• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිංහ කොඩියෙ සිංහයටත් කොකා පෙන්නලා පිට රටදි පැනලා අපේ උන්දලා I Sri Lanka Latest News

June 22, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගම්වල පොඩි කතන්දරයක් තියෙනවා ‘ඔන්න මාමේ කෙල්ල පැනපි’ කියලා. ‘ඔන්න මාමේ කෙල්ල පැනපි’ කියලා කියන්නේ හිටපු ගමන් කෙල්ල පැදුරටත් නොකියා ගියා කියන එක. දන්නෙ නෑ මොකක් වුණාද කියලා. හොයාගන්න විදියක් නෑ.(Sri Lanka Latest News)

ටික දොහකින් ලියුම් කඩදහියක් ගෙදරට එනකොට තමයි දන්නේ කෙල්ල හඳපානෙම පැනලා ගිහිල්ලා කියලා. හඳපානෙම පැනලා යෑම අපේ රටේ සිද්ධ වෙච්ච දෙයක්. එහෙම හඳපානෙ පැනලා යන එක ගැන ලියපු සින්දුවකුත් තියෙනවා ‘ගල් මුල්වල පය පැටලී වැටි වැටි – මතකයි හඳපානේ කැන්දන් ආ හැටි’ කියලා. මේ ලියන්න යන්නේ හඳපානේ කැන්දන් ආ හැටිවත්, කාගේ හෝ දෝණියැන්දා කෙනෙක් හඳපානෙ පැනලා ආ හැටි ගැනවත් නෙවෙයි. මේකෙ තියෙන අරුමය වෙන්නේ මේ පැනලා යෑමෙන් අපේ රෙදි ගැළවිලා, මූණෙ දැළි ගෑවිලා, රටේ කීර්තිනාමය නන්නත්තාර වෙලා යන හින්දා.

අලුත්ම කතා නායකයාගේ නම ග්‍රේෂන්. පහුගිය දවසක ඔහු යන්නේ තුන් පිම්ම පනින්න. හැබැයි පැන්නෙ වෙන පිම්මක්. ඒ පිම්ම තවමත් හොයාගන්න විදියක් නෑ. පිටරටක ගිහින් තරගයකට සහභාගි වුණාට පස්සේ උන්දැලාට එක එක පිමි පනින්න නෙවෙයි තියෙන්නේ. රටේ කීර්තිනාමයට හානියක් නොවෙන ආකාරයෙන්, රටේ කීර්තිනාමය ආරක්ෂා කරලා, තමන් ගිය තරගාවලියේදී රට නියෝජනය කරලා, ශ්‍රී ලංකාවේ කොඩිය ඉහළට ඔසවන්න පුළුවන් විදියේ දෙයක් ඒ ක්‍රීඩාවෙන් කරන එක.

හැබැයි ඉතින් මේ හාදයෝ කරලා තියෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්. තරගාවලියට ගිය ක්‍රීඩකයා අතුරුදන් වුණාට පස්සේ ලංකාවෙ කණ්ඩායමේ රෙදි ගැළවෙනවා. සමහර වෙලාවට පරීක්ෂණවලට සහභාගි වෙන්න, කටඋත්තර දෙන්න, ප්‍රශ්න කිරීම්වලට මුහුණ දෙන්න අපේ ජාතික ධජය යටතේ ගිය අහිංසක, දක්ෂ ක්‍රීඩකයන්ට සිද්ධ වෙනවා. ඒ කියන්නේ රටේ කොඩිය යටතේ ගිහිල්ලා රටේ සල්ලි ටික වියදම් කරලා, රටේ සල්ලිවලින් පුහුණුවීම් කරලා, රටේ තුට්ටු දෙක විනාශ කරලා, රටේ නමත් විනාශ කරලා එන එවුන්ගේ ජඩකම්වලට උත්තර දෙන්න අපේ උන්දැලාට සිද්ධ වෙනවා.

ඒක මෙහෙම වෙනවා කියලා කියපු ගමන් අපි චෝදනා කරනවනේ. හැබැයි ඉතින් ඒ අස්සේ නිල නොවන ආකාරයෙන් වරක් අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ කියන ක්‍රීඩකයා කියපු කතාවක් සහ ඔහු අද ඉන්න තැන ගැන කතා කරන්න මට හිතුණා. අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ කියන්නේ කවුද? කාටහරි මතකද? අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ කියලා කියන්නේ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කණ්ඩායම නියෝජනය කරපු, එම කණ්ඩායමේ නායකත්වය දරපු ක්‍රීඩකයා.

ලෝකෙත් එක්ක හරි හරියට දුවපු කොල්ලෙක්. ඔහු ක්‍රීඩා කළේ මැරතන් තරග. ඔහු ඔලිම්පික්වල මැරතන් තරගය දිව්වා. දුවලා ශ්‍රී ලංකාවේ නම පළමු 30-40 අතරට හැමදාම අරගෙන ආවා. සාර්ක්, ආසියානු වගේ තරගාවලිවලදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරලා මීටර් 10,000 වගේ ඉසව්වලින් රන් පදක්කම දිනාගත්තා. හැබැයි ඔහු දැන් ලංකාවේ නෑ. දන්නා තරමට ඔහු ඉන්නේ එංගලන්තයේ.

ඇයි ඔහු එංගලන්තයට ගියේ? ඔහුට එංගලන්තයට යන්න සිද්ධ වුණේ මේ රටේ බලධාරීන් විසින් හරියට ඒ අයට නොසලකපු හින්දා. මේ ක්‍රීඩකයන්ට අවශ්‍ය කරන පහසුකම් ටික දීලා, ඒ ක්‍රීඩකයො වෙනුවෙන් සැබෑ සුඛිතමුදිත ජීවිතයක් ලබාදෙන්න කිසි කෙනෙක් උත්සාහ කළේ නෑ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තියෙන පහසුකම්වලින් අංශුමාත්‍රයක්වත් මේ ක්‍රීඩකයන්ට ලැබුණෙ නෑ.

ග්‍රේෂන්ලා මේ රටෙන් ගිහිල්ලා ඒ රටවලදී පැනලා යන්නේ තමන්ගෙ පවුලේ මිනිස්සුන්ට සැප විඳින්න ඕනෙ කරන පරිසරයක් නිර්මාණය කරන්න වෙන්න ඇති. එහෙම නැත්නම් තමන්ට හරිහම්බ කරගන්න, මිල මුදල් ටිකක් හොයාගන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරගන්න වෙන්න ඇති. මොකද, මේ රටේ ක්‍රිකට් හැර බොහෝ ක්‍රීඩාවන් සඳහා අවශ්‍ය කරන නිසි පහසුකම් දෙන්න පුළුවන්කමක් නෑ.

ඒ අයට නිවැරැදි ගෙවීමක් සිද්ධ කරන්න විදියක් නෑ. ඒ අයට ජීවත් වෙන්න අවශ්‍ය කරන වැටුපක් ලබාදෙන්න හරි ආකාර විදියක් නෑ කියලයි අපි දන්නේ. ඒ දේවල් ඒ විදියට වෙනවා නම් ඒක ලොකු දෙයක්. හැබැයි මේ විදියට පැනලා ගියපු පළමු ක්‍රීඩකයා ග්‍රේෂන් නෙවෙයි. වරක් අපට මතකයි කොරියාවේදී ශ්‍රී ලංකාවේ නෙට්බෝල් කණ්ඩායම නියෝජනය කරමින් ගිය ක්‍රීඩිකාවක් අතුරුදන් වුණා. මේ අතුරුදන් වීම විනාඩි ගානක් ඇතුළත යළි නිවැරැදි කරන්න ඒ රටේ බලධාරීන් සමත් වුණා. හැකි ඉක්මනින් හොයලා, හැරෙන තැපෑලෙන් උන්දැව ලංකාවට එවන්න මේ අයට පුළුවන් වුණා. එතකොට ඉතින් කියන්න තියෙන්නේ ආයෙත් රෙදි නෑ කියලා තමයි.

මේ විදියටම පාපැදි ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගි වෙච්ච කණ්ඩායමක් අතුරුදන් වුණා. ඒ වගේම තවත් වරක් ලංකාවේ කබඩි කණ්ඩායමම හෝ ඔවුන්ගෙන් සැලකිය යුතු ක්‍රීඩකයන් ප්‍රමාණයක් මේ විදියට රටෙන් ගියපු වෙලාවක අතුරුදන් වුණා. මේ විදියට ලැයිස්තුවක් කියන්න ගියොත් නම් ඉතින් විශාල ලැයිස්තුවක් තියෙනවා.

ඒ වුණාට එහෙම ලැයිස්තු කිය කියා ඉන්නවට වඩා අපිට කියන්න තියෙන්නේ ලැජ්ජයි මචං කියලා තමයි. මොකද ලංකාවේ ජාතික ධජය යටතේ තරගයට සහභාගි වෙනකොට, ලංකාවේ නම පිටේ හෝ පපුවේ ගහලා තියෙනකොට, ලංකාවේ රාජ්‍ය ලාංඡනය තමන්ගේ පපුවේ තියෙනකොට උඹලට අපට දැනෙන්න ඕනේ මේක අපේ රට කියන එක. ඇත්ත. මේක අහිංසක දුගී දුප්පත් දූපතක්. අපට කන්න නෑ. අපට ජීවත් වෙන්න විදියක් නෑ. අපි තෙල් පෝලිම්වල කට්ට කාපු මිනිස්සු. අපි ගෑස් පෝලිම්වල දුක් විඳපු මිනිස්සු.

අපට අදත්, අපට ඕනෙ කරන වාහනේ මිලදී ගන්න පුළුවන්කමක් නෑ. එයාර් බෑග් එකක් තියෙන වාහනයක් පදින්න මේ රටේ පුළුවන් වෙලා තියෙන්නේ 1%ක්, 2%ක් විතර සීමිත පිරිසකට. අනිත් මිනිස්සුන්ට අවුවට වැස්සට නොතෙමී යන්න වාහනයක් මිලදී ගන්න විදියක් නෑ. මේ රටේ මිනිස්සු වැඩි ප්‍රමාණයක් දුක් විඳිනවා. ඒ සියල්ල ඇත්ත. මේ ලියන මමත්, කියවන ඔබත් මේ දුක් විඳින මිනිස්සුන්ට අයිතියි.

හැබැයි අපට මේ රටෙන් පැනලා යන්න හිතෙනවද, අපි මේ රටෙන් පැනලා යනවද, අපේ රටේ නම විකුණලා පැනලා යනවද කියන එක ඔබේ හෘද සාක්ෂිය පිළිබඳ ප්‍රශ්නයක්. ඒක නිසා එහෙම පැනලා යන්න එපා. එහෙම වුණාම ඒක හරි ලැජ්ජයි. ඒක හරි අප්‍රසන්නයි. මොකද, ඔයාව ඔය පිටරටකට යවලා තියෙන්නේ අපේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල්වලින් හෝ කොහෙන් හරි ලැබුණු අනුග්‍රහයකින්.

අපට මතකයි වරක් ශ්‍රී ලංකාවේ හෑන්ඩ් බෝල් කණ්ඩායම පෙන්වූ වික්‍රමය. ඔවුන් ශ්‍රී ලංකාවේ හෑන්ඩ් බෝල් ෆෙඩරේෂන් එකක් නොතිබුණු කාලෙක, එහෙම එකක් හදාගෙන, ඒ නම විකුණලා, ශ්‍රී ලංකාවේ ජාතික හෑන්ඩ් බෝල් කණ්ඩායම කියලා ඔවුන්ම ඔවුන්ව හඳුන්වා දෙමින් එක්තරා යුරෝපා රටකට ගිහින් අතුරුදන් වුණා. ඔවුන්ගෙන් සමහර අය දැන් ලංකාවට ඇවිල්ලා. සමහරු තවමත් ඒ විදියටම යුරෝපා රටවල ඉන්නවා.

නමුත් එදා ඔවුන් කළේ රටට වංචාවක්. ජාතික ධජයට වංචාවක්. ඒ පිළිබඳ තමයි ‘මචං’ කියලා චිත්‍රපටයක් පවා නිර්මාණ වුණේ. කොහොම වුණත් මචං, අද තවත් මචංලා බිහිවෙලා ඉන්නවා. ඒ නිසා තවත් ‘මචං’ චිත්‍රපටයක් නිර්මාණය කරන්න අපට අවශ්‍ය නෑ. මොකද ‘මචං’ වගේ ෆිල්ම්වල ඇතුළේ තියෙන දෙබස්වලට හිනා ගියාට අවසාන කතාව දැක්කම අපට හිනාවෙන්න නෙවෙයි වෙලා තියෙන්නේ. අඬන්න.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

බාල නිර්වින්දන බෙහෙතෙන් දැනට මරණ 3ක් සිද්ධ වෙලා! ලංකාවට බෙහෙත් ගේන 4 දෙනෙක් සිටිද්දී මේ බාල බෙහෙත ගෙනා ඒජන්තයා කව්ද? බිලියන 3.8ක් මේකට වියදම් කළේ කොහොමද? මෙහෙම හදිසි මිලදී ගැනීම් කරන්නේ එක පාරම බුදු වෙන්නද? මරික්කාර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රටේ සල්ලි නැතේ ඒත් සැලසුම් හැදේ මෙන්න මාලිගා තැනේ I Sri Lanka Latest News

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.