ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද දිනයේදී වෘත්තිය සමිති කිහිපයක නායකයින් මුණ ගැසුණු අතර මේ සතිය පුරාම නාමල් රාජපක්ෂ වෘත්තීය සමිති නායකයින් හමුවීමට නියමිතය. Sri Lanka Latest News
වෘත්තීය සමිති නායකයින් රජය විසින් තම ආයතන පෞද්ගලීකරණය, විකිණිම හා ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබදව හා එයට මුහුණ දිය යුත්තේ කෙසේද යන්න මෙහිදී සකච්ඡා කරනු ලැබීය.
මෙහිදී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේ මෙසේ පෞද්ගලීකරණය හා විකිණීම කරන්නේ නම් ඊට හේතුව,ඇත්තටම මෙම ආයතන පාඩු ලබනවාද? ,මෙම ආයතන පාඩු ලැබුවේ කිනම් කාලයක සිටද? නැතහොත් යහපාලන කාලයේදීද?’ පෞද්ගලීකරණය හෝ විකිණීම සිදු කරනවානම් එය සිදුකල යුත්තේ පාරදෘශ්‍ය ආකාරයට බවත් සියළු දෙනාගේම දැනුවත් භාවයෙන් බවත්,එම ආයතන පෞද්ගලීකරණය හෝ විකිණීම සිදු කරන්නේ නම් එම සේවකයින්ට ලබා දෙන ප්‍රතිලාභ මොනවාද යන්න පිලිබදවත්,තවද සේවකයින් ඉවත් කරනවා නම් ඔවුන්ට නිසි පරිදි වන්දි හෝ දීමනා ලැබෙනවාද ? යන්න සොයා බැලීම සිදු කල යුතු බවයි.
වැඩිම ආයතන ප්‍රමාණයක් විකිණීම හා පෞද්ගලීකරණය කරනු ලැබුවේ එකසත් ජාතික පක්ෂය බලයේ සිටිනු ලැබූ කාලවලදී බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෘත්තීය සමිති නායකයින්ට පැහැදිලි කරන ලදී.
තවද ඕනෑම අවස්ථාවක වැඩ කරන ජනතාව වෙනුවෙන් හඩ නැගීමට තමන් සූදානම් බවද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සදහන් කරන ලදී.










