වෙරළ ආශ්‍රිත සංචාරක හෝටල් සහ ගම්වාසීන් මුහුණදෙන ගැටලු පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (08) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි.
එහිදී අනවසර ඉදිකිරීම් හේතුවෙන් සංචාරක හෝටල් මෙන්ම අවට ගම්වාසීන් මුහුණදෙන අපහසුතා පිළිබඳව සාකච්ඡා කර ඇති අතර එම ගැටලු සම්බන්දයෙන් කඩිනම් පියවර ගැනීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ශ්‍රී ලංකා පොලීසියට සාගල රත්නායක මහතා විසින් උපදෙස් ලබා දී ඇත.












