• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේ සල්ලි නැතේ ඒත් සැලසුම් හැදේ මෙන්න මාලිගා තැනේ I Sri Lanka Latest News

June 22, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තම්බපන්නිය, උපතිස්සගම, විජිතපුර යන ඓතිහාසික නගර ප්‍රාග් අනුරාධපුර යුගයේදී (ක්‍රි.පූ. 437 සිට ක්‍රි.පූ. 543) මෙරට අගනුවරවල් ලෙසට කලින් කලට සලකනු ලැබුවේය. ඉන් පසුව අනුරාධපුර යුගයේදී (ක්‍රි.පූ. 447 සිට ක්‍රි.ව. 1017) දක්වා අනුරාධපුරය හා සීගිරිය අගනගරය ලෙස සලකන්නට ගත්තේය. එතැනින්ද පසුව පොළොන්නරුව යුගයේදී (ක්‍රි.ව. 1017 – 1232) පොළොන්නරුව අගනගරය වශයෙන් ස්ථාපිත විය.(Sri Lanka Latest News)

එතැන් සිට සංක්‍රාන්තිමය කාලවකවානුවේදී (ක්‍රි.ව. 1232 – 1597) දක්වා පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල සහ කෝට්ටේ අගනගරයන් ලෙසද සලකන්නට ගත්තේය. එසේම ක්‍රි.ව. 1597 සිට ක්‍රි.ව. 1815 දක්වා ගෙවුණු නුවර යුගයේදී මහනුවර අගනගරය වශයෙන්ද ස්ථාපිතව තිබුණේය. එතැනින්ද පසුව බි්‍රතාන්‍ය පාලනය යටතේ (ක්‍රි.ව. 1815-1948) කොළඹ නගරය, රටේ අගනගරය ලෙස සලකනු ලැබුවේය.

එම පිළිගැනීම 1948 සිට 1982 දක්වාම පැවැතියේය. එතැනින්ද නොනැවතී අවසානයේදී එනම්, 1982දී කොළඹ අගනගරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත රැගෙන ආ අතර, එතැන් සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අගනුවර ලෙස සලකනු ලබන්නේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයයි. එනම් එලෙස නැවත වාරයක් කෝට්ට් අගනුවර බවට පත්ව දැනට වසර 40ක් ඉක්මවා ඇත.

අද කොළඹ කොටුවෙන් හෝ මරදානෙන් හෝ බස් රථයකට ගොඩවැදුණු විට එහි කොන්දොස්තරවරයා තම ගිරිය යටින් කෑගසන්නේ, ‘පාස්පෝට් කන්තෝරුව නගින්න, අයි.ඩී. කන්තෝරුව නගින්න’ යැයි කියමිනි. එසේත් නැතිනම් ඉසුරුපාය, සව්සිරිපාය, විසුම්පාය හෝ සෙත්සිරිපාය ලෙසින්ද මරහඬ නගමින් කෑගසයි. දැනට දශක කිහිපයක සිට මේ ආකාරයට කොළඹ නගරයේ තිබුණු ප්‍රධානතම මහජන දෙපාර්තමේන්තු බොහොමයක් අද පිහිටා ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කේන්ද්‍ර කරගෙනය.

මේ ආකාරයට 1982 වසරේදී කොළඹ අගනුවර කෝට්ටේ රාජධානිය වෙත රැගෙන එනු ලැබුවේ එවක ශ්‍රී ලංකාවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා යටතේදීය. එසේ නම් ආදි ලංකාවේ ඉතිහාසයේ සිටම මේ දක්වා වන අගනුවරක වගතුග ඔබට ලියා තැබුවේ ඇයි? එයට හේතු වූයේ මීට දින කිහිපයකට ඉහතදී අසන්නට ලැබුණු එක්තරා විශේෂිත වගතුගක් හේතුවෙනි. ඒ ගැන අප සොයා බලමු.

මෙයට දින කිහිපයකට පෙරදී ආරංචි වූ අලුත් පුවතක් වූයේ මෙතෙක් සියවස් කිහිපයක්ම කොළඹ නගරයේ තිබුණු ප්‍රධානතම ඓතිහාසික ගොඩනැගිලි හතරක් කොළඹින් ඉවත් කරගෙන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරය තුළ ස්ථාපිත කිරීමට යන වගතුගයි. ඒ අනුව ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය (පැරැණි පාර්ලිමේන්තුව), අරලියගහ මන්දිරය සහ අගමැති කාර්යාලය යන ඓතිහාසික ගොඩනැගිලිවල මේ වන විට ඇති රාජ්‍ය කාර්යාලයන් සියල්ලම කෝට්ටේ අගනගරය වෙත රැගෙන යනු ඇත. මෙම හදිසි තීරණය ගෙන ඇත්තේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යැයි පුවත් වාර්තා වී තිබිණි.

එනම් ඔහුගේ නියෝගය මත මේ වන විට ඉහත ගොඩනැගිලි 04 ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරගෙන යයි. මෙය සිතන තරම් ලෙහෙසි කටයුත්තක් නොවන අතර, මේ මහා ධන සම්භාරයක් වැයවන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට මූලික සැලසුම් පිළියෙල කර ඇත.

යෝජිත මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට යන්නේ ‘නව කොළඹ උරුම නගර සැලැස්ම’ (New Colombo Heritage City Plan) යටතේ යැයි කරුණු ප්‍රකාශ වෙයි. මෙම සැලැස්ම යටතේ පැරැණි ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය නොහොත් පැරැණි පාර්ලිමේන්තුව, අරලියගහ මන්දිරය හා කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය යන ස්ථාන ඉදිරියේදී සංචාරක ආකර්ෂණ ස්ථාන ලෙස පමණක් පවත්වාගෙන යෑමට කටයුතු කෙරෙනු ඇත.

එනම් එම ගොඩනැගිලි තුළ මෙතෙක් සිදුවුණු රාජ්‍ය ක්‍රියාවලිය අලුතින් ඉදිකෙරෙන ගොඩනැගිලි තුළ පවත්වා ගැනීමට රජය කටයුතු කරනු ඇතිය. මෙම යෝජිත සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විකල්ප ඉඩම් සොයා බැලීම මේ දිනවල සිදුකෙරෙන බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් හා නියෝග මත මෙම නව පරිපාලන සංකීර්ණය එකම ස්ථානයක (ඉඩමක) පිහිටුවීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයිද නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් අවධාරණය කර ඇත.

මෙලෙස විකල්ප ඉඩමක් සොයාගැනීම ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුව ආසන්න ප්‍රදේශය තුළ සිදුකෙරෙන බවද පැවසෙයි. ඉන් පසුව එම නව ඉඩම තුළ නව ගොඩනැගිලි ඉදිකිරීම පියවරෙන් පියවර සිදුකිරීමටද නියමිතය. මෙලෙස පාර්ලිමේන්තුවට ආසන්නව නව ගොඩනැගිලි ස්ථාපිත කිරීම මගින් එම සංකීර්ණය සඳහා උපරිම ආරක්ෂාවක් ලබාදීමද සිදුකෙරෙයි. පසුගිය ජන අරගල සමයේදී කොළඹ නගරය තුළදී ජනතාව විසින් වටලනු ලැබුවේ මෙම ගොඩනැගිලි 04 වන අතර, ඒ නිසා ඉදිරියේදීත් මෙම ආයතන කොළඹ නගරය තුළ තිබීම අනතුරුදායක තත්ත්වයක් වනු ඇත.

මෙම නව සැලැස්ම ක්‍රියාත්මක කිරීම ගැන රජයේ තීරණයට එරෙහිව පාර්ශ්ව ගණනාවක් දැඩි විවේචනයන් සහ දෝෂාරෝපණයන්ද එල්ල කර ඇත. එම පාර්ශ්ව කියා සිටින්නේ රාජ්‍ය බලධාරීන් තමන්ගේ පෞද්ගලික ආරක්ෂාව පතා මෙවැනි සැලැස්මක් ක්‍රියාත්මක කරන බවත්, ඒ සඳහා මහජන මුදල් රුපියල් බිලියන ගණනක් වැය කිරීමට සැලසුම් කර ඇති බවත්ය. මෙය සත්‍ය වශයෙන්ම නගර සැලැස්මක් ක්‍රියාත්මක කිරීමක් හෝ උරුම නගරයක් රැකගැනීමක් හෝ නොව, රාජ්‍ය නායකයන්ගේ පෞද්ගලික ආරක්ෂාව ගැන පමණක් අවධානය යොමුකරන ක්‍රියාවලියකි. එසේම කෝට්ටේ අගනගරය තුළ මෙය ස්ථාපිත කිරීම මගින් ඉදිරියේදී මෙම ආයතන දැඩි ආරක්ෂක රැකවල් මැද පවත්වාගෙන යෑමට පහසු වනු ඇතැයි ඉහත පාර්ශ්වයන් දෝෂාරෝපණයන් සිදුකරයි.

මෙය එක්තරා අයුරකින් ශ්‍රී ලංකාව මහා ආර්ථික අගාධයකට මුහුණ දී සිටින විටදී සිදුකෙරෙන ජාතික අපරාධයක් ලෙසටද ඇතැම් පාර්ශ්ව අර්ථකථනයන් සිදුකර ඇත. එසේම මෙවැන්නක් හදිසියේම සිදුකිරීම කිසිසේත්ම අවශ්‍ය ක්‍රියාවලියක් නොවන බවටද කරුණු පෙන්වා දී ඇත. විසඳීමට ඕනෑ තරම් රට තුළ ප්‍රශ්න තිබියදීත් ජනතා මුදල් මෙවැනි කාර්යයකට වැයකිරීම අතිශය දරුණු අපරාධයක් ලෙස හඳුන්වා දී ඇත.

මෙලෙස යෝජිත ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමට සුදුසු ඉඩම සොයාගත් පසු එහි විස්තර ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත. මේ අතර, මෙම ‘නව කොළඹ උරුම නගර සැලැස්ම’ යටතේ තවත් සුවිශේෂ වගතුගක් හෙළිවෙමින් ඇත. එය නම් කොළඹ නගරය තුළ ඇති ඓතිහාසික වටිනාකමින් යුත් ගොඩනැගිලි රැසක් දෙස් විදෙස් ආයෝජකයන්ට බදු දීමට කටයුතු සැලසුම් කර තිබීමය. ඒ අනුව, කොළඹ පැරැණි මහ තැපැල් කාර්යාලය, විදේශ අමාත්‍යාංශ ගොඩනැගිල්ල, පොලිස් මූලස්ථානය, ගුවන් හමුදා මූලස්ථානය, නාවික හමුදා මූලස්ථානය, විසුම්පාය, ශ්‍රාවස්තිය, ගෆූර් ගොඩනැගිල්ල, ජාවත්ත පාරේ වාරිමාර්ග දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල, වැලිකඩ බන්ධනාගාරය, ගාලුමුවදොර පිහිටි පැරැණි ගොඩනැගිලි කිහිපයක්ද බදු දීමට නියමිතය.

ආයෝජකයන්ට එම ගොඩනැගිලිවල මුල් අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් ප්‍රතිසංස්කරණය කිරීමට හැකි වන පරිදි ‘බුටික් හෝටල්’ පවත්වාගෙන යෑමට මෙහිදී අවසර හිමිවනු ඇත. මෙම ගොඩනැගිලි කොන්දේසි සහිතව වසර 30කට අධික කාලයකට බදු දීමට සැලසුම් කර ඇත. මේ අතර මෙම කොළඹ උරුම නගර සැලැස්ම යටතේ ගෆූර් ගොඩනැගිල්ලේ සිට කොළඹ වරාය නගරය වෙත ‘කොරිඩෝරයක්’ ඉදිකිරීමට නියමිත අතර, එය සාමාන්‍ය ජනතාවට භාවිතයට ගැනීමට හැකිවනු ඇත. මෙම සැලැස්ම හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ බලධාරීන්ට නියෝග කර ඇත. එසේම ඉහත පැරැණි ගොඩනැගිලි බදු දීම සඳහා අවශ්‍ය දෙස් විදෙස් ආයෝජකයන් සොයා ගැනීම ඉක්මන් කරන ලෙසටද ඔහු උපදෙස් ලබාදී ඇත. ජනාධිපතිවරයා මෙම නියෝග සහ උපදෙස් නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග වෙත ලබාදී ඇත.

මෙලෙස ඉතා නුදුරු දිනෙකදී කොළඹ නගරයෙන් ඉවත් කර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනගරයේදී ස්ථාපිත කිරීමට නියමිත ප්‍රධානතම ඓතිහාසික, පුරාවිද්‍යාත්මක ගොඩනැගිලි 04 ගැන වෙන වෙනම වගතුග සොයාබැලීම අත්‍යාවශ්‍ය කරුණකි.

ජනාධිපති මන්දිරය

කොළඹ කොටුවේ පිහිටා තිබෙන ජනාධිපති මන්දිරය වර්තමානයේදී ශ්‍රී ලංකාව පාලනය කළ ජනාධිපතිවරුන්ගේ නිල නිවස්නය විය. මුලින්ම 16 වැනි සියවසේදී මෙම ස්ථානයෙහි තිබී ඇත්තේ පෘතුගීසි පාලකයන් විසින් ඉදිකරන ලද කතෝලික පල්ලියකි. එහෙත් පසු කාලයකදී ඕලන්ද පාලනය යටතේදී එම පල්ලිය කඩාබිඳ දමා එම ස්ථානයෙහි ආණ්ඩුකාරවරයාට නිවෙසක් තනවන ලදී. එතැනින්ද පසුව 1804 දී ඉංග්‍රීසි පාලනය යටතේ මෙම ගොඩනැගිල්ල වඩාත් විශාල ලෙස ගොඩනගමින් පරිහරණය කර ඇත්තේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන්ගේ නිල නිවස්නය ලෙසිනි. ඒ ආකාරයට කලින් කලට බි්‍රතාන්‍ය සහ අනෙකුත් විජාතික බටහිර ආණ්ඩුකාරවරුන් 29 දෙනකුගේ නිල නිවස්නය මෙය විය. පසුකාලීනව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් 06 දෙනකුගේත් නිල නිවස්නය එය විය. වසර 250කට වඩා පැරැණි පුරාවිද්‍යාත්මක ඉතිහාසයක් මෙම ගොඩනැගිල්ලට ඇත. පසුගිය ජන අරගලයේදී මෙම ගොඩනැගිල්ල ජනතාව විසින් වටලා ග්‍රහණයට ගන්නා ලදී.

අරලියගහ මන්දියර

ශ්‍රී ලංකාවේ අගමැතිවරුන්ගේ නිල නිවස්නය වශයෙන් අරලියගහ මන්දිරය සැලකෙයි. කොළඹ කොල්ලුපිටියේ ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ල 1830 වැනි බි්‍රතාන්‍ය ඉංග්‍රීසි පාලන සමයක සිටම බි්‍රතාන්‍ය රාජ්‍ය පාලකයන් කිහිප දෙනකුගේ නිල නිවස්නය විය. පසු කාලයකදී ලංකාව නිදහස ලැබීමෙන් පසු ප්‍රථම අගමැතිවරයා වූ ඩී.එස්. සේනානායක මහතාගේ නිල නිවස්නය වූයේ අරලියගහ මන්දිරයයි. එතැනින් පසුව ඩඩ්ලි සේනානායක, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, විජයානන්ද දහනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ යන අගමැතිවරුන්ගේද නිල නිවස්නය වූයේ අරලියගහ මන්දිරයයි. පසුගිය ජන අරගල සමයේදී මෙම ගොඩනැගිල්ලද ජනතා ප්‍රහාරයට ලක්විය. දැනට වසර 200ක පමණ ඉපැරැණි පුරාවිද්‍යාත්මක වටිනාකමක් අරලියගහ මන්දිරයට ඇත.

ජනාධිපති කාර්යාලය (පැරැණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල)

1930 වසරේදී බි්‍රතාන්‍ය ඉංග්‍රිසි පාලන සමයේදී ඉදිකරන ලද මෙම ඓතිහාසික ගොඩනැගිල්ල ඉතා දර්ශනීය නිර්මාණයකි. 1983 වසරේ කෝට්ටේදී ඉදිකරන ලද නව පාර්ලිමේන්තුවට ප්‍රථම වසර 53ක් පුරා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව වශයෙන් භාවිත කරන ලද්දේ මෙම ගොඩනැගිල්ලය. දැනට වසර 100කට ආසන්න පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති මෙම ගොඩනැගිල්ල තුළ පසු කාලයකදී ජනාධිපති ලේකම් කාර්යාලය ආරම්භ කරන ලදී. පසුගිය ජන අරගලයේදී මෙම ගොඩනැගිල්ල ඉතා දරුණු ලෙස ජනතා ප්‍රහාරයට ලක්විය.

අගමැති කාර්යාලය

කොළඹ මල් පාරේ පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ 1916 වසරේදී වන අතර, මුල්ම අගමැතිවරයා වූ ඩී.එස්. සේනානායක මහතාගේ නිල කාර්යාලය ලෙස එය භාවිත කරනු ලැබීය. ඉන් පසුව ශ්‍රී ලංකාවේ සිටි සෑම අගමැතිවරයකුගේම නිල කාර්යාලය බවට පත්වූයේ මෙම ගොඩනැගිල්ලය. මෙය මුලින් බි්‍රතාන්‍ය ධන කුවේර ව්‍යාපාරිකයකුගේ පුද්ගලික නිවස්නය විය. දැනට වසර 107කට වැඩි ඉතිහාසයක් හිමි මෙම ගොඩනැගිල්ලද පසුගිය ජන අරගල සමයේදී අතිශය දරුණු ලෙස ජනතා ප්‍රහාරයට ලක්විය.

මෙලෙස පසුගිය ජනතා අරගලයේදී ප්‍රහාරයට ලක්වූ ප්‍රධාන ගොඩනැගිලි හතරක්ම කොළඹින් පිටතට රැගෙන යන්නේ වත්මන් රාජ්‍ය පාලකයන්ගේ පුද්ගලික ආරක්ෂාව පතා නොවේද? පිළිතුර ඔබ සතුය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

සිංහ කොඩියෙ සිංහයටත් කොකා පෙන්නලා පිට රටදි පැනලා අපේ උන්දලා I Sri Lanka Latest News

Next Post

ළමා අයිතිවාසිකම් පිළිබඳව කාරක සභාවේදී දරුවන් මුහුණ දෙන ප්‍රශ්න ගැන සජිත් සංවේදී වෙයි! මාධ්‍යයේ සීමා ගැනත් පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.