• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හදවත රත්තරන් ජෝතිට දැන් අසූවයි

February 13, 2020
in Heart
Reading Time: 2 mins read
A A
හදවත රත්තරන් ජෝතිට දැන් අසූවයි
Share on WhatsAppShare on Facebook

මේ නොනිමෙන
දිවි ගමනේ
නිවනේ මඟ
පෙනෙන තුරා
අම්මේ ඔබේ
පුතෙකු වෙලා
මම එන්නම්
සසර පුරා

සිංහල ගීතයේ අමරණීය ගායකයා ඔහුය. ජීවිත කතාවෙන් සමුගත්තද ඔහුගේ ගීතය අදටත් නොමැරී පවතින්නේ එම නිසාය. අපේ වැඩිහිටියාගේ සිට කුඩා දරුවා දක්වාම ඔහුගේ ගීතයට ආදරය කරන පිරිස බොහෝය. ඒ ඔහුගේ ආදරණීය ගීත ඔවුන්ගේ හදවත් එක රැයින් සොරාගත් නිසාය. ඔහු මිය ගොස් දැන් තිස් දෙවසරක් ගෙවී ගියද ඔහුගේ ගීත අදටත් ජීවමානව පවතින්නේ එම ආදරය උඩය. එක රැයින් තරු බිහිවී එම රැයේදීම නොපෙනී යන තරු බිහිවෙන රටක ඔහු කිසිදා නොපෙනී ගිය තරුව බව පැවසීමේ කිසි වරදක් නැත. අපේ මෙම ආරම්භය ඔහුගේ ආදරණීය කතාව ලියන්නටය. ඉතින් මේ “එච්.ආර්.” යන කෙටි යෙදුමට “හදවත රත්තරන්” යනුවෙන් අර්ථ විවරණය වූ අපේ හදවත රත්තරන් ජෝතිපාලයන් ගැනය. ඔහුගේ උපන් දිනය යෙදෙන්නේ එළඹෙන පෙබරවාරි 12 වැනිදාටය. ඔහු අදටත් සිටියා නම් එදිනට ඔහුගේ වයස අවුරුදු අසූ හතරකි.

හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඞ් ජෝතිපාල යන නාමයෙන් අපේ ගායකයා එදා ඉපදුණේ 1936 වර්ෂයේ පෙබරවාරි 12 වැනිදාය. එසේ ඉපදී අවුරුදු පනස් එකක් ආයු වැළඳූ ඔහු මියයන්නේ 1987 වර්ෂයේ ජූලි 7 වැනිදාය. ඒ මියයන්නේ නිකන්ම නිකන් ජෝතිපාල කෙනකු ලෙස නොව හදවත රත්තරන් ජෝතිපාල කෙනකු ලෙසිනි. එච්.ආර්. ජෝතිපාලයන් මියයන විට සිංහල සිනමාවේ ජනප්‍රියම පසුබිම් ගායකයා ඔහුය. සිංහල ගීතයේ අපූරු හඬ පරාසය ඔහුය. එයින් නොනැවතී සිංහල සිනමාවේ කඩවසම් තරු ගුණය තිබූ නළුවාද ඔහුය. සැබෑවටම ඔහු හම්බ කළේ මුදල් නොව මිනිස්සුය. ජෝතිපාලයන්ගේ අමරණීය බවේ රහස එයය. නමුත් මිනිසුන් ඔහුට දුන් එම ආදරය දිනා ගැනීමට අදටත් ශ්‍රී ලංකාව තුළ ගායකයකු බිහිවී නැත. එසේ බිහිවූ පළමු එකම සහ අවසන් ගායකයා ඔහුය. අප එසේ කියන්නේ වගකීමක් ඇතිවය.

එච්.ආර්. ජෝතිපාලයන්ගේ හඬට සම කරන්නට හෝ එම හඬ පසුකර යන්නට හඬක් එදා බිහිවූයේ නැත. විශේෂයෙන්ම හැත්තෑව සහ අසූව දශකවල ජෝතිපාලයන් නොමැතිව සංගීත ප්‍රසංගයක් පවා තිබුණේ කලාතුරකිනි. සැබෑවටම සංගීත ප්‍රසංගයක් අංගසම්පූර්ණ වීමට නම් එදා එතැන ජෝතිපාලයන් ගී ගැයීම කළ යුතුමය. එමෙන්ම එදා මිනිසුන් ඉල්ලුවේ ඔහුය. සැබෑවටම මිනිසුන් එදා සංගීත ප්‍රසංග කරා ඇදී ගියේ ඔහු බලන්නටය. ඒ තරම්ම ඔහු එදා මුළු රටේම ප්‍රසිද්ධය. ඔහුගේ හිත දිනාගැනීමට තරුණියන් අතර පවා මහත් තරගයක් නිර්මාණය වී තිබුණේ ඒ නිසාය. ඔහුගේ හඬ පෞරුෂය පමණක් නොව ඔහුගේ තිබූ කඩවසම් පෙනුමද ඔහුටම කදිමට ගැළපුණේය. දහස් ගණනක් ඇති තැනකදී පවා අපේ ජෝතිපාලයන් කැපී පෙනුණේ එම නිසාය.

එදා ජෝතිපාලයන් ඉපදුණේ මධ්‍යම පාන්තික පවුලක පළමු දරුවා ලෙසිනි. පසුව ඔහු අධ්‍යාපනය ලැබුවේ මරදාන ශාන්ත ලෝවුරන්ස් විද්‍යාලයෙන් සහ දෙමටගොඩ ශාන්ත ජෝන්ස් විද්‍යාලයෙනි. ඔහු කුඩා කල ගීත ඇසීමට දැක්වූයේ මහත් උනන්දුවකි. තම නිවසේ ගුවන්විදුලි යන්ත්‍රයක් නොතිබුණු නිසා එම කාලයේදී ඔහු ගීත ඇසීම සඳහා අසල තේ කඩයකට යෑමට පවා පුරුදු වී සිටියේ එම නිසාය. ඔහු මුලින්ම රිදී තිරයට එක්වෙන්නේ 1956 වර්ෂයේදී සිරිල් පී. අබේරත්නගේ “සුරතලී” චිත්‍රපටයේ “සිරියා මේ සාරා” ගීතය ගායනා කරමිනි. පසුව ජෝතිපාලයන් ඉන්දීය “වාහිනී” චිත්‍රාගාරයට ගොස් ටී.ආර්. පපා මහතාගේ අධීක්ෂණය යටතේ ජනප්‍රිය ගීත රැසක්ම ගායනා කරනු ලැබීය. එමෙන්ම රිදී තිරයේ පතාක යෝධයන් ලෙස හැඳින්වූ එඩී ජයමාන්නට, ගාමිණී ෆොන්සේකාට, විජය කුමාරතුංගට, සනත් ගුණතිලකට මෙන්ම රවීන්ද්‍ර රන්දෙණිය වැනි අයගේ සුවිශේෂී ගීතමය රංගනයට බොහෝ විට මුසුවූයේ ජෝතිපාලයන්ගේ හඬ බව කිව යුතුමය.

එච්.ආර්. ජෝතිපාලයන් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් සමඟ කටයුතු කර ඇති අතර ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඒ අතරින් පුමුඛය. ඒ අනුව “සංදේශය” චිත්‍රපටයේදී ඔහු ලෙස්ටර් මහතා හා එක්ව වැඩ කිරීමට වරම් ලබාගනියි. එහිදී ඔහු ගායනා කළේ “පෘතුගීසිකාරයා” නම් ගීතයයි. මේ අතර රංගන දිවියටද පා තබන ජෝතිපාලයන් ඊට එක්වන්නේ හැටේ දශකයේ අග භාගයේය. ඒ අනුව හැත්තෑව දශකයේ වැඩි වශයෙන් සිංහල සිනමාවේ කියවෙන්නේ ඔහු ගැනය. කස්තුරි සුවඳ, තුෂාරා, ස්වීප් ටිකට්, හිත හොඳ මිනිහෙක්, කවුද රජා, හොඳට හොඳයි සහ වාසනා, සංගීතා වැනි ජනප්‍රිය චිත්‍රපට වෙනුවෙන් ඔහු ගායකයකු ලෙස සිය හඬ මුසු කරද්දී ඔහු සිය රංගනය එකතු කළේ ඇතුල්වීම තහනම්, සුලලිත සොබනි, සුජීවා, සූකිරි කෙල්ල, අබිරහස, බෝනික්කා, ශාන්ති සහ ඔහුගේම නිෂ්පාදන වන “සුමිතුරෝ” සහ “ඔබයි මමයි” වැනි චිත්‍රපට වෙනුවෙනි.

ගායකයකු ලෙස ඔහු ගායනා කළ ‘පායා ඇයි හිනැහෙන්නේ, මේ නොනිමෙන දිවි ගමනේ, දිය කිඳුරිය සේ, ලස්සනයි බලන්න, සිරියාමේ සාරා, කවුද ඔබ කවුරුන්දෝ, දකින දසුනේ, සිතුම් පැතුම්, ආදර මල් පවනේ, ඈත දිලිසෙන හිරු සඳු රන් තරු, ඇයි දැන් එපා වෙලා, හොඳ සිරියාවයි’ වැනි ගීත අදටත් ජනප්‍රියම තලයේ ගීත නිර්මාණයන් බව පැවසීමේ කිසිදු වරදක් නැත. අදටත් ප්‍රසංග වේදිකාවේ ඔහුගේ ගීත සඳහා ඇත්තේ මහත් ඉල්ලුමකි. එමෙන්ම ඔහුහේ ජනප්‍රිය ගීත ගයමින් ගායන ලොවට පායා එන තරු ගායක ගායිකාවෝද බොහෝය. එහෙත් ඔවුන්ට ජෝතිපාල මහතා මෙන් දිගු දුරක් යෑමට නොහැකි වන්නේ ඩුප්ලිකේට් ජෝතිපාල කෙනකුන් අප කිසිදාක යළි බලාපොරොත්තු නොවන නිසාය. මට හැඟෙනා පරිදි ජෝතිපාලයන් තවමත් මියගොස් නැත. ඔහු මිය ගියා නම් ඔහුගේ ගීතද ඔහුත් සමඟම මිය යනු ඇත. නමුත් එච්.ආර්. ජෝතිපාල යන ඒ ගායකයා එසේ මිය ගියේ නැත. සැබෑවටම ඔහු තවමත් සිටින්නේ අප අතරය. ඔහු සැබෑවටම මියයන්නට නම් ශ්‍රී ලංකාව නම් රට ලෝක සිතියමෙන් මැකී යා යුතුය.

ටජ් මහලක් තනවන්න බෑ මට
ඔබේ සෙනෙහසට හිමී….
හිස් අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමී….
රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

කොණ්ඩදෙණිය හිමියන්ගේ ගෝලයා හෙළිකරන රහස්

Next Post

මුදල් අමාත්‍යාංශ ‌ලේකම් පක්ෂ නායක රැස්වීමට ඇවිත්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

කොටගල ප්‍රා.සභා මන්ත්‍රීට මාලිමාවේ පිරිසක් පහරදී ඇති බවට චෝදනා. Sri Lanka Latest News

Read more
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.