• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දහ අට වංගුවෙදි බස් එක ඇවිත් පනහකගෙ ජීවිත බේරපු ඇත්‍තම දෙවියෝ I Sri Lanka Latest News

June 8, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බස් එකක් යනවා දහඅට වංගුවේ. දහඅට වංගුවෙන් බස් එකක් යනවා කියලා කියන්නේ බස් රියැදුරාට ටිකක් වැඩිපුර අවධානයෙන් ඉන්න වෙන අවස්ථාවක්. මොකද දහඅට වංගුව තමයි අපේ රටේ රියැදුරෙක් අසීරුවෙන්ම තමන්ගේ රථය ධාවනය කරන තැන. දහඅට වංගුව හරි ලස්සනයි. ඈත කඳු මුදුන් අස්සේ දඟ කරන හුළං රැලි දහඅට වංගුවට දුවගෙන එනවා. වලා රැලි සරසපු අහස බැලූ තෙක්මානේ ලස්සනට දහඅට වංගුවට පේනවා.(Sri Lanka Latest News)

දහඅට වංගුවේ අවට පරිසරයේ තියෙන්නේ සොබාදහමේ විකසිත බව. සොඳුරු බව. හැබැයි මේ සොඳුරු බව, විකසිත බව කොයි තරම් භයානකද කියලා තේරෙන්නේ බස් එකකට හෝ වෙනත් වාහනයකට පුංචි හෝ අත්වැරැද්දක් සිදුවුණොත්. මේ වෙලාවේ මේ බස් එකේ ඉන්නවා මගීන් පනහකට වැඩි ප්‍රමාණයක්. බස් එකේ රියැදුරත් සාමාන්‍ය පරිදි තමන්ගේ බස් රථය ධාවනය කරගෙන යනවා.

ඒ අස්සේ හදිසියේම නොහිතපු දෙයක් වෙනවා. ඒක ඇත්තටම එහෙම වුණේ කොහොමද කියන එක ගැන මේ රියැදුරු කියලා තියෙනවා අපි දැක්කා. ඔහු කියනවා බස් එක යනකොට ඔහුගේ රියැදුර අසුන ගාව තියෙන දොර ඇරුණා. ඊට පස්සේ ඒක වහන්න උත්සාහ කළා. බ්‍රේක් එකට පයින් ගැහුවා. හැබැයි ආයෙත් දොර ඇරුණා. ඔහුව එළියට වීසිවෙලා ගියා. ඔහු බලාගෙන ඉන්නැද්දී බස් එක ඉදිරියට ගියා කියලා. ඔහු කියනවා බස් එකට මොනවා වුණත් කමක් නෑ, මගීන්ට කිසිම අනතුරක් සිදුවෙන්න එපා කියලා ඒ වෙලාවේ ප්‍රාර්ථනා කළා කියලා.

මේකෙ තියෙන භයානකකම තමයි එහෙම බස් එකක දොර ඇරෙනවද කියන එක. එහෙම රියැදුරාව එළියට වීසිවෙනවද කියන එක. එතකොට මේ බස් එක ඒ තරම්ම අනාරක්ෂිත තත්ත්වයක් යටතේද ධාවනය කරන්නේ? මේ බස් එකේ දොර ඇරෙනවා නම් එළියට වීසිවෙනවා නම් වංගුව වගේ අතිශය භයානක ප්‍රදේශයකින් මේ බස් රථය ධාවනය වෙද්දී මොනවද ඒ වෙනුවෙන් යොදලා තිබුණු ආරක්ෂිත පියවර? මේවා මේ වීරයාගේ කතාවෙන් මැකිලා වැහිලා යන්න බෑ.

මොකද අපි දන්නවා ලංකාවේ පෞද්ගලික බස් රථ කියලා කියන්නේ අතිශය අනාරක්ෂිත මාර්ග ධාවනයේ යෙදෙන වාහන ජාතියක්. වාහනයට කිසිම තැකීමක් නෑ. ඔහුගේ මූණටම දාලා වාහනේ එහෙට කපලා මෙහෙට කපලා ඇඟට අල්ලලා යන මේ රියැදුරන්ට දෙන දඬුවම මොකක්ද? ඒක ඉස්සෙල්ලම හොයලා බලන්න ඕනෙ. මොකද බුද්ධික රුවන් කුමාර කියන වීරයාගේ කතාව අපි මේ විදියට කතා කරද්දී එහෙම වීරයෙක් එදා ඒ වෙලාවේ ඒ බස් එකේ නොහිටියා නම් අපට ලියන්න සිද්ධ වෙන්නේ මීට වඩා අතිශය භයානක ලිපියක්. ඒ ලිපියට දාන සිරස්තලය මොකක් වෙයිද කියලා ඔබම නිකන් අනුමාන කරලා බලන්න.

ඇත්තටම අපිට මේ ලිපිය කියවද්දී සතුටක් දැනෙනවා, වීරයෙක් කියලා හිතෙනවා, නියමයි කියලා හිතෙනවා. හැබැයි අපි ඔය ලිපිය බුද්ධික නැති තැනක ඉඳන් ලිව්වොත් කියන්න වෙන්නේ කොච්චර පවුද මේ මිනිස්සු කියලා. ඒ නිසා ඉස්සෙල්ලම නෝනාවරුනි, මහත්වරුනි මේ වීරයාගේ කතාව කියවන්න කලින් ඔබ බස් රියැදුරාගේ කතාව කියවලා ඉන්න. ඒක එහෙම වුණේ කොහොමද? තවදුරටත් එහෙම වෙන්න ඉඩ තියෙනවද? බස්වල මේ විදියට අනාරක්ෂිතවද උපාංග තියෙන්නේ? ඒක තමයි පළමුවැනි කතාව.

කොහොම නමුත් බස් රථය ඉදිරියෙට ගමන් කරමින් තියෙද්දී දොර ඇරෙනවා. දොර ඇරිලා බස් එකේ රියැදුරාව එළියට වීසිවෙනවා. ඒක බස් එකේ වරදක්ද, රියැදුරාගේ වරදක්ද කියන එක වෙනම පරීක්ෂණයක් කරලා තීරණය කරන්න ඕනෙ දෙයක්. බස් රථයේ හිටපු වෙන කෙනෙක් මරු කියනවා. ඔහු කියනවා මේ මල්ලි හිටියේ බස් එකේ ඉස්සරහා ෂීට් එකේ ඉඳගෙන. එකපාරටම බස් එකේ රියැදුරා එළියට වීසිවුණා. ඔහු ටක් ගාලා ඉස්සරහා ෂීට් එකට පැන්නා.

පැනලා ක්‍රමයකට අනුව වාහනය නවත්ත ගත්තා. නවත්ත ගන්නෙත් එකපාර තිරිංග තද කරලා නෙවෙයි. එක පාරට තිරිංග තද කළා නම් බස් එක අනතුරට ලක්වෙන්න තිබුණා. බුද්ධික කරන්නේ ඊට වඩා සාර්ථකව, ක්‍රමවත්ව බස් එක නතර කරන එක. මේක බුද්ධිකව ලංකාවේ ජාතික වීරයෙක් බවට පත්වෙන්න තරම් වටිනා කාරණයක්. අපි මේවා ඉතා පහසුවෙන් සුළුවෙන් තකලා පොඩි කතාවක් ලියලා ඉවර කරලා දැම්මට අපේ රටේ බලධාරීනි, පාලකයනි බුද්ධිකලා වගේ වීරයන්ට සම්මාන දෙන්න, නම්බු නාම දෙන්න, ගරු බුහුමන් දෙන්න. මේ මිනිස්සු තමයි අපේ රටේ ඉන්න ඇත්ත වීරයෝ.

බුද්ධික මේ ඉන්නේ තමන්ගේ රැකියාව නිමා කරලා නිවසට යන ගමන්. බුද්ධික කියන්නේ රණවිරුවෙක්. ඔහු කොළඹ ඉඳන් බස් නොතිබුණු නිසා මහනුවරට ගිහින් මහියංගනය පාරෙන් ගෙදර යන්න ගියා කියලා තමයි කියන්නේ. රාත්‍රි 11ත් 12ත් අතර කාලයේ තමයි මේ සිදුවීම වෙන්නේ. බුද්ධික රුවන් කුමාර 35 හැවිරිදි දෙදරු පියෙක්. ඔහුට තමන් ගැන, දරුවෝ ගැන, ජීවිතය ගැන හිතලා මීට වඩා වෙනස් විදියට මේ ප්‍රශ්නෙ විසඳන්න තිබුණා.

තමන්ගේ ජීවිතය විතරක් ආරක්ෂා වෙන විදියට මේ ප්‍රශ්නෙ විසඳගන්න ඔහුට ඕනෙ තරම් ක්‍රම තිබුණා. ඒත් ඔහු එහෙම කරන්නේ නෑ. ඔහු අනෙක් අයගේ ජීවිතත් ආරක්ෂා වෙන විදියට ප්‍රශ්නය විසඳනවා.

බුද්ධික කියන විදියට එක පැත්තක තියෙන්නේ භයානක ප්‍රපාතයක්. අනෙක් පැත්තට ඔහු බස් රථය හරවලා පොඩි කඩයක් තිබුණු තැනකට බස් රථය නතර කරන්නේ ආරක්ෂිතව. ඒ නිසා තමයි මේ ජීවිත සියල්ල ආරක්ෂා වෙන්නේ.

බුද්ධිකගේ මේ වීර ක්‍රියාව තැන් කිහිපයක අපි දැක්කා වීඩියෝගත කරලා තියෙනවා. ඒ නිසා බුද්ධික කියන්නේ වීරයෙක් කියලා අපට හඳුනාගන්න පුළුවන් වුණා. ඔහු කියනවා ඇහිපිල්ලමක් ගහන්න තරම්වත් වෙලාවක් තිබුණේ නෑ, හිතන්නවත් පරක්කු වෙන්න බෑ කියලා.

ජීවිත පනහක් බස් එක ඇතුළේ තියෙනවා. අපට පේනවා වීඩියෝපටයේ බුද්ධික කොයි තරම් පරෙස්සමට මේ බස් එක අරගෙන ඇවිල්ලා නතර කරනවද කියලා. මිනිස්සු බලාගෙන ඉන්නේ කරන්න දෙයක් නැතුව. කාට කියන්නද කියලාවත් හිතාගන්න බැරි තත්ත්වෙක ඉද්දී බුද්ධික තමයි ඒ වෙලාවේ මේ බස් එකට පිහිට වෙන්න ආපු ඇත්තම දෙවියා. ඉතින් අපි මේ නොදන්නා නොහඳුනන වීරයාට සුබ පතමු.

බුද්ධික රුවන් කුමාර ඔයා වගේ මිනිස්සු තමයි මේ රටට අවශ්‍ය කරන්නේ. අවශ්‍ය වෙලාවට තමන්ගේ පැත්තට ගේමක් ගහගෙන, අනෙකාට මොනවා වුණත් කමක් නෑ කියලා හිතලා තමන්ට වාසි වෙන විදියේ තීරණ ගන්න මහ පුටුවේ ඉඳන් පොඩි පුටුව දක්වාම මිනිස්සු ඉන්න රටක, අනෙක් මිනිස්සු වෙනුවෙන් තීරණ අරගෙන, ඔවුන්ගේ ජීවිතත් ආරක්ෂා කරලා බුද්ධිමත්ව ප්‍රශ්න විසඳන මෙන්න මේ විදියේ මිනිස්සු තමයි රට පාලනය කරන්න තෝරගන්න ඕනෙ කියලයි අපට හිතෙන්නේ. බුද්ධික රුවන් කුමාර ඔබ වීරයෙක්. මේ බුද්ධික නම් වූ වීරයාගේ කතාව.

දැක්ක කෙනෙක් ඉන්නවා නම් බුද්ධිකට කියන්න. බුද්ධිකගේ දරුවන්ට කියන්න ඔයාලා වීරයෙක්ගෙ දරුවෝ කියලා. බුද්ධිකගේ බිරිඳට කියන්න ඔබ වීරයෙක්ගේ බිරිඳක් කියලා. බුද්ධිකගේ මවුපියන් ඉන්නවා නම් ඒ අයට කියන්න ඔබ වීරයෙක් මේ ලෝකෙට බිහිකරපු මවුපියෝ කියලා. අපි මේ කියන්නේ බුද්ධිකව දැකලාවත් නෙවෙයි. බුද්ධිකව නොහඳුනන අපි ඔහු වීරයෙක් බව කියන්න කිසිසේත්ම පැකිලෙන්නේ නෑ. ඒකට හේතුව වීරයන් බවට පත්වෙන්න දඟලන කාඩ්බෝඩ් පුහු වීරයෝ අතර, බොල් පිළිම අතර බුද්ධික කියන්නේ මිනිස්සු වෙනුවෙන් බිහිවෙච්ච මිනිස්සුන්ගේ සැබෑ වීරයෙක්. බුද්ධික ඔබට පින්…

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මිහින්තලාවයි දහම් අමාවයි මෙදා සැරේ වෙන අමුතු කතාවයි I Sri Lanka Latest News

Next Post

අන්තරේට විජේරාමේදී බැටන් පොලුවලින් එලව එලවා ගැහුවේ පොලිසියමද? නැත්නම් වෙනත් කවුරු හරිද? වීඩියෝවලින් ෆොටෝවලින් අන්තරේ හොයා ගත් දේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.