• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක්ස්ප්‍රස් පර්ල් නැවට නඩු දාන්න උනන්දුවක් නැතිව අද අධිකරණ ඇමැති ලැජ්ජ නැතිව කියනවා ඩොලර් මිලියන 250ක අල්ලසක් අරන් කියලා! කෝ ඒවට ගත්ත ක්‍රියාමාර්ග? අද එතුමා විවාදය නවත්වන්න රීති ප්‍රශ්න ගේනවා! මේක පුහුල් හොරා කරෙන් දැනේ වගේ වැඩක්! VIDEO

May 10, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ජේ.සී.ට, එකට හිටපු ෆීල්ඩ් මාෂල් නරක් වෙයි වෙයි! රනිල්ව හොඳ වෙයි! රනිල්ට කාලයක් දෙන්නත් ඕනෙ කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

විපක්ෂයක් විදියට අපි අපේ වගකීම් ඉෂ්ට කරන්න මුදල් සම්බන්ධයෙන් වගකීම තියෙන පාර්ලිමේන්තුවට කිව්වා මේ රටට ලැබෙන්න තියෙන ඩොලර් බිලියන 6 කට ආසන්න වන්දිය සම්බන්ධයෙන් වංචා සහගත සිදුවීම් සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයා ප්‍රකාශයක් කරලා තියෙනවා නම් මේ සඳහා පාරලිමේන්තුව තුළ විවාදයක් අවශ්‍ය බව.එසේ විවාදයක් ඉල්ලුවාම කතානායකවරයා සියලුම පක්ෂ නායකයන් එක්ක සාකච්ඡා කරලා අද සහ හෙට මේ සඳහා පාර්ලිමේන්තු විවාදයක් ලබා දුන්නා.නමුත් අද උදේ මේ ගිනිගත් නෞකාවේ විවාදය ආරම්භ කරන යෝජනාව ගේනකොට අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු රීති ප්‍රශ්නයක් කියලා අධිකරණ ඇමතිවරයා නැගිටලා මේ විවාදය තැබුවොත් මේ වන්දිය ලබාගැනීමට ප්‍රශ්නයක් කියලා විවාදය කල් දාන්න කියලා කථානායකතුමාගන් ඉල්ලුවා දැන් මෙය වෙනකොට කතානායක තුමා පාර්ලිමේන්තුව අත්හිටුවලා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. අපට පැහැදිලියි මේක නවත්තන්න තමයි මේ ලෑස්ති වෙන්නේ කියලා. මේ රජයට හා අධිකරණ ඇමතිවරයාට මොකක්ද තියෙන අවශ්‍යතාවය මේ විදියට කරන්න. පාර්ලිමේන්තුව තුළ මහජන නියෝජිතයන්ට මේ ගැන සාකච්ඡා කර ප්‍රශ්න කරන්න ප්‍රමාද වීම සම්බන්ධයෙන් කතා කරන්න වංචාවක් සිදු වුනා නම් ඩොලර් මිලියන 250ක් අධිකරණ ඇමතිවරයා කියන විදිහට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න මහජන නියෝජිතයන්ට තියන අයිතියක්. මේ රටේ ජනතාවට තියෙන අයිතිය අහිමි කරන්න තමයි පාර්ලිමේන්තුව තුළ විවාවාදය නවත්තන්න ආණ්ඩුව ලෑස්ති වෙන්නේ. ඒ නිසා පැහැදිලිව ආණ්ඩුවට කියනවා මේ සම්බන්ධව පුහුල් හොරා කරෙන් දැනේ වගේ කතාවක් මෙතන වෙන්නේ. ඒ නිසා ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ විවාදය නවත්තන්න උදේ ඉඳන් උත්සාහ ගත්තේ මේ සම්බන්ධයෙන් යම් වංචාවක් දූෂණයක් රටේ ලෝකෙ ජනතාවට එය හෙලි වෙයි කියන බයට යැයි ජේ.සී. අලවතුවල මහතා කීය.

ඒ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සදහන් කර සිටියේය.

අද වෙනකොට එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුර සිදු වෙලා මේ මාසයේ 18 වෙනිදා ට වසර දෙකක් වෙනවා මේක තුළ සිදු වෙච්ච පරිසර හානිය සම්බන්ධව සමීක්ෂණ කරපු කණ්ඩායම බිලියන 6 ක ට එහා හානියක් සිදු වුණා කියලා පළවෙනි වටයෙන් පෙන්වා දී තියෙනවා. අද ඒ සම්බන්ධව ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවෙලා. එය පරිසරයට වෙච්ච හානියට වන්දි මුදල් ලබා දීමේදී අක්‍රමිකතා ගණනාවක් සිදුවෙලා. මේ වෙනකම් වසර දෙකක් ගිහිල්ලත් වන්දි නොලැබිච්ච පිරිස වැඩියි.

මේ තත්ත්වය තුළ අපේ රටට වෙච්ච හානිය සම්බන්ධව පාර්ලිමේන්තුව තුළ අපි විපක්ෂයක් විදියට දිගින් දිගටම අදහස් දැක්වූවා වගේම මේ නඩුව දාන්න තියෙන කාල සීමාව ලංවෙනකොට විපක්ෂය ඒ ගැන ඉස්මතු කරා. දැන් ආණ්ඩුවත් මේ සම්බන්ධව කටයුතු කරන කණ්ඩායමත් නීතිපති දෙපාර්තමේන්තු අධිකරණ අමාත්‍යාංශය ඇතුළු සියලු ආයතන අවුරුදු දෙකක් යනකම් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගත්තේ නැහැ.

හැබැයි සති කිහිපයකට කලින් අධිකරණ ඇමතිවරයා ප්‍රකාශයක් කරනවා මේ නඩුව ප්‍රමාද කර අවුල් කරන්න ඩොලර් මිලියන 250ක් චාමර ගුණසේකර කියලා පුද්ගලයෙකුගේ ගිණුමකට බැර වෙලා කියලා. ඒක සාමාන්‍ය සිද්දියක් නෙමෙයි. එහෙම නම් මේ තුළ විශාල වංචාවක් හොරකමක් සිදුවෙලා තියෙනවා කියන එක පැහැදිලියි. රටට ඩොලර් නැතුව ඉන්න වෙලාවේ අපේ රට බංකොලොත් වෙලා තියෙන වෙලාවේ අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන තුනක මුදලකට විශාල කැපකිරීමක් කරන වෙලාවක ඩොලර් බිලියන හයක පරිසර හානිය නිසා පළවෙනි වටේ ගන්න තියෙන මෙවැනි දේකට මේ වගේ කිසිම උනන්දුවක් නැතිව රජයක් හැටියට කරපු ක්‍රියාවලිය තුළ අද ලැජ්ජ නැතුව අධිකරණ ඇමතිවරයා කියනවා මේක නඩුව කල් දාන්න වෙනස් කරන ඩොලර් මිලියන 250ක් පුද්ගලයෙක්ගේ ගිණුමකට ගියා කියලා. අපි කියනවා වහාම මේ සම්බන්ධයෙන් රජය ගත් ක්‍රියාමාර්ග මොනවද කියලා කියන්න. අධිකරණ ඇමතිවරයා එවැනි ප්‍රකාශයක් කරානම් ඒ සම්බන්ධයෙන් මේ වෙනකොට මොකක්ද රජයක් හැටියට රටට අහිමි වෙන්න යන විශාල ඩොලර් ප්‍රමාණය සම්බන්ධයෙන් ගත්ත පියවර පැහැදිලිව කියන්න ඕන.

මේ තත්ත්වය තුළ විපක්ෂයක් විදියට අපි අපේ වගකීම් ඉෂ්ට කරන්න මුදල් සම්බන්ධයෙන් වගකීම තියෙන පාර්ලිමේන්තුවට කිව්වා මේ රටට ලැබෙන්න තියෙන ඩොලර් බිලියන 6 කට ආසන්න වන්දිය සම්බන්ධයෙන් වංචා සහගත සිදුවීම් සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයා ප්‍රකාශයක් කරලා තියෙනවා නම් මේ සඳහා පාරලිමේන්තුව තුළ විවාදයක් අවශ්‍ය බව.එසේ විවාදයක් ඉල්ලුවාම කතානායකවරයා සියලුම පක්ෂ නායකයන් එක්ක සාකච්ඡා කරලා අද සහ හෙට මේ සඳහා පාර්ලිමේන්තු විවාදයක් ලබා දුන්නා.නමුත් අද උදේ මේ ගිනිගත් නෞකාවේ විවාදය ආරම්භ කරන යෝජනාව ගේනකොට අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු රීති ප්‍රශ්නයක් කියලා අධිකරණ ඇමතිවරයා නැගිටලා මේ විවාදය තැබුවොත් මේ වන්දිය ලබාගැනීමට ප්‍රශ්නයක් කියලා විවාදය කල් දාන්න කියලා කථානායකතුමාගන් ඉල්ලුවා දැන් මෙය වෙනකොට කතානායක තුමා පාර්ලිමේන්තුව අත්හිටුවලා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. අපට පැහැදිලියි මේක නවත්තන්න තමයි මේ ලෑස්ති වෙන්නේ කියලා. මේ රජයට හා අධිකරණ ඇමතිවරයාට මොකක්ද තියෙන අවශ්‍යතාවය මේ විදියට කරන්න. පාර්ලිමේන්තුව තුළ මහජන නියෝජිතයන්ට මේ ගැන සාකච්ඡා කර ප්‍රශ්න කරන්න ප්‍රමාද වීම සම්බන්ධයෙන් කතා කරන්න වංචාවක් සිදු වුනා නම් ඩොලර් මිලියන 250ක් අධිකරණ ඇමතිවරයා කියන විදිහට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න මහජන නියෝජිතයන්ට තියන අයිතියක්. මේ රටේ ජනතාවට තියෙන අයිතිය අහිමි කරන්න තමයි පාර්ලිමේන්තුව තුළ විවාවාදය නවත්තන්න ආණ්ඩුව ලෑස්ති වෙන්නේ. ඒ නිසා පැහැදිලිව ආණ්ඩුවට කියනවා මේ සම්බන්ධව පුහුල් හොරා කරෙන් දැනේ වගේ කතාවක් මෙතන වෙන්නේ. ඒ නිසා ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ විවාදය නවත්තන්න උදේ ඉඳන් උත්සාහ ගත්තේ මේ සම්බන්ධයෙන් යම් වංචාවක් දූෂණයක් රටේ ලෝකෙ ජනතාවට එය හෙලි වෙයි කියන බයට.

ඒ වගේම මේ වෙනකොට රටේ තිබෙන මේ බංකොලොත් තත්වය නිසා රැකියා ගණනාවක් අහිමි වෙලා තියෙනවා එහිදී කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත ශාලා ගණනාවක් වැහිලා තියෙනවා. ඒවාට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙවා ගන්න බැරුව සහ ඒව තහනම් කිරීමත් තුල එම කර්මාන්ත ශාලා විශාල අපහසුතා ගණනාවකට පත්වුණා. ඒ වගේම බැංකුවල තියෙන පොලිය ඉහළ දැමීම නිසා කර්මාන්තශාලා කරගෙන යන්න බැරි තත්ත්වයට පත්වෙලා. සාමාන්‍ය ලක්ෂ 5කට ආසන්න කුඩ හා මධ්‍යම කර්මාන්ත වල සේවකයින්ගේ රැකියා අහිමිවෙලා එහෙම තත්ත්වයක් තුළ අද මේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරු ඕමාන් ජාතිකයෙක්ට අයිති ඇගලුම් කර්මාන්ත ශාලාවක් මේ වෙනකොට ගම්පහ දිස්ත්රික්කයේ රාජ්‍ය ඇමතිවරයාගේ තර්ජන නිසා ඕමාන් ජාතිකයා කර්මාන්තය වහල යන තත්ත්වයට පත්වෙලා. එහිදී අපි දැක්කා ඊයේ රැකියා කරන පිරිස රාජ්‍ය ඇමැතිවරයාගේ නිවස වටලනවා මාධ්‍ය හරහා අපි දැක්කා මේ නිසා රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා. මේක ඩොලර් ගෙන කර්මාන්තශාලාවක් එක පැත්තෙ අපේ රට ඩොලර් එන නැතිවෙනවා අනිත් පැත්තෙන් කර්මාන්තශාලාවේ සේවකයන්ගේ රැකියා නැති වෙනවා. එහෙම නම් දැනටත් අපේ රටේ කර්මාන්ත ශාලා ගණනාවක් වැහිලා තියෙද්දී මේ රාජ්‍ය ඇමැතිවරයා මොකක්ද මේ කරන්නේ තමන් කරන ජාවාරම් වලට කර්මාන්ත ශාලාව ටත් ජාවාරමක් විදියට වාහන ඇතුළු කරන්න ගිහිල්ලා ඒ ප්‍රශ්නය තුළ විශාල ප්‍රමාණයක රැකියා අහිමි වෙනවා රටට ඩොලර් විශාල ප්‍රමාණයක් නැති වෙනවා .එහෙමනම් අද කර්මාන්ත වලට තව තවත් උදව් කරන්න ඕන වෙලාවක ඇමතිවරු මොනවද කරන්නේ අපි රජයටත් ජනාධිපතිවරයාටත් කියනවා මේ ඇමතිවරයාට විරුද්ධව ගත්ත පියවර මොනවාද කියලා රටට කියන්න. මේ ඩොලර් ප්‍රමාණය රටට අහිමි කරන්න රටට එන ආයෝජකයෝ අධෛර්යමත් කරන්න වැරදි විදිහට ලබා දී තියෙන ආදර්ශය රජයක් ආණ්ඩුවක් හැටියට මොකක්ද ගත්ත පියවර කියලා ආණ්ඩුවෙන් අහනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා සම්බන්ධව ඡන්ද විමසීමේ දී විපක්ෂයේ කාර්යභාරය හරියට කරලා තියෙනවා එහිදී නොයෙක් සංවිධාන වලට නොයෙක් ප්‍රකාශ කරන්න පුළුවන් විපක්ෂය පැහැදිලි එක ස්ථාවරයක ඒ මොහොතේ හිටිය අපි තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යායුතුයි කියලා මුලින්ම කිව්වේ.නමුත් ගෝඨාභය රාජපක්ෂ රජය වසර ගණනාවක් එය ප්‍රමාද කළා. බංකොලොත්භාවයට පත් වුණාට පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියාම විශාල කොන්දේසි ගණනාවකට එකගවන්න සිදු වුණා ඒ නිසා සමගි ජන බලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන එකට විරුද්ධ නැහැ නමුත් කොන්දේසි වලට අපි විරුද්ධයි ඒ නිසා තමයි අපි ඡන්දය දීමෙන් වැළකී හිටියේ ඒක පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවලියක් කාටවත් කියන්න බැහැ ඒ ක්‍රියාවලිය වැරදියි කියලා එය විපක්ෂයට තියෙන අයිතියක් ඒ නිසා අපි පැහැදිලිව මේ සම්බන්ධයෙන් විවාදයේ දී පැහැදිලි කරා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපි විරුද්ධ නැහැ ක්‍රියාවලියේ ක්‍රියාත්මක කරන ආකාරයත් ඒ කොන්දේසි වලටත් විරුද්දයි කියලා.

සමගි ජන බලවේගය පිරිසක් යනවා කියන එක දිගින් දිගටම මාධ්‍යයෙන් කියන කතාවක් විතරයි නමුත් කවුරුත් ගිහින් නැහැ අපි පැහැදිලියි සමගි ජනබලවේගයේ ඉතාමත් ශක්තිමත් ඒ නිසා ආණ්ඩුවට කවුරුවත් යන්නේ නැහැ හැබැයි ආණ්ඩුව ඇතුළේ පොදුජන සන්ධානයේ කණ්ඩායම් ඉන්නවා ඒ අය විපක්ෂයේ ඇවිත් වාඩි වෙනවා කියලා කියලා තියෙනවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අපිත් එක්ක කියනවා වැඩි කාලයක් යන්න කලින් ආණ්ඩුවෙන් ගැලවිලා විපක්ෂයේ වාඩි වෙනවා කියලා එනිසා ආණ්ඩුව සහ මාධ්‍ය අද පෙන්නන්න හදනවා විපක්ෂය බෙදිලා කියලා නමුත් බෙදීලා තියෙන්නේ ආණ්ඩුව.

සමගි ජන බලවේගයේ බණ්ඩාරගම ප්‍රධාන සංවිධායක පරිසරවේදී නයනක රන්වැල්ල මහතා.

මීට අවුරුද්දකට කලින් ඊයේ වගේ දවසක තමයි එක්ස්ප්‍රස් නෞකාව ඩුබායි රාජ්‍යයෙන් පිටත් වුනේ මේ වෙනකොට එයට අවුරුදු දෙකක් ගත වෙනවා හැබැයි අභාග්‍යසම්පන්න විදියට අපේ රටට නැව ආවේ මීට අවුරුදු දෙකකට කලින් 18 වෙනිදා. මේ 18 වෙනිදාට අවුරුදු දෙකක් පිරෙනවා අදටත් අපි නඩු කටයුත්ත කළේ කොහොමද කියන එකේ දැනුම සීමාසහිත වෙලා තියෙනවා විශේෂයෙන්ම අධිකරණ අමාත්‍යවරයා හෙළි කළ යුතුයි පාර්ලිමේන්තුවට කවුද මේ නඩුවේ අපේ රාජ්‍යය වෙනුවෙන් අත්සන් කළේ කියලා තවමත් එවැනි ප්‍රකාශයක් ඇති කරළා නැහැ මොකද අපි දන්න කාරණා අනුව මීපා ආයතනය මේකට අත්සන් කරලා නැහැ .ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ දින කිහිපයකට පෙර නිලනොලත් ආකාරයෙන් විමසුවාම ඔවුන් අත්සන් කරලා තිබුණෙත් නැහැ. අපිට සැකයක් තියෙනවා කවුද අපේ රට වෙනුවෙන් මේ නඩුවට අත්සන් කළේ කියලා. ඒක තමයි අපේ පළමු සැකය අධිකරණ අමාත්‍යවරයා එය හෙළි කළ යුතුයි.

ඒ වගේම අපි විශ්වාස කරනවා සිංගප්පූරුවේ බේරුම්කරණ අධිකරණයට යාම හරහා යම් කිසි වන්දි සීමා කිරීමට අපි හසු වෙන්න ඉඩ තියෙනවා. ඒකත් ඉතාමත් බැරෑරුම් දෙයක්. මෙහිදී අපි ඉල්ලන්න හදන්නේ ඩොලර් බිලියන 6.4ක විශාල වන්දියක් ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගන්න ණය මුදලට වඩා වැඩි ප්‍රමාණයක් මෙවැනි විශාල වන්දියක් ඉල්ලන අවස්ථාවේ අපිට පේන්න තියෙනවා මේ බේරුම්කරණ අධිකරණයකට ගිහිල්ලා වන්දිය සීමා කිරීමේ තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩක්. එම නිසා එතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා සිංගප්පූරුවේ මේක වහගෙන කරන කඩු කටයුත්තක් බව පාර්ලිමේන්තු විවාදය අයින් කිරීමෙන් පෙනෙන්නේ. සාමාන්‍යයෙන් දික්කසාද නඩු වහගෙන කරනවා එහෙම නැත්නම් පෞද්ගලික බූදල් නඩු කරනවා වහගෙන අපි එතුමාට මතක් කරන්න කැමතියි මේක දික්කසාද නඩුවක් නෙමෙයි මේක රටේ අනාගතය තීරණය කරන සාගර සම්පත් වෙරළ සම්පත් අමු සොහොනක් බවට පත් කරපු ලෝකේ සිදුවෙච්ච විශාල සාගර අනතුරු නඩුවක් ඒ නිසා මේක සඟවාගෙන පවත්වාගෙන යෑම වැරදියි කරුණාකර එය අපේ රටට හෙළි කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

SendShareShare
Previous Post

නඩුදාන්න නීතිපති දෙපාර්තමේන්තුව මෙච්චර කල් ගත්තේ ඇයි? කතාව වෙන පැත්තකට දාන්න විජයදාස ඇමැතිතුමා මිලියන 250ක අල්ලස් කතාවක් එළියට දැම්මද? පොකට් ගැහුවාම පොකට් ගහපු එකත් දුවන්නේ අන්න හොරෙක් අන්න හොරෙක් කියලා! එක්ස්ප්‍රස් පර්ල් නැවත් එක්ක සිද්ධ වෙන දේවල් දැක්කාම තුෂාර ඉඳුනිල්ට මතක් වෙච්ච දේ! VIDEO

Next Post

අධිකරණයේ නඩුවක් තියෙන නිසා එක්ස්ප්‍රස් පර්ල් නැව ගැන කතා කරන්න බෑ! උදේ පාන්දරම දිනේ දෙකේ විවාදයට අධිකරණ ඇමැති විජේදාස බාල්දියක් පෙරළුවේ මෙහෙමයි! විපක්ෂයෙන් දැඩි විරෝධය පළවුණේ මෙහෙමයි! VIDEO

MORE NEWS

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

Load More
මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දීම නවත්වන ලෙසට නාමල් රාජපක්ෂ මහතා පසුගිය දිනෙක දැනුම් දුන් බව හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.Sri Lanka...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.