• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

භයානකයි: ආයෙ ලාදුරු ඇවිල්ලා

February 15, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
භයානකයි: ආයෙ ලාදුරු ඇවිල්ලා
Share on WhatsAppShare on Facebook

“කොරෝනා ඇවිල්ලා”
“කොරෝනා ඇවිල්ලා..!!!”
කියලා රටම කලබල වෙලා සතියක් විතර ගිහිල්ලා. මිනිස්සු පිස්සුවෙන් වගේ මුඛවාඩම් හොයන්න ගත්තා. කඩවල්වල මුකවාඩම් විකිණිල්ල හිතූ මනාපෙට වුණා. දොස්තර මහත්තුරු, මැති ඇමැතිවරු, හාමුදුරුවරු, කාදිනල්තුමා පවා කොරෝනා ගැන කතා කරන්න ගත්තා. කොරෝනා තිබුණ “වුහාන්”වලට ගිය අපේ ගුවන් යානා කණ්ඩායම තමන්ගෙ දිවි පරදුවට තියලා වැඩ කළා. ලෝකයේ බොහෝ රටවල් මේ විදියෙ තීන්දුවක් ගන්න බයෙන් ඉන්න කොට ඔවුන් කණ්ඩායමක් විදියට ඒ අභියෝගයට මුහුණ දුන්නා.
මේ අතර ලංකාවෙන් කොරෝනා වැලඳුණ රෝගියෙක් හමුවුණා. ඇයව අයි.ඩී.එච්. රෝහලේ ඒ කියන්නෙ රජයේ වසංගත රෝග විද්‍යායතනයේ සුරක්ෂිතව නතර කළා. දැනට ඈ සුව බවයි කියන්නෙ. ඒ අතර චීන ජාතිකයන්ට අපේ රට ඇතුළෙ බරපතළ නොසැලකිල්ලට ලක් වෙන්න වෙලා කියලා වාර්තා පළවුණා. ඒ ගැන චීන තානාපති කාර්යාලය පවා කරුණු දක්වලා තිබුණා. පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිතුමිය ලෙඩක් නිසා මිතුරන් නැති කරගන්න එපාය කියලත් ප්‍රකාශයක් නිකුත් කළා. හැබැයි සියල්ලම අස්සෙ අපි එතැනින් එහාට හිතන්න ගත්තා.
ඒ කියන්නෙ මෙන්න මෙහෙම. අපි මොනම විදියකට හරි චීනෙන් කොරෝනා එන්න නොදී, පරිස්සම් වෙනවා. පෝලිම්වල ඉඳලා මුකවාඩම් පෙට්ටි පිටින් ගන්නවා. වුහාන්වල ළමයි ටික කොහොම හරි මෙහෙට ගේනවා. ඊට පස්සෙ අපි ආරක්ෂිතද? මේ දූපත ඔබේ නිවහන බව ඇත්ත. ඒත් මේ දූපතට ගොඩ බැහැපු තත්පරේ ඉඳලා ඔබ සුරක්ෂිතද? හිතන්න දෙයක් තියෙනවා.
මේ ලිපිය ඒ වෙනුවෙන්.
මේ කතාව මුණ ගැහෙන්නෙ අතිශය වෙනස් විදියට. අපි මිනිසුන්ගෙ පත්තරකාරයො විදියට ඒ කතාවෙ අග මුල ඔබට කියලා ඉන්නම්. මොකද අපි හැමදාම වැඩ කරන්නෙ ඔබ වෙනුවෙන්. මේ වෙලාවෙ අපි හැමෝම වසංගත රෝග විද්‍යායතනය ගැන “IDH” කියලා කතා කළාට ඔබ මේ වෙලාවෙ මාතෘකාවක් කර නොගන්නා තැනකට අපි ගොඩ වෙන්න හිතුවා. ඒ හැඳල ලාදුරු රෝහලට.
හැබැයි නොහිතාපු විදියට අපේ පාර වෙනස් වුණා.
ඒ ලාදුරු කියන තැන.
“ලාදුරු…?”
මේ ප්‍රශ්නය ඔබ අහන්නෙ බොහෝම සැහැල්ලුවෙන්. මම දන්නවා ඔබ කියනවා ඊළඟට.
“දැන් ලාදුරු නෑනෙ”
කියලා. ඇත්තටම කියනවා නම් මේ ලියන අපි හිතාන හිටියෙත් එහෙම. අපි ලාදුරු හොයන්න ගියේ පරණ මතකයන් ඔස්සේ. හැබැයි. ලාදුරු ගැන අපිට හම්බවුණේ පරණ කතාවක් නෙමෙයි අලුත් කතාවක්.

වෛද්‍ය චම්පා ජයන්තා අලුත්වීර

අපි වෛද්‍ය චම්පා ජයන්තා අලුත්වීර, ලාදුරු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂකතුමියව මුණ ගැහෙන්න උත්සාහ කරන්නෙ ලාදුරු රෝහලේ පරණ මතකයන් ගැන ලියන්න. ඒකට හේතුවක් තියෙනවා. මේ හැඳල ලාදුරු රෝහල හදපු ඉතිහාසය ඇහින් දැකලා දන්නා කිසිම කෙනෙක් මේ මිහිපිට නෑ. ඉන්නවා නම් ඒ පතින් පොතින් දන්නා අය විතරයි. ඒකට හේතුව වෙන්නෙ,
මේ රෝහල පටන් ගන්නෙ ලන්දේසි කාලයෙ වීම.
ලාදුරු රෝගය ගැන විවිධ ඉතිහාස කතාවල කියවෙනවා.
“වරක් බුදු රජාණන් වහන්සේ පිඬු සිඟා වඩිනා වෙලාවෙ ලාදුරු රෝගියෙක් දානය පිළිගන්වනවා. ඒ වෙලාවෙ ඒ රෝගියාගෙ ඇඟිල්ලක් ගැලවිලා ඒ දාන පාත්තරයට වැටෙනවා. නමුත් උන්වහන්සේ ඒ ඇඟිල්ල ඉවත්කරලා ඒ දානය වළඳනවා”
“ජේසුස් ක්‍රිස්තූස් වහන්සේ ජීවමානව උන්නු සමයේ බරපතළ ලාදුරු වසංගතයක් පැතිරෙනවා. ඒ අයව ඒක පැත්තකට ගිහිල්ලා දානවා. මේ අයට නගරයේ වීදිවල යන්න තහනම්. යනවා නම් ඔවුන් සම්පූර්ණ ශරීරය රෙද්දකින් වහගෙන යා යායුතුයි. ඔවුන් සීනුවක් නාද කරමින් යන්නෙ තමන් ලාදුරු රෝගියෙක් බව අන් යට දන්වන්න. මේ ලාදුරු රෝගීන් වෙනුවෙන් ජේසුස් ක්‍රිස්තූස් වහන්සේ ඒ ප්‍රදේශයට යනවා…”මේ ආගමික කතාවල ලාදුරු රෝගීන් හම්බවෙනවා.
වසභ රජතුමා රජවීමට කලින් එතුමා රජවන බවට අනාවැකි පළ කරලා තියෙන ලාදුරු රෝගී පුද්ගලයෙක් ගැන වගේම බුද්ධදාස රජතුමාට සතුරු වුණ ලාදුරු රෝගියකු ගැනත් ඉතිහාසෙ සඳහන් වෙනවා. වැලිගමට කිට්ටුව තියෙන කුෂ්ටරාජ ගලට ඒ නම හම්බවෙන්නෙ ලාදුරු රෝගී රජ කෙනෙක් නිසාය කියලා සමහර ජනප්‍රවාදවල කියවෙනවා. ඒක විද්‍යාත්මක හෝ පුරාවිද්‍යාත්මක සාක්ෂි සහිත කතාවක් නෙමෙයි.
ලාදුරු සම්බන්ධ ඉතිහාසයට අදාළ සමහර කතා ක්‍රිස්තු පූර්ව හයසීය විතර කාලෙන් වාර්තා වෙනවා. ඒ චීනයෙන් සහ ඉන්දියාවෙන්. නිල වශයෙන් ලාදුරු රෝගියෙක් හොයා ගත් බව සඳහන් වෙන්නෙ එක්දහස් හත්සිය එකේදී. ලංකාවෙනුත් මේ මුල් කාලයේම රෝගීන් වාර්තා වෙන්න ඇති කියලා හිතෙන්නෙ මේ හැඳල ලාදුරු රෝහල ලන්දේසි කාලයට අයිති බව පැවසීම. ලන්දේසි භාෂාවෙන් ලාදුරු රෝගියා “ලසාරෝ” විදියට හඳුන්වලා තියෙනවා. ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ ලාසරස් නමින් සාන්තුවරයෙක් ගැන මේ ලෙඬේට සම්බන්ධ ඉතිහාස කථාවේ සඳහන් වෙනවා. ඔහු ලාදුරු රෝගීන්ට උපස්ථාන කරපු කෙනෙක් බවත් මේ රෝගීන්ව “ලාසර් නිවාස” නමින් රැකබලා ගැනීම් ස්ථාන යුරෝපයේ තිබුණාය කියන එකත් සමහර තැනක සඳහන් වෙනවා. මේ රෝගය “ලාදුරු” වෙන්න මේ ලසාරස් සාමිවරයා බලපෑ බවයි කියන්නෙ.
නිල වශයෙන් ලන්දේසින් ලංකාවෙන් ගියාය කියලා සලකන්නෙ එක්දහස් හත්සිය අනූ හයේ. ඒ ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමට ලංකාවෙ වෙරළබඩ පළාත්වල අයිතිය ලැබීමත් එක්ක. මේ තොරතුරු අනුව ඒ කාලයේ රෝහලක් සෑදීමට හේතු වෙන්න ඇත්තෙ ලාදුරු රෝගීන් මුල්කාලීනවම වාර්තා වීම වෙන්න පුළුවන් කියලා විශ්වාස කරන්න පුළුවන්. එදා ලාදුරු රෝගීන්ව බලහත්කාරයෙන්ම අරගෙන ගිහිල්ලා, මේ රෝහලට ඇතුළු කරනවා. ඒ අයගේ දේපළ පවා රාජ සන්තක කරගන්නවාය කියලයි ඉතිහාසය කියන්නෙ.

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ පවුල් 655කට ජය ගෙනෙයි

Next Post

ඉන්දියාවටම ගිහින් මහත්මා ගාන්ධිට රාහුල්ව පටලවපු ප්‍රසන්න මව්රටට කතාකරයි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.