• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කමෝන් යොහානි I Sri Lanka Latest News

June 12, 2023
in Exclusive, Heart, News
Reading Time: 10 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දැන් චිත්‍රාල් සෝමපාලලා මොනවද කියන්නෙ…

කුහක කලාකාරයෝ එක එක ඒවා කිවුවා…

ජාත්‍යන්තරයට යන්න බෑ කිවුවා…

ඔන්න පුංචි කෙල්ල ඉන්දියාව ජය අරගෙන මැදපෙරදිගත් ජයගත්තා…

ටික් ටොක් කලාව හරහා පැමිණ ක්ෂණිකව විනාඩියට දෙකට හදාගෙන කන්න පුළුවන් කොත්තු මී පැකට් එක ගැන රසවත් කතන්දර කියාපු යොහානි දිලෝකා ද සිල්වා ගැන ‘මව්රට’ පිටු අතර කිහිප වතාවක්ම ලියැවුණා.(Sri Lanka Latest News)

ඒ ලියැවුණු අවස්ථා අතර චියර් කරන්න අවැසි තැන්වලදී ‘නියමයි යොහානි ඔහොම යං’ කියලා හදවතින්ම සුබ පතන්නට තරම් කුහක නොවුණු අපි කලාකාරියක ලෙස ඇය ගෝල්ෆේස් අරගල භූමියට එක විනාඩියකට හෝ ඇවිදින් නොගිය එක පුංචි දෝස්මුරයක් දැම්ම විවේචන සහිත කතන්දරද තිබුණෙ නැත්තෙ නැහැ.

කොහොම නමුත් මෑතකදී සංගීත කලාවට පැමිණ නව රැල්ලේ ගායිකාවක වූ මේ රැප් ස්ටයිල් එකේ පුංචි කෙල්ල කලින් කලට මොකක් හෝ කාරණයක් ඔස්සේ කතාබහට ලක්වන බව නම් නොකියාම බැහැ. වැඩේ කියන්නේ යොහානි හැම මොහොතකම වාගේ කතාබහට ලක්වන්නේ මොකක් හෝ ‘ලක්’ එකක් උඩයි. ඒවා මෙතැනදී අකුරෙන් අකුර ලියන්න ඕනෑ නැති තරමට හැමෝටම අමතක නැති බව කිව යුතුයි.

තමන්ගේම කෙනකුට තමාට වඩා වැඩියෙන් එක දශමයක් හෝ හරියනවාට අකැමැති කුහක මිනිස්සු සහ කලා ශිල්පීන් දන්නවා ඒ ඒ අයට යන්න බැරි වෙච්ච බොහෝ ‘ලක්කාර’ ඉසව්වලට මේ කොත්තු මී කෙල්ල අහම්බෙන්ම වාගේ ගිය වග කොටින්ම කියනවා නම් යොහානි ඉන්දියානු සංගීත කලාව හොල්ලලා අතෑරපු කෙල්ලක්, ඉන්දියානු සංගීත ලෝලීන්ගේ ගෞරවයට පාත්‍රව සිටින සංගීත ශිල්පීන් කිහිප දෙනකු සමග කරට කර සින්දු කියන්න ලැබෙන වාසනාවන්ත අවස්ථා කිහිපයක්ම වෙනුවෙන් ඇග්‍රිමන්ට් සයින් කරලා තමයි අන්තිමේදී යොහානි ලංකාවට එන්න ෆ්ලයිට් එකට නැග්ගේ. මතකයිනෙ බොලිවුඩ්වල ප්‍රවීණ සුපිරි තරු පවා ‘මැණිකේ මගේ හිතේ’ සින්දුව කියන්න ඈ ළඟට ඇවිදින් තාල හෙව්වා.

ඒවා ඉතින් පරණ කතා. දැන් අපි යොහානි ගැන අලුත් කතාවට එමු. දැනටමත් හැමෝම වාගේ දන්නවා ඒ නිවුස් එක.

ඔව්, යොහානි ඩුබායි රාජ්‍යය තුළත් කතාබහට ලක්වෙලා. ඩුබායිවලින් ඇයට ගෝල්ඩන් වීසා සම්මානය ලැබිලා.

මොකක්ද මේ ගෝල්ඩන් වීසා සම්මානය කියන්නේ?

ගෝල්ඩන් වීසා සම්මානය කියන්නේ කලා, සංස්කෘතික ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා දායකත්වය දැක්වූ සුවිශේෂ පුද්ගලයන් සඳහා ඩුබායි රාජ්‍යයෙහි බලධාරීන් විසින් පිරිනමන සම්මානයකි.

මීට කලින් ලංකාවේ කලා ශිල්පියකුට හෝ ශිල්පිනියකට ඩුබායි රාජ්‍යයෙන් එය තිළිණ වෙලා තියෙනවද?

බොහෝ දුරට එයට දෙන්න පුළුවන් උත්තරය තවම නැහැ කියන එකයි. ඒ කියන්නේ ගෝල්ඩන් වීසා සම්මානය ඩුබායි රාජ්‍යයෙන් හිමිකරගත් පළමු කලා ශිල්පිනිය යොහානි දිලෝකා ද සිල්වා කියන නව රැල්ලෙ රැප් ගායිකාවයි.

ඔව්, හැමෝම වාගේ කියන්නේ ඉන්දියාවට ගිහින් ඈ පෙන්වූ හැකියාවන් මෙම සම්මානයට හේතු පාඨ වෙන්න ඇතිය කියලයි.

හේතු පාඨය කොයික වුණත් යොහානි හරිම වාසනාවන්ත කෙල්ලක්. ඔව්. සත්තකින්ම ඒ ගැන කතා දෙකක් නැහැ. ජාත්‍යන්තර තලයේ නමක් ඇති කරගන්න රටේ නැති නාඩගම් නටන වෙහෙස වෙන එක එක ජාතියේ තාලවලට නිර්මාණ එළිදක්වන අපේ රටේ තව කී දාහක් නම් වෙස්ටන් ටයිප් එකේ ගායක ගායිකාවෝ ඉන්නවද? මොන තරම් කාලෙක ඉඳන් ඔවුන් වෙනත් රටක රාජ්‍යයක අනුග්‍රහය තම තමන්ගේ හැකියා කුසලතා වෙත යොමු කරගන්න තාලේ වැඩ පෙන්නනවද?

ඒ අය එක්ක කම්පෙයාර් කරලා බලන කොට යොහානි කොයි තරම් නම් කෝඩුකාරයිද? අනෙක ඇය සින්දු කියන්න අරගෙන තවම ගෙවීගිය වසර ගණන අතේ ඇඟිලි ගානටත් වඩා අඩුයි නේද? ඒ විදියට බලනකොට නම් යොහානි මොන තරම් ලකී සින්දුකාරියක්ද? සමහර විට ඉහත කියාපු ප්‍රවීණයන්ට ඉරිසියාවක් දැනෙන්නෙත් ඒ හින්දාම වෙන්නැති.

ප්‍රවීණ පිරිස යොහානිගේ වාසනාවට ඉරිසියා කරනව කියලද ඔය කියන්නේ?

නැතුව, මතක නැද්ද පහුගිය දවසක ප්‍රසිද්ධ ටීවී චැනල් එකකට ඇවිදින් චිත්‍රාල් සෝමපාල තමන්ගෙ දරුවකුගේ වයසට වාගේ ඉන්න යොහානිට කුඩු වෙන්නට ගැහුවා. ඔහු කියා තිබුණේ ඉන්දියාවත් මහ ලොකු රටක්දැයි කියලයි. එතැන අදහස තිබුණේ දිල්ලි ටවුන් එකේ යොහානිගේ ප්‍රසංගය වෙනුවෙන් අහස උසට ප්‍රසංග වේදිකාවක් හැදුවට සත පහක හෝ පයිසෙක වටිනාකමක් නැතිය කියන එකයි.

චිත්‍රාල් විතරක් නෙවෙයි. ඉංග්‍රීසි හුරුවට සින්දු කියන බොහොමයක් තව තව සංගීතකාරයෝ යොහානි එක්ක තියෙන්නේ හරිම කැත ඉරිසියාවක් කොච්චරද කියනවා නම් කොහෝ හරි ඈත ගමක ඉන්න කෙල්ලක් හරි කොල්ලෙක් හරි ටික් ටොක් තාලෙට සින්දුවක් කිව්වම ‘නියමයි පුතා ඔහොම යං ඉස්සරහට…’ කියලා කමෙන්ට් කරන රියැලිටි සින්දු තරගවලදී යම් ගැම්මකට නන්නාඳුනන කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි සින්දුවක් කිව්වම ඉඳගෙන ඉන්න හොට් සීට් එකෙන් නැගිටලා පණ දෙන තරමට චියර් එක දෙන අපේ ප්‍රවීණයෝ යොහානිට ලැබුණු වරප්‍රසාද වෙනුවෙන් ඒ විදියේ උණුසුම් චියර් එකක් දුන්නේ නැහැ.

එහෙම කරන්න හේතුව හිතාන්න බැරි ඒ කාරණාව නිසයි. සැලකිය යුතු තැනක සිටින එකී ප්‍රවීණයන් එහෙම කරන හේතුව තවමත් අපැහැදිලිය.

තව සමහරු ගෝල්ඩන් වීසා සම්මානය අවතක්සේරු කොට තිබුණා.

වැඩිහරියක්ම එම අවතක්සේරුව දීලා තිබුණේ මුහුණු පොත හරහායි. හුඟාක් විට මුහුණු පොත කියන්නේ අනුන්ගේ රෙදි අපුල්ලන ලස්සනට ඇඳලා කරලා ඉන්න සුන්දර නිළියකගේ පෝස්ට් එකක් දැම්මත් හරි නරක කුණුහරුප ලියන පිරිසක් ඔය කියන පිරිස අතර වැඩියෙන්ම ඉන්නෙ. සුපිරි ජීවිත ගෙවන වාසනාවන්ත මිනිස්සුන්ගේ ‘පින’ කියන මහිමය දරාගන්න බැරි කට්ටියයි. යොහානිගේ සම්මානය ගැන කුහක කතා කියලා තියෙන්නෙත් ඒ අය තමයි.

‘ඕකත් සම්මානයක්ද? මමත් ළඟදී ගන්න ඉන්නේ…’

‘සල්ලි ටිකක් පෙන්නුව නම් ඕනෑ කෙනකුට ගෝල්ඩන් වීසා ගන්න පුළුවන්…’

‘ඩොකියුමන්ට් ටික ක්ලියර් නම් ගෝල්ඩන් වීසා සිම්පල්…’

‘ඉතින් අපට උඩ පනින්නද කියන්නේ? එයාට ඒක හම්බවුණා කියලා…’

‘මෙයා සංස්කෘතික වශයෙන් මොනවා කළාටද ඒ සම්මානය දීලා තියෙන්නේ…?’

‘තියෙන අයටමයි හැම එකම. නැති එකාට මොන මඟුලවත් නැහැ…’

යොහානිට ඩුබායිවල ගෝල්ඩන් වීසා ලැබිලා තියෙනවාය කියන පෝස්ට් එක මුහුණු පොතේ මුදාහැරුණු වෙලේ එහි පාමුල තිබුණු කමෙන්ට්වලින් කිහිපයක් තමයි ඒ උපුටා දැක්වූයේ.

ඩුබායි රාජ්‍යයෙන් ගෝල්ඩන් වීසා කලාකාරයකුට තිළිණ වෙනවා කියන එක ඉහත කමෙන්ට්වල දක්වා තිබෙන අදහස් අනුව බලනකොට හරිම පීචං කාරණයකි. ඔය කියන තරම් හෑල්ලුවට ඒ සම්මානය ලැබෙනවා නම් තව කී දෙනකුට එය ලැබෙන්න තිබුණාද? බටහිර තාලෙට සින්දු කියන යොහානි වාගේ තව කී දාහක් අය ලංකාවේ ඉන්නවද? ඩුබායි ගෝල්ඩන් වීසා එක ඒ තරම් තුට්ටු දෙකට තිළිණ වන සම්මානයක් නම් ඔවුන්ටත් එය ලැබෙන්නට තිබුණා නොවේද?

යොහානි දිලෝද ද සිල්වාට ගෝල්ඩන් වීසා සම්මානය තිළිණ කොට ඇත්තේ ක්ලැසික් ග්ලෝබල් නම් සමාගමක් විසින්ය.

ඉහළ වටිනාකමකින් යුතු කලාකාමී හෝ වෙනත් හැකියාවන් ප්‍රගුණ කරන සහ ආර්ථික වශයෙන් අත්‍යාවශ්‍ය තීරණාත්මක ක්ෂේත්‍රයන්හි නියැළෙන පුද්ගලයන් හට වසර 10ක නේවාසික පහසුකම් සපයන ආකාරයේ වරප්‍රසාද ඩුබායි ගෝල්ඩන් වීසා සම්මානය සමග ප්‍රදානය වේ.

මුහුණු පොතේ කුහකයන් කිහිප දෙනකු අකුරු කොට තිබුණේ සල්ලි ටිකක් විසිකෙරුවා නම් ඩොකියුමන්ට්වල අනන්‍යතාව නිරවුල් නම් ඩුබායි ගෝල්ඩන් වීසා එක ගන්න එක ‘බැදපු කජු කනවා’ටත් වඩා ලෙහෙසි බවය. මොන පදනමක් මත ඔවුන් එය කීවාදැයි දන්නේ නැත. කෙසේ වුවද යොහානි ඩොකියුමන්ට් හදන්නට මහන්සි වුණේ නැත. එක සතයක් හෝ වියදම් කෙරුවේද නැත. හැබැයි අහම්බයක් ලෙසින් අහඹු වාසනාවක් ලෙසින් ඇයට ඩුබායි රාජ්‍යයෙන් ගෝල්ඩන් වීසා ලැබිණි. බොහෝ විට එයට හේතු වන්නට ඇත්තේ කෙටිම කෙටි කාලයක් තුළ ඇයට ජාත්‍යන්තර වශයෙන් ලැබුණු ප්‍රසිද්ධියයි.

ඉතින් ඩුබායි ගෝල්ඩන් වීසා එකේ දිග පළල සහ පැටිකිරිය හොයනවාට වඩා අපි ජාතියක් වශයෙන් යොහානිට චියර් කළ යුතුයි නොවේද?

‘ඔයා හරි වාසනාවන්තයි යොහානි… අපේ සුබ පැතුම්..’ කියා ඒක ඇය වෙනුවෙන් කමෙන්ට් එකත් අකුරු කරන්නට අපේ මිනිස්සුන්ට බැරි ඇයි? එහෙම බලනකොට අර කිව්වත් වාගේ ඉරිසියාව රුසියාවට නෙවෙයි රුසියාව වාගේ රටවල් දහයකටත් වැඩි ලොකුය.

යොහානි ඉන්නේ මේ ඉරිසියාකාරයෝ ගැන සිත් තැවුලෙන්ද?

මොන පිස්සුද? ඒ අතින් බලනකොට යොහානි අමුතුම චරිතයකි. තමන්ට කපන තමන්ට ඉරිසියා කරන ප්‍රවීණයන් ගැන දන්නවා වුණත් යොහානිට ඒ ගැන වගක් නැත.

ඉන්දියාවේ දුම්රිය වේදිකාවක සින්දු කිය කියා ඉඳලා ප්‍රසංග වේදිකාවට ගිය රානු මොන්ඩාල්ලා ගැන සංවේදී කඳුළු කතා සටහන් කරපු අපේ මුහුණු පොතේ කට්ටිය තමාට එළිපිටම කුහකකම් කරන බව දැනගත්තත් යොහානිට එහි ගානක් තිබුණේ නැත.

කවමදාකත් ඇය ප්‍රසිද්ධියේ තමාට අමු අමුවේ ඉරිසියා කරන පිරිස ගැන කතාබහ කොට නැත. එහෙම කතාබහක් කරන්නට අවස්ථාවක් ඉල්ලලාද නැත. මාධ්‍ය පස්සේ යන්නේ නැති ප්‍රසිද්ධිය හඹා යන්නේ නැති යොහානි තමාගේ පාඩුවේ සිය නිරූපණ සහ කලා කටයුතු කරගෙන ගියාය.

යොහානි සරලය. සුන්දරය. තමන්ටම ආවේණික ගීත කලාවක් ඔස්සේ සෙමින් ගමනක් යන ඇය, අඳින්නේ පලඳින්නේද සැහැල්ලු විලාසිතාවටය.

හැබැයි, යොහානි දිල්ලි නගරය පුරා සිය අණසක පැතිරවීය.

ඉන්දියාවේ ස්ටුඩියෝවල තද පොරවල් සමග කරට කර සින්දු කීවාය. සුපිරි තාරකාවන්ගේ අවධානය සොරාගත්තාය.

පසුගිය දවසක ඩුබායි රාජ්‍යයේදී ද සිය කුසලතාවනට සරිලන අහඹු සම්මානයක් දෝතට ගත්තාය.

සත්තකින්ම ගැහැනියකගේ පින කුණු මුල්ලේය කියන්නා වාගේ යොහානි පින්කාරියකි.

නැවතිල්ලේ හිතලා බලනකොට අපේ කුහකයන්ට දරාගන්නට බැරිව ඇත්තේද ඒ ටික නෙවෙයිද?

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

‘මම ඔබතුමාට ඉතිහාසය උගන්වන්නද?’ පුරාවිද්‍යා ජනරාල්වරයා තනතුරින් ඉල්ලා අස්වෙන්න හේතුවුණේ ජනාධිපතිවරයායි දෙමළ සන්ධානයයි එක්ක මුලතිව් ඉඩම් ගැන තිබ්බ මේ සාකච්ඡාවද? VIDEO I Sri Lanka Latest News

Next Post

කළුතරදී පාර මාරුවෙමින් සිටි පුද්ගලයකු හප්පා මාරුවුණු යුවළ සී.සී.ටී.වී. මගින් හඳුනාගනී I VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.