ඉන්දීය ප්‍රාන්ත මැතිවරණයේ කර්ණාටක ප්‍රාන්තයේ බලය රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කොංග්‍රස් පක්ෂය විසින් දිනාගෙන ඇත.
ආසන 224කින් සමන්විත මෙම ප්‍රාන්තයේ ආසන 136ක බලය තහවුරු කර ගනිමින් මෙම විශිෂ්ට ජයග්‍රහණය ලබා ගැනීමට රාහුල් ගාන්ධි සමත්ව ඇත.
එහිදී භාරතීය ජනතා පක්ෂයට හිමිව ඇත්තේ ආසන 65ක් පමණක් වීම විශේෂත්වයකි.










