• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රහීම්ගෙ රන් හොරකම සහ ජේකෝස්ගේ පූර්වාදර්ශය I Sri Lanka Latest News

June 1, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දෑස් නොපෙනෙන අන්ධයාට “කනා” යැයිද කියති. “ඊල්” යනු ඔංචිල්ලාවයි. “කනාඊල්” හෙවත් “කනීල්” කිවහොත් ඊට කනෙකු හෙවත් ඇස් අන්ධයකුගේ සම්බන්ධයක් කොහත්ම නැත. කනීල් යනු රංඔංචිල්ලාව බව සිදත් සඟරාවේ සන්ධි ගැන ඉගැන්වෙන තැන දැක්වේ.(Sri Lanka Latest News)

ඒ අනුව “කනා” (කනක) යනු “රංවලට” (රත්තරං) පරියාය පදයකි. “කන්” (කං) යන්න කනා යන්නෙහි විශේෂණ පදයයි. “සරිද මා නැසුවා – කියා කන්සක් පිටට ගැසුවා” රන්මුවා (රනින් කළ) රුවැති ස්ත්‍රී රූපයක් දුටු පබවතගේ (පබාවතීගේ) මෙහෙකාරිය මේ සිටින්නේ පබාවති යැයි මුළාව රන්රුවට කනේ පාරක් ගැසූ අයුරු අලගිය මුකවැටි තම “කුස” ජාතක කාව්‍යයේ එසේ කියයි.

කනක යන පදය සකු (සංස්කෘත) බසේද රංවලටම යෙදෙන්නකි. “කාත්වං බාලෝ කාංචන මාලා – කස්‍යා පුත්‍රී කනකලතායා” ලෙස අපේ මහාකවි කාලිදාස එසේ කීප තැනකම කියා තියේ.

රත්තරං වටිනාකමෙන් වැඩි බව ආර්ථික විද්‍යාවේද මහ ඉහළින් කියයි. තමන්ගෙ ලස්සන ගැන ටිකක් වැඩිපුර ඔළුව උස්සගෙන හිටිය පේරාදෙණියේ ආර්ථික විද්‍යා තරුණ කථිකාචාර්ය යුවතියකගෙන් දවසක් ලෙක්චර්ස් වෙලාවෙ අපේ කට හැකර එකෙක් ඇහුවේ “ඇයි රත්තරං ඔයතරං ගණං” කියලා. ඌ ඇහුවෙ ඇත්තටම රත්තරංවල වටිනාකම දැනගන්නම තමයි. (ඇත්තට දැං උං කොහේ ඇත්ද?)

ඉතිං අලගියවැන්න මුකවැටි කෙසේ වෙතත් රත්තරං වචනය ගැන මෙසේ අලගිය, මුලගිය, වැලගිය තැන් ටිකක් කියන්නට යෙදුණේ පුත්තලමේ අපේ “එලිෆන්ට් සබ්බි්‍ර” ගොයියා “එලිෆන්ට් සයිස්” එකේම වැඩකට මාට්ටු වූ හෙයිනි.

දස්කොන් අධිකාරම් උන්නැහේ ප්‍රමිලා බිසවත් එක්ක “ජල්ලි ජකිරි ජල්ලියා” නටනකොට බිසවට හිතවත් සේවිකාවක් අධිකාරමගෙන් ඇහුවලු බය නැද්ද? කියලා.

“අදිතොත් වරදුන්න උරබා අදින්නයි – බඳිතොත් රාජ ලියකට කල් බඳින්නයි” කියල “අධියත්” ඇඟට පතට නොදැනිම උත්තර දුන්නලු. අන්න ඒ වාගෙ අපේ ලෙබ්බෙත් කරනවනං ඉතිං බතේ තිවෙන කාලෙ බඩ දිගෑරගන්නම කරන්ඩ එපායැ. අපි හැමදාමත් අගහිඟ අයනෙ කියල හිතලා වෙන්නැති රත්තරං කිලෝ හත හමාරකුයි ස්මාර්ට්ෆෝන් අනූ එකකකුත් ගෙනාවෙ.

අපරාදෙ කියන්ඩ බෑ කස්ටම් එකේ මහත්තුරු කියන අන්දමට ඒවායේ ඇත්ත වටිනාකම රුපියල් හත්කෝටි හැත්තෑදෙලක්‍ෂයක් ලු. ඒ බඩුවලට නියම කළ දඩේ නං රුපියල් හැත්තෑ පන්ලක්‍ෂයක්ලු. අපෙ අම්මැ හැටියට ඔය බාප්ප මක්වේද? කිව්වත් වාගෙ ඒත් ඔය මදෑ.

ආණ්ඩුවෙන් ඉල්ලුවත් කිසි සපෝට් එකක් දුන්නෙ නෑ කියල මෑන් හොටු සූරසූර ඇඬුවට ඒක “අන්විස්වාසබල්” (Unwisvasabale) කතාවක්. මෑන් විරුද්ධව ඡන්දෙ දුන්නත් හිරේ විලංගුවෙ නොවැටී ජනක උන්නැහේට ගුස්පියට ඡන්දෙ දාන්න රිලීස් කරපු එකම මදෑ.

හැබැයි යේ මාත්තිය නං කීවෙ යේක කෝලයගෙ බේග් එකේ යේව තිබුණෙ මං නිචාං අපරාදෙ අවු උනා කියල. අනිත් අතට මංත්‍රී ගොයිය මේ පාර අහුවුණාට ඔයිට ඉස්සර කී සැරයක් ගියාද කියල හොයා බැලුවොත් තවතව දේවල් හොයාගන්න බැරිවෙන එකකුත් නෑ.

ඔය VIP ලෝංජ් එකෙන් ඉස්සරෝම ගිය ඔය ජාතියෙ පළමුවැනියා One and only ඔය අලි ගොයියා වෙන්න බෑ නොවැ. මීට පස්සෙවත් ඔය ගැන හිතලා බැලුවොත් නාකද?

අපේ හොඳ බිස්නස් මයින්ඩඩ් “පෙරුම් බූලි” ව්‍යාපාරිකයොත් ඔයවාගෙ හුඟ දෙනෙක් ඉන්නව. පාර්ලිමේන්තුවට යන්න ඉස්සරත් ඇතැමුන් කෙළේ ඒක. තවත් අය දේශපාලන අයියලගෙ දක්‍ෂිණ හස්ත. එහෙම ඉන්නකොට ආයෙ අමුතුවෙන් කියන්න ඕනැයැ. “තල බොත්තං පිත්තල බොත්තං” ඒ අයගෙ ඕනෑම පදේකට නටන හැටි.

ඒ වුණාට මාසෙකට වතාවක් හරි පැනල අල්ලනවා. හැබැයි මහ උළුගෙටත් එකෙක් දෙන්නෙක් යැවෙනව. හැබැයි ඒ නියම එක්කෙනා නෙමෙයි එහෙම යැවෙන්නෙ. එහෙම උළුගෙට යවන්නත් එයා ළඟ ඒකටම ලෑස්ති සෙට් එකක් ඉන්නව. ඒ අය මාස දෙක තුනක් හරි අවුරුද්දක් හරි කමක් නෑ ගිහින් ඉඳල එනකං ඒ අයට හොඳ ගානකුත් ලැබෙනව all time එකත් එක්ක. ගෙදර යැපෙන සාමාජීකයන්ටත් කිසිම අඩුපාඩුවක් කරන්නෙ නැතුව ලොක්ක සලකනවා.

පහුගිය දොහේ නිල වාහනයක කේරළ ගංජා කිලෝ දහයක් ඇල්ලුවා. රථාචාර්තුමා තමයි හිරේ ගියේ. ලොක්කට හොරෙන් ඩැයිවර් ඒ බිස්නස් එක කෙරුව කියල තමයි “පබ්ලික්” වුණේ.

ඕවට තමයි ආර්යාෂ්ටාංගික මාර්ගයේ “සම්ම්‍යක්” ප්‍රයෝග කියන්නෙ.

විනෝද සමයෙ අමාරිස් අයිය ගංවතුරකට බුරම්පියගෙ ගේ කැඩුණු එකට ආධාර ගන්න බුරම්පියගෙ ඉල්ලුම්පත්තරේ පුරෝල දුන්නෙත් ඔන්න ඔයවාගෙ. ගේ අයිති බුරම්පිට. ගංවතුරෙන් ගේ කැඩුණු එකට ආධාර ලැබෙන්න ඕනෑ අමාරිස්ට. ගත්ත ණය ආපහු නොගෙව්වොත් හිරේ යන්නෙ බුරම්පි. ලෙබ්බෙගෙ වැඩෙත් ඔයවාගෙ. අහුවුණු හින්දා බඩු ගෝලයගෙ. නාහුණානං ලෙබ්බෙගෙ. “වන්දාංෂරි, පෝනාං ෂරි”

මට මතක හැටියට ඔයිට ඉස්සරවෙලා රටිං රත්තරං හොරෙං ගෙනැල්ල මංත්‍රීයෙක් අහුවුණේ හැත්තෑ අටේදී ජේ.ආර්. ගෙ කාලෙ. ඒ හේවාහැට “දානියා“උංදැ (අනුර ඩැනියෙල්). මිනිහ ගෙනාව කියන්නෙ රත්තරං පොල්ලක්. ඒක ගෙනාව කියන්නෙත් “ජංගිය” අස්සෙ ගහගෙනලු.

ඒක මට මතක හිටියෙ අපි ඒ දවස්වල කෑගැහුවෙ “ජංගියා, ජංගියා” කියල. මෑන් හිරේ ගියාද? කියන එකනං මතක නෑ. ඒ වුණාට මංත්‍රීකම නං නැතිවුණා. ඒත් පාඩුවක් නෑ. එයාගෙ අක්කද කොහෙද ඒ වෙනුවට පාර්ලිමේන්තුවට රිංගුවා. පස්සෙ කාලෙක මේ ඩැනියෙල් උන්නැහේ වෙඩිකාලා මැරුණා.

හැබැයි ඒ කාලෙත් නීතියක් තිබ්බ අධිකරණයකින් රුපියල් දෙසියපනහක් හෝ ඊට වැඩියෙන් හෝ දඩයක් කෑවොත් මංත්‍රීකම නැතිවෙනව කියලා.

ජේ.ආර්.ගෙ ඔන්න ඔය ආණ්ඩුවෙම නියෝජ්‍ය ඇමැති කෙනෙක් හිටියා “බණ්ඩයියා” කියල හතරලියැද්ද පැත්තෙන් ආපු. මෑන් පාර්ලිමේන්තුවට එන්න ඉස්සර කෙරුවෙ ගමේ ඇවිදල ඔට්ටපාළු එකතු කරපු බිස්නස් එක. ඒ නිසා ගමේ කවුරුත් මේ ගොයිය හැඳින්නුවෙ බණ්ඩ කියන නමට විශේෂණ පදයක් හැටියට බිස්නස් එකේ නම දාලා.

ඇමැතිකම් ගත්තම අගමුල අමතක වෙන ලෙඩේ මිනිහටත් හැදිල මොකක්ද එකෙකට බස් කොන්දොස්තර කෙනකුට කනට ගහපු එකට කොන්දොස්තරත් නඩු කීවා. නියෝජ්‍ය ඇමැතිතුමාට අධිකරණෙන් රුපියල් හත්සිය පනහක දඩයක් ගැහුවා. කෙළිය තමයි. මෑන්ගෙ මංත්‍රීකම අහෝසි වෙන්න ගියා. ඒකට බඩුව අපේ “ජේකෝස්” නෙ. “ඒකට ගෝලයින්ඩ පූර්වාදර්ශෙට ජේකෝස්” උගන්නපු කෝස් එක තමයි. මංත්‍රීකමක් අහෝසි වෙන්න රුපියල් දාහක දඩයක් ගහන්න ඔනෑ කියල නීතියක් BACK DATE කරල පාර්ලිමේන්තුවෙ සම්මත කරපු එක. බැක් ඩේට් කියන්නෙ “පෙර දාතම” කියන එකයි. ඒකෙ තේරුම අතීතයේ සිට බලපාන කියන එකයි.

ඒ වාගෙ වැඩ කරන්න අපේ “ජේකෝස්” ගොයිය හරි දස්සය. ඒ කාලෙ හිටිය මාකෝස් ගැන කවුරුත් දන්නව නොවැ. බලේට එන්න වගේම බලේ රැකගන්නත් මිනී මරාපු මහජන මුදල් කොල්ල කාපු ගොයිය. අන්තිමේදි රටෙන් පැනල ගිහින් වෙන රටකදි මියපරලොව ගියෙ. කියන්ඩ ගියෙ මේකයි.

අපේ “ජේකෝස්” ඉස්සරහ “මාකෝස්” නිකං “ග්ලූකෝස්” වාගෙ.

මතක තියාගන්නව හොඳයි. දැං ඉන්නෙ ඒ ජේකෝස්ගෙ බෑනණ්ඩිය. මාමණ්ඩියා බැක්ඩේට් කරල හරි නීතිය නමාගත්තා. බෑණන්ඩිට එහෙම එකක් නෑ. ත්‍රස්ත විරෝධී පනත ගේන්න හැදුවෙ ඒකයි. ඒක නැතුව කියලත් වෙනසක් නෑ. ප්‍රසන්න ගතියක් ඇති හෝ නැති අයට කෝටි ගණනක් අධිකරණෙන් දඩ නියම කළත් තවමත් ඔය යස රඟේට ඉන්නෙ.

මිනීමැරම් චෝදනාවලට වරදකරුවො වෙච්චි අයත් ඉන්නෙ. මාල දාපු අය විතරක් නෙමේයි රංමාල කඩපු අයත් ඉන්නෙ. මාල විතරක් නම් මදෑ. ඇයි පික් පොකට්.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ඓතිහාසික අනුරාධපුරය, මිහින්තලය, දළදා මාලිගාව, කතරගම බෞද්ධ කොමසාරිස් යටතට පත්කොට ආදායම විගණනය කිරීමට යෝජනාවක් I Sri Lanka Latest News

Next Post

රනිල්ගෙ එජාපයෙයි සජිත්ගෙ සජබයෙයි වෙනස මෙන්න! එයා එහෙම වුණාට අපි එහෙම නෑ! විකාශන අධිකාරී පනතට එරෙහිව අපි උසාවි යනවා!  VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.