• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොඳයි හොඳයි කියලා ගියා ආර්ජන්ටිනාවට කෙළවෙලා මිනිස්සුයි-ආණ්ඩුවයි IMF එකට දැන් ගහනවා I Sri Lanka Latest News

June 2, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දකුණු ඇමෙරිකානු රාජ්‍යයක් වන ආර්ජන්ටිනාව ගැන ඇසෙන විට අපට නිරන්තරයෙන්ම මතකයට එන්නේ පාපන්දු ක්‍රීඩාවය. 1978, 1986, 2022 යන වසරවලදී ලෝක පාපන්දු ශූරතාව හිමි කරගත් ආර්ජන්ටිනාව යනු ක්‍රීඩාව අතින් ලෝක ඉතිහාසයට එක්වන රාජ්‍යයකි. පසුගිය 2022 අවසාන ලෝක පාපන්දු ශූරතාවද ඔවුන් මහත් ඉහළින් ජයග්‍රහණය කළ බව කිසිවකුටත් අමතක නැත.(Sri Lanka Latest News)

දියාගෝ මැරඩෝනා, ලයනස් මෙසී වැනි ලෝක ප්‍රකට, දක්ෂ පාපන්දු ක්‍රීඩකයන් බිහිවූයේ ආර්ජන්ටිනාවෙනි. මේ ආකාරයට පාපන්දු ක්‍රීඩාවට ආර්ජන්ටිනාවේ ක්‍රීඩකයන් සැබෑම රුසියන් වූහ. මෙවැනි වටපිටාවක් ඇති රටක තවත් පැත්තකින් ඇසෙන්නේ මහා ශෝකාලාපයකි. එනම් ආර්ජන්ටිනාව යනු මේ වන විට දැඩි ආර්ථික අගාධයකට ඇදගෙන ගොස් ඇති රටකි.

එසේම අද ඔබට ආර්ජන්ටිනාව ගැන මෙලෙස ලියා තබමින් මෙම ලිපිය ආරම්භ කිරීමට හේතු වූයේ ඇයි? මෙය සැබෑ ලෙසම මහත් ආන්දෝලනාත්මක වගතුගකි. මෙයට දින කිහිපයකට ඉහතදී ආර්ජන්ටිනාවෙන් අසන්නට ලැබුණේ මහා ගිනි ජාලාවක කතාවකි. එනම් එම වගතුග කුමක්ද? මේ දිනවලදී ආර්ජන්ටිනාවෙන් අසන්නට ලැබෙන්නේ මහා ජන අරගලයක වගතුගකි. දසදහස් ගණන් ජනතාව වීදිවලට බැස මහා අරගලයක යෙදෙන ආකාරය මේ දිනවලද එරටින් දක්නට හැකිය. මෙලෙස සිදුවන්නට හේතුව කුමක්ද?

ආර්ජන්ටිනාවේ ආර්ථික අර්බුදය හටගන්නේ මෙයට වසර 20කට පෙර, එනම් 2002 වැනි කාලයේදීය. ඉන් පෙර වසරවලදී එරට ආර්ථිකය යම් ස්ථාවර තත්ත්වයක තිබුණද පසුකාලීනව ඇතිවූ දේශපාලනික අර්බුද හේතුවෙන් රටේ ක්‍රම රටාව වෙනස් වන්නට විය. එනම් විවිධ දේශපාලන නායකයන්ගේ න්‍යායපත්‍රවලට අනුව විදෙස් රටවලින් විශාල ප්‍රමාණයේ ණය මුදල් ලබාගැනීම සිදුවන්නට විය.

මෙය සමහර රාජ්‍ය පාලකයන් රට වෙනුවෙන් මෙම ණය ආධාර මුදල් භාවිත කරන්නට ගත්තේ නිසි සැලැස්මක් හෝ නිසි ක්‍රමවේදයක් හෝ නැතිවය. ජනතාවට කිසිදු ප්‍රයෝජනයක් නොවූ ව්‍යාපෘති රැසක් සඳහා එම මුදල් එකල වියදම් කළ බවට කරුණු ප්‍රකාශ වෙයි. එසේම එකල සිටි මෙම දේශපාලනික නායකයන් රැසක්ම ඉතා දරුණු ලෙස දූෂණ වංචාවලට නැඹුරු වූ බවද පැවසෙයි.

එහෙයින් රට වෙනුවෙන් විදේශ රටවලින් ලබාදුන් ධනය විශාල වශයෙන් මෙම පාලකයන් විසින් සොරකම් කරගෙන ඇත. එලෙස මහජන මුදල් කාබාසිනියා කරන අතරේම තව තවත් ණය ආධාර ලබාගැනීමටද මෙම පාලකයන් කටයුතු කර ඇත. මෙහෙයින් ආර්ජන්ටිනාව දිනෙන් දින ණය බරින් හෙම්බත් වන්නට විය. එම තත්ත්වය තව තවත් උත්සන්න වූවා මිස එයට කිසිදු විසඳුමක් නොවීය.

මේ අතර ආර්ජන්ටිනාවට විදේශ ණය ගෙවාගැනීමට නොහැකිවී ඔවුන්ගේ විදේශ සංචිතයන්ද කඩාගෙන වැටුණේය. මිනිසුන් දිනෙන් දින මහා උද්ධමනයකට මුහුණ දුන්නේය. 70%කට තිබුණු උද්ධමනය පසුගිය 2022 වසරේ මැද වන විටදී 100% දක්වා ඉහළ නැග්ගේය. එම පාලකයන් අවසානයේදී තීරණය කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පිහිට පැතීමටය.

මෙම තත්ත්වය පසුගිය සමයේ සිට වර්තමාන සමය දක්වාම ශ්‍රී ලංකාවද මුහුණපා සිටින තත්ත්වයට සම්පූර්ණයෙන්ම සමානය. මෙලෙස යම් රටක් IMF පිහිට පැතීම යනු ඉතා බැරෑරුම් සංකීර්ණ ක්‍රියාවලියකි. එනම් ආර්ථික විශ්ලේෂකයන් ප්‍රකාශ කරන අයුරින්, එම තීරණය මගින් අමාරුවේ වැටුණු රට තව තවත් අමාරුවේ වැටෙන බවට කරුණු ප්‍රකාශ වෙයි. මේ ආකාරයට ආර්ජන්ටිනාව තුළ ආර්ථික උද්ධමනය 100%ක් අබිබවා ගොස් ජනතාව දරුණු ආහාර හිඟයකටද මුහුණ දුන්නේය. මේ අතර එරට විදේශ ණය මුදල් ගෙවාගැනීමට නොහැකි නිල ලැයිස්තුවටද වැටෙයි.

අවසානයේදී කරන්නට දෙයක් නොමැති විටදී IMF කොන්දේසිවලට යටත්ව රට ගෙනයෑමට පාලකයන්ට සිදුවිය. ඒ අනුව මෙයට වසර 05කට පෙරදී ඇමෙරිකානු ඩොලර් බිලියන 54ක සුවිශාල ණය මුදලක් කොටස් වශයෙන් ආර්ජන්ටිනාවට ලබාදීමට IMF වැඩසටහනක් සැලසුම් කළේය. එහෙත් පසුව විවිධ විරෝධතා මධ්‍යයේ එම ණය ප්‍රමාණය ඩොලර් බිලියන 40 දක්වා අඩු කිරීමට කටයුතු කළේය. මෙලෙස පසුගිය වසර 03ක පමණ කාලය තුළදී කොටස් වශයෙන් මෙම ණය මුදල එරටට ලැබෙන්නට විය. ‘ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ’ යන උපමාව එළිදැක්වුණේ එතැනදීය.

දැන් එසේනම් මේ දිනවල ආර්ජන්ටිනාවේ සිදුව ඇති මහා ගිනිජාලාව කුමක්ද? දැන් එරට තුළ IMF බෝම්බය පුපුරා ගොස් ඇත. මෙම දිනවලදී ආර්ජන්ටිනාව තුළ IMF සංවිධානයට එරෙහිව සිදුවන මහා විරෝධතාව ඉතා ප්‍රචණ්ඩ තත්ත්වයකට පත්ව ඇත. ජනතාව දසදහස් ගණනින් එරට අගනුවර වන ‘බුවර්නෝස් අයර්ස්’ නගරය තුළ සහ තවත් ප්‍රධාන නගර කිහිපයක් තුළ දැඩි උද්ඝෝෂණයන් පවත්වති. පොලිසිය හා හමුදාව සමග ගැටෙමින්ද මෙම ජන අරගලය පවත්වමින් සිටිති.

ජනතාව එක හඬින් කියා සිටින්නේ IMF ගිවිසුම රට තුළ ක්‍රියාත්මක කිරීම හේතුවෙන් රට කබලෙන් ළිපට වැටුණු බවයි. පසුගිය සමයේ ආර්ජන්ටිනාවේ හිටපු ජනාධිපති මොරිසියෝ මැක්රි (Mauricio Macri) විසින් 2018 වසරේදී IMF සංවිධානය සමග ඩොලර් බිලියන 57ක සුවිශාල ණය ආධාර ගිවිසුමකට එළඹෙන ලදී. ආර්ජන්ටිනාව ඉතා දරුණු ලෙස උද්ධමනයකට මුහුණ දී සිටි හෙයින් මෙලෙස විශාල ණය මුදලක් ලබාදීමට IMF කැමැත්ත පළ කළේය.

එහෙත් පසුව අවසානයේදී මෙම ණය මුදල් ඉතා විශාල එකක් හෙයින් එය යම් ආකාරයකින් අඩුකර ලබාදිය යුතු යැයි තීරණය විය. ඒ අනුව IMF සංවිධානය ප්‍රකාශ කර සිටියේ එම ණය මුදල ඩොලර් බිලියන 40 දක්වා සීමාකරන බවය. එම තීරණයට අනුව පසුගිය වසර 05ක පමණ කාලය තුළ එම ණය මුදල කොටස් වශයෙන් ආර්ජන්ටිනාවට ලැබුණේය. මෙම පූර්ණ ණය මුදල 2018 සිට 2024 දක්වා වසර 07ක් පුරා ලැබෙන ණයකි. ඒ අනුව දැනට වාරික කිහිපයක් යටතේ ඩොලර් බිලියන 23ක පමණ මුදලක් ආර්ජන්ටිනාවට ලැබී ඇත. මෙලෙස මුදල් ලැබෙන විට ආර්ජන්ටිනාවට නිකරුණේ බලාසිටිය නොහැකිය. ඒවා නැවත එරට විසින් IMF සංවිධානය වෙත පොලී මුදල් සමග ගෙවිය යුතුය.

එවැනි වටපිටාවක් යටතේ IMF ගිනිජාලාව තව තවත් උග්‍ර වන්නට ගත්තේය. ආර්ජන්ටිනාවේ ප්‍රධාන විදේශ විනිමය ආදායම් මාර්ගය වන්නේ විවිධ භෝග වර්ග අපනයනය කිරීමය. එමගින් එරට කාලයක් පුරා මහත් විදේශ විනිමයක් උපයනු ලැබුවේය. පසුගිය කොවිඩ් වසංගතය දරුණු කාලය තුළදී එම අපනයන කටයුතු අඩාළ විය. මේ අනුව IMF සංවිධානයෙන් ලබාගත් ණය මුදල් ගෙවාගැනීමට ආර්ජන්ටිනාවට නොහැකි විය.

පසුගිය 2022 වසරේ වාරිකය ලෙස ඩොලර් බිලියන 2.8ක් ගෙවීමට නියමිතව තිබුණද එය ශතයක්වත් ගෙවා ගැනීමට බලධාරීන්ට නොහැකි විය. එසේම ඊට පෙර වසරවල තිබුණු වාරික කිහිපයක්ද ගෙවීමට නොහැකි විය. මේ කියන මොහොත වන විටත් එම ණය ගෙවීමට ආර්ජන්ටිනාවට හැකියාවක් නොමැත. පසුගිය සමයේ මෙම දැඩි අර්බුදය හමුවේ මොරිසිනෝ මැක්රි ජනාධිපතිවරයා තම ජනාධිපති ධුරයෙන් පවා ඉල්ලා අස්විය. ඔහුට එසේ කරන්නට සිදුවූයේ IMF සංවිධානය තව තවත් ජනතාව තළාපෙළා දමන කොන්දේසි ඉදිරිපත් කළ හෙයිනි. මෙම ලිපියේ මුලින් ලියා තැබූ පරිදි මෙම අර්බුදය ආර්ජන්ටිනාවට ඇති වන්නේ වසර 20ක පමණ කාලයක සිටය. එනම් පසුගිය එම කාලය තුළදී එරට 07 වතාවක්ම විදේශ ණය ගෙවීම් පැහැර හැරීමේ ජාත්‍යන්තර ලැයිස්තුවටද අන්තර්ගත කෙරිණි.

දැනට මෙම 2023 වසර වන විටදී ආර්ජන්ටිනාවේ මුළු විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 210ක් පමණ වෙයි. මේ වන විට මෙම තත්ත්වය විනාඩියෙන් විනාඩිය තවත් උග්‍ර වෙමින් පවතී. එහි අතිශය භයානක තත්ත්වය වී ඇත්තේ දැන් ආර්ජන්ටිනාවේ උද්ධමනය 110%ක් දක්වා ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබීමය. මෙය සමස්ත උද්ධමනය ලෙස සැලෙකන අතර, විවිධ කාණ්ඩවලට අයත් උද්ධමනයන්ද ඉතා ඉහළ ගොස් ඇත.

පසුගිය 2022 ජනවාරි මාසයේදී ආර්ජන්ටිනාවේ සමස්ත උද්ධමනය තිබී ඇත්තේ 52%ක ප්‍රමාණයකටය. එහෙත් දැන් එය දෙගුණයකටත් වඩා අධිකය. මෙයින් පෙනීයන්නේ IMF සංවිධානය මැදිහත් වුවද එරටට කිසිදු සහනයක් ලැබී නැතත්, තව තවත් තත්ත්වය උග්‍ර අතට පත්වීම පමණක් සිදුව ඇති බවය. මෙවැනි වටපිටාවක් යටතේ දැන් එරට ජනතාව එකාමෙන් හඬනගා කියා සිටින්නේ IMF සංවිධානයේ කිසිදු මැදිහත්වීමක් එරටට අනවශ්‍ය බවය.

එසේම IMF සංවිධානය වහාම එරටින් ඉවත්විය යුතු යැයි ඔවුහු උද්ඝෝෂණය කරති. මෙම මහා ජන අරගලයේදී දැනට අසන්නට ලැබෙන අතිශය සුවිශේෂ පුවතක්ද වෙයි. එනම් එරට වත්මන් ජනාධිපති ඇල්බෙරාටෝ ෆර්නැන්ඩස් (Alberato Fernandez) පවා ජනතාවගේ පාර්ශ්වය ගනිමින් IMF සංවිධානයට එරෙහිවී සිටීමය. මෙය කිසිදු රටකින් හෝ අසන්නට නොලැබෙන පුවතකි. එනම් ලෝකයේ රටවල් කිහිපයකම IMF සංවිධානයට එරෙහිව උද්ඝෝෂණ පැවැතියද, එම කිසිදු රටක රාජ්‍ය පාලකයන් ජනතාවගේ පාර්ශ්වය ගන්නේ නැත.

එහෙත් වර්තමාන ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරයා මුළුමනින්ම ජනතාවගේ පැත්ත ගෙන එම ජනතා අරගලවලට සහයෝගය දක්වමින් සිටියි. දැනට 64 වැනි වියෙහි පසුවන ඇල්බෙරාටෝ ෆර්නැන්ඩස් ජනතා ඡන්දයක් හරහා බලයට පත්වන්නේ 2019 වසරේ දෙසැම්බර් මාසයේදීය. දැනට වසර තුනහමාරක කාලයක් ඔහු ජනාධිපති ධුරයේ රැඳී සිටියි. ආර්ජන්ටිනාවේ බුවර්නෝස් අයර්ස් විශ්වවිද්‍යාලයේ උපාධිධරයකු වන ඔහු, විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු ලෙසද කටයුතු කර ඇත. ඒ අපරාධ නීතිය විෂය යටතේය. ඔහු ජනතාව අතර යම් ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇති නායකයෙකි. ඒ, ඔහු වාමාංශික පක්ෂ නායකයකු වන හෙයිනි. ඔහු ජනතාවාදී නායකයෙකි.

මේ ආකාරයට IMF සංවිධානයේ ක්‍රියාකලාපයන්ට එරෙහිව ජනතාවගේ පැත්ත අරගෙන සිටින ආර්ජන්ටිනාවේ වත්මන් ජනාධිපති ඇල්බෙරාටෝ ෆර්නැන්ඩස් දැඩි ස්ථාවරයක සිටිමින් මෙසේ ප්‍රකාශ කර ඇත.

‘IMF සංවිධානය අපේ රටට ණය දීමක් නෙවෙයි කරලා තියෙන්නේ. ඔවුන් අපට සිදුකර තිබෙන්නේ භයානක අපරාධයක්. IMF මුල් ගනුදෙනුවේදී එයට අවශ්‍ය වූ ක්‍රියාකාරකම් කිසිම අධ්‍යයනයකින් තොරව සිදුකර තිබෙනවා. එසේම එය නිසි ව්‍යවස්ථාදායක මාර්ග හරහා සම්මත වෙලා නැහැ. මේ තත්ත්වය නිකම්ම අල්ලා ඉවත දාන්න බැහැ. මේ සිදුවුණු අපරාධය ගැන නීතියේ සියලු බර සහිතව පරීක්ෂණයක් මා ඉල්ලා සිටිනවා. මෙය සත්‍ය ලෙසම ඉතා අපකීර්තිමත්, එමෙන්ම ආර්ජන්ටිනාවේ ජනතාවට සිදුකළ වංචාවක්. ආර්ජන්ටිනාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් වීමෙන් ඒවා විසඳනවා නොව තව තවත් උග්‍රකර තිබෙනවා…’

මේ ආකාරයට ඔහු තමාගේ ට්විටර් ගිණුම හරහා ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර ඇත. මෙය සැබෑ ලෙසම ලොව කිසිදු රටකින් අසන්නට නොලැබෙන ආකාරයේ පුවතකි. IMF සංවිධානය ණය ලබාදෙන බොහෝ රටවල රාජ්‍ය නායකයන් කරන්නේ IMF සංවිධානයට ආවැඩීම සහ එහි පිහිට පැතීමය. ශ්‍රී ලංකාවේ නායකයන්ද එසේ සිදුකරන අය වෙති. මේ නිසා ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරයා කොන්ද පණ තිබෙන නායකයකු ලෙස අවිවාදයෙන් යුතුව පිළිගත හැකිය. මේ අතර මෙම දිනවල මහා ජන අරගලයට සහභාගි වී සිටින පොදු ජනතාව එක හඬින් කියා සිටින්නේ IMF සංවිධානයෙන් ලබාගත් ණය කිසිවක් කිසිදු කාලයකදීවත් නැවත නොගෙවිය යුතු බවය. ජනතාව IMF සංවිධානයට යටත් නොවන බවටත්, IMF සංවිධානය වහා එරටින් පිටව යා යුතු බවටත් ඔවුහු හඬ නගති.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

දිවි නහගන්න බෙන්තර ගඟට පැන්න කාන්තාව බේරාගනී I VIDEO I Sri Lanka Latest News

Next Post

ඇමැති කාංචන ඕමල්පේ හිමියන් එක්ක තරහා හේතුව හෙළිවෙයි! ගල් අඟුරු ටෙන්ඩරය නීති විරෝධියි! ඒක තහවුරු වුණා! අතට එන්න තිබුණු කොමිස් මුදලක් නැතිවුණා! ජනාධිපතිගේ සූර්ය පැනල් කතාවත් බොරුවක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

Load More
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති...

Read more
සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.