ලංකා ගමනාගමන මණ්ඩලයේ දිවුලපිටිය ඩිපෝවට අයත් බස් රථ රියැදුරකුට මිනුවන්ගොඩ බස් නැවතුම්පළේදී මුත්‍රා ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.(Sri Lanka Latest News)
කුරුණෑගල බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මගීන් නංවා ගැනීම සඳහා මිනුවන්ගොඩ බස් නැවතුම්පොළේ නතර කර තිබියදී එහි පැමිණි කොළඹ සිට මිනුවන්ගොඩට ධාවනය වූ පෞද්ගලික බස් රථයක රියැදුරකු විසින් මෙම මුත්‍රා ප්‍රහාරය එල්ල කර ඇතැයි වාර්තා වේ.
පෞද්ගලික බස් රථයේ රියැදුරා බෝතලයකට මුත්‍රා කර රැගෙන පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, බස් රථයේ සිටි මගීන්ද මුත්‍රා ප්‍රහාරයට ලක්ව ඇතැයි සඳහන්ය.
මගීන් නංවා ගැනීමේදී රියැදුරන් දෙදෙනා අතර ඇති වූ බව කියන ආරවුලක් මත පුද්ගලික බස් රථ රියැදුරා මෙම මුත්‍රා ප්‍රහාරය එල්ල කර ඇතැයි සැක කෙරෙන අතර, මිනුවන්ගොඩ පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
gossiplankanews










