කටුස්තොට ප්‍රදේශයේ 17 හැවිරිදි දැරියකගේ නිරුවත් වීඩියෝ පට අන්තර්ජාලය වෙත මුදාහරින බව පවසමින් ඇයට තර්ජනය කළ 19 හැවිරිදි පුද්ගලයෙක් සම්බන්ධව කටුගස්තොට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. (Sri Lanka Latest News)
වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.
පසුගිය 11 වැනිදා පාසල් ශිෂ්‍යාවක් සිය වැඩිහිටියන් ද සමග කටුගස්තොට පොලිසිය වෙත පැමිණ සිය නිරුවත් වීඩියෝ පට අන්තර්ජාලය වෙත මුදාහරින බව පවසමින් පුද්ගලයෙක් තර්ජනය කරන බවට පැමිණිල්ලක් ගොනු කර තිබේ.
දැරියගේ ප්‍රකාශවලින් හෙළිදරව් වී තිබුණේ ඇය ටික්ටෝක් මාධ්‍ය ජාලය හරහා හඳුනාගත් පුද්ගලයෙක් සමග ඇතිකරගත් සම්බන්ධතාවකින් පසු එම පුද්ගලයාගේ ඉල්ලීම පිට නිරුවත්ව වීඩියෝ ඇමතුමක් ලබාගෙන ඇති බවය.
එම පුද්ගලයා එම ඇමතුම පටිගත කර නැවත ශිෂ්‍යාව වෙත යොමුකර පවසා ඇත්තේ තමන්ට අවශ්‍ය මොහොතක ඇය නිරුවත්ව වීඩියෝ ඇමතුම් ලබාගත යුතු බවත්, එසේ නොමැති නම් මේ වීඩියෝ පට සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවත්ය.
සොයා බලද්දී සැකකරු මින්නේරිය යුද හමුදා කඳවුරේ සේවය කරන හමුදා සෙබලෙක් බව හෙළි වී ඇත. පසුව පොලිසිය විසින් එම කඳවුරට කරන ලද දැනුම්දීමකට අනුව 2023.06.14 දින කඳවුරේ නිලධාරීන් පිරිසක් සැකකරු කටුගස්තොට පොලිස් ස්ථානයට භාර දී ඇත.
පසුව අත්අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකථනයත්, පැමිණිලිකාරියගේ ජංගම දුරකථනයත් විමර්ශන කටයුතු සඳහා පොලිස් භාරයට ගෙන සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
අනතුරුව රුපියල් 15000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැර තිබේ.
නඩුව ජූලි මස 18 වැනිදා නැවත කැඳවීමට නියමිතය.
lankasara










