පසුගිය කාලය ඇතුළත ලක්ෂ 40ක ජනතාවක් අලුතින් දිලින්දන් වී ඇති බවත්, ඔවුන්ගේ ජීවිතවල සියලු අංශ කඩා වැටී ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය. Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ නාගරික ජනතාව, වතුකරය, ග්‍රාමීය ජනතාව ආදී වශයෙන් වෙනසකින් තොරව දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටී ඇති බවය.
එමෙන්ම 47%ක ජනතාවක් මේ වනවිට ආහාර දරිද්‍රතාවයෙන් පෙළෙන බවද, 33%ක් එක් ආහාර වේලක් මගහරින බවද, රටේ ජනතාවගෙන් තුනෙන් එකක් දරුවන්ට කෑම දීම සදහා තමන් කුසගින්නේ සිටින බවද ඒ මහතා කියා සිටියේය.










