දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් යාපනයේ පිහිටි මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.
“මම යාපනයේ ක්‍රීඩා සමාජයක රැස්වීමකට සම්බන්ධ වෙලා ඉන්නකොට පොලිස් නිලධාරියෙක් යැයි කියා ගන්නා පුද්ගලයෙක් මට පහර දුන්නා. එවිට පොලිස් ක්‍රීඩා ඇඳුමෙන් සැරසී සිටි තවත් පොලිස් නිලධාරියෙක් පිස්තෝලය පවා මා දෙසට එල්ල කළා. මම දැනටමත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබෙනවා,” පොන්නම්බලම් මහතා ‘මෝනින්ග්’ පුවත්පතට පවසා ඇත.
මේ සම්බන්ධයෙන් පොලිසියට සහ කථානායකවරයාට කරුණු වාර්තා කළේ දැයි විමසූ විට පොන්නම්බලම් මන්ත්‍රීවරයා කියා සිටියේ පාර්ලිමේන්තුව ආරම්භ වූ විට මේ පිළිබඳව කථානායකවරයාට වාර්තා කරන නමුත් ජීවිතය පිළිබඳ බිය නිසා පොලිසියට නොගිය බවයි.
“ඉක්මනින්ම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් එම ස්ථානයට පැමිණ එය බරපතළ ප්‍රශ්නයක් නොවන බව පැවසුවා. එවිට ඔහු මා ඔවුන් සමඟ පොලිස් ස්ථානයට එන ලෙස ඉල්ලා සිටියා. මම මගේ ආරක්ෂාව අනතුරේ හෙළීමට කැමති නැති නිසා පොලිස් ස්ථානයට නොගොස් සාක්ෂිකරුවන් සිටින ස්ථානයේ පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියා.
තමන් ක්‍රීඩා සමාජයක සාමාජිකයන් සමඟ රැස්වීමක් අමතමින් සිටි ක්‍රීඩාංගණයට සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයන් දෙදෙනකු යතුරුපැදියකින් පැමිණි බව පොන්නම්බලම් පැහැදිලි කළේය.
එම පුද්ගලයන් කවුරුන්දැයි රැස්වීමේ සිටි අයගෙන් විමසූ විට ඔවුන් ප්‍රතිචාර දක්වා ඇත්තේ ඔවුන් අපරාධ විමර්ශන කොට්ඨාසයේ (CID) බුද්ධි අංශ නිලධාරීන් බවයි.
“මගේ නිලධාරියා ඔවුන්ගේ අනන්‍යතාව ඉල්ලා තිබුණා, ඒ අවස්ථාවේදී ඔවුන්ගෙන් එක් අයෙක් ඔහුට දැනුම් දුන්නා ඔවුන් CID බුද්ධි අංශ නිලධාරීන් කියලා. මම මේ කියනු ඇසූ විට, මම පුද්ගලයින් දෙදෙනා වෙත ගොස් ඔවුන්ගේ නිල හැඳුනුම්පත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියා, එය ඔවුන් ප්‍රතික්ෂේප කළා. ඔවුන්ට හැඳුනුම්පත් පෙන්වීමට කිසිදු හේතුවක් නොමැති බවත් අප සිදුකරන රැස්වීම නීති විරෝධී බවත් ඔවුන් තරයේ කියා සිටියා.”
තම අනන්‍යතාවය පෙන්වීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු පලා යාමට උත්සාහ කළ බවත්, ඔහු ලුහුබැඳීමට උත්සාහ කළ නමුත් පසුව තමාට පහර දුන් බවත් මන්ත්‍රීවරයා පැවසීය.
“එම සංවාදය අතරතුර එක් නිලධාරියෙක් එම ප්‍රදේශයෙන් පිටව යාමට උත්සාහ කළා. මම ඔහු ලුහුබැඳ ගොස් ඔහුගේ අනන්‍යතාවය දිගටම විමසුවා. ඔහු ඉවතට යාමට උත්සාහ කළ විට මම ඔහුව අල්ලා ගැනීමට උත්සාහ කරද්දී ඔහු දුවන්නට පටන් ගත්තා.
අනතුරුව පොලිස් නිලධාරීන් දෙදෙනකු පැමිණ සිවිල් ඇඳුමින් සැරසී සිටි පුද්ගලයන් නිදහස් කරන ලෙස බලකර පිස්තෝලයක් එල්ල කිරීමට ගිය බවද මන්ත්‍රීවරයා පැවසීය.
“අනික් පුද්ගලයා වටකරගෙන අපි ඔහුගේ අනන්‍යතාවය පෙන්වීමට උත්සාහ කරන අතරවාරයේදී තවත් දෙදෙනෙක් එළියට පැමිණියා. එක් අයෙක් පොලිස් නිල ඇඳුමෙන් සැරසී සිටි අතර අනෙකා පොලිස් ක්‍රීඩා ඇඳුමෙන් සැරසී සිටියා. ඒ අය පොලිස් නිලධාරීන් බවත් ඔවුන්ට යන්න දෙන්නැයි කියමින් ඔවුන් කෑ ගැහුවා.
“ඔවුන් සැක කටයුතු ලෙස ක්‍රියා කළ නිසා ඔවුන් කවුරුන්ද යන්න තහවුරු කර ගැනීමට ඔවුන්ගේ හැඳුනුම්පත් බැලීමට අවශ්‍ය බව මා පැවසූ විට, ක්‍රීඩා නිල ඇඳුමින් සිටි නිලධාරියා කුණුහරුපයෙන් බැන වැදීමට පටන් ගත්තා. එම අවස්ථාවේදී මම ඔවුන් සමඟ කටයුතු කිරීම නවතා අපි අල්ලා ගැනීමට සමත් වූ නිලධාරියාගේ අනන්‍යතාවය ලබා ගැනීමට උත්සාහ කළා. අදාළ නිලධාරියා තමන්ව හඳුනා ගැනීමට විරුද්ධ වූ අතර ක්‍රීඩා නිල ඇඳුමින් සිටි නිලධාරියා පිස්තෝලය එළියට ගෙන මට පෙන්වූවා, ” යැයි පොන්නබලම් මහතා චෝදනා කළේය.
MP Gajendran Ponnambalam Public Security Ministry










