• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කළුතර සිසුවියන් 16කගේ නිරුවත් වීඩියෝ ගත්‌ ගණිත ගුරා සංඛ දිමන්තද? එහෙමත් නැත්නම් අරගලයේ ඉදිරියෙන්ම සිටි සමින් දිලංකද? සමාජ මාධ්‍යවල යන ෆොටෝ එක කාගේද?

May 13, 2023
in Exclusive
Reading Time: 14 mins read
A A
කළුතර සිසුවියන් 16කගේ නිරුවත් වීඩියෝ ගත්‌ ගණිත ගුරා සංඛ දිමන්තද? එහෙමත් නැත්නම් අරගලයේ ඉදිරියෙන්ම සිටි සමින් දිලංකද? සමාජ මාධ්‍යවල යන ෆොටෝ එක කාගේද?
Share on WhatsAppShare on Facebook

සමාජයේ සිදුවන කාලීන සහ විශේෂයෙන්ම ආන්දෝලනාත්මක සිදුවීම් අළලා ජනතාව නොමග යැවීමට මෙන්ම ඇතැම් අවස්ථාවන්හි දී දේශපාලන වාසි ලබා ගැනීමට සඳහා  ද සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් ව්‍යාජ පුවත් නිර්මාණය කරනවා. එලෙසින් ජනතාව නොමග යැවීමට, මේ දිනවල කතාබහට ලක්වෙන කළුතර ගණිත ගුරුවරයා සමබන්ධ කර ගත් අවස්ථාවක් පිළිබඳව අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“දැරියන් 16 ක් කෙලෙසූ කලුතර කුපාඩි ගණිතය ගුරා දාර ජෙප්පෙක්” යනුවෙන් සඳහන් කරමින් එම ගුරුවරයාගේ ඡායාරූපයක් බවට හඟවන සේයාරුවක් ද සහිත ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

Facebook | Archived Link Facebook | Archived Link

මෙම ඡායාරූපයේ සිටින්නේ සත්‍ය සිදුවීමට සම්බන්ධ පුද්ගලයා ද යන්න පිළිබඳ සොයා බලන ලෙසට අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මේ පිළිබඳව විමර්ශනයක් කිරීමට අප කටයුතු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

කළුතර ප්‍රදේශයේ උපකාරක පංති වලට සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන්, කළුතර උතුර, සුභසාධක  මාවතේ  පදිංචි විදානආරච්චි සංක දිමන්ත ජයවික්‍රම යන 30 හැවිරිදි පුද්ගලයෙකු කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ලබන මැයි 26 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර කර තිබේ. ඒ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා පළ කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

ඒ අනුව ඇතැම් මාධ්‍ය එම උපකාරක පංති ගුරුතුමාගේ නම සහ ෆේස්බුක් ගිණුම්වල තොරතුරු සහ ඡායාරූප හෙළිකළ තිබුණු අතර Sanka Dimantha නමැති එම ගුරුවරයාගේ ෆේස්බුක් ගිණුමේ පළ වී තිබූ ඡායාරූප කිහිපයක් පහතින්. Archived Link

https://www.awesomescreenshot.com/image/39780246?key=6577752dada7c146491bb81b174b3201

මේ අනුව පැහැදිලිවම සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ ඉහත දැක්වූ සටහන්හි දැක්වූ පුද්ගලයා සහ මෙම පුද්ගලයා නොවන බව බැලු බැල්මටම වුවද පැහැදිලි වෙනවා.

ෆේස්බුක් ඡායාරුප සටහනේ ඇත්තටම සිටින්නේ කවුද?

කළුතර ගණිත ගුරුවරයාගේ ඡායාරූපයක් ලෙස ට හෙළි කර තිබූ ඡායාරූපයේ දැක්වෙන සත්‍ය පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳ අප කළ නිරීක්ෂණයේදී ඔහු Samin Dilanka නමැති පුද්ගලයෙක් බවට දැක ගන්නට ලැබුණා. ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළ කර තිබූ ඡායාරූපයක් මෙලෙස අවභාවිත කර තිබුණා. Archived Link

කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් විමසීම සඳහා සමින් දිලංකව දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඔහු සඳහන් කළේ, තමා අරගලයට දායක වූ ක්‍රියාකාරී සාමාජිකයෙක් බවත්, දේශපාලන වාසි තකා තමන්ගේ ඡායාරූපයක් යොදා ගනිමින් මෙලෙසින් අසත්‍ය සහ ව්‍යාජ සටහන් නිර්මාණය කර ඇති බවයි. තමන් කෙදිනකවත් ගුරු වෘත්තියේ නියැලී නැති බවත් ඔහු පවසා සිටියා.

කළුතර උපකාරක පංති ගුරුතුමා සම්බන්ධ සිදුවීම

පාසල් සිසුවියන්ට පංතිකාමරයේ දී ලිංගික අතවර කර ගුරුවරයා, දැරියන්ව නිවෙස්වලට ඇරලවන මුවාවෙන් කළුතර ලාගොස්වත්ත ප්‍රදේශයේ කැලයකට රැගෙන ගොස් සිය මෝටර් රථය තුළදී ලිංගික අතවර කර ඇති බවත් , ඒ අතරතුර සිය ජංගම දුරකථනයෙන් ඒවා පටිගත කර තිබියදී පොලිසිය සොයාගෙන තිබේ.

දැරියන්ට සූම් තාක්ෂණය ඔස්සේ පංති පැවැත්වීමට ලින්ක් යවා මව්පියන් නොමැති අවස්ථාවලදී ඔවුන්ට ඇදුම් ගලවන ලෙස උපදෙස් දී එම දර්ශණද පටිගත කර ඇති බවද සදහන් වේ.

සැකකාර ගුරුවරයා සියලු ලිංගික දර්ශන සිය ලැප්ටොප් යන්ත්‍රයේ ගබඩා කර තිබියදී ඔහුගේ බිරිඳට හසුවී ඇය එම දැරියන්ගේ මව්පියන් දැනුවත් කිරීමෙන් පසු මෙම පුද්ගලයා පිලිබඳ පැමිණිලි කිරීම ආරම්භ වී තිබේ.

සැකකරු අධිකරණය වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කල බවත්, එහිදී ලද නිර්දේශ මත  බන්ධනාගාර ගතකර මානසික වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කරන ලෙසට පොලිසිය අවසර ඉල්ලා සිටීමෙන් පසු ලබන මැයි 15 දා මානසික වෛද්‍යවරයෙක් වෙත යොමුකරන ලෙසට මහේස්ත්‍රාත්වරිය අවසර දී තිබේ. නඩුව ලබන මැයි 26 යලි කැදවීමට නියමිතව ඇත.

සැ.යු : ඉහත කරුණු විමර්ශනයෙන් අප ඉහත සමාජ මාධ්‍ය සටහනේ උපකාරක පංති ගුරුවරයා බවට හඟවමින් පළ කර තිබූ පුද්ගලයාගේ හෝ සිදුවීමට අදාළ ගුරුවරයාගේ දේශපාලන පක්ෂය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය සිදු කර නොමැත. අප පෙන්වා දී ඇත්තේ එම ඡායාරූපයේ සිටින්නේ වෙනත් පුද්ගලයෙකු බව පමණකි.

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, කළුතර දැරියන්ට ලිංගික අතවර කළ බවට කියන උපකාරක පංති ගුරුවරයාගේ ඡායාරූපය ලෙස හැඟවීමට ඉහත සමාජ මාධ්‍ය සටහනේ පෙන්වා ඇති ඡායාරූප පෙන්නුම් කරන්නේ, එම සත්‍ය සිදුවීමේ ගුරුවරයාගේ සේයාරුවක් නොව, වෙනත් පුද්ගලයෙකුගේ ඡායාරූපයක් බවයි. ඡායාරූපයේ සිටින්නේ, දැනට අත්අඩංගුවේ පසුවන සංක දිමන්ත ජයවික්‍රම නමැති ගණිත ගුරුවරයා නොව, සමින් දිලංක නමැති කළුතර ප්‍රදේශයේ ම වෙසෙන, පසුගිය වසරේ අරගලයේ කටයුතුවලට සක්‍රියව දායක වූ තරුණයෙකි.

FACTCRESCENDO

SendShareShare
Previous Post

පිටරට රස්සාවලට යන අය රක්ෂණය කරන්නේ විදේශ සමාගමකින්! ඒකෙන් සමාගමට යන්නේ 10%යි! 90%ක් ඇමැතිවරයයි නිලධාරීනුයි සාක්කුවට දාගන්නවා! ගාණ මිලියන 330ක්! ඇමැතිවරු 4ක් සම්බන්ධයි! රක්ෂණයෙන් ගහන මහා ගැහිල්ලක් හේෂා හෙළිකරයි! මේ හොරකම් නතර වෙන්නේ කවදාද? හොරු රැළ අල්ලනකම් සටන් කරන්න පොරොන්දුවකුත් දෙයි! VIDEO

Next Post

පොලිසිය පැය 24 පුරාම පාරට බස්සයි! මහ රෑත් බැරියර් දමයි! සියලු වාහන චෙක් කරයි! අල්ලන්න හදන්නේ කාවද? VIDEO

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.