• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මතකද? වඳ බෙහෙත්, වඳ කොත්තු, වඳ වඳ වඳ කිය කියා අපේ කට්ටිය රටේම මිනිස්සු ඇවිස්සුවා! මෙන්න අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වඳ කතාවට දුන්න තීන්දුව! I Breaking News

May 17, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මතකද? වඳ බෙහෙත්, වඳ කොත්තු, වඳ වඳ වඳ කිය කියා අපේ කට්ටිය රටේම මිනිස්සු ඇවිස්සුවා! මෙන්න අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වඳ කතාවට දුන්න තීන්දුව! I Breaking News
Share on WhatsAppShare on Facebook

තමන්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රදවා ගැනීම නීති විරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා කුරුණෑගල රෝහලේ වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆි විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.(Breaking News)

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව එම තීන්දුව ලබාදුන්නේ විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින්. කුරුණෑගල පොලීසියේ නිලධාරීන් විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට එරෙහිව වෛද්‍ය මොහමඩ් සාෆි විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණි

පෙත්සම සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී පෙත්සම්කාර වෛද්‍ය සාෆි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙන්වා දුන්නේය

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට සාධාරණ සාක්ෂි කිසිවක් අනාවරණය වී නොතිබූ බවයි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ. එසේ තිබියදී ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතියට පටහැනි බව ද ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කියා සිටියේය

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ විවෘත අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුගේ බැංකු ගිණුම් වාර්තා පරික්ෂා කිරීමේදී විශාල මුදල් සංසරණයවීමක් සිදුවී තිබෙන බව පෙනී යන්නේ යැයි සඳහන් කලේය

“පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී සති දෙකකින් පසුව මෙවැනි විශාල මුදල් හුවමාරු වීම් සිදුවී ඇති බව පෙනී ගොස් තිබෙනවා. මෙම කරුණ සම්බන්ධයෙන් විමර්ශකයන් තුළ ඇතිවූ සාධාරණ සැකයක් මතයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ. මෙම පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට පෙර පොලිසිය විසින් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තා. එම ප්‍රකාශය තුළින් පෙත්සම්කරු තමන්ට මුදල් ලැබුණු ආකාරය ගැන පැහැදිලි කිරීමට අපොහොසත් වී තිබෙනවා. පොලිස් පරීක්ෂණවලට මැදිහත්වීමට අධිකරණයට හැකියාවක් නැහැ” යනුවෙන් විනිසුරු මළල්ගොඩ එහිදී පෙන්වා දුන්නේය

ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ ද විවෘත අධිකරණයේ කරුණු දක්වමින් පෙත්සම්කරුගේ බැංකු ගිණුමට එකම දිනක විශාල මුදල් තැන්පත් වී තිබෙන බව පරික්ෂා කිරීමේදී පෙනී යන බව කියා සිටි‌ේය.

“මෙම මුදල් ලැබුණේ කෙසේද? යන්න පැහැදිලි කර ගැනීම සඳහා විමර්ශන පැවැත්වීමට සිදුවෙනවා. පාස්කු ප්‍රහාරය එල්ල වීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ කාලසීමාවේ අද මෙන් සාමකාමී පරිසරයක් තිබුණෙ නෑ. මෙවැනි විශාල මුදල් සංසරණය වීම පිළිබඳව විමර්ශකයන් තුළ සැකයක් මතුවීම සාධාරණයි. ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට සිදු වෙනවා” යනුවෙන් විනිසුරු යසන්ත කෝදාගොඩ එහිදී සඳහන් කලේය.

වැඩි දුරටත් කරුණු දැක්වූ විනිසුරු යසන්ත කෝදාගොඩ කියා සිටියේ පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව නසාර් නැමැති පුද්ගලයෙකු ඒ.ටී.එම් කාඩ්පත් දහයක් සහ පිහියක් සමග අත්අඩංගුවට ගෙන තිබූ බව විමර්ශනවලින් පෙනී ගොස් ඇති බවයි. එලෙස අත්අඩංගුවට ගනු ලැබූ ඒ.ටී.එම් කාඩ්පත් දහයෙන් 09 ක්ම පෙත්සම්කාර වෛද්‍යවරයාගේ බැංකු ගිණුම් වලට අයත්ව තිබූ ඒවා බව විමර්ශන වලින් හෙලිවී තිබෙන බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේය

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරුණිකා හෙට්ටිගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පෙත්සම්කාර වෛද්‍යවරයා ජාතික තවුහිත් ජමාත් සංවිධානය සමඟ ලැදිව කටයුතු කරමින් අයථා ලෙස රුපියල් කෝටි 40 කට අධික වත්කම් සහ මුදල් උපයාගෙන ඇති බවට ලැබුණු බුද්ධි තොරතුර කට අනුව මෙම විමර්ශනය සිදු වූ බවයි.

අදාල විමර්ශනවල දී ඇති වූ සාධාරණ සැකය මත පොලිසිය විසින් පෙත්සම්කරු අත්අඩංගුට ගත් බවත් ඇය කියා සිටියා. එබැවින් පොලිසියේ ක්‍රියාකලාපය තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වූ බව සඳහන් කරමින් පෙත්සම්කරු විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු තුල කිසිදු නීතිමය පදනමක් නොමැති නිසා පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන බව එහිදී නිවේදනය කලේය

2019 වසරේ මැයි මස 24 වනදා කුරුණෑගල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැලක්වීමේ පනත යටතේ රඳවා ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා වෛද්‍ය මොහමඩ් සාෆි විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

-නෙත්/දෙරණ

SendShareShare
Previous Post

ඉතිහාසයේ පළමුවරට හමුදා සෙබළියන් 129ක් කඳවුරෙන් එළියට බැහැලා මහපාරේ විරෝධතාවක් කළේ ඇයි? I Breaking News

Next Post

ලංකාවට ආපු IMF ලොක්කා ආණ්ඩුවට කියපු මෙතෙක් එළියට ආපු නැති බරපතළ පණිවුඩය එළියට එයි! VIDEO I Breaking News

MORE NEWS

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.