• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රමියා ආදරෙයි හදවතේ පතුලෙන්ම I Sri Lanka Latest News

June 1, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආදරේ හදවතේ අඩියේ මම. මාව තෝරගත්තා. රමියා කෑගහලා කියන්නේ එහෙම. රමියා කියන්නේ කෙට්ටු කළු හීන්දෑරි කොල්ලෙක්. අපිට රමියා ලස්සන වුණාට සමහරුන්ට රමියා කැතට පේන්න පුළුවන්. හැබැයි රමියට තියෙනවා ලස්සන හඬක්. රමියා කියන්නේ ලස්සනට සින්දු කියන කොල්ලෙක්.(Sri Lanka Latest News)

ඇත්තටම ලස්සනට සින්දු කියන රමියා වගේ කොල්ලෝ ඕනෙ තරම් අපේ ගම්වල ඇති. වාසනාවට හෝ අවාසනාවට රමියට පාරක් ලැබුණා. රමියා ඒ පාර දිගේ ආවා.

අද රමියා ඉන්නේ ඒ පාර දිගේ ජීවිතේ දිනපු තැනක. අපි රමියට ආදරෙන් කියන්නේ උඹ ගහපු ගේම ඔය විදියටම පරිස්සමට ගහගෙන යමං. මොකද ගොඩක් වෙලාවට ඔය විදියට ගේමක් ගහපු කොල්ලෝ අතරමඟදී ඒ ගේම අතහැරලා දාලා නන්නත්තාර වෙනවා අපි දැකලා තියෙනවා. රමියා කියන්නේ තරු තරගවලට එන යන තරු තරගවලින් උන්නු ගමන් වීසිවෙන ජීවිතේ බලාපොරොත්තු අතහැරලා දාපු ඩයල් එකක්. හැබැයි අද රමියා ඉන්නේ වෙනමම සීන් එකක. ඒ නිසා දැන් රමියා දිනලා.

සිරස ඇතුළේ රමියට නිදහසේ දිනන්න පුළුවන් පාරක් ලැබුණා. ඒක නිසා රමියට පුළුවන් වුණා තමන්ගෙ හීනෙට යන්න. ඇත්තටම ඕනෙම කෙල්ලෙක්ගෙ කොල්ලෙක්ගෙ හීනයක් තමයි තරුවක් වෙන එක. ඒක එක රැයින් වෙන්න පුළුවන් නම්, එක මොහොතකින් වෙන්න පුළුවන් නම්, ටික දවසකින් වෙන්න පුළුවන් නම් ඒක මරු වැඩක්. අනිත් එක අපේ රටේ ඕනෙ තරම් කලාකාරයෝ ඉන්නවා අපි ආදරේ කරන. ඒ කලාකාරයන්ට ආදරේ කරන්නෙ කීප දෙනයි. ආදරේ කරන්නේ ටිකයි. හැබැයි රමියට එහෙම නෑ. රමියට හැමෝම ආදරේ කරනවා. එක වගේ ආදරේ කරනවා. ඔක්කොගෙම එක වගේ ආදරේ දිනාගන්න පුළුවන් නම් ඒක කොච්චර ලොකු දෙයක්ද? ඒ නිසා රමියා දැන් පොරක්.

‘ජීවිතේ හැමෝටම දෙවැනි අවස්ථාවක් එන්නෙ නෑ. හැබැයි ඒගොල්ලො හැමෝම දෙවැනි අවස්ථාව පිළිගන්නෙ නෑ. එහෙම දෙවැනි අවස්ථාවක් ඇවිල්ලා හරිගිය පුද්ගලයෙක් ඉන්නවද කියලා ඇහුවොත්, ඒ පුද්ගලයට මාව පෙන්නන්න ඕගොල්ලො අනිවාර්යයෙන්ම…’

ඕක තමයි රමියගෙ කතාව.

Sri Lanka Latest News

‘හැබැයි මොන දේ තිබ්බත් ඌ වැල්ලෙ කොල්ලා’ කියලා රමියා තවමත් කටපුරා කියනවා. රමියා, රමියා ගැනම කියන්නෙ මට ලොකු ඇඟක්වත් තිබ්බෙ නෑ කියලා. ඇත්තටම රමියා සිරස වොයිස් තරගයෙ පළමු අදියරේ දී මුලින්ම එළියට විසිවෙනවා. එතැනින් පස්සෙ රමියා ආයෙත් පරණ පුරුදු වැල්ලටම සින්න වෙනවා. වැල්ලට එන සුද්දන්ට ඇහෙන්න සින්දු කියන්න රමියා ආයෙත් හුරුවෙනවා.

‘ඒක තමයි මගෙ ජාත්‍යන්තර වේදිකාව.
මුළු ජාත්‍යන්තරයම බහින්නෙ එතැනට…’

රමියා තවමත් වැල්ලට ආදරේ කරනවා. රමියා දෙවැනි අදියරට සහභාගි වෙනවා. එතැනදී ඔහු ඉස්සරහට යනවා. වේදිකාවෙ ගී කියනවා. සිරසෙන් රමියව ලෝකෙටම පෙන්නනවා. හැබැයි කිරුළ පේන මානෙටම එන රමියට ආයෙමත් සැරයක් නවතින්න වෙනවා.

‘රමියා අද මේ ජාත්‍යන්තර වේදිකාවට සමුදෙනවා’ කියන හඬ ඇහෙනවා.

‘දැන් ඉතින් ගෙදර යන්න ඕනෙ…’

ඒත් රමියා අඬන්නෙ නෑ. රමියා හිනා වෙනවා. සියල්ල අවසන් බව දැන දැනම රමියා හිනා වෙනවා. රමියා වැල්ලට ආපහු යනවා. ඒ අස්සෙ සිරස තව මොකක්ද වෙනසක් කරනවා. ඒකට එයාලා කිව්වේ පස්වැනි විනිසුරු අවස්ථාව කියලා. ඒ හරහා ඉවත් වුණු අයට අවස්ථාවක් ලැබෙනවා. එක ඇමතුමක කොන තියෙන්නෙ වැල්ලෙ. වැල්ලෙ ඉන්නෙ රමියා.

‘ආදරේ හදවතේ අඩියෙන්ම…’ කියලා රමියා තකහනියක් රත්මලානෙ එනවා. එතැනින් ගොළුමඩම හන්දියෙන් බහිනවා. බොරුපන පාරෙන් හැරෙනවා. අඩියට දෙකට එන්නෙ දෙවැනි හරස් පාරට. එතැනින් ස්ටයින් එකට. කොල්ලා ආයෙමත් ගේමට එන්ටර් වෙනවා. ගමනෙ කෙළවර අවසන් දවසෙ සිරසෙන් වැල්ලට ඇහෙන්න කෑගහලා දිනනවා.

‘කිරුළ දිනන්නේ රමියා…’ කියලා. ඔන්න ඔය විදියට රමිෂ් සශිංක සුපිරි තරුවක් වෙනවා. කීප වතාවක්ම වැටිලා නැගිටලා තමන්ගෙ වාරුවෙන් නොවැටෙන්න හිටගන්න රමියට පුළුවන් වෙනවා. ඒක මරු වැඩක්. ලොකු දිනුමක්. හැමෝම රමියගෙ අහිංසකකමට නිරහංකාරකමට ආදරය කරන්න ගන්නවා. රමියා දිනන්නෙ වොයිස් කිරුළ විතරක් නෙමෙයි. රමියා හදවත් දහස් ගානක් දිනනවා. රමියා ‘ද වොයිස්’ හොඳම ගායකයා වගේම රටේ මිනිස්සුන්ගෙ හදවතේ ගායකයා වෙනවා. ඉතින් රමියා සුබ ගමන්. ඉස්සරහටම යමං…

ආදරෙයි හදවතේ පතුලෙන්ම. අපිත් කියනවා.
ජය..!

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

SLT-MOBITEL Mobile වෙතින් අසීමිත ප්‍රතිලාභ රැසක් සමග පෙරළිකාර ‘ONE SHOT’ පැකේජය හඳුන්වා දෙයි I Sri Lanka Latest News

Next Post

VIP පර්යන්තයෙන් වැඩම කළ ලෝ ප්‍රකට අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ට වඩා කටුනායක නිලධාරීන්ට ඇමැති නිමල් සිරිපාලව ලොකුවෙයි! අජාන් හිමියන්ට ගුවන් යානය මගහැරී පැය 12ක් ගුවන්තොටේ රස්තියාදු වෙලා! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන ලෙස බල කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ උදෙසා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ මහජන...

Read more
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.