සිංගප්පූරු අධිකරණයේ නඩුවක් විභාග වන හෙයින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබදව විවාදයක් සිදු කළ නොහැකි බව දැනුම් දෙමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද දින පාර්ලිමේන්තුවේදී රීති ප්‍රශ්නයක් මතු කළේය.
ඊට විපක්ෂය දැඩි විරෝධයක් දැක්වූ අතර පසුව කතානායකවරයා පාර්ලිමේන්තුව කල් තැබීමට පියවර ගත්තේය.










