ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (04) අලුයම එංගලන්තය බලා පිටත්ව ගියේ ය.
ඒ, බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සඳහායි.
ජනාධිපතිවරයා සමග තවත් 8 දෙනෙකු දිවයිනෙන් පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ ය.
බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ රාජාභිෂේකය ලබන 6 වැනි දා පැවැත්වෙන බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
මීට පෙර ජනාධිපතිවරයා රැජිනගේ අවමගුලට සහභාගී වීම සදහා ලන්ඩන් බලා ගිය අතර අනුතරුව ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාගේ අවමගුලට සහභාගී වීම සදහා ජපානයටද ගියේය.










