• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කොල්ලො ‌කෙල්ලො උද්ඝෝෂණයට ‌ගෝල්ෆේස්ම එයිද?

February 17, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
කොල්ලො ‌කෙල්ලො උද්ඝෝෂණයට ‌ගෝල්ෆේස්ම එයිද?
Share on WhatsAppShare on Facebook

විරෝධතා ව්‍යාපාර, උද්ඝෝෂණ, වැඩවර්ජන ඇතුළු බලපෑම් කණ්ඩායම් ක්‍රියාකාරකම් රටක ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතියකි. ලෝකයේ බොහෝ දියුණු යැයි සලකන රටවල පවා මේවා තිබේ. ඒ අතර වැඩි තැනක් ලැබෙන්නේ ශිෂ්‍ය ක්‍රියාකාරකම්වලටය. ශිෂ්‍යයන් මාර්ග අවහිර කරමින්, ජන ජීවිත අඩාළ කරමින් කරන විරෝධතා නිසයි රජයක් ඒ වෙනුවෙන් අවධානය යොමුකරන්නෙ. නැත්නම් එහෙම අවධානය යොමුකළ යුතු බවට ඒ අයට බල කරන්නෙ.
“අරගලයකින් තොර විමුක්තියක් නැතැයි” පිදෙල් කස්ත්‍රෝ වරෙක කියා තිබේ. ලෝකයේ ශිෂ්‍ය ව්‍යාපාර සහ බලපෑම් කණ්ඩායම් තහනමට ලක්කිරීම, ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති බවට සලකුණකැයි දේශපාලන විද්‍යාත්මකව හඳුනාගනී. නමුත් දේශපාලන කණ්ඩායම්වල උසිගැන්වීම් මත මේවා සිදුවේ නම් එය ජනතාවට ප්‍රශ්නයකි. ‘බලපෑම් කණ්ඩායම්’ ලෙස හඳුන්වන්නේ බලය ලබා ගැනීමේ අරමුණෙන් තොරව බලය සහිත කණ්ඩායම්වලට එරෙහිව හඬ නඟනා කණ්ඩායම්ය. නමුත් ලංකාවේ සටන ඊට වඩා වෙනස්ය. ජනතාව ජනතාව හමුවේ අසරණ වීමත්, කඳුළු ගෑස් සන්දර්ශනයත්, ඇර වෙන වුණු දෙයක් නැත. ලංකාවේ අරගල නිමා වූයේ නැත. දේශපාලකයෝ බලපෑම් කණ්ඩායම්වල හිස නැමුවේද නැත.
නව රජය පත්වීමත් සමඟද සුපුරුදු පරිදි උද්ඝෝෂණ ව්‍යාපාර ගොඩනැඟුණේය. ඊට එරෙහිව එල්ලවුණ ප්‍රහාර පමණක් තාවකාලිකව නතර වී තිබුණේය. බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමේ ‘පුංචි ඉඩකඩක්’ රජයෙන් ලැබුණේය. ඒ අතර රජය අපූරු පියවරක් ගත්තේය. ඒ උද්ඝෝෂණ සඳහා ඉඩක් වෙන්කර දීමය. ඉන්පසු ලිප්ටන් වටරවුම හෝ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්විය නොහැක. ඒ වෙනුවට ඒ වෙන් කළ තැනට යා යුතුය. ජනපති නියමයෙන් ඒ ඒ විරෝධතාවට අදාළ බලධාරීන් පෙන්වා දීමට නියමිතය. ඒ වෙනුවෙන් නව පොලිස් ඒකකයක්ද පිහිටුවීමට රජය පියවර ගෙන තිබේ. ඒ ‘මහජන සාමය කළමනාකරණය’ කිරීමේ ඒකකය නමිනි. ඒ සහකාර පොලිස් අධිකාරිවරයකු වන වයි.පී.ආර්.යූ. විජේසුන්දර මහතා යටතේය. මේ ඒ අලුත් පියවර පිළිබඳව විවිධ පාර්ශ්ව සමඟ කළ සාකච්ඡාවයි.

ඉතා හොඳ වැඩක්, ඒ කාලේ මමත් කිව්වා
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි
එස්.එම්. මරික්කාර්
ඒ වැඩපිළිවෙළ ඉතාමත් හොඳයි. අපේ ආණ්ඩුව කාලෙත් මම යෝජනා කළා පාරවල් අවහිර වන ලෙස උද්ඝෝෂණ තහනම් කරල උද්ඝෝෂකයන්ට උද්ඝෝෂණය කරන්න නියමිත ස්ථානයක් වෙන්කරල ඒ ස්ථානයේදී ඔවුන්ට විරෝධතාවය දක්වන්න අවස්ථාව දෙමු කියලා. ඔවුන්ගේ විරෝධතාවයට පදනම් වුණ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න අදාළ බලධාරීන් සම්බන්ධීකරණය කරන එක ඉතා හොඳයි. ලෝකයේ දියුණු රටවල මෙවැනි ක්‍රමවේදයන් තියෙනවා. මොකද මේ උද්ඝෝෂණවලට තියෙන අයිතිය තහවුරු කරන්න ඕනෑ. හැබැයි ඒ උද්ඝෝෂණ අරගෙන මහජනයාට කරදරයක් වෙන්න බැහැ. අනෙක් පැත්තෙන් පරිසර දූෂණය ආර්ථිකයට වන හානිය සිදුවන්නත් බැහැ. මේක මම පාර්ලිමේන්තුවෙ කීප වරක්ම යෝජනා කරලා තිබෙනවා. සභාව කල්තැබීමේදී යෝජනාවකුත් ගෙනාවා.

ලෝකෙ දියුණු රටවල කරන්නෙත් මේ දෙයම තමයි.
උද්ඝෝෂණ නිසා මහජනතාවට අපහසුතා වෙනවා
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
රමේෂ් පතිරණ
මෙය ඉතා හොඳ තත්ත්වයක්. ජනාධිපතිතුමා එක්තරා අවස්ථාවකදි උද්ඝෝෂකයන් අසලට ගිහින් කතා කළා. අදාළ නිලධාරීන් ඒ සඳහා මැදිහත් කරල ඔවුන්ගේ ප්‍රශ්න විසඳන්න නියෝග කරලත් තියෙනවා. උද්ඝෝෂකයන් මෙසේ වෙන්කර තියෙන ස්ථානයට ඇවිත් උද්ඝෝෂණය කරගෙන යනවා. එහෙම නොවුණනම් උද්ඝෝෂණය කරන්නන් නිසා අනෙකුත් මහජනතාව විශාල කරදරයකට මුහුණ දෙනවා. දැනට උද්ඝෝෂකයන්ට ස්ථානයක් වෙන්කර දීම නිසා ඒ අවහිරතා නැතිවෙනවා. අනෙක් අතට ඔවුන්ගේ ප්‍රශ්න ගැන විසඳුම් ලබාදිය යුතු වගකිවයුතු නිලධාරීන් ගෙන්වා ප්‍රශ්නය සාකච්ඡා කිරීමටත් විසඳුම් ලබා දෙන්නත් දැනටමත් පියවර කීපයක් අරගෙනයි තියෙන්නෙ.


තැන තීන්දු කරන්නේ උද්ඝෝෂණය කරන අය
අන්තර් විශ්වවිද්‍යාල
ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර
මිනිසුන්ගේ ප්‍රශ්න විශාල වශයෙන් වැඩිවෙලා තියෙන නිසා උද්ඝෝෂණ කරන්න පටන් අරන් තියෙනවා. කලින් රජය තිබුණු කාලෙ තිබුණ ප්‍රශ්න විසඳනව කියලනෙ මේ ආණ්ඩුව බලයට පත්වුණේ. නමුත් මේ අයටත් ප්‍රශ්න විසඳන්න හැකියාවක් නැහැ. ඇත්තටම උද්ඝෝෂණ කරන්නෙ මිනිස්සු ඒ ප්‍රශ්න බලධාරීන් විසඳන්නෙ නැති නිසානෙ. පිට්ටනියක හරි කැලෑවක හරි තැනක් වෙන්කර දුන්න පළියට ඒ තැන්වල උද්ඝෝෂණ කිරීමෙන් වැඩක් නැහැ. ඒ අය උද්ඝෝෂණය කරන්නෙ බලධාරීන්ට දැනෙන තැනක. ඒකට අදාළව අමාත්‍යාංශයක් තියෙනවා නම් ඒ ගැන උද්ඝෝෂණය කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් නම් එතැන කරනවා. තැන තීරණය කරන්නෙ උද්ඝෝෂණය කරන මිනිස්සු. මේක ගේන්නෙ ඉස්සරහට උද්ඝෝෂණ වැඩිවන බව දැනගෙන. ඒක මර්දනය කිරීමට පහසුවට තමයි මේ යෝජනාව කරල තියෙන්නෙ. ඒකට උත්තර දෙන්න ඕනෑ. ශිෂ්‍යයන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනෑ බලධාරීන්.

තැනක් දුන්නට ප්‍රශ්න විසඳෙන්නේ නෑ
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නුවන් දිසානායක
අද මිනිසුන්ගෙ ප්‍රශ්න ප්‍රමාණය වැඩිවෙලා. ඒවා විසඳන්න බැරිවෙලා. ඒ ගැන උද්ඝෝෂණ කරන්න තැනක් වෙන්කර දුන්නාට ප්‍රශ්න විසඳෙන්නෙ නැහැ. මහජන ප්‍රශ්නවලට නෛතික භාවයක් දෙන්න හදනවා. මිනිස්සු ප්‍රශ්න විසඳගන්න පාරට බහිනකොට ස්ථානයක් වෙන්කර දුන්නා. මේ ආණ්ඩුවත් පරණ ආණ්ඩුව වගේ තමයි.

තැන් වෙන් කරන්න කලින් ප්‍රශ්න විසඳලා දෙන්න
ජනතා විමුක්ති පෙරමුණේ
කේ.ඩී. ලාල්කාන්ත
තමන් කොතැනකද උද්ඝෝෂණය කරන්නෙ කියල තීරණය කරන්නෙ මහජනතාවයි. ඔවුන්ට කැමැති ස්ථානය තමයි ඔවුන් තෝරගන්නෙ. පාලකයන්ගෙ වගකීම උද්ඝෝෂකයන්ට තැන් හදාදීම නොව එයට මැදිහත් වී ප්‍රශ්න විසඳා දීමයි. අදාළ ප්‍රශ්න විසඳිය යුතු රාජ්‍ය නිලධාරීන් මෙන්ම ප්‍රාදේශීය සභාවල බලධාරීන් පියවර ගන්න ඕනෑ ඒ සඳහා කඩිනම් තීරණ ගන්නෙ නැති නිසා තමයි මහජන උද්ඝෝෂණ ඇතිවෙන්නෙ.

මේක සිස්ටම් එකේ දුර්වලතාවක්
මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සිතුමිණි රත්නමලල
රටක උද්ඝෝෂණ සිදුවන්නෙ මහජන ප්‍රශ්න රාජ්‍ය පාලන තන්ත්‍රයට අයත් ආයතනවලින් හරි හැටි සිදුනොවන නිසයි. උද්ඝෝෂණ පසුබිමේ දේශපාලනයත් තියෙන්න පුළුවන් මිනිසුන්ගේ ප්‍රශ්නවලට පවතින රාජ්‍ය යාන්ත්‍රණයෙන් උත්තර සොයාගන්න බැරිවෙනකොට තමයි උද්ඝෝෂණවලට බහින්නෙ. රාජ්‍ය පාලන ක්‍රමයේ පවතින අඩුපාඩුකම් නිසා තමයි දැන් ඔය උද්ඝෝෂණ ස්ථානයක් පවා වෙන්වී තියෙන්නෙ. එයින් පෙන්නුම් කරන්නෙ සිස්ටම් එකේ දුර්වලතාවයි. එය නියම විදියට සිදුවෙනවා නම් උද්ඝෝෂණ කිරීම සඳහා ස්ථානයක් වෙන්කරන්න අවශ්‍ය වන්නේ නැහැ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

විනිසුරු සටනින් දිනන්නේ නීතිපතිද-‌පොලිස්පතිද?

Next Post

හේමාස් රෝහල් ජාලය රනින් වැජඹෙයි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.