• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහරගම අපේක්ෂා රෝහලට Tomo-Therapy & Linear Accelerators යන්ත්‍ර මිලදී ගන්න කෝටි 100ක් සල්ලි එකතු කරන්නේ කව්ද? එකතු කරපු කෝටි 20ට මොකද වුණේ? මෙන්න ඇත්ත! I Sri Lanka Latest News

June 14, 2023
in Exclusive
Reading Time: 14 mins read
A A
මහරගම අපේක්ෂා රෝහලට Tomo-Therapy & Linear Accelerators යන්ත්‍ර මිලදී ගන්න කෝටි 100ක් සල්ලි එකතු කරන්නේ කව්ද? එකතු කරපු කෝටි 20ට මොකද වුණේ? මෙන්න ඇත්ත! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහරගම අපේක්ෂා රෝහලට පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර දෙකක් මිලදී ගැනීම සඳහා මුදල් ආධාර එකතු කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සටහනක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාව සොයා Fact Crescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්. 

සමාජ මාධ්‍ය සටහන් :

මහරගම පිහිටා ඇති අපේක්ෂා රෝහල සඳහා Tomo-Therapy & Linear Accelerators යන යන්ත්‍ර මිලදී ගැනීමට කෝටි 100ක පමණ මුදලක් වැය වන බවත් ඒ වෙනුවෙන් මුදල් ආධාර එකතු කිරීමට දායක වන ලෙස ඉල්ලීමක් ද සමග සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් මේ දිනවල සංසරණය වෙමින් පවතිනවා.

WhatsApp ඔස්සේ පළ වූ එම සටහන පහතින්. 

ෆේස්බුක් ඔස්සේ මෙම සටහන සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මේ හේතුවෙන් බොහෝ පිරිසික් මෙහි නිරවද්‍යතාවය පිළිබඳ අපගෙන් විමසා සිටියා.

Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

මහරගම අපේක්ෂා රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ලලිත් පෝද්දල්ගොඩ

අප මේ පිළිබඳව ප්‍රථමයෙන් ම, මහරගම අපේක්ෂා රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ලලිත් පෝද්දල්ගොඩ මහතාගෙන් විමසීමක් සිදු කළා.

ඒ මහතා සඳහන් කළේ, අදාළ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක නොවන බවයි.

2019 වසරේ සටහනක්

අප මේ දිනවල හුවමාරු වන සටහන Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. එහිදී අපට දැක ගන්නට ලැබුණේ 2019 වසරේ දී ද, ඉහත සඳහන් සටහන ම සංසරණය වී ඇති බවයි .

2019 වසරේ පළ වී තිබූ සටහනේ ද,දැක්වුණේ, ඉහත උපකරණ දෙක සඳහා අපේක්ෂා රෝහලේ ගිණුමට ලක්ෂ 123ක් එකතු වී ඇති බවත්, තව ලක්ෂ 9877ක මුදලක් අවශ්‍ය බවයි.

එමෙන් ම, මෙම කර්තව්‍ය සඳහා Fight Cancer Team නමැති සංවිධානයකින් (Charity Organization) විසින් මූලික ගෙන ඇති බව ත් දක්නට ලැබුණා.

Fight Cancer Team

අප මේ පිළිබඳව එම සංවිධානයේ ලේකම් නාරද හේරත් මහතාගෙන් මේ දිනවල සංසරණය වන ඉහත සඳහන් සටහන සම්බන්ධයෙන් විමසා සිටියා.

කෝටි 100 ක් වටිනා Tomotherapy සහ Linear Accelerator යන්ත්‍ර දෙකක් මහරගම අපේක්ශා රෝහලට පරිත්‍යාග කිරීමේ  පරමාර්ථයෙන් 2019 අප්‍රේල් 01 දා මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව ත්, මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ, 2019 වසරේ එම සටහව බව ඔහු අවධාරණය කළා.

බලාපොරොත්තු වූ ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් එකතු කර ගැනීමේ හැකියාවක් නොමැති වුවත්, රුපියල් කෝටි 20 කට අධික මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සංවර්ධන අරමුදල යටතේ ඇති අපේක්ශා රෝහල් ගිණුමට ශ්‍රී ලාංකිකයන් පරිත්‍යාග කළ බව ත්, මේ මුදල් සඵලදායකව යොදාගන්නට ෆයිට් කැන්සර් කණ්ඩායම මහරගම අපේක්ශා රෝහලේ කළමනාකාරීත්වය ත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත් සමග සාකච්ඡා කොට එම මුදලින් පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අත්‍යාවශ්‍ය CT Stimulator Radiotheraphy යන්ත්‍රයක් මිලදී ගැනීමට ත් තවත් මහරගම අපේක්ශා රෝහලේ රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අත්‍යාවශ්‍ය වැඩකටයුතු කීපයකටත් යොදාගැනීමට යොමු වූ බව ත්, ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළා.

මෙම ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක නැතත් මේ දිනවල සංසරණය වන සටහන් වල ද, ඇත්තේ මහරගම අපේක්ෂා රෝහලේ ගිණුම බැවින්, ඔබ පරිත්‍යාග කරනු ලබන මුදල් පිළිකා රෝගීන් සඳහා වැය කෙරෙන බව ත් ඒ මහතා අවධාරණය කළා. 

2019 වසරේ මෙම ව්‍යාපෘතිය එම කණ්ඩායම විසින් ප්‍රවර්ධනය කළ අවස්ථාවක් මෙතනින්.

2019 න් පසුව වුවද, සංසරණය වූ මෙම සටහන් සම්බන්ධයෙන් වරින් වර සමාජය දැනුවත් කරමින් ඔවුන් මේ පිළිබඳ දැනුවත්කර තිබුණේ මෙලෙසින්. Archived Link

Ceylon News 24 මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසින් 2019 වසරේ සංසරණය වූ මෙම සටහනේ දැක්වෙන බැංකු ගිණුම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ පනතට අනුව සෞඛ්‍ය සංවර්ධන අරමුදලෙන් තොරතුරු විමසා තිබූ අතර ඒ සඳහා එම අරමුදලේ ලේකම් එස්.ඒ.ධර්මවර්ධන මහතා විසින් පිළිතුරු සපයා තිබුණා.

අපේක්ෂා රෝහල ට ලැබෙන මහජන ආධාර රැස් කිරීම සඳහා  සෞඛ්‍ය සංවර්ධන අරමුදල විසින් ගිණුමක් පවත්වාගෙන යයි

ඒ අනුව, අපේක්ෂා රෝහල ට ලැබෙන මහජන ආධාර රැස් කිරීම සඳහා  සෞඛ්‍ය සංවර්ධන අරමුදල විසින් ගිණුමක් පවත්වාගෙන යන බවත්, එම ගිණුම අධීක්ෂණය කරනු ලබන්නේ ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ ලේකම්/ගණකාධිකාරී වන අතර එයට අමතරව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන නිලධාරීන් විසින් ද, අධීක්ෂණය කරන අතර 1981 අංක 13 දරණ ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල් පනතේ 10(02) ඡේදය අනුව විගණාධිපතිවරයා විසින් සෑම වර්ෂයකදීම අරමුදලේ ගිණුම් විගණනය කරනු ලැබිය යුතු බව ත් සඳහන් වන බවට එහි දක්වා තිබුණා. එම ගිණුමේ ශේෂය පිළිබඳ 2019 වසරේ හෙළිකර තිබූ වාර්තාවන් සම්බන්ධ තොරතුරු දක්වා තිබුණා. එම සටහන 

මෙතනින්. Archived Link

එමෙන් ම Tomotherapy සහ Linear Accelerator යන්ත්‍ර දෙක සඳහා එකතුව තිබූ මුදල 127,990,040.53 ක් බවට 2019.12.31 වන දිනට එකතු ව ඇති බවට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ ගිණුම් කිසිදු පෞද්ගලික ගිණුමක් හා බද්ධ වී නොමැති අතර  71275069 දරණ ලංකා බැංකු ගිණුමට බැර කරන සියලු මුදල් ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ අපෙක්ෂා රෝහල් ගිණුමට බැර වන බවට එමෙන් ම එස් .ඒ ධර්මවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ.

මෙම ගිණුමෙන් මුදල් ලබා ගැනීමේදී අදාළ වන නීති පටිපාටිය වන්නේ රජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයයි. ගෙවීම් සඳහා අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීම හා නිර්දේශය මත ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බලය ලබා දෙන අතර ගෙවීම් අනුමත කිරීම සෞඛ්‍ය ලේකම් හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කරන අතර ගෙවීම සහතික කිරීම අරමුදලේ ගණකාධිකාරී සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරිවරයා විසින් සිදු කරනු ලබයි.

ඉහත සටහන 2019 වසරේ සටහනක් වුවද, ඔබ යොමු කරන මුදල් ආධාර බැර වන්නේ මහරගම අපේක්ෂා රෝහලේ ගිණුමට බැවින්. එම මුදල් අපේක්ෂා රෝහලේ රෝගීන් සඳහා ඖෂධ මිලදී ගැනීම ට මෙන් ම රෝගීන් සඳහා ද, වියදම් කරනු ලබයි.

Fact Crescendo

SendShareShare
Previous Post

සාගල විදුලි තාක්ෂණික ඉංජිනේරුවන්ගේ මහසභා රැස්වීමට යයි! විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන්න සහාය ඉල්ලයි! විදුලි බල මණ්ඩලය ගොඩ දාන හැටිත් කියලා දෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

Made In India නංවන බවට ඕස්ට්රේලියාව පොරොන්දු වෙයි!

MORE NEWS

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.