• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් ජපන් යන්න කලින් හර්ෂටයි කබීර්ටයි හොඳ ලණුවක් කවලා ගිහින්! I Sri Lanka Latest News

May 28, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
රනිල් ජපන් යන්න කලින් හර්ෂටයි කබීර්ටයි හොඳ ලණුවක් කවලා ගිහින්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය කාලසීමාව පුරාම සමගි ජන බලවේගයට බරපතළ ප්‍රශ්නයක් වී තිබුණේ මුදල් කමිටුවේ සභාපති ධුරය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට හිමි නොවීමය. සජබය මේ බව අවස්ථා ගණනාවකදීම ආණ්ඩුවේ අවධානයට යොමු කළත් ඒ සෑම අවස්ථාවකදීම ආණ්ඩුව විවිධ කතා කියමින් එම ප්‍රශ්නය මගහැරීමට කටයුතු කළේය. අවස්ථා කිහිපයකදීම හර්ෂ ද සිල්වා මහතාද ජනාධිපතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළද, අවසන් තීන්දුවකට පැමිණීමට නොහැකි වී තිබිණ. එහිදී විපක්ෂ නායකවරයාත්, විපක්ෂයත් දැඩිව පෙන්වා දී තිබුණේ ආණ්ඩුව යහපාලන ප්‍රතිපත්තිවලින් ඉවත්ව ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට නීතිරීති උල්ලංඝනය කරමින් රටේ පාලනය ගෙන යනවාය කියාය. මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාලද දැනුවත් කර තිබූ හෙයින් ආණ්ඩුවට මෙය බරපතළ ප්‍රශ්නයක් වන තරමට උඩුදුවා තිබූ ආකාරයක්ද දැකගත හැකි විය.

රනිල් යන්න කලින් හමුවක්!

ජනාධිපතිවරයාගේ ජපාන සංචාරය මේ අතරවාරයේ යෙදී තිබීම හේතුවෙන් ජපානය බලා පිටත්ව යෑමට ප්‍රථම ජනාධිපතිවරයාට මෙම ප්‍රශ්නය තාවකාලිකව හෝ විසඳා ගැනීමේ අවශ්‍යතාව මතුව තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයා කළේ ජපානය බලා පිටත්ව යෑමට ප්‍රථම ඒ සඳහා පොඩි දේශපාලන ගේමක් ගැසීමය. ඒ අනුව ජනාධිපතිවරයා කළේ කබීර් හෂීම්ටත්, හර්ෂ ද සිල්වාටත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තමන් හමුවීමට පැමිණෙන ලෙස දැනුම් දීමක් සිදුකිරීමය. මෙම දැනුම්දීමත් සමග කබීර් වහාම සජිත් හමුවී මෙවැනි ඉල්ලීමක් ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳවත් විමසා සිටීමට පියවර ගත්තේය. මුදල් කමිටුවේ සභාපති ධුරය පිළිබඳ ප්‍රශ්නය මෙම හමුව හරහා විසඳා ගැනීමට හැකි නම් එය ගැටලුවක් නොවන බැවින්, සජිත් කියා සිටියේ එසේ නම් ජනාධිපතිවරයා හමුවී මෙම ප්‍රශ්නය විසඳාගන්නා ලෙසය.

දිනේෂ්-ප්‍රසන්න වෙනස් වෙයි!

එම දැනුම්දීමට අනුව කබීර් හා හර්ෂ ජනාධිපතිවරයා මුණගැසීමට යද්දී එම අවස්ථාවට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතාද එක්ව සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව ආරම්භ වූ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම ගැටලුව පිළිබඳ සාකච්ඡා කරමින් ආණ්ඩුවට ගැටලුවක් නොවන ආකාරයට තේරීම් කාරක සභාවේදී ප්‍රශ්නය විසඳා ගන්නා ලෙසට දැනුම් දී සිටියේය. ඒ හරහා හර්ෂගේ පත්වීමට කොළ එළියක් දැල්වීමට ජනාධිපතිවරයා කටයුතු කොට තිබිණි. ඒ අනුව කබීර් හා හර්ෂ වහාම සජිත්ව දැනුවත් කරමින් ප්‍රශ්නය විසඳා ගැනීමට හැකි වූ බව දැනුම් දී සිටියේය. ඒ අනුව කබීරුත් හර්ෂත් තේරීම් කාරකසභා රැස්වීමට සහභාගි වූයේ මාස ගණනාවක් පුරා ඇදෙමින් ගිය ප්‍රශ්නය විසඳා ගැනීමේ අරමුණ ඇතිවය. නමුත් එහිදී සිදුවූයේ කිසිවකුත් නොසිතූ ප්‍රශ්නයකට කබීර්ටත්, හර්ෂටත් මුහුණ දීමටය. ඒ, ප්‍රසන්නත්, දිනේෂුත් ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී පැමිණි එකඟතාව නොතකා ජනාධිපතිවරයා වෙනත් පක්ෂයක තනි පුද්ගලයකු බවත්, ආණ්ඩුව ගෙන යන්නේ පොහොට්ටුව බවත් කියමින් හර්ෂගේ නාමයෝජනාවට විරෝධය පළ කිරීම නිසාය.

එයා වෙන පක්ෂෙක!

මේ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාද පාර්ලිමේන්තුවේදී ප්‍රසන්නගෙන් ප්‍රශ්න කරද්දී ප්‍රසන්න යළිත් කියා සිටියේ ජනාධිපතිවරයා වෙනත් පක්ෂයකු අයකු බවත්, ආණ්ඩුව ගෙන යන්නේ පොහොට්ටුව විසින් බවත්ය. ඒ හරහා හර්ෂව සහ කබීර්ව පාර්ලිමේන්තුවේ බාල්දු කිරීමට ප්‍රසන්න කටයුතු කළේය. ඒ අනුව ඇත්තටම එහිදී සිදුව තිබුණේ ජනාධිපතිවරයාට ජපාන සංචාරය අතරතුරදී යහපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවට පෙන්වීමට තිබූ අවස්ථාව මුල් කරගෙන කබීර්වත්, හර්ෂවත් කඩේ යවා තිබීමය. ඒ අනුව තමන් හර්ෂට මුදල් කමිටුවේ සභාපති ධුරය ලබාදීමට එකඟ නමුත් පොහොට්ටු ආණ්ඩුව ඊට එකඟ නැති බව ජනාධිපතිවරයා එහිදී ලෝකයටම පෙන්වා දී තිබූ කාරණය විය.

සජබ මන්ත්‍රීවරුන්ට යකා නැගලා!

මේ සම්බන්ධයෙන් පසුගිය සතියේදී සජබ මන්ත්‍රී කණ්ඩායම ඇතුළේද විශාල කතාබහක් ඇතිව තිබිණි. පසුගිය බ්‍රහස්පතින්දා මෙම සිදුවීම සිදුවීමත් සමග විපක්ෂ ලොබියේදී හමුවූ සජබ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු මෙම සිදුවීමට විරෝධය පළකරමින් අදහස් දැක්වීමට පියවර ගත් ආකාරයක් දැකගත හැකි විය.

රනිල් ලණුවක් දීලා!

‘මේක මහ විකාරයක්. මේ පාරත් රනිල් කබීර්ටයි, හර්ෂටයි හොඳ ලණුවක් කැවුවා. අන්තිමේදී ඔක්කොම ඉස්සරහා පක්ෂෙත් බාල්දු වුණා. රටේ මෙච්චර ප්‍රශ්න තියෙනවා. අපිත් හැමදාම මුදල් කමිටුවේ තනතුරක් බදාගෙන පාර්ලිමේන්තුවේ කෑගහගන්නවා. රටේ මිනිස්සුන්ට කන්න නෑ. රටේ මිනිස්සුන්ට ඡන්ද නෑ. අයි.එම්.එෆ්. එකේ කොන්දේසි හින්දා මුළු රටම හිරවෙලා. මුදල් කමිටුවේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක වෙන විදිහකට විසඳගමු. ජාත්‍යන්තර පාර්ලිමේන්තුවටයි, පොදුරාජ්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තු කමිටුවටයි ලියලා හරි ඒ ප්‍රශ්න විසඳාගන්න ඕනේ. එහෙම නැතුව මේක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන එකෙන් අපට වැඩකුත් නෑ, රටේ මිනිස්සුන්ට වැඩකුත් නෑ….’ යනුවෙන් කී මෙම මන්ත්‍රීවරුන් මේ වන විට සිටින්නේ එළැඹෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මීට එරෙහිව දැවැන්ත සටනක් දියත් කිරීමටය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

4 පාරක් උස්සපු දෝනිද? 1 පාරක් උස්සපු පාණ්ඩ්‍යාද? මේ පාර IPL කප් එක කාටද? මැච් එක අද රෑ 7.30ට! I Sri Lanka Latest News

Next Post

මහේලට ආයෙමත් ක්‍රිකට් තනතුරක්! I Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන් නමින් දැන්වීම් පළකරමින් මහාපරිමාණයෙන් නීති විරෝධීව මුදල් එකතු කර ඇති සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති...

Read more
කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.