• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිරිත දිග මෝසම එනවා, මේ දිය ඇලි ගැන අවධානයෙන් ඉන්න I Sri Lanka Latest News

June 4, 2023
in Exclusive, Holiday, News
Reading Time: 13 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොඩ්ඩ එහාට මෙහාට වුණොත් ඉවරයි…

නුදුරේදීම සක්‍රීය වීමට නියමිත නිරිතදිග මෝසම් සමය ශ්‍රී ලංකාවේ තෙත් කලාපයට වැඩිම වර්ෂාව ලැබෙන කාලයයි. ඒ නිසාම මෙය ශ්‍රී ලංකාවේ සියලු දියඇලි ඉතා මනරම්ව දැකිය හැකි හොඳම කාලසීමාව බව පරිසරවේදීහූ පෙන්වා දෙති.(Sri Lanka Latest News)

නිරිතදිග මෝසම් සමය

‘ලංකාවේ තියෙන දියඇලි සියල්ලම වගේ හොඳටම බලාගන්න පුළුවන් කාලවකවානුව තමා මේක. මොකද හේතුව නිරිතදිග මෝසම සක්‍රීය වන කාලයට තමා සියලු කඳුකර, උප කඳුකර සහ අතරමැදි කලාප සියල්ලටම ජලය ලැබෙන්නේ. මේ කාලවකවානුව තුළදී තමයි ලංකාවේ දියඇලි සියල්ල සක්‍රීය වෙන්නේ. හොඳටම සක්‍රීය වෙලා බලාගන්න පුළුවන් මේ කාලවකවානුව තුළදී. පරිසරවේදී සජීව චාමිකර පැවැසීය.

ශ්‍රී ලංකාවේ පරිසරය ගැන කියවෙන ජනප්‍රිය ගීත රැසකටම මේ දියඇලි තේමා වී ඇත. මෙම කාලය තුළ බෝඹුරු ඇල්ල, බෝපත් ඇල්ල, බේකර්ස් ඇල්ල, ඩෙවොන් ඇල්ල, ශාන්ත ක්ලෙයාර් ඇල්ල, ඩන්සිනන් ඇල්ල, ගාරට්මෝර් ඇල්ල, ඇබරඩීන් ඇල්ල, රම්බොඩ දිය ඇල්ල, ගැරඬි ඇල්ල, ලක්ෂපාන ඇල්ල, දූවිලි ඇල්ල, බ්‍රාහ්මණ ඇල්ල ඇතුළු දැකුම්කලු දියඇලි මහ ජල කඳක් රැගෙන කඩා හැලෙන්නේ ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්දර්යයට අමුතුම විභූතියක් එක්කරමිනි.

ගාල්ල දිස්ත්‍රික්කයේ කන්නෙලිය රක්ෂිතය තුළ පිහිටි අනගිමල ඇල්ල, නාරංගස් ඇල්ල මෙන්ම නෙළුව දූවිලි ඇල්ල, දෙදියගල පිහිටි හත්මාල ඇල්ල සහ ඌරාවැටුණු ඇල්ලද මෙම කාලසීමාව තුළ මනරම්ව දැකිය හැකි බවද පරිසරවේදීහූ පෙන්වා දෙති.

මැයි මස අග භාගයේදී සක්‍රීයවන නිරිත දිග මෝසම සැප්තැම්බර් මාසය දක්වා පවතී. නිරිත දිග මෝසම් කාලයේ සුළං සහිත කාලගුණය පළමු අන්තර් මෝසම් කාලය පුරා පැතිර පවතී. උණුසුම ඉවත් කරයි.

Sri Lanka Latest News

මෙරටට ලැබෙන වාර්ෂික වර්ෂාපතනයෙන් 30%ක් පමණ ආවරණය කරන මෙම වැසි ප්‍රධාන වශයෙන්ම පතනය වන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටය.

නිරිතදිග මෝසම් වර්ෂාව ආරම්භයත් සමග මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තද වැසි පතනය වන අතර එම වර්ෂාවෙන් බොහෝ දියඇලි ක්ෂණිකව පෝෂණය ලබමින් දැකුම්කලුව ගලා බසියි.

දිවා රාත්‍රී දෙකෙහිම නිරිතදිග මෝසම් වැසි බලාපොරොත්තු විය හැකි අතර දිවයිනේ ප්‍රධාන වශයෙන් නිරිතදිග ප්‍රදේශයට කඩින්කඩ වැසි බලාපොරොත්තු විය හැකි කාලසීමාවක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙම කාලයේ ලැබෙන වර්ෂාපතනය මිලිමීටර් 100 සිට මිලිමීටර් 3000 අතර විචලනය වේ.

බටහිර බෑවුම්වල මධ්‍ය උස් බිම්වලට වැඩිම වර්ෂාපතනය ලැබේ. (ගිනිගත්හේන මිලිමීටර් 3267, වටවල මිලිමීටර් 3252, නෝර්ටන් මිලිමීටර් 3121) මෙම ප්‍රදේශවල සිට වඩා ඉහළ උස්බිම් දක්වා වේගයෙන් වර්ෂාපතනය පහත වැටෙන අතර නුවරඑළියේ දී එය මිලිමීටර් 853 දක්වා පහළ බසියි.

නිරිතදිග වෙරළබඩ තීරය දෙසට මෙම විචලනය වඩා අඩු වේගයකින් යුක්ත වන අතර මෙම මාස 5ක කාලය ඇතුළත නිරිතදිග වෙරළබඩ තීරයට මිලිමීටර් 1000 සිට මිලිමීටර් 1600 ක වර්ෂාපතනයක් ලැබේ. අඩුම වර්ෂාපතන අගයක් උතුරු සහ ගිනිකොන දිග ‍ප්‍රදේශවලින් වාර්තා වේ.

මෙම කාලසීමාව තුළ මාඔය, අත්තනගළු ඔය, කැලණි ගඟ, කළු ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ යන ගංගා පද්ධතිවලට වැඩිම වර්ෂාපතනයක් ලැබෙයි.

සජීව චාමිකර පැවැසුවේ, ‘ලංකාවේ වැසි වනානන්තරවලට හොඳම වර්ෂාපතනයක් ලැබෙන්නේ නිරිතදිග මෝසමත් එක්ක තමයි. ශ්‍රී පාද අඩිවිය, සිංහරාජ අඩවිය, කන්නෙලිය වනාන්තර පද්ධතිය ඇතුළු මේ සමස්ත තෙත් කලාපයටම වර්ෂාපතනය ලැබෙන්නේ මේ කාලවකවානුව තුළයි. ඒ වර්ෂාපතනය ලැබුණට පස්සේ මේ වනාන්තර පද්ධතිවලින් ගබඩා කර තියාගෙන අර කියන ගංගාවලට ක්‍රමානුකූලව මුදාහරින්නේ නිරිතදිග මෝසමත් එක්ක…’

ඔහු පෙන්වා දුන්නේ ‘මහවැලි ගඟ ගලාගෙන යන්නේ වියළි කලාපයට. නමුත් මහවැලි ගඟේ ආරම්භය තියෙන්නේ හෝටන් තැන්නෙන්. කිරිගල්පොත්ත කන්දෙන් ආරම්භ වෙලා ශ්‍රීපාද අඩවියෙන් තව පෝෂණය වෙනවා මහවැලි ගඟ. නකල්ස් කඳුකරයෙනුත් පෝෂණය වෙනවා. ඒවායෙන් පෝෂණය වෙලා තමා මහවැලි ගඟ අවුරුද්ද පුරාම වියළි කලාපයට ජලය සපයන්නේ. ඒ නිසා නිරිතදිග මෝසමෙන් තෙත් කලාපයට විතරක් නෙමේ ජලය සපයන්නේ…’

‘දියඇල්ලක් කියන්නේ නිකම්ම නිකං ජලය කඩා හැලෙන තැනක් නෙමේ’

Sri Lanka Latest News

ඔහු පෙන්වා දුන්නේ, ‘බලන්න යෑමට යොමු කිරීම හරහා වෙන්නේ මේවා වේගයෙන් විනාශයට ලක්වීම. මේවා එක්ස්පෝස් කරන්න කරන්න වැඩිපුරම වෙලා තියෙන්නෙ විනාශ වෙන එක. ආරක්ෂා වෙන එක නෙමේ. වැඩිපුරම අපි අවධානයට ලක්කරන්න ඕනේ මේ ටික ආරක්ෂා කරගන්න ක්‍රමවේදයකට යන එක.’

ඔහු පෙන්වා දුන්නේ ‘විදේශීය සංචාරකයන් කොයිම වෙලාවකටවත් මේවා වැරැදි විදිහට භාවිත කරන්නේ නැහැ. ලංකාවේ අය කැළිකසළ දානවා. අලුත් පාරවල් හදනවා උඩට යන්න. ජීවිත අවදානම් ඇති කරගන්නවා….’

‘දියඇල්ලක් කියන්නේ නිකම්ම නිකං ජලය කඩාහැලෙන තැනක් විතරක් නෙමේ. එවායින් හැදෙනවා ස්ප්‍රේ සෝන් කියලා එකක්. ස්ප්‍රේ සෝන් එකේ තමා මයික්‍රෝ හැබිටැට් ගොඩක් හැදෙන්නේ, ක්ෂුද්‍රවාසස්ථාන ගොඩක් හැදෙන්නේ. එවා තමා බොහෝ දුර්ලභ ජීවී විශේෂවලට වාසස්ථාන දෙන්නේ. අන්න ඒ පද්ධති ටික තමා අපේ ඇතැම් අය විනාශ කරන්නේ….’ සජීව චාමිකර පෙන්වා දුන්නේය.

ප්‍රවේශමෙන් නරඹන්න

නිරිතදිග මෝසමේ ආරම්භක දින කිහිපයේ බොහෝ විට මධ්‍යම කඳුකරයට ධාරාණිපාත වැසි ඇදහැලෙන බැවින් ගංවතුර, නායයෑම්, කන්ඩි කඩා වැටීම් වැනි ආපදා සිදුවිය හැකි බැවින් මෙම කාලසීමාව තුළ දියඇලි නැරඹීම දැකුම්කලු වුවත් එය වඩාත් ප්‍රවේශමෙන් කළයුතු කාර්යයක් බව නිතැතින්ම සිහිතබාගත යුතුය.

ඒ, සාමාන්‍යයෙන් සෞම්‍ය ලෙස පහළට ජලය කඩාහැලෙන මෙවැනි දියඇල්ලක් ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනයත් සමග මහා ජලකඳක් සමග ප්‍රචණ්ඩ ස්වරූපයෙන් පහළට කඩා හැලීමට වැඩි වේලාවක් ගත නොවීම හේතුවෙනි.

එබැවින් මෙම කාලසීමාව තුළ අදාළ දියඇලි නැරඹීමට යන්නේ නම්, ඉදිරි පැය 6, 12 හෝ 24ක කාලගුණ අනාවැකිය පිළිබඳ සැලකැලිමත් විය යුතු අතර, ඇතැම් විට එම ප්‍රදේශ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් හා කණ්ඩි කඩාවැටීම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේද යන්න පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

‘සමහර දියඇලිවල තත්ත්වය තමා ඉහළට වැස්ස හැටියම සමහර විට බලාගෙන ඉන්න කොටම විනාඩි ගානක් ඇතුළත ජල මට්ටම ඉහළ යනවා. ලොකු ජල කඳක් එනවා. සමහර වෙලාවට ඒක පාමුල ඉන්න කෙනෙක් එකපාරටම මේවා ගැන අවබෝධයක් නැති හින්දා ජීවිත නැති කරගන්න අවස්ථා බොහෝ වෙලාවට තියෙනවා….’

‘විනාඩි ගානක් ඇතුළත දියඇල්ලේ වතුර ප්‍රමාණය වැඩිවෙනවා. සමහර වෙලාවට ලොකු කොටන් ගහගෙන එනවා. ඒ දේවල් වගේ අවදානම් ගොඩක් තියෙනවා. ඒ වගේ දෙවල් ගැන ගොඩක් අවධානයකින් ඉන්න ඕනේ මේ වගේ සංචාරය කරද්දි….’ හෙතෙම පෙන්වා දුන්නේය.

වැඩිම දිය ඇලි තියෙන්නේ කොහේද?

Sri Lanka Latest News

රත්නපුර හා නුවරඑළිය දිස්ත්‍රික්ක ආශ්‍රිතව වැඩිම දියඇලි පිහිටා ඇති බව සජීව චාමිකර පැවැසීය.

‘රත්නපුර දිස්ත්‍රික්කයේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තමා දියඇලි වැඩිපුර තියෙන්නේ. අනෙක් ඒවා පොඩි පොඩි ඒවා…’ සජීව චාමිකර පෙන්වා දුන්නේය.

‘බඹරකන්ද, දියලුම, නිරිතදිගට වඩා ඊසානදිග මෝසමට තමා වඩාත් හොඳින් බලන්න පුළුවන්. ඒවාටත් නිරිතදිග මෝසමෙන් යම් කිසි මට්ටමකට වර්ෂාපතනයක් ලැබෙනවා. නමුත් නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන දියඇලි තමා හොඳින් දැකගන්න පුළුවන් වන්නේ….’

බදුල්ල, මහනුවර, මාතලේ, කෑගල්ල, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්ක ආශ්‍රිතව ද මනරම් දියඇලි විශාල සංඛ්‍යාවක් පිහිටා ඇත.

බොහෝ විට ඊසානදිග මෝසම් කාලය හා දෙවැනි අන්තර් මෝසම් කාලසීමාව තුළ රාවණා ඇල්ලද ප්‍රචණ්ඩ ස්වරූපයකින් දැකගත හැකිය.

බෝඹුරු ඇල්ල

බෝඹුරු ඇල්ල ඌව-පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති දිය ඇල්ලකි. නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක මායිම්වලට සමීපව, වැලිමඩ නගරයේ සිට කිලෝමීටර 15ක් පමණ දුරින් පිහිටයි. බෝඹුරු ඇල්ල ශ්‍රී ලංකාවේ වූ දියඇලි අතුරින් පළලින් ඉතා වැඩි දියඇල්ලක් සේ සැලකෙයි. ‍

සීතාඑළිය – කඳපොල රක්ෂිතයේ පිහිටා ඇති උසින් මීටර් 50ක් පමණ වන දිය ඇල්ල පළලින් මීටර් 20ක් පමණ වේ.

බේකර්ස් ඇල්ල

ශ්‍රී ලංකාවේ දියඇලි අතරින් වඩාත් ප්‍රසිද්ධ ඇල්ලක් වන මෙය පිහිටා ඇත්තේ හොර්ටන්තැන්න තුළය. මීටර් 20ක් පමණ උස ඇල්ලක් වන මෙය වැසි වැඩි දිනවල වඩාත් චමත්කාර ජනක දර්ශනයක් මවයි. මෙම ඇල්ල නැරඹීමට යාමේදී කිසිදු පොලිතින් දවටනයක් රැගෙන යාමට ඉඩලබා නොදෙයි.

ඩෙවෝන් දිය ඇල්ල

කොත්මලේ ඔයෙන් පෝෂණය වන ඩෙවෝන් දිය ඇල්ල ශ්‍රී ලංකාවේ සුන්දර දියඇලිවලින් එකකි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවාකැලේට බටහිරින් A7 මාර්ගය ආශ්‍රිතව ඩෙවෝන් දියඇල්ල පිහිටා තිබේ. දිය ඇල්ලට ඩෙවෝන් යන නාමය ඉංග්‍රීසි ජාතික පුරෝගාමී තේ වැවිලිකරුවකු වූ ඩෙවෝන්ගේ නාමය නිසා ලැබී ඇත. දිය ඇල්ලේ උස මීටර 97කි. ශ්‍රී ලංකාවේ දියඇලිවලින් උස අනුව ඩෙවෝන් දියඇල්ල 19 වැනි ස්ථානයේ ඇති අතර, මුහුදු මට්ටමේ සිට මීටර 1,140ක් උසකින් දියඇල්ල පිහිටා ඇත.

ශාන්ත ක්ලෙයාර් ඇල්ල

ශාන්ත ක්ලෙයාර් දියඇල්ල උසින් 20 වැනි ස්ථානය ගනී. එය අඩි 263ක් නොහොත් මීටර් 80 උසකින් යුක්තය. මෙම ඇල්ල අලංකාර ප්‍රකට දිය ඇල්ලකි.

ලක්ෂපාන ඇල්ල

උසින් මීටර් 126 ක් පමණ වන ලක්ෂපාන ඇල්ල උස අනුව ශ්‍රී ලංකාවේ 8 වැනි දියඇල්ල වෙයි. එය නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් නගරයට සමීපව පිහිටා ඇත.

කෙහෙල්ගමු ඔයට සම්බන්ධ වන ස්ථානයට ආසන්න මස්කෙළිය ඔයෙන් ලක්ෂපාන දියඇල්ල නිර්මාණය වී තිබේ.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

එක එක දන්සල් අතරේ මෙන්න තවත් අමුතු දන්සලක්! කොටියාකුඹුර කොල්ලන්ගේ වැඩක්! VIDEO I Sri Lanka Latest News

Next Post

VIP පර්යන්තයෙන් ගිය නිමල් සිරිපාල නිසා ගුවන් යානය මගහැරී පැය 12ක් කටුනායක රස්තියාදු වූ අජාන් හිමියෝ සිද්ධිය ගැන කතා කරයි! ජනාධිපතිතුමා කරන්න ඕනේ ඒක නෙමෙයි! රනිල්ට පණිවුඩයකුත් තියයි! I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.