ජනාධිපති සමග ගමනක් යෑමට සජබ සූදානම් ලෙස සමාජ මාධ්‍යවල පලවූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් පොහොට්ටුවේ හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද දින මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වීය.
එහිදී ඒ මහතා කියා සිටියේ මෙවැන්නකි.
අපි කිවුවෙ ජනාධිපතිවරයා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දේශපාලනික කටයුතු පිලිබදව කැදවනවා නම් නිවැරැදි ක්‍රමවේදය අනුව පක්ෂ නායකයින් දනුවත් කර පක්ෂය හරහා දැනුම් දෙන ලෙසයි.මොකද සන්ධාන දේශපාලනය කියන්නෙ එක එක්කෙනාට ඕනෙ විදියට මන්ත්‍රීවරු ගෙන්නන එක නෙවෙයි.දැන් සමහරු කියනවා ඇමතිකම් දෙන්නෙ නැති නිසාලු ජනාධිපතිවරයා කැදවන රැස්වීම් වලට එන්නෙ නැත්තෙ.මම ආයෙත් කියන්න කැමතියි ඉස්සෙල්ලාම ඇමතිකමක් ගන්නෙ නෑ කියලා කිව්වෙ මම.ඒ වගේම ජේශ්ඨයින් රැස්වීම් වලට නොගියෙ නිසි ක්‍රමවේදයට අනුව දැනුම් නොදීම නිසා පමණයි.
ජනාධිපති එක්ක වැඩ කරන්න සජබ කැමතියි හැබැයි පොහොට්ටුවේ අය නිසා තමයි විපක්ෂයෙන් ආණ්ඩුවට එන්නෙ නැත්තෙ කියලා.අපි
කී පාරක් කිවුවද සජබෙන් මන්ත්‍රීවරු අරන් ආණ්ඩුව ශක්තිමත් කරන්න කියලා.අපි කීපාරක් කිවුවද අපිට ඇමතිකම් එපා අපේ ඇමතිකම් හරි අරගෙන විපක්ශෙන් සජබෙන් එන අයට ඒ ඇමතිකම් දීලා ආණ්ඩුව ශක්තිමත් කරන්න කියලා කෝ කියනවා විතරනෙ අවුරුද්දක් තිස්සෙ කවුරුත් ආවෙ නෑනෙ.අපෙ සම්පූර්ණ ආශිර්වාදය තියෙනවා සජබෙ අය එනවනම්.
පහුගිය කාලෙම කිවුවා විපක්ෂයෙන් 40ක් එනවා 20ක් එනවා අහවලා එනවා කියලා.කෝ ආවෙ නෑනෙ කවුරුත්.පුලුවන්නම් අපේ ඕන තනතුරක් දීලා විපක්ෂයේ අයව අරගෙන ආණ්ඩුව ශක්තිමත් කරන්න කයිවාරු නොගහ.අපි කිවුවෙ රැස්වීම්වලට එන්න ඕනෙනම් හරියට පක්ශෙ දනුවත් කරන්න විතරයි.ඒකට භූමිතෙල් ගහපු ගැරඩි වගේ ඇමතිකම් ගැන වගේ ඒවා කිය කිය ඉන්නෙ නැතුව නිසි ක්‍රමවේදයට පක්ෂය හරහා අපිව දැනුවත් කරන්න. සජබෙන් කවුරුත් එන්නෙ නෑ වගේ තමයි මටනම් පේන්නෙ. නොහැකියාව පොහොට්ටුව පිටින් යවන්න එපා කියලා කියන්න කැමතියි.මොකද අපෙ ඩීල් තියෙන්නෙ පක්ශය එක්ක මිසක් ජනාධිපති එක්ක නෙවෙයි.පෞද්ගලිකව ඩීල් දාගත්ත අයට ගොඩක් මේ ගැන රිදිලා ඇති.
namal rajapaksha










