• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන තවම අවසන් තීන්දුවක් අරන් නෑ! මුදල් රාජ්‍ය ඇමැතිගෙන් ප්‍රකාශයක්! I Sri Lanka Latest News

June 19, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන තවම අවසන් තීන්දුවක් අරන් නෑ! මුදල් රාජ්‍ය ඇමැතිගෙන් ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රටේ විවිධ පාර්ශ්ව අසත්‍ය තොරතුරු සමාජගත කරමින් සිටින නමුත් රජය මෙතෙක් ඒ සම්බන්ධව අවසන් තීන්දුවක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. Sri Lanka Latest News

මෙරට දේශීය ණය ප්‍රශස්තකරණය කිරීම ඉතා සංවේදී කාරණයක් වන නිසා රජය මේ සම්බන්ධයෙන් ඉතා වගකීමෙන් යුතුව කටයුතු කරමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ බැංකු සහ මූල්‍ය පද්ධතියට සෘණාත්මක බලපෑමක් ඇති නොවන ආකාරයට සහ ස්ථාවරත්වය පවත්වාගෙන යෑමට අවශ්‍ය වඩාත් හොඳ ප්‍රශස්තකරණයක් වෙනුවෙන් රජය කැපවී සිටින බවත් ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (19) ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ෂෙහාන් සේමසිංහ මහතා එම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ පිළිබඳව අවසන් තීන්දුවක් මෙතෙක් ගෙන නැහැ. නමුත් රජය සෑම විටම රටේ සංවේදී කාරණා කෙරෙහි වගකීමෙන් යුතුව කටයුතු කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳව පාර්ලිමේන්තුවේදී ද අදහස් දැක්වූවා. මහ බැංකුවත්, මුදල් අමාත්‍යාංශයත් සිය ස්ථාවරය පැහැදිලි කර තිබෙනවා. විශේෂයෙන්ම අපේ රටේ බැංකු පද්ධතිය, මූල්‍ය පද්ධතිය සෘණාත්මක බලපෑමක් ඇති ‍නොවෙන සහ ස්ථාවරත්වය පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රශස්තකරණයක් වෙනුවෙන් සියලුම දෙනා විසඳුම් සොයමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් රට තුළ විවිධ තොරතුරු සහ නිවේදන නිකුත් වෙමින් තිබෙනවා.

රජය මේ ගැන අවසන් තීන්දුවක් ගත් විගස පාර්ලිමේන්තුවටත්, මහජනතාවටත් දැනුම් දෙන්න සූදානම්. මෙය ඉතා සංවේදී කාරණයක්. වෙළෙඳ පොළේ ඇති වන තත්ත්වයට විශාල වශයෙන් බලපෑමක් ඇති කරනවා. එනිසා මේ ප්‍රශස්තකරණය සම්බන්ධයෙන් සැක සංකා ඇති වන ප්‍රකාශ නිකුත් නොකර හිටියොත් අපේ මූල්‍ය වෙළෙද පොළේ ස්ථාවරත්වය දිගින් දිගටම පවත්වාගෙන යෑමට හැකියාව ලැබෙනවා. ඒ සඳහා අප සියලු දෙනාම ඉතා වගකීමෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා. මේ කරුණු කාරණා සියල්ල පිළිබඳව ජනාධිපතිතුමාගේ ප්‍රංශ සංචාරයෙන් පසුව විශේෂයෙන්ම, විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වඩා හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්.

රජය ගෙන යන වත්මන් ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවල යම් යම් විවේචන එල්ල වෙනවා. නමුත් විවේචනය කරන කණ්ඩායම්වලට අවශ්‍යතාවක් හෝ වැඩපිළිවෙළක් තිබුණා නම්, ඒ වගේම හැකියාවක් තිබුණා නම් ඒ අභියෝගයට මුහුණ දීමේ අවස්ථාවක් තිබුණා. ඒ අභියෝගය භාර ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පමණයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය භාර ගත් දවසේ සිට මේ දක්වා රටට ලැබූ ප්‍රගතිය ජනතාවට ප්‍රකාශ කර තිබෙනවා. වගකීම භාරගත් නායකයා රටේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන මේ මොහොතේදී භාර නොගත් අය විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. විශේෂයෙන්ම ජවිපෙ වේදිකාවල මේ ආර්ථිකය හැසිරවීම පිළිබඳව විවිධ අදහස් ප්‍රකාශ කරනවා. හැබැයි ඒ කිසිදු ප්‍රකාශයක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි අදහසක් නැහැ. ඔවුන් රට ගොඩනඟන කිසිදු වැඩපිළිවෙළක් මෙතෙක් ඉදිරිපත් කර නැහැ.

ඔවුන්ගේ අරමුණ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් නොවන විසඳුමකට යෑම. ජාත්‍යන්තර අරමුදල මැදිහත් නොවන විසඳුම කුමක්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නොමැතිව මෙරට ආර්ථික අර්බුදයට විසඳුමක් ලබා දෙන්නේ කුමන රටක්ද? යම්කිසි කෙනෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නොමැතිව විසඳුමක් ලබා දෙනවා කියා ප්‍රකාශ කරන්නේ තමන්ට විසඳුමක් නැහැ කියන එකයි. අපි අසීරු කාලයක් අද පසුකරගෙන ඇවිත් තිබෙනවා. මේ අසීරු කාලය ක්‍රමානුකූලව නිමා වෙන තැනකට අද ඇවිත් තිබෙනවා. සෘණ 7.8ක තිබූ ආර්ථික වර්ධන වේගය මේ වසර අවසානයේදී සෘණ 3ක් දක්වා වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කරනවා.

නමුත් රජය මේ ගෙන යන වැඩපිළිවෙළෙන් ඊට වඩා හොඳ ප්‍රගතියක් ලබා ගන්න හැකිවනු ඇතැයි කියා විශාල විශ්වාසයක් තිබෙනවා. 2024 වර්ෂයේ හොඳ ධනාත්මක වර්ෂයක් කරා ගමන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙතෙක් පැමිණි ගමනේදී අප බලාපොරොත්තු වූ ප්‍රතිඵලවලට වඩා වැඩි ප්‍රතිඵලයක් ළඟා කර ගැනීමට හැකිවී තිබෙනවා. එනිසා රජය කළ කැපවීම ඉදිරියටත් ගෙන යෑම වැදගත් වෙනවා. ඒ වගේම අපේ රටේ විනිවිදභාවය, දූෂණ සහ වංචාවලට ඉඩ ලබා නොදීම කියන කාරණාවලදී අප රට ලබාගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳව වර්තමානය වන විට ජාත්‍යන්තරයේ කතාබහට ලක්ව තිබෙනවා. විශේෂයෙන්ම අදින් ආරම්භ වන පාර්ලිමේන්තු සතිය ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව සහ පරිපාලන ව්‍යුහය, මූල්‍ය ව්‍යුහය පිළිබඳව තවදුරටත් විශ්වාසය තහවුරු කරන සතියක් බවට පත්වෙනවා. අයවැය කාර්යාලය පිළිබඳ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කර සම්මත කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අපේ රටේ දූෂණය සහ අවිධිමත්භාවය, නාස්තිය පිටුදැකීම වෙනුවෙන් ‘දූෂණ විරෝධී’ පනත් කෙටුම්පත බදාදා දිනයේදී පාර්ලිමේන්තුවේ විවාද කරලා සම්මත කරන්න පියවර ගන්නවා. රටක් ඉදිරියට යෑමේදී මේ කාරණා අත්‍යවශ්‍යයි. මේවා රටේ වැඩපිළිවෙළ, ක්‍රියාවලිය පිළිබඳව විශ්වාසයක් සහ විනිවිදභාවය ඇති කරන්න හේතු කාරණා බවට පත් වෙනවා. මේ අණපනත් සම්මත වුවහොත් රටේ මූල්‍ය වෙළෙඳ පොළ සහ ආයෝජනයන්වලට විශාල ශක්තියක් ලැබෙනවා. එය ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාව පිළිබඳව දක්වන මතය වෙනස් වීමටත් හේතුවක් වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සැප්තැම්බර් මස පැවැත්වෙන පළමු සමාලෝචනයේදී අප ලබා ගත් ප්‍රගතිය සහ දැනට ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ වන විටත් අප එහි සාර්ථකත්වයක් ඇති කරගෙන තිබෙනවා. ආදායම් මට්ටමෙහි සුළු අඩු වීමක් තිබුණත් වෙනත් විකල්ප ක්‍රියාමාර්ග රැසක් මේ වන විටත් රජය ඒ වෙනුවෙන් ගෙන තිබෙනවා. ඒ අනුව සමස්ත ආර්ථික ක්‍රියාවලිය වර්තමානය වන විට රට තුළ සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.
එය සැබවින්ම රටේ ජනතාවට දැනෙන මට්ටමට පැමිණෙන්න තවත් මාස කිහිපයක් ගත විය හැකියි. මෙම වැඩපිළිවෙළ රජයක් විදිහට අප ඉදිරියටත් අරගෙන යනවා. ඒ වගේම මෙම වැඩටපිළිවෙළට විරුද්ධව යම් කෙනෙක් කටයුතු කරනවා නම්, මේ ඇති වෙලා තිබෙන දේශපාලන ස්ථාවරත්වය, සමාජයීය ස්ථාවරත්වය බිඳ දමන්න කටයුතු කරනවා නම් එහිදී ඇති විය හැකි ප්‍රතිවිපාකය මීට වසරකට පෙර අත්විඳි දුර්වල ආර්ථිකයටත් වඩා දරුණු විය හැකියි. කෙටි කාලීන වේදනා තිබුණත් දීර්ඝකාලීනව රට අලුත් මාවතකට යොමු වෙලා, නැවත එවැනි අර්බුදයක් ඇති නොවෙන්න පැහැදිලි අනාගතයක් බවට පත් කිරීමට සියලුම දෙනාගේ සහාය අවශ්‍යයි.
අපේ රටේ කණ්ඩායම් දෙකක් සිටිනවා. එක කණ්ඩායමක් මේ ආර්ථික අර්බුදයත් සමඟ රටේ ජනතාව පීඩාවට පත්වන බව දැක, එය තම දේශපාලන අරමුණු ඉදිරියට අරගෙන යෑමට මාර්ගයක් කරගෙන තිබෙනවා. අනික් කණ්ඩායම සැබවින්ම මේ ආර්ථික අර්බුදයෙන් රටක් විදිහට මිදීමට අවශ්‍ය කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට රජයට සහ‍යෝගය දක්වනවා. පිරිසක් වැරදි තොරතුරු මත වැරදි ප්‍රවෘත්ති සමාජගත කිරීමට උත්සාහ කරනවා. නමුත් රජයක් ලෙස අප නිවැරදි දත්ත හා සංඛ්‍යාලේඛන මත පදනම්ව තීන්දු තීරණ ගැනීමට සෑම විටම සත්‍ය තොරතුරු ජනතාවට ලබාදීමට කටයුතු කරනවා.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-06-19

SendShareShare
Previous Post

IMF එක හදනවා ලංකාව වගේ පාකිස්තානයත් බංකොලොත් කියලා කියවන්න! ඊට පස්සේ සාකච්ඡා කරමුලු! IMF කියන දේවල් කරන්න ලංකාව වගේ අපි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Next Post

ගෝඨාට වෙච්ච දේ රනිල් වික්‍රමසිංහ මහත්තයට වෙන්න පොහොට්ටුව ඉඩ තියන්නේ ‌නෑ! මහින්දානන්ද රනිල් වෙනුවෙන් ‌පෙරට එයි! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.