• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යෝජනාව කබීර් හෂීම්ගේ! අසුපිණි ඇල්ල ජනපති ජනතා අයිතියට පත් කරයි! PHOTOS I Sri Lanka Latest News

May 21, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
යෝජනාව කබීර් හෂීම්ගේ! අසුපිණි ඇල්ල ජනපති ජනතා අයිතියට පත් කරයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බංකොළොත් බවින් මිදුණු අභිමානයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්ව කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කෑගල්ල අරණායක “අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය” ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (20) එක් වෙමිනි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, මාවනැල්ල සහ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාවලට අයත් ග්‍රාම නිලධාරි වසම් 135ක පැවති පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දෙමින් ශ්‍රී ලංකා රජයේ රුපියල් මිලියන 3,847ක මූල්‍ය ප්‍රතිපාදන සහ නෙදර්ලන්ත රජයේ රුපියල් මිලියන 18,650ක ණය ආධාර යටතේ මෙම ජල යෝජනා ක්‍රමය ක්‍රියාවට නැංවිණි.

එහි ඉදිකිරීම් 2018 වසරේ ආරම්භ කෙරුණු අතර ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ මඟ පෙන්වීමෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කෙරිණි.

දිනකට ඝන මීටර 21,000ක ධාරිතාවයකින් යුත් ජල පිරිපහදුවක්, සේවා ජලාශ 07ක්, කිලෝ මීටර් 37ක සම්ප්‍රේෂණ නළ පද්ධතියක් සහ කිලෝ මීටර් 120ක බෙදාහැරීමේ නළ පද්ධතියක් මේ යටතේ ඉදිකර තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ පවුල් 52,300ක් ආවරණය වන පරිදි 169,000ක පමණ ජනතාවකට පිරිසිදු සහ සුරක්ෂිත පානීය නළ ජල පහසුකම හිමිවන අතර ඒ යටතේ නව ජල සබඳතා 25,200ක් ලබාදීම සහ පවතින ජල සබඳතා 27,100ක් වැඩිදියුණු කිරීමට ද නියමිතය.

සමරු ඵලකය නිරාවරණය කර ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කළ ජනාධිපතිවරයා ජල පද්ධතිය ද විවෘත කළේය.

අනතුරුව ජල යෝජනා ක්‍රමය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.
2018 වර්ෂයේ දී අග්‍රාමාත්‍යවරයා ලෙස මෙම ජල යෝජනා ක්‍රමයට මුල්ගල තැබීමට පැමිණියා. අද මම ජනාධිපතිවරයා ලෙස එම ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමට පැමිණීමට ලැබීම මහත් භාග්‍යයක් කොට සලකනවා. එවකට මෙම ජල යෝජනා ක්‍රමය සඳහා මුල්ගල තැබීමට මා පැමිණියේ කබීර් හෂීම් මැතිතුමා කළ ඉල්ලීම මතයි. මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට හැකිවීම සම්බන්ධයෙන් මම සතුටට පත්වෙනවා.

කබීර් හෂීම් ඇමතිතුමා ගෙන ගිය වැඩපිළිවෙළ ඊළඟට පත්වූ ආණ්ඩුවද ඉදිරියට ගෙන ගොස් අද වන විට ජීවත් තොණ්ඩමන් ඇමතිතුමාගෙ ධුර කාලයේදී අවසන් කර තිබෙනවා. අද ආරම්භ කරන මෙම ජල යෝජනා ක්‍රමය මගින් ලක්ෂ දෙකක පමණ ජනතාවකගේ පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා. මෙම ජල යෝජනා ක්‍රමය වෙනුවෙන් දායක වූ සියලු සේවක මහත්ම මහත්මීන්ට මගේ ස්තුතිය පිරිනමනවා.
පසුගිය කාල වකවානුවේ ශ්‍රී ලංකාව බංකොලොත් රටක් කියා ප්‍රකාශ කිරීමෙන් පසුව කිසිදු ආයෝජකයෙක් මෙරටට පැමිණියේ නැහැ. හිටපු ආයෝජකයන් රටින් ගියා. එවැනි පරිසරයක් තුළ විදේශ ආයෝජකයින් ලංකාව ට ආධාර උපකාර ලබාදීමට උනන්දු වෙන්නේ නැහැ.එවැනි තත්ත්වයක් තුළ මම රට භාර අරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් රටේ ආර්ථිකය යම් ස්ථාවර තත්ත්වකට ගෙන ඒමට කටයුතු කර තිබෙනවා.
මොකද සිංහල වුණත් දෙමළ වුණත් මිනිස්සු හිඟන්නෝ විදියට ජීවත් වෙන්න කැමැති නැහැ. ඔවුන් කැමැති නම්බුකාර ලෙස අභිමානයෙන් ජීවත් වීමටයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට අසීරු කොන්දේසි පනවා තිබුණා. නමුත් අපට වෙන විකල්ප තිබුණෙ නැහැ. මීට පෙර ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමේ දි මෙවැනිම කොන්දේසි ඉදිරිපත් කෙරුණා. එහිදී පසුගිය එක් ආණ්ඩුවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙණුවලින් ඉවත් වුණා. නමුත් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් එම වැඩපිළිවෙල නිසි කළමනාකරණයකින් යුතුව ඉදිරියට ගෙන යමින් සිටිනවා.
එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට අපේ රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සාර්ථක කරගෙන ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකියාව තිබෙනවා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අතිකරගත් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගෙන තිබෙනවා.
අද එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තියට පොදුජන පෙරමුණේ අයත් කැමත්ත පළ කර අවශ්‍ය සහාය ලබා දී තිබෙනවා. මේ රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් එම සහයෝගය ඉතා වැදගත්. බංකොලොත් භාවයෙන් මිදී නම්බුකාර රටක් ගොඩ නැගීමට අපි සියලු දෙනාම එක්වී කැපවීමෙන් කටයුතු කළ යුතුයි.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා

මෙහි පැමිණි ඔබ සැමට වගේම නෙදර්ලන්ත රජයට සහ තුර්කි රජයටත් මගේ විශේෂ ස්තුතිය පිරිනමනවා. එමෙන්ම මෙම කාර්යයට දායක වූ ජලසම්පාදන මණ්ඩලයේ ඇතුළු සියලු කොන්ත්‍රාත්කරුවන්ට මෙහි රැඳී සිටිමින් මෙම ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීමට කටයුතු කිරීම පිළිබඳව කෘතඥ විය යුතුයි.
එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කයන්හි අංක 6 වන සැමට පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව සැපයීම යන ඉලක්කය සපුරා ගැනීම සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කැපවීම මම මෙහිදී නැවත අවධාරණය කිරීමට කැමැතියි.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මූලිකව කටයුතු කළ කබීර් හෂීම් මන්ත්‍රීතුමා අද මෙම අවස්ථාවට සම්බන්ධවීම සතුටට කරුණක්. අද මේ සෑම ව්‍යාපෘතියක්ම සාර්ථක කර ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කර දුන්නේ ගරු ජනාධිපතිතුමා බව සිහිපත් කළයුතුයි. අද ජනාධිතිතුමා මේ රට බංකොළොත් බවින් නිදහස් කරගෙන තිබෙනවා. ඒ වගේම අතහැර දමා තිබූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට හැකි මට්ටමකට අද රට පැමිණ තිබෙන්නේ එතුමා ගෙන යන නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ නිසා බව කිව යුතුයි.

ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා
මෙම ජල යෝජනා ක්‍රමයට 2018 වර්ෂයේ දී අගමැතිවරයා ලෙස වත්මන් ජනාධිපතිතුමා මුල්ගල තැබුවා. එතුමා අද මෙම ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමට පැමිණීම පිළිබඳ අප සතුටු වෙනවා.
කෑගල්ල දිස්ත්‍රික්කය ජලයෙන් ස්වංපෝෂිත වූවත් පානීය ජලය ලබා දී තිබෙන්නේ දිස්ත්‍රික්කයෙන් සියයට 45 කට පමණයි. නමුත් අද මෙම ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමත් සමඟ 60%ක පමණ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සම්පුර්ණ වන බව මම කියන්න කැමතියි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පානීය ජල සැපයුම 70%ක් වැනි ඉහළ මට්ටමක තිබෙනවා. අම්පාරේත් එහෙමයි. අරගලකරුවන් රාජ්‍ය දේපළ කඩා බිඳ දැමීමට කටයුතු කළත් අරගල කළයුත්තේ මෙවැනි විශාල ව්‍යාපෘති ලබාගැනීමට බව මම විශ්වාස කරනවා.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා

මෙම ජල යෝජනා ක්‍රමය මගින් ජනතාව විශාල පිරිසකට සෙත සැලසෙනවා. පසුගිය ආණ්ඩුව ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය අපේ ආණ්ඩුව විසින් අඛණ්ඩව ඉදිරියට ගෙන ආවා. මෙවැනි වැදගත් ව්‍යාපෘති ඉදිරියට ගෙන එන විට විවිධ කුමන්ත්‍රණ සිදු කෙරෙනවා. පෙරේදා රාත්‍රියේ යම්කිසි පිරිසක් මේ යෝජනා ක්‍රමයට අදාළ බට තොගයක් ගිනි තබා තිබෙනවා . එහි වටිනාකම රුපියල් මිලියන 50කට වැඩි යි.
රට අස්ථාවරව තිබෙන අවස්ථාවකදී ජනාධිපතිතුමා රට බාර අරගෙන නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් කරා රට යොමු කිරීමට කටයුතු කළා. ඔබතුමාගේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉතා වැදගත්. ඒ වගේම මම ජනාධිපතිතුමාට යෝජනා කරනවා දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ද ඉතා අවශ්‍යයි කියා. ඔබතුමාගේ මෙම නව ආර්ථික සහ දේශපාලන වැඩපිළිවෙළ හරහා මේ රට නව පිම්මක් පනිනු ඇතැයි මම විශ්වාස කරනවා.

තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා

ජනාධිපතිතුමා ධුරයට පත්වීමෙන් පසුව කෑගල්ල දිස්ත්‍රික්කයට පැමිණි පළමු අවස්ථාව මෙයයි. ඒ මෙම දැවැන්ත ජල යෝජනා ක්‍රමය ජනසතු කිරීමටයි. මෙම දැවැන්ත ජල යෝජනා ක්‍රමය අපි විපක්ෂයේ සිටින කාලයේ ආරම්භ කළ එකක්. නමුත් එය අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් අද එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට අවස්ථාව ලැබී තිබෙනවා.
කෑගල්ල දිස්ත්‍රික්කය තුළ සංචාරකයන්ගේ ආකර්ශනයට ලක්වන ස්ථාන කිහිපයක්ම තිබෙනවා. අලි අනාථාගාරය, සත්තු වත්ත, කිතුල්ගල රාෆ්ටින් ක්‍රීඩාව වැන දේ වලින් එම සංචාරක ආකර්ෂණය ප්‍රවර්ධනය කර ගැනීමට හැකියාව තිබෙනවා.
ජනාධිපතිතුමා නිරන්තරයෙන් කතා කරන හරිත ආර්ථිකය සහ ඩිජිටල් ආර්ථිකය සමඟ මේ රටේ ආර්ථිකය නව මානයකට ගෙන යාමට හැකියාව තිබෙන බව සිහිපත් කළ යුතුයි.

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බොනී හෝබැක් මහත්මිය

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූයේ ශ්‍රී ලාංකීය, නෙදර්ලන්ත හා තුර්කි සහයෝගිතාව අනුවයි. ජනතාව විශාල පිරිසකට අඛණ්ඩව පිරිසිදු පානීය ජල පහසුකම හිමිවන මෙම විස්මිත ව්‍යාපෘතිය ගොඩනැංවීමට ශ්‍රී ලාංකීය ඉංජිනේරුවන් සමත් වූයේ ඔවුන් සතු වු අගනා දැනුම හේතුවෙන් බව කිව යුතුයි. මෙය යුරෝ මිලියන 81 ක් වැය වූ ව්‍යාපෘතියක්. නමුත්, සැලසුම් කිරීම සහ එක්ව වැඩ කිරීමට පමණක් සීමා නොවී දැනුම බෙදාහදා ගැනීම සහ ජනතාවට විශාල ප්‍රතිලාභ ලබාදීමට මෙම ව්‍යාපෘතිය ඉවහල් වුණා. එම නිසා අද මෙම අවස්ථාවට සහභාගීවීමට ලැබීම පිළිබඳ මම ආඩම්බර වෙනවා.
ඒ වගේම නිර්මාණ යනු සමාන අවස්ථා සඳහා ප්‍රවේශ වීමට ඉඩ සලසා දීම බව මම සිතනවා. මේ වන විට ශ්‍රී ලංකාව තුළ නව ව්‍යාපාර සහ ආයෝජන සඳහා අවශ්‍ය පසුබිම හොදින් නිර්මාණය කිරීමට නව ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ඔස්සේ ජනාධිපතිවරයා කැපවී කටයුතු කරනවා.
නෙදර්ලන්ත සමාගම් සහ නෙදර්ලන්ත ආයෝජකයන් ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලාංකීය සමාගම් සහ ශ්‍රී ලාංකික විශේෂඥයන් සමග එක්ව කටයුතු කරමින් දැනුම හුවමාරු කර ගැනීම පිළිබඳ මම ඉතා සතුටු වෙනවා. එමගින් ශ්‍රී ලාංකේය ජනතාවට ඉහළ ප්‍රතිලාභ සැළසෙන අතර ඒ තුළින් ඔවුන්ට වඩා සමෘද්ධිමත් අනාගතයක් නිර්මාණය වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.
රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, රජීකා වික්‍රමසිංහ , සුජිත් සංජය පෙරේරා, උදයකාන්ත ගුණතිලක යන මහත්වරු ඇතුළු කෑගල්ල දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් ද, ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිනි ඩෙමෙට් සර්කෂුලි මහත්මිය ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-05-21

SendShareShare
Previous Post

රනිල් ජපන් යන ගමන් සිංගප්පූරුවටත් යයි! පිටත්වීම හෙට! I Sri Lanka Latest News

Next Post

පොහොට්ටුව ගමට බහී! අනුරාධපුර සංවිධාන කටයුතු අරඹයි! එස්.එම්. වැඩ පටන්ගනී! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.