• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

විජය අද හිටියා නම්

February 18, 2020
in Heart
Reading Time: 2 mins read
A A
විජය අද හිටියා නම්
Share on WhatsAppShare on Facebook

එදා අපේ සිනමාවේ ස්වර්ණමය යුගයට දායාද වුණු සුවිශේෂී නිර්මාණකරුවෙක් තමයි විජය කුමාරණතුංග. ඔහු අද සිටියා නම් අපේ කලා ක්‍ෂේත්‍රයට මොන වගේ ඉරණමක් උදාවේවිද කියා නව පරපුරේ ජනප්‍රිය ශිල්පීන්ගෙන් අපි පොඩි විමසීමක් කළා. තවත් කරුණක් නම් මෙය ගැන කතා කිරීමට ක්‍ෂේත්‍රයේ තරු යැයි සිතා සිටින අයට කතා කළත් මේ සම්බන්ධව විමසීමක් කරන විට ඔවුන් දුරකතනය විසන්ධි කළා. එයින් අදහස් කරන්නේ ඔවුන් විජය කුමාරණතුංග තියා ‘හන්තානේ කතාවක්’ නොදැක ඇති බවයි. මේ සඳහන් වන්නේ අපේ ඉල්ලීම සුහදව පිළිගත් කලා ශිල්පීන් අප සමඟ විජය කුමාරණතුංගයන් ගැන දැක්වූ සුහදශීලී අදහස්ය.

පුබුදු චතුරංග
ගුණ දත් සොඳුරු හදවතක්

ඇත්තටම විජය කුමාරණතුංග මහතාගේ චරිතය ගත්තාම ඔහුගේ චරිතය කොටස් තුනකින් හඳුන්වන්න පුළුවන්. රංගනය පැත්තෙන් තරු ගුණ පිහිටි හීරෝ කෙනෙක්, දේශපාලන භූමිකාව පැත්තෙන් ඔහු සුවිශේෂී පුද්ගලයෙක්, සමාජයීය මිනිස් ගුණ දත් සොඳුරු හදවතක් තවත් පැත්තකින්. ඉතින් තවත් පැහැදිලි කළොත් කලාව වෙනුවෙන් දක්‍ෂ නළුවෙක්. හොඳ ආකර්ෂණීය පෙනුමක් ඔහුට තිබුණා. මේ ක්‍ෂේත්‍රයේ කටයුතු කිරීමට, දේශපාලන පැත්තෙන් ඔහු විරුද්ධවාදීන්ට එරෙහිව සටන් කළා. තවත් පැත්තකින් මානව හිතවාදීව රටටම ආදර්ශවත් පුද්ගලයෙක් ලෙස හඳුන්වන්න පුළුවන්. අද කාලයේ ඔහු හිටියා නම් දේශපාලනය පැත්තෙන් ගත්තොත් පිවිතුරු මලක් මෙනි. මුළු රටම සුවඳවත් කරාවි.

ඕෂධී හේවාමද්දුම
එතුමා හිටියා නම් රාජ්‍ය නායකයෙක් වෙලා…

ඇත්තටම මම ඔහුව දැකලා නැහැ. එතුමා දෙවියෙක් මෙන් කාගෙත් සිත් ඇදගන්නා, පෞරුෂත්වයක්, හොඳ හඬක් තිබුණ බව මගේ මවුපියන්ගෙන් අහලා තියෙනවා. මගේ ප්‍රියතම නළුවා ගාමිණි ෆොන්සේකා වුණත් විජය කුමාරණතුංග මහතා අපි දැක්කේ ‘හන්තානේ කතාව’ චිත්‍රපටය හරහා. 70 දශකය ස්වර්ණමය යුගයක් කියන්නට විජය කුමාරණතුංග මහතාගේ රංගන හේතුවත් බලපාන්න ඇති. එතුමා අද හිටියා නම් ජාත්‍යන්තර සිනමාව එක්කත් තරග කරලා අප ඉදිරියෙන් ඉන්නවා. රටේ අවාසනාවකට එතුමා අපට අහිමි වුණා. එතුමා වගේ සුවිශේෂී චරිතයක් තවමත් කලාවෙන් බිහිවෙලා නැති තරම්. එතුමා දේශපාලනය නිසා නැති වුණේ. අපූරු දැක්මක් ඇතිව දේශපාලන දැනීමක් තිබුණා. 94 වර්ෂවල එතුමා හිටියා නම් රාජ්‍ය නායකයෙක් වෙලා. එවැනි සංවේදී හදවත් අපේ රටට ඕන වෙලාවේ අපිට නැති වීම ගැන මමම දුක්වෙනවා.

රෂිපබා සංදීපනී
රාජ්‍ය නායකයන් අතර සිටි සුවිශේෂීම සම්පතක්

තවත් අවුරුදු ගණනාවක් ගියත් ඒ නාමය ජනතාවට අමතක කරන්න බැරි වෙයි. ජනතාවට අවශ්‍යම කාල වකවානුවක ඔහු අද නැහැ. එය ලොකු වේදනාවක් පමණයි. දේශපාලන පැත්තෙන් ඔහු ඉදිරියෙන් කටයුතු කළ බව අප අසා තිබෙනවා. ඔහු මේ වන විට හිටියා නම් රාජ්‍ය නායකයන් අතර සිටින සුවිශේෂීම සම්පතක්. ඒ විතරක් නෙවේ කලා ක්‍ෂේත්‍රයෙත් මෙයට වඩා ස්වර්ණමය යුගයක් පැවැති එදා මෙන් අදත්. ඒ ශ්‍රී ලංකාවටම ආඩම්බරයක්. පසු පරම්පරාවටත් ඔහුගේ දැනුමුතුකම් ඇතිව මේ ක්‍ෂේත්‍රයේ ඉදිරියට යන්න තිබුණා නම් අපිට වටිනවා.

හිමායා බණ්ඩාර
ඔහු මේ විශ්ව සමාජයටම ආදර්ශයක්…

80 දශකයේ සිනමා කර්මාන්තය වෙනුවෙන් ඔහු කැපවුණු බව අහලා තිබෙනවා. ඔහු සුවිශේෂී චරිතයක්. අසමසම පුද්ගලයෙක් බවයි මම අහලා තියෙන්නේ. අද කාලේ කලාකරුවන් ජනප්‍රියත්වය, සල්ලි පස්සේ හඹා යන කාල වකවානුවක එවැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්, අද අප අතර හිටියා නම් ඔහු මේ විශ්ව සමාජයටම ආදර්ශයක් කියලා මම හිතනවා. ඔහු ජනතාව එක්ක හිටිය නිසා ජනතාව ඔහුට ආදරය කළා. ඒ ආදරය නිසා ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කිරීමට ඔහු දේශපාලනයට සම්බන්ධ වුණා. ඒ ජරා දේශපාලනය නිසා වටිනා සම්පතක් අපිට නැති වුණා. එය අපි හැමෝටම පාඩුවක් වගේම ලොකු දුකක්.

ධනංජය සිරිවර්ධන
ජනතාවගේ ආදරයත් එක්ක නැඟී සිටි සොඳුරු මිනිසෙක්

එවැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් රටටම අහිමිවී යෑම ලොකු පාඩුවක්. නමුත් මේ වන විට ඔහු ජීවතුන් අතර නැති එක හොඳයි. මොකද එතුමාගේ ගුණය අදටත් මතු පරම්පරා ගණනක් තුළත් ඒ නාමය පවතියි. නැතිනම් ඔහු හදාගත්ත ඒ පෞරුෂත්වය දේශපාලනය හරහාම විනාශ කරලා. මේ වන විට ඔහු එදා රටට, ජාතියට, ආගමට ආදරය කළා. ජීවිතය පරදුවට තබා ඔහු කටයුතු කළා. ජනතාවට ආදරය කළා. ඒ ආදරය තවමත් ජීවමානයි. අද වගේ විවිධ මාධ්‍ය හරහා ජනප්‍රිය වුණේ නැහැ. ඔහු ජනතාවගේ ආදරයත් එක්ක නැඟී සිටි සොඳුරු මිනිසෙක් විදියට මම දකින්නේ.

විශ්ව කොඩිකාර
ඔහු වැනි කෙනෙක් යළි බිහිවුණේ නැහැ

1987 රටේ පැවැති යුද්ධයත් එක්ක එතුමන් එල්.ටී.ටී.ඊ.ය සමඟ සුහද සාකච්ඡාවක යෙදුණා. රටේ සාමය වෙනුවෙන් පසු ඔහු ඉන්දියාවට ගිහින් මේ ප්‍රශ්නය පිළිබඳ කතා කළා. ඒ හරහා රටේ ප්‍රශ්න අඩු වුණා. ගොවි, ධීවර ප්‍රශ්න වෙනුවෙන් විසඳුම් ඔහු ළඟ තිබුණා. ඉතින් මෙවැනි උත්තම පුරුෂයෙක් රටේ බිහිවුණේ නැති තරම්. තවත් පැත්තකින් ඔහුව මගේ දෙනෙතට නොදකින්න ලැබීම ගැන හිතද්දී මම මහා පව්කාරයෙක් විදියට තමයි හිතන්නේ. රට, ජාතිය, ආගම වෙනුවෙන් කැක්කුමක් නිරන්තරයෙන්ම ඔහුගේ හදවතේ තිබුණු බව ඔහු ගත් උත්සාහයන්ගේ ප්‍රයෝජන පසුකාලීනවත් රටට සුබවාදීව බලපාන්න ඇති.

දසුන් පතිරණ
ඔහු හිටියනම් රටේ ජනාධිපති…

ලංකාවේ හිටිය එකම හීරෝ විදියට තමයි මම ඔහුව දකින්නේ. ඔහුට වගේම තවත් ආකර්ෂණය තිබෙන ශිල්පීන් රටේ හිටියත් තවමත් හීරෝ වන්න බැරි වුණා. අද වෙනකොට ඔහු හිටියා නම් ඔහු බාහිර ස්වරූපයෙන් පවා වෙනස් වෙලා. වැඩිහිටි චරිත රඟපායි. නැතිනම් රඟනොපා ඉඳී. හිටියනම් අපි සතුටු වෙනවා. දේශපාලන පැත්තෙන් ඔහු මේ වන කොට හිටියනම් රටේ ජනාධිපති වෙලා ඉඳී. අපිට කියන්න බැහැ මොන විදියට දේශපාලන පැත්තෙන් කටයුතු කරයිද කියලා. හන්තාන කතාවේ ඉඳන් අපි ඔහුට ආදරය කරනවා. දේශපාලනයේ මොන යකා හිටියත් හොඳක් අහන්නනම් වෙන්නෙ නැහැ. එතුමා ගැන මේ තරම් ආදරයෙන් කතා කරන්නේ ඔහු අප අතරින් ඉක්මනට ගිය නිසා වෙන්නත් පුළුවන්. හිටියා නම් මේ ආදරය නැතිවෙයි. එතුමා වගේ වෙන්න අපි උත්සාහ කරනවා.

යුරේනි නොෂිකා
ඔහු නැති එක රටට පාඩුවක්…

ඔහු කලාවට වඩා දේශපාලනයේ පරිණත බවින් ඉදිරියෙන් කටයුතු කළ කෙනෙක් විදියට මම දකින්නේ. ඔහු නිරතුරුව කටයුතු කළේ ජනතාව වෙනුවෙන්. ඒත් ඔහුට ජනතාව වෙනුවෙන් හරිවිදියට සේවය කරන්න බැරි වුණා. කෲර දේශපාලනය හරහා ඔහු මරා දැමුවා. එය රටට ජනතාවටම පාඩුවක් විදියට තමයි මම දකින්නේ. ඔහුගේ ඒ වියෝව අදටත් ජනතාවගේ හදවත්වල බැඳී තිබෙනවා. ඒ ඔහුට තිබුණු ආදරය නිසා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ලස්සන හදවත ගැන ළෙන්ගතු හදවත් සසල වූ අන්දම

Next Post

ජිනීවා කණ්ඩායමක් හදිසියේ ලංකාවට

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.