• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් කල් ඉල්ලයි

August 22, 2019
in Sports
Reading Time: 2 mins read
A A
ශ්‍රී ලංකා ක්‍රිකට් කල් ඉල්ලයි
Share on WhatsAppShare on Facebook

විගණකාධිපති බෑ කියයි

බොහෝ දෙනකු දින ගනිමින් බලා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෝහාරික විගණන වාර්තාව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත භාරදී දැන් සතියක්ද ඉක්ම ගොස් අවසන්ය. නමුත් සියලු දෙනාගේ බලාපොරොත්තු බිඳදමමින් එම වාර්තාව සම්බන්ධයෙන් කිසිම පියවරක් ගැනීමට ඇමැතිවරයා මේ වන තුරුම කටයුතු කර නැත. පසුගිය පරිපාලනය යටතේ ක්‍රිකට් ආයතනය තුළ සිදුවූ මහා පරිමාණ වංචා දූෂණ දිනෙන් දින හෙළිදරව් විය. ඒ සම්බන්ධයෙන් විමසූ සෑම අවස්ථාවකම ඇමැතිවරයා ප්‍රකාශ කළේ තමන්ට ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැක්කේ එහි වෝහාරික විගණන වාර්තාව ප්‍රමාදවීම හේතු කොටගෙන බවය. එම වාර්තාව තමන්ට ලැබුණු සැණින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට තමන් සූදානම් බවද ඇමැතිවරයා කිහිප වරක්ම ප්‍රකාශ කළේය.
ක්‍රිකට් ආයතනයේ වෝහාරික විගණන වාර්තාව ප්‍රමාදවීම මත විගණකාධිපති දෙපාර්තමේන්තුවටද අමතර පීඩනයක් එල්ල වන්නට විය. ඒ හේතුවෙන් එම පරීක්ෂණ හැකි ඉක්මනින් අවසක් කිරීමට හැකි සෑම පියවරක්ම ගැනීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව කටයුතු කළ අතර ඒ සඳහා පත් කළ නිලධාරීන් දිවා රාත්‍රී නොබලා පරීක්ෂණ සිදුකළ බවද අනාවරණ විය. කොයි ආකාරයෙන් හෝ පරීක්ෂණ අවසන් කර විගණකාධිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යාංශයට ලබාදුන් පිටු 1,200කින් යුතු වාර්තාව ඇමැතිවරයා අතට පත් වූයේ පසුගිය 07 වැනිදාය. එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පසෙක තබා ඇමැතිවරයා කටයුතු කළේ එය ක්‍රිකට් ආයතනයේ වර්තමාන සභාපතිවරයා වෙත යොමු කිරීමටය. බැලූ බැල්මටම එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් බව අමුතුවෙන් පැහැදිලි කළ යුත්තක් නොවේ.

මෙම වෝහාරික විගණන වාර්තාව සම්බන්ධ විරෝධතා ඇතොත් සතියක් ඇතුළත දන්වා එවන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව මඟින්ද ක්‍රිකට් ආයතනය වෙත ලිඛිතව දන්වා එවා ඇත. එයට පිළිතුරු සපයමින් ක්‍රිකට් ආයතනය විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙත දන්වා යවා ඇත්තේ එම විරෝධතා ඉදිරිපත් කිරීම සතියකින් සිදු කළ නොහැකි බවය. තමන්ට ඒ සඳහා මාසයකවත් කාලයක් අවශ්‍ය බව ක්‍රිකට් ආයතනය දන්වා යවා ඇත. නමුත් ඒ සඳහා අවසර ලබාදී නොමැති විගණකාධිපති දෙපාර්තමේන්තුව ක්‍රිකට් ආයතනයට නැවත දන්වා එවා ඇත්තේ අවශ්‍ය නම් තවත් සතියක්, එනම් දින 14ක් ඒ සඳහා ලබාදිය හැකි බවය. කිසිසේත්ම තවත් මාසයක් ඒ සඳහා ලබාදිය නොහැකි බව දන්වා ඇති විගණකාධිපති දෙපාර්තමේන්තුව දින 14කින් පසු විරෝධතා ඉදිරිපත් නොකළහොත් එම වාර්තාව ක්‍රිකට් ආයතනයේ අවසන් නිල වෝහාරික විගණන වාර්තාව ලෙස පිළිගැනීමට සිදුවන බවද විගණකාධිපති දෙපාර්තමේන්තුව ක්‍රිකට් ආයතනයට දන්වා ඇත.

අනාවරණ වන අන්දමට විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති වෝහාරික විගණන වාර්තාව හරහා ක්‍රිකට් ආයතනයේ සිදුවූ බරපතළ අයථා ගනුදෙනු රැසක තොරතුරු හෙළිදරව්වී ඇත. ඒ අතර ප්‍රධාන වනුයේ රූපවාහිනී, ගුවන්විදුලි සහ අන්තර්ජාල තරග විකාශන අයිතිය විකිණීම සම්බන්ධව සිදුවී ඇති බරපතළ දූෂණ සහ වංචාවන්ය. එංගලන්ත තරග සංචාරයට අදාළව ශ්‍රී ලංකාවට ලැබිය යුතු මුදල් ඇමෙරිකානු ගිණුමකට බැරවී ඇති අතර එම මුදල මේ වනතුරුම ක්‍රිකට් ආයතනයට ලැබී නැත. එමෙන්ම දකුණු අප්‍රිකා තරග සංචාරයට අදාළව ශ්‍රී ලංකාවට ලැබිය යුතු මුදල් වෙනත් ගිණුමකට බැර කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණ විය. මේ අයථා ගනුදෙනු සිදු වූ ආකාරය සහ ඒවාට අනුබල දුන් පුද්ගලයන් පිළිබඳ වැදගත් තොරතුරු රැසක් වෝහාරික විගණන වාර්තාව හරහා අනාවරණ වී ඇත. එමෙන්ම පසුගිය ලෝක කුසලාන තරගාවලියේ ගුවන්විදුලි විකාශන අයිතිය හිමිව තිබුණේ ඇඟළුම් අලෙවි සලකට බවත් මේ වන විට සැවොම දන්නා කරුණක් බවට පත්වී ඇත. ඊට අමතරව ක්‍රිකට් ආයතනයට අනුබද්ධව මහනුවර ප්‍රදේශයෙක් තාක්ෂණික විශ්වවිද්‍යාලයක් ඉදිකිරීම සඳහා ඉඩමක් මිලදී ගැනීමේදී සිදුවූ අයථා ගනුදෙනු සම්බන්ධව මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා තෝරාගැනීමේදී ඔහුට ලබාදෙන වැටුප් සහ දීමනා තීරණය වූ ආකාරය සම්බන්ධ තොරතුරුද වෝහාරික විගණන වාර්තාවේ අඩංගු වී ඇත.

වෝහාරික විගණන වාර්තාව සකස් කිරීම සඳහා අවශ්‍ය දත්ත ලබාදී ඇත්තේද ක්‍රිකට් ආයතනයේම තාක්ෂණික නිලධාරීන් විසිනි. එබැවින් එම දත්ත පිළිබඳ ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සහ ප්‍රධාන නිලධාරීන් දැනුවත්ව නැතැයි යන්න පිළිගත නොහැකි කරුණකි. එවැනි තත්ත්වයක් යටතේ අදාළ පරීක්ෂණ පිළිබඳ විරෝධතා ඉදිරිපත් කිරීමට ක්‍රිකට් බලධාරීන් තවත් මාසයක් ඉල්ලා සිටීම පුදුමයට කරුණකි. ක්‍රිකට් බලධාරීන් උත්සාහ දරන්නේ මෙතෙක් කලක් සිදුකළ ආකාරයටම එම වංචා දූෂණ යට ගසාගනිමින් කල් මැරීමටය. මාසයක් ගත වනවිට ශ්‍රී ලංකාවේ මැතිවරණ පසුබිම තවත් ඉහළ යන පසුබිමක ඒ හරහා මේ වංචා දූෂණ හෙළිදරව් වීම යට ගසාගැනීමේ අවස්ථාව උදාවනු ඇතැයි යන්න ක්‍රිකට් බලධාරීන්ගේ බලාපොරොත්තුවය.

කෙසේ නමුත් වෝහාරික විගණන වාර්තාව නිකුත් වීමත් සමඟ ක්‍රිකට් ආයතන අභ්‍යන්තරයේද, බරපතළ ගැටලු රැසක් උද්ගතවී ඇත. විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසන ආකාරයට වාර්තාව සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය ගන්නා පියවර කොයි හැටි වෙතත්, ඉදිරි දින කිහිපය ඇතුළත එය නිල අවසන් වාර්තාව ලෙස ප්‍රකාශයට පත්වනු ඇත. ඒ සඳහා ඊළඟට ගතයුතු පියවර තීරණය කළ යුත්තේ ඇමැතිවරයාය. වාර්තාව අගමැතිවරයාට, කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එහි අඩංගු කරුණු රටේ ජනතාව දැනගැනීමේ අවස්ථාව උදාකිරීම සහ වැරැදිකරුවන්ට දඬුවම් ලබාදීමේ වගකීම ඇත්තේද ඇමැතිවරයා අතේය. මෙතෙක් කල් බලා සිටි ආකාරයටම ඒ සඳහා තවත් සතියක් බලා සිටීමට ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සුවහසක් ජනතාව සූදානම් බවද මතක් කළ යුතුය.

SendShareShare
Previous Post

ක්‍රිකට් හොරකම් උඩට යයි

Next Post

හරීන්ට ගාමිණී වෙන්න බැරිවුණේ ඇයි?

MORE NEWS

‘Unleash’ සන්නාමය, ශ්‍රී ලංකාවේ MMA ක්‍රීඩකයන් ජාත්‍යන්තර සටන් පිටියට සූදානම් කරමින් නිල වශයෙන් දියත් කෙරෙයි! Sri Lanka Latest News
Sports

‘Unleash’ සන්නාමය, ශ්‍රී ලංකාවේ MMA ක්‍රීඩකයන් ජාත්‍යන්තර සටන් පිටියට සූදානම් කරමින් නිල වශයෙන් දියත් කෙරෙයි! Sri Lanka Latest News

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව කොටගත් උත්සවයක්! Sri Lanka Latest News
Sports

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව කොටගත් උත්සවයක්! Sri Lanka Latest News

Battle of the Golds ඩී.එස්. හා මහානාම ‘රන් මහා සටන’ 19 වැනි වතාවටත් ජයටම පැවැත්වෙයි! Sri Lanka Latest News
Business

Battle of the Golds ඩී.එස්. හා මහානාම ‘රන් මහා සටන’ 19 වැනි වතාවටත් ජයටම පැවැත්වෙයි! Sri Lanka Latest News

තර්ස්ටන්-ඉසිපතන 62 වැනි සහෝදරයන්ගේ මහා ක්‍රිකට් තරගය ජයටම! PHOTOS I Sri Lanka Latest News
Sports

තර්ස්ටන්-ඉසිපතන 62 වැනි සහෝදරයන්ගේ මහා ක්‍රිකට් තරගය ජයටම! PHOTOS I Sri Lanka Latest News

සංගා යළි ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම බාර ගනී!‍ Sri Lanka Latest News
Exclusive

සංගා යළි ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම බාර ගනී!‍ Sri Lanka Latest News

Exclusive

2014 අපි දින්නේ ලෝක කුසලානයක් නෙවෙයිද? මාලිංග පොරක් නෙවෙයිද? Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.