ශ්‍රීලනිපය හා පොහොට්ටුව ඒකාබද්ධව තරග කිරීම සදහා ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය’ පිහිටුවීමට අයදුම්පතක් අද (17) මැතිවරණ කොමිසන් සභාව වෙත ඉදිරිපත් කර ඇත.
මෙහි විශේෂත්වය වන්‌නේ මුලින් පොදු ලකුණක් යටතේ මහමැතිවරණයට තරග කළ යුතු බව කී ශ්‍රීලනිපය මේ වනවිට පොහොට්ටුව ලකුණ යටතේ තරග කිරීමට එකගතාව පළ කොට තිබීමය.
මීට අමතරව නව සන්ධානයේ සමනායකත්වය මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් දෙදෙනා අතරේ බෙදී යායුතු බව මුලින් ශ්‍රීලනිපය කියා සිටියත් නව සන්ධානයේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතා හට පමණක් ලබා දී තිබේ.
මෛත්‍රීපාල සිරිසේන මහතා හට එහි දෙවැනි තැන වූ සභාපති ධූරය ලබාදීමට පියවර ගෙන ඇත.
නව සන්ධානයේ සෙසු නිලතලයන් සඳහා වන්නේ :
පක්ෂයේ ලේකම් – බැසිල් රාජපක්ෂ
පක්ෂයේ නියෝජ්‍ය සභාපති – අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන
පක්ෂයේ නියෝජ්‍ය ලේකම් – අමාත්‍ය මහින්ද අමරවීර
පක්ෂයේ ජාතික සංවිධායකවරුන් ලෙස – අමාත්‍ය දයාසිරි ජයසේකර හා විමල් වීරවංශ
පක්ෂයේ උපලේකම් – උදය ගම්මන්පිල
පක්ෂයේ උපසභාපතිවරුන් ලෙස – තිස්ස විතාරණ, අමාත්‍ය වාසුදේව නානායක්කාර හා ඩිව්. ගුණසේකර.










