• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ඉන්දියාවටම ගිහින් මහත්මා ගාන්ධිට රාහුල්ව පටලවපු ප්‍රසන්න මව්රටට කතාකරයි

February 15, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
ඉන්දියාවටම ගිහින් මහත්මා ගාන්ධිට රාහුල්ව පටලවපු ප්‍රසන්න මව්රටට කතාකරයි
Share on WhatsAppShare on Facebook

පසුගිය දිනෙක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අගමැතිතුමන්ගේ පළමු නිල සංචාරය සිදුවිය. ඒ ඉන්දියාවටය. කොහොමත් අපේ රටේ ජනාධිපතිතුමන්ගේ පළමු නිල සංචාරය වුණේත් ඉන්දියාවටය. මෙදා එහෙම ඉන්දියාවට ගිය පිරිස අතරට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණවීරද ඇතුළුව සිටියේය. ඔහු මේ සංචාරයේදී විවිධ ඡායාරූප පළකරමින් විවිධ කතා සමාජ ජාල ඔස්සේ පළ කළේය. ඒ අතර සමහර ප්‍රකාශ සමාජ ජාලාවල කතාබහටද ලක්විය. කොහොමත් පුවත් මවන්නෙක් වූ ප්‍රසන්න රණවීර පසුගිය වතාවක පාර්ලිමේන්තුවේ කතා නායක පුටුවට වතුර දැමීම්, මිරිස් කුඩු ගැසීම් ආදියටද චෝදනාවට ලක්විය. නමුත් ඒ කිසිවක් ඔප්පු වී නැති අතර, ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩි ඡන්ද ප්‍රමාණයක් සහිත පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රිවරයෙකි.
අපි මේ ඉන්දීය සංචාරය ගැන ඔහු සමඟ කළ කතාබහකි.
තමන්ගෙ පළමුවැනි නිල සංචාරය විදියට ඉන්දියාවට ගිය අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයා ඔබව එක්ක ගියා නේද? ඒ කොහොමද තෝරා ගත්තේ?
මේ සංචාරය සඳහා එතුමා තෝරාගත්තෙ ඊට අදාළ පිරිස. මේ සංචාරයෙදි සාකච්ඡා වෙච්ච මාතෘකාවලට අදාළ පිරිස තමයි එක්ක ගියේ. ඒ යන අය තෝරගත්තෙ ඒ විදියට.
ඒ පිරිස?
අපි ඒ ගියපු වෙලාවෙ අපි කතා කළා. ධීවර ප්‍රශ්න සම්බන්ධව. ඒ නිසා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහත්තයා, ඒ වගේම නිවාස ප්‍රශ්න සම්බන්ධව කතා කළා. ඒ සඳහා තොණ්ඩමන් ඇමැතිතුමා. මේ විදියට නිවාස සම්බන්ධ දේවල් කතා කළා. විශේෂයෙන් කැලණි ගඟෙන් එගොඩට වගේම මෙහාටත් නිවාස ව්‍යාපෘති කීපයක් දෙන බව කීවා. ඒ ගැන සාකච්ඡා කරන්නයි මම සහභාගි වුණේ.
ඉන්දියාවෙදි සාකච්ඡා වුණේ මොනවද?
ඉන්දියාවෙ අගමැතිතුමා එක්ක විවිධ මාතෘකා සාකච්ඡා වුණා. ඒ අතර කියැවුණා කෙලවරපිටිය බලාගාර ව්‍යාපෘතිය ගැන. ඒ වගේම වරාය නැඟෙනහිර පර්යන්තය ගැන. ඒ අතර නිවාස ව්‍යාපෘති සහ අපි ඉන්දියාවට ගෙවන්න තියෙන ණය සම්බන්ධව යම් සහන ලබා ගැනීම ගැනත් සාකච්ඡා කළා.
දේශපාලන නායකයන්ගෙන් ඒ පිළිබඳ ලැබුණ ප්‍රතිචාර කොහොමද?
ප්‍රතිචාර ඉතාම හොඳයි. අපේ ඉල්ලීම්වලට හොඳ ප්‍රතිචාර ලැබුණා.
එතකොට ණය වාරික ගෙවීම් සම්බන්ධව?
ඒ සම්බන්ධව නිශ්චිත පිළිතුරක් ලැබුණෙ නෑ. සාකච්ඡා කරලා පිළිතුරක් දෙන්නම් කියලා තමයි කිව්වේ. සුබවාදී මට්ටමකින් ඒ ගැන කතා කෙරුණා.
එතකොට ඉන්දියානු ජනතා ප්‍රතිචාරය?
ඉතාම හොඳයි. මං හිතන්නෙ ලංකාවට වඩා හොඳයි.
විරෝධතා මොනවත්ම නෑ?
නෑ. කිසිම තැනක නෑ.
දකුණු ඉන්දියාවටත් ගියාද?
තිරුපති ගියා.
ඔබත් සහභාගි වුණාද සාකච්ඡාවලට?
ඔව්. මම හැම සාකච්ඡාවකටම සහභාගි වුණා. අගමැතිතුමා එක්ක. රාහුල් ගාන්ධිත් එක්ක.
යන එන අතරතුරේ මහින්ද මහත්තයා මොනවද කිව්වේ?
එතුමා කිව්වෙ පසුගිය ආණ්ඩුව මේ රට ණය කරපු එක ගැන. අපිට මේ ණය වාරිකය ගෙවීමේ අපහසුව ගැන කතා කළා. මේක ගෙවීමේ කාල පරිච්ඡේදය දික් කරගන්න එක ගැන නිතර කතා කළා.
එතුමා ඇමැතිකමක් නොදුන්නෙ ඇයි කියලා කිව්වෙ නැද්ද?
නෑ. නෑ. ඒක මට ප්‍රශ්නයක් නෙමේනෙ. මම ඔය කැබිනට් අමාත්‍යාංශ පහළොවේ කතාව දැනගත්ත ගමන්ම ඩලස් ඇමැතිතුමාටයි, බැසිල් රාජපක්ෂ මහත්තයටයි කතා කරලා කිව්වා මට එපා කියලා.
ඔබට සමාජ ජාලවල හරියට චෝදනා තියෙනවා. පාර්ලිමේන්තුවෙ පරණ කතා, අරවා මේවා ගැන. ඒවා දැක්කද?
ඕවා කවුද ගණන් ගන්නේ. මම සමාජ ජාලාවල චෝදනා ගණන් ගන්නේ නෑ. මං පොඩි තැනකින් ආපු මිනිහෙක්නෙ. මමත් ටයි කෝට් දාලා ලොකුවට හිටියා නම් මටත් හොඳ කියයි. මම පොඩි තැනින් ආපු මිනිහනෙ. ඒ නිසා මට ගහනවා. මම ඕවට සැලෙන්නෙ නෑ.

පුංචි තැනක ඉඳලා ආපු කෙනෙක් අද ඉන්දියාවෙ අගමැති එක්ක ඉන්න එක ආඩම්බරයක් කියලත් සමහරු කියලා තිබුණා?
ඔව්. මම මෝඩි අගමැතිතුමා එක්ක බොහෝ දේ කතා කළා. අපි පුංචි තැනින් ගමේ ඉස්කෝලෙන් පටන් අරගෙන ආපු මිනිස්සු. ප්‍රාථමික විද්‍යාලයෙන්, කනිෂ්ඨයෙන්, මහා විද්‍යාලයෙන්, මධ්‍යමහා විද්‍යාලයට ගියපු අය.
මම සජිත් ප්‍රේමදාස මහත්තයට අභියෝග කළා තමන්ගෙ අධ්‍යාපන සුසුදුකම් ඔප්පු කරන්න කියලා. අපි ළඟ නිවැරැදි සහතික තියෙනවා.
ඔය උගතුන් පාර්ලිමේන්තු යැවිය යුතුයි කියන එක එක්ක ඔබ එකඟද?
ඇයි දැන් පාර්ලිමේන්තුවෙ උගතුන් නැද්ද? උගත්තු පත් කරලා කරගත්ත හරිය මදිද? උගත්තු නෙමෙයි බුද්ධිමත්තු එවන්න ඕනෙ. මම ගමේ ඉස්කෝලෙන් පටන් අරගෙන උසස් පෙළ වාණිජ අංශයෙන් හදාරපු කෙනෙක්. කැලණිය ප්‍රාදේශීය සභාවෙ දෙපාරක් උප සභාපති වෙලා සභාපති වෙලයි මෙතැන්ට ආවෙ. මිනිස්සු අපි ගැන දන්නවා.
හැබැයි ගම්පහ මිනිස්සුන්ට චෝදනාවක් තියෙනවා වැරැදි මිනිස්සුත් එවනවා කියලා නිතරම?
මම එහෙම කියන්නෙ නෑ. ගම්පහ මිනිස්සු නිතරම වගේ විශ්වාස කරනවා රන්ජන්ලා වගේ ප්‍රායෝගික නැති මිනිස්සුන්ගෙ වචනවලට රැවටෙනවා. ඒත් ගම්පහ උපන් මිනිස්සු. අපි ජනතාවගේ දුක කඳුළ අඳුනනවා. ඒ නිසයි ජනතාව අපිව පාර්ලිමේන්තු යවන්නෙ.
අර ගාන්ධිතුමාගෙ මුනුපුරාව පටලගත්ත කතාවක් සමාජ ජාලවල අපි දැක්කා?
ඒක මම දැම්ම එකක් නෙමේ. ඇත්තටම ඒක දානකොටත් මම එහෙ. රාහුල් ගාන්ධි කියන්නෙ ඉන්ධිරා ගාන්ධිගෙ මුනුපුරා. ඒත් එයා මහත්මා ගාන්ධිගෙත් ඥාති වෙනවා. මම හිතන්නෙ මී මුනුපුරෙක්. ඒ නිසා ඒක මුනුපුරෙක් කිව්වට ගැටලුවක් නෑ.

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

භයානකයි: ආයෙ ලාදුරු ඇවිල්ලා

Next Post

පාස්කු ‌බෝම්බය ‌පොලිසියටත් කැරකේ: ‌‌පොලිස් ‌ලොක්කන්ටත් ‌චෝදනා පත්‍ර

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.