වයස් මට්ටම්වල ඉන්න අයට අදටත් අමතක නැති වග ඉර හඳ වගේ විශ්වාසයි.

ඔහොම යනකොට එක්දහස් නවසිය අසූ ගණන්වල සබීතා, නදීකා, වසන්ති ආවේ සනත් සහ ජීවන් එක්කයි. ඒ කාලෙත් වචනවලින් කියන්න බැරි තරම් අසිරිමත්ව තිබුණා. නළු නිළියෝ පොකුරු පිටින් චිත්‍රපට අහුරු ගණන්. චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂවරු ගාමිණී, මාලනී වැනි ප්‍රවීණයන් සමග මේ නවකයන් එකට දාලා හිතට වදින තාලේ හරි කදිම කතා හැදුවා. ‘චංචල රේඛා’, ‘නැවත හමුවෙමු’ ඒ නිර්මාණ අතර හොඳම මතකයන්. දෙතුන් පාර බලන්න ප්‍රේක්ෂකයෝ පෝලිම්වල ලැගපු ඔය බයිස්කෝප් දෙක දවස් සිය ගානක් එකම ෆිල්ම් හෝල් එකේ එහෙම්ම තිබුණා. ඉතින් අනේ ඒ සිනමා අසිරිය ගැන කියන්න තව සාක්ෂි මොනවටද? දෙවියොත් බිමට බැහැලා සාක්ෂි දෙන්න වටින තරමට ඒ සිනමා අසිරිය අමරණීයයි.

ඒ වාගේ චමත්කාරජනක යුගයක් ආයේ එයිද?

අද සිනමාවට ඒ ලස්නන බයිස්කෝප් කලාවට වෙලා තියෙන සන්තෑසිය දැක්කම ආයේ එහෙම යුගයක් එයි කියලා කොහොම හිතන්නද? පවුල් පිටින් ෂීට්වල පෝලිමට එකට ඉඳගත්ත ඒ ප්‍රේක්ෂකයෝ අද කෝ? චිත්‍රපට හෝල් පාළුවට ගිහිල්ලාය. නිදසුනක් දෙනවා නම්, බයිස්කෝප් පිස්සෝ හිටපු මීගමුව, ජාඇල පැත්තේ, කඳාන, වත්තල පැත්තේ චිත්‍රපට හෝල් 10ක් 15ක් වැහිලා ගියේ හිතාගන්නවත් බැරි විදියටය.

මේ හැටි අහේනියක් ලාංකේය සිනමා කලාවට… ඇත්තටම ඇයි දෙවියනේ එහෙම වුණේ….?
දෙවියන්ගෙන් මොනවා අහන්නද? උන්වහන්සේලාටත් විසඳන්න බැරි තරමට මේ වින්නැහිය ඔඩුදුවලා හමාරය.

හේතුව ඉන්ටර්නෙට් කලාවද? ස්මාර්ට් ෆෝන් වසංගතයද?

බයිස්කෝප් පිස්සුව ටෙලි පිස්සුවක් වුණු හින්දා මෙහෙම වුණාය කියලා බොහෝ ප්‍රවීණ නළු නිළියෝ ඒ දවස්වල පත්තරවල කතාබහට ආවම කිව්වා.

එහෙම නම් අපේ අසල්වැසි රට වූ ඉන්දියාවේ තවමත් බයිස්කෝප් බලන්න මිනිස්සු පොරකන්නේ අයි? ටෙලි කලාව ෆෝන් කලාව බොලිවුඩයට වාගෙම කොලිවුඩයටත් බලපෑම් කෙරුවා. හැබැයි ඔවුන් ආයෙම නැගිට්ටා. කොරෝනාවලින් හැමෝටම වඩා හතරගාතේ දාලා බිමට වැටුණු ඉන්දියාවේ චිත්‍රපට හෝල් මාස ගණන් වැහිලා තිබුණා. ‘හවුස් ෆුල්’ බෝඩ්වල මකුළුවෝ දැල් බැන්දා. නමුත් ඒ මකුළු දැල් කඩා දාලා ඒවා ආයෙම චිත්‍රපට හෝල්වල යකඩ දොරේ එල්ලන්න උන්ට පුළුවන් වුණා.

සාක්ෂියක් ඕනෙද?

හරි ලෙහෙසියෙන් දෙන්න පුළුවන්. කොලිවුඩයෙන් පෙන්නනවා නම් මාස්ටර්, වික්‍රම්, පොන්නියන් සෙල්වන්. බොලිවුඩයෙන් පෙන්නනවා නම් ‘ද කේරලා’, ‘ඩි්‍රෂ්‍යම් 2’, ‘ද කාෂ්මීර් ෆයිල්’ සහ මෑතකදී බොක්ස් ඔෆිස් බිඳදාපු ‘පතාන්’ ඒ කිහිපයක් පමණය. තව ඕනෑ තරම් බොලිවුඩ්වල සහ කොලිවුඩ්වල නැගිට සිටීමේ ජයග්‍රහණය වෙනුවෙන් වාර්තා පිට වාර්තා තැබූ චිත්‍රපට පෙන්වා දිය හැකිය.

එහෙම බලනකොට සිංහල චිත්‍රපට කලාවට මෙහෙම වුණේ ඇයි? හේතුව කුමක්ද? වරදක් ඇත්නම් එය කොතැනද? ඇඟිල්ල දිගුකළ යුත්තේ කාටද? කොයික කොහොම වුණත් සිදුවූයේ විශාල වැරැද්දකි. නැවත හදාගන්නට බොහෝ දුරට අපහසු යැයි සිතෙන වරදකි. එතැනදී අපේ කලාකරුවන් අසරණය. එලෙසම මෙම ප්‍රශ්නය තුළ ඒ ඒ කාල වකවානු තුළ ආණ්ඩු පිහිටුවූ සෑම රජයක්ම පාහේ මේ ඛේදනීය තත්ත්වය හමුවේ නිහඬව සිටියහ. කාට හෝ බෝලය පාස්කර දෑත බැඳ ගත්තේය.

මෙතැනදී තවත් එක් කාරණයක් ගැන මෙසේ අදහස් බෙදාගත යුතු යැයි සිතේ.

කොලිවුඩයේ සහ බොලිවුඩයේ නැවත අළු ගසා නැගී සිටීමේදී ඉන්දියානු සිනමාව ගොඩගත්තේ ටිකක් යල් පැනගිය සුපිරි තරුය. කමල් හසන්, ෂාරුක් ඛාන්, රජිනි කාන්ත්, විජය සේතුපති හෝ තලපති විජය සහ අජේ දේව්ගන් යනු තරුණ ගැටව් නොවේය. ඒ හැමෝම වයස අවුරුදු 50 සීමාවේ හෝ 50 පැනපු වැඩ්ඩෝය. ඉන්දියානු ප්‍රේක්ෂකයන් තවමත් වැඳුම් පිදුම් කරන්නේද අලුතින් පැමිණි යෞවනයන්ට වඩා පැරැණි සුපිරි තාරකාවන්ටය. ඉන්දියානු ප්‍රේක්ෂකයන් පමණක් නොව ලංකාවේ දෙමළ චිත්‍රපට බලන පිරිසද වැඩිපුර හුරේ දාන්නේ කැපිටල් එකට හෝ සිනෙසිටි එකට වියපත් තරුවකගේ චිත්‍රපටයක් ආවොත්ය.

ලංකාවේ බයිස්කෝප් කලාවෙත් ඒක එහෙමද?

එහෙහම යැයි නොසිතන්නටත් බැරිය. හේතුව නම් දන්න තරමින් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ හෝ විජය කුමාරණතුංගගේ රංගනයට හෝ ජේත්තුවට බයිස්කෝප් පිස්සන්ට හැදුණු උණ එයට පසු පැමිණි වෙනත් කිසිදු චිත්‍රපට නළුවෙක් වෙනුවෙන් ඔවුනට හැදුණේ නැති තරම්ය. ගාමිණීව, විජයව අමු අමුවේ කොපි කරන්නට නළුවන් නොවූ එළුවන් කී දෙනෙක් නම් වලිකෑවද?

ෆේස්බුක් එකේ ගාමිණීගේ හෝ විජයගේ පෝස්ටුවක් මුදාහැරෙන විට අද කාලේ තරුණ කොල්ලන් කෙල්ලන් පවා ඒ ගැන උනන්දු වෙති. මාලනී ෆොන්සේකාට, සබීතා පෙරේරාට, නදීකා ගුණසේකරට, ස්වර්ණා මල්ලවාරච්චිටද ඒ ආකර්ෂණය එහෙමමය. ඒක එහෙම වන්නේ බොහෝ බයිස්කෝප් ප්‍රේක්ෂකයන් අදටත් සුපිරි තරු යැයි සලකන්නේ ඔවුන් එදා හුරේ දැමූ පැරැණි නළු නිළියනටය. ඔවුන් මියගියත් එය එහෙමමය. ගාමිණී සහ විජයට තවමත් ප්‍රේක්ෂකයන් තුළ ඇති සුපිරි ගැම්ම එයට හොඳ සාක්ෂියකි.

සිංහල සිනමාව අභාවයට යෑමට එක් හේතුවක් වන්නේ සිනමාවෙන් සමුගත් තරුවලට තරම් ප්‍රේක්ෂකයන් අලුත් තාලේ කට්ටිය පිළිනොගත් කාරණය කියලද එහි ඔය අදහස වන්නේ?

ඒක නම් කියන්නට දන්නේ නැත. හැබැයි එහෙම කතන්දරයක්ද තියෙන බව නම් නොකියා ඉන්නට බැරි බව සහතිකය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පොහොට්ටුවේ ඡන්ද ගොඩත් වැඩි කරලා දෙනවා! රනිල්ට ඡන්ද ගොඩත් වැඩි කරගන්නවා! මේ හදන්නේ එකපාර රනිල්ගේ දේශපාලන බඩගෝස්තරය වැඩිකරගන්න! කොහොමද ටිකිරි මොළේ? සමෘද්ධිය කපලා අස්වැසුමෙන් රනිල් ගහන්න යන ගේම චමින්ද එළියට දමයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ඉදිරි සති තුනේ කොළඹට ලොකු සුද්දයක්! ඇමැති සීතා කියන කතාව අහන්න! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.