• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කේමදාස මාස්ටර් විජයට බැනලා එලවපු දවස

February 16, 2020
in Heart
Reading Time: 1 min read
A A
කේමදාස මාස්ටර් විජයට බැනලා එලවපු දවස
Share on WhatsAppShare on Facebook

නුගේගොඩ ඔගී ශබ්දාගාරයේදී 1983 වසරේ දිනයකදී සිදුවූ අපූරු සිදුවීමක් මතකයට එයි. නිෂාන්ත ද අල්විස්ගේ ‘ඩොරීන්ගේ සයනය’ චිත්‍රපටයේ ප්‍රධාන තේමා ගීතය පටිගත කිරීමට ලැහැස්ති කර තිබිණි. ගීතය ගායනය කිරීම කරනු ලබන්නේ ජනප්‍රිය, ප්‍රවීණ රංගන ශිල්පී සහ ගායන ශිල්පී විජය කුමාරතුංග විසිනි. චිත්‍රපටයේ සංගීතයත් මෙම ගීතයේ සංගීතයත් අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ ප්‍රේමසිරි කේමදාසයන් විසිනි. නිසි වේලාවට කටයුතු ආරම්භ කිරීමට සැලැසුම් කර තිබිණි. මාධ්‍ය ඡායාරූප ශිල්පීන් කිහිප දෙනකුම එම අවස්ථාව ඡායාරූපගත කිරීමට එතැනට පැමිණ සිටි අතර, මමද ඒ අතර විය.

ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් තමන්ගේ සංගීත ශිල්පීන් සමඟ සියල්ල ලකලැහැස්ති කරගෙන සිටියේය. ඉන් සුළු මොහොතකට පසුව ‘විජේ අයියා’ (විජය කුමාරතුංග) එහි පැමිණියේය. කේමදාස මාස්ටර් ඔහු සමඟ අවශ්‍ය දේ කතාබස් කරමින් සිට ගීතය පටිගත කිරීම ආරම්භ කළේය. ගීතයේ පළමු පදමාලාව ‘විජේ අයියා’ ගායනා කරන්නට ගත්තේය. සිදුවූයේ පුදුමයකි. දසුන දෙස බලාගෙන සංගීතය අධ්‍යක්ෂණය කරමින් සිටි මාස්ටර්ගේ මුහුණ වෙනස් විය. එහි කිසිදු ප්‍රියමනාප බවක් නොවීය. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාද උකුසු ඇස් යොමාගෙන සිටියේය. කේමදාස මාස්ටර් වහා සංගීත අධ්‍යක්ෂණය නතර කළේය. විජේ අයියා දෙසට හැරුණේය.

“විජේ මොකද මේ වෙලා තියෙන්නේ. කෝ වොයිස් එක? ඔහොම රෙකෝඩින් කරන්න බැහැ. නවත්තන්න, නවත්තන්න”

“ඔව් මාස්ටර්, වොයිස් ටිකක් වෙනස් වුණානේ”

“ටිකක් නෙවෙයි වොයිස් එක හොඳටම චේන්ජ් වෙලා, මොකද දේශපාලන මීටින්වල කතා කළා නේද?”

සිදුවන්නේ කුමක්දැයි සියල්ලන්ම බීරාන්තව බලා සිටියේය. විජේ අයියා කතා කළේය.

“ඔව් මාස්ටර්. සමාවෙන්න. ඊයේ, පෙරේදා දෙකේම මීටින් දෙකක් තිබුණා”

“ඒ වැඬේ හරියන්නේ නෑ විජේ. ඔයාගේ වොයිස් එක සම්පූර්ණයෙන් අවුට්. ඔයා එක්කෝ සින්දු කියන්න ඕන. නැත්නම් පොලිටිකල් මීටින්වල කතා කරන්න ඕන. තව එක රියර්සල් එකක් කරමු. හරි යන්නේ නැත්නම් වැඬේ පෝස්ට්පෝන්”

දෙවැනි පටිගත කිරීමක්ද ආරම්භ කළේය. එහෙත් මාස්ටර්ට විජේ අයියාගේ කටහඬ ඇල්ලුවේ නැත. එම අවස්ථාවද වහා නවතා දැමුවේය. ‘ඩොරීන්ගේ සයනය’ තේමා ගීතය පටිගත කිරීම වහා කල් දැමුවේය.

විජේ අයියා ශබ්දාගාරයෙන් එළියට ඇවිත් අප දෙස බලමින් “මාස්ටර්ගෙන් ලෙහෙසියෙන් බේරෙන්න බැහැ මල්ලී” යැයි අපට කීවේය.
ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ආසිරි අග්‍රහාර සත්කාරක සේවාව මගින් රාජ්‍ය සේවයේ සැමට වරප්‍රසාද

Next Post

අතට මතුරා ගමන ජයගන්න

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.