රාජ්‍ය සේවයේ සිටිනා ප්‍රාථමික සේවා උපාධිධාරීන්ට (කම්කරු, මුරකරු, කාර්යාල කාර්ය සහායක, සෞඛ්‍ය කාර්ය සහායක වැනි) සිදු වී ඇති දැඩි අසාධාරණයක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (6) පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළේය.
ඒ අනුව මේ වසරේ ගුරු සේවය සඳහා උපාධිධාරීන් 8000ක් බඳවා ගන්නා බවට පුවත්පත් වාර්තා පළ වුවත් ඒ සඳහා රාජ්‍ය සේවයේ ප්‍රාථමික සේවා තනතුරුවල සේවය කරන අයට අවස්ථාවට අහිමි වන බවත් මෙම පත්වීම් ලබා දෙන්නේ 2019/ 20 වසරවල බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරින් ලෙස බඳවා ගත් සංවර්ධන නිලධාරීන්ට බවත් වාර්තා වේ. මෙම ප්‍රාථමික සේවාවල නිරතව සිටින පුද්ගලයන්ට බාහිර උපාධි සහ අභ්‍යන්තර උපාධි පවතින නමුත් ඔවුන් සිටිනා ශ්‍රේණිය අනුව ඔවුන්ට උසස්වීම් ලබා ගත නොහැකි බවත් මෙය දැඩි මානුෂීය ගැටලුවක් හෙයින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.
එසේ ම එකම විශ්වවිද්‍යාලයේ එකම වසරේ එකම පීඨයේ එකටම උපාධි ගත් අය පවා ඉහළ සහ පහළ තනතුරුවල මේ ආකාරයෙන් සිටීම දැඩි මානුෂීය ගැටලුවක් බවත් ඊට අමතරව මේ වන විට ඇතිව තිබෙන ගුරු හිඟය පියවීමට මෙම ප්‍රාථමික සේවා තනතුරුවල සිටින උපාධිධාරීන් ද යොදා ගත හැකි නම් එය වඩාත් යෝග්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී තවදුරටත් පැවසීය.
sajith premadasa










