දෙමටගොඩ ලක්හිරු සෙවන මහල් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමට තැත්කර තිබෙනවා.
පසුගිය 10 වැනිදා මෙලෙස පහර කෑමට ලක්වූ 38 හැවිරිදි රෝසි නමැති කාන්තාව බරපතළ තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.
පුද්ගලයින් දෙදෙනකු මෙම පහරදිඔම සිදුකර ඇති අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් අපරාධය මෙහෙයවා ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
ඔහුගේ මත්ජාවාරම සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදුන් බව පවසමින් මෙම පහරදීම සිදුකර ඇති බව පහර කෑමට ලක්වූ කාන්තාවගේ පවුලේ සාමාජිකයින් පවසා ඇත.
කෙසේ වෙතත් පහරදීමට පැමිණි පුද්ගලයන් දෙදෙනා අසල්වාසීන් විසින් අල්ලා පොලීසියට භාරදීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව සැකකරුවන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
dasathalankanews










