හෙට (10) දින පැවැත්වීමට නියමිත තීරණාත්මක කෘත්‍යාධිකරී මණ්ඩල රැස්වීමට පෙර කතානායක කරු ජයසූරිය මහතාගේ සහාය තම පාර්ශ්වය වෙත ලබා ගැනීම සදහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත.
ඒ අනුව අද (09) සවස 3ට වික්‍රමසිංහ මහතා කරු ජයසූරිය මහතාගේ නිවෙසට ගොස් ඒ සම්බන්ධයෙන් ජයසූරිය මහතා සමග සාකච්ජා කිරීමට පියවර ගෙන තිබේ.
එහිදී වික්‍රමසිංහ මහතා, මේ අවස්ථාවේ තමන්ට සහාය පළ කරන ලෙසත්, මහමැතිවරණයෙන් අනතුරුව පක්ෂයේ ඉහළ තනතුරක් ලබා දිය හැකි බවත් කරු ජයසූරිය මහතා වෙත දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පසුව බලාපොරොත්තු වන්න.










