• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනාව එනවා පෙනුනේ නෑ – අරගලවකින් ගෝඨා පන්නනවා පෙනුනේ නෑ, රට කිරියෙන් පැණියෙන් ස්වයං පෝෂිත වෙනවා කිව්වා, මහින්ද පැරදුනොත් වෙඩි තියාගන්නවා කිව්වා, කතරගම දෙවියෝ ජීවමානව වඩිනවා කිව්වා – කියපු එකක්වත් වුණේ නෑ, ජ්‍යොතිෂකාරයෝ ඔන්න අයෙමත් ටී.වී.-ෆෝන් අරක්ගෙන අනාවැකි කියනවා…

May 4, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
කොරෝනාව එනවා පෙනුනේ නෑ – අරගලවකින් ගෝඨා පන්නනවා පෙනුනේ නෑ, රට කිරියෙන් පැණියෙන් ස්වයං පෝෂිත වෙනවා කිව්වා, මහින්ද පැරදුනොත් වෙඩි තියාගන්නවා කිව්වා, කතරගම දෙවියෝ ජීවමානව වඩිනවා කිව්වා – කියපු එකක්වත් වුණේ නෑ, ජ්‍යොතිෂකාරයෝ ඔන්න අයෙමත් ටී.වී.-ෆෝන් අරක්ගෙන අනාවැකි කියනවා…
Share on WhatsAppShare on Facebook

මිනිස් සිත් පනවන දහසකුත් එකක් කලාවන් ලොව වේ. නර්තනය, සංගීතය, රංගනය සහ මෝස්තර නිරූපනයන යන කලාවන් ඒ අතර සුවිශේෂය. එකී සියලු කලාවන් අසන දකින සුවහසක් මිනිසුන් තම ප්‍රශ්න මොහොතකට හෝ පැත්තකින් තබා සිත් සතන් සුවපත් කොට ගිනිති. රිසිසේ පිනවා ගනිති.

‘ඇස්ට්‍රොලොජි’ කියන්නේද අමුතු පහේ කලාවකි. සිංහල බසට අනුව එය ජ්‍යොතිෂය යන නමින් හඳ න්වයි. මිනිස් සිත් පිනවීමේ කලාවන් අතර ජ්‍යොතිෂයද අතිවිශේෂය. බොහේ ඈත අතීතයේ සිටම ජ්‍යොතිෂය ලොව පුරාම මිනිස් සිත් සමග සමීපව තිබිණි. අද දැන් මේ මොහොත වන විට එය මිනිසාට නැතුවම බැරි කලාවක්බවට පත්ව ඇත්තේ ඉබේටම වාගේය. යුරෝපීයන්ට වඩා ආසියානු සම්භවයක් ඇති මිනිසුන් ජ්‍යොතිෂය කලාව හිස් මුදුනේ තබා අදහති.

ඒ ඇදහිල්ලෙහි වරදක් නැත. එහෙම කියන්නේ ජ්‍යොතිෂය යනු පට්ටපල් බොරුවකැයි කියා අහක දමන්නට බැරි නිසාය. ජ්‍යොතිෂය තුළද යම් ආකාරයක සත්‍යතාවක් වේ. වසර දහස් ගණනක් ඈත අතීතයට එබිකම් කොට බැලුවහොත් ජේසු නසරේනු උපන් වෙලාවේ රජ තුන්කට්ටුව තාරකාව ඔස්සේ එතුමන් දකින්නට පැමිණි කතන්දරයද අජාසත්ත කුමාරයා සිය පියාණන්ව ගිනි අඟුරුවල සිටවා මරා දමන බවට රාජකීය නක්ෂත්‍රකරුවන් පවසා සිටි කතන්දරයද එයට කදිම සාක්ෂියකි.

කොටින්ම කියනවා නම් ජ්‍යොතිෂ කලාවෙහි යම් ගතයුත්තක් ඇති බව පිළිගන්නට පුළුවන් තවත් සාක්ෂි ඈත අතීතයේ තව බොහොමයක් වේ. කලාවනක් වැනි පිරිසිදු ජ්‍යොතිෂය විෂය පුස්සක්බවට පත්කරන්නේද විහිළුවක් බවට හරවන්නේද බෝරුකාර ජ්‍යොතිෂවේදීන්ම නොවේද? උස්පහත් භේදයක් නැතිව ජාති හෝ ආගම් භේදයක් නැතිව සමහර ජ්‍යොතිෂවේදීන් මිනිසුන්ගේ අසරණ පීඩාකාරී මානසිකත්වයන් සමග සෙල්ලම් කරන්නේ මොනර කඩදාසි මිටි ගණන් සිය බැංකු ගිණුම්වලට බැරකර ගනිමිනි. සමහර කියා කීවාට වැඩි හිරියක් ජ්‍යොතිෂවේදීන් කියා සඳහන් කරන්නේ නම් එය බඩා නිවැරැදිය.

ලංකාවේ නම් ජ්‍යොතිෂය යනු කළුකඩ වෙළෙඳාමකි. ඒ වෙළෙඳාම තුළ සිටින කළු මුදලාලිලා මොකක් හෝ බොරු ඉන්ද්‍රජාලිකයක් මවා පෙන්වා දහස් ගණන් මිනිසුන්ගේ පසුම්බිය සූරා කති. ඇපවත් නැතිව පරාද වන මැති ඇමැතිවරුන්ට, ‘ඔබතුමා ලොකු පුටුවකට යන ලකුණු තියෙන්නේ. ඒකට මනාප නම් වතාවත් දිගටම කරගෙන යන්න පුළුවන්….’ යනුවෙන් මුසාවාද පවසා ‘ඔබතුමා මනාප නම්’ කියන වචන ටික ජ්‍යොතිෂකරුගේ බොරුවට යාවෙන්නේ ‘ගියොත් එහෙමයි ආවොත් මෙහෙමයි’ කියන න්‍යායටය. බොහෝ විට වැඩියෙන්ම සිද්ධ වන්නේ ‘ආවොත් එහෙමයි’ කියන ටි්‍රක් එකට ඔහු දිනන එකය. නමුත් මැති හෝ ඇමැති මැතිවරණය තියන්නටත් කලින් උන් හමුවේ පරාද වී අවසානය. පරාද වී ඇපත් නැතුව අහවල් ඇමැතියා ජ්‍යොතිෂකරු සොයා එන විට එතැනදී ද ඔවුන් උත්තර කල් තියාම සිය සූර ක්‍රමවේදයන් හරහා ලෑස්ති කරගෙන අවසානය.

‘වරද මගේ නෙවෙයි. ඔබතුමාගේ. පේවිලා ඉන්න වෙලාවක මොනව හරි කිල්ලකට අහුවෙන්න ඇති…’ ඡන්දදායකයන්ට අමු අමුවේ බොරු කියන දේශපාලුවෝ අන්න එතැනදී ඇස්ට්‍රලොජි පාළුවන්ට අහුවෙන්නේ එහෙමය. දේශපාලනයෙන් හරිහම්බු කරගත් දේශපාලුවන්ට විතරක් නොව, දුවගේ කසාදයේ ප්‍රමාදය ගැන තැවෙන අසරණ අම්මලාගෙන්ද සැමියාගේ නොහොබිනාකම් නිසා පීඩාවට පත්ව සිටින බිරින්දෑවරුන්ගෙන්ද මේ ඊනියා සාස්තර හොරු යහමින් කඩාවඩා ගනිති.

ලංකාවේ සාස්තර හොරුන්ට ප්‍රසිද්ධිය දෙන්නේ ලංකාවේම ටීවී චැනල්වලින්ය. අවුරුදු කිහිපයකට පළමුව පංකාදු පහේ සූට් විවිධ පාටවලින් ඇඳගත් සාස්තර හොරු හැම චැනල් එකකම නමෝවිත්තියෙන්ම උදැහැනැක්කෙම දකින්නට පුළුවන්කම තිබුණේය.

කටපාඩම් කරගෙන ආව අතේ පැලවෙන බොරු සොරොව්ව ඇරපු තාලෙට වදාරන මුන්නැහේලා ණය බරින් මිරිකී සිටින කරදර හමුවේ හෙම්බත්ව සිටින අසරණ මිනිසුන්ව තම මායම් දැලට ලෙහෙසියෙන්ම හසුකර ගනිති. කරදර පිරුණු අසරණ මිනිසුන් නිමක් නැතිය. කිසිම දවසක එහි නිමාවක් දකින්නට ලැබෙන්නේ ද නැත. බොරු සාස්තරකාරයෝ මේ හැටි පිණුම් ගහන්නේද ඒකය. දෙවියන් නැති දෙවොලෙහි යක්කු පිණුම් ගහන්නේ යැයි පරණ කතාවක් ඇත. කතාව පරණ වූවාට ලංකාවේ සාස්තර හොරුන්ගේ කතාවට අනුව ගත් කල එහි අරුත හැමදාමත් අලුත්ය.

නොපෙනෙන නොලැබෙන විමුක්තිය සැනසීම සොයා සාස්තර හොරුන් පසුපස යන ඔවුන්ව අදහස අනුගාමිකයන්ටවත් ඔවුන්ගේ ඇස් බැන්දුම් වැටහෙන්නේ නැති එක මහා පුදුමයකි. මේ සාස්තර හොරුන් අතපත ගාන්නේ හුදෙක් අඳුරේම බව පිළිගන්න පුළුවන් සාක්ෂි කීයක් නම් පසු කලෙක තිබුණාද?

2020 පාස්කු බෝම්බය එම සාක්ෂි අතර ප්‍රධානම සිදුවීමකි.

2019 අප්‍රේල් 21 වැනි දින මෙතරම් විනාශයක් සිදුවන බව කිසා තිබුණේ කොයි සාස්තරකාරයාද? 2019 අප්‍රේල් 19 වැනිදාවේද ලංකාවේ සාස්තර හොරු සෙට් එක ලංකාවේ ජනප්‍රියම ටීවී චැනල් කිහිපයෙහිම උදෑසන තම තමන්ට ආවේණික වූ මුසාවාද සංදර්ශනවල නියැලී තිබිණි. තව ඇතැමුන් ශනිදා උද ෑසනද එම පච වැද ෑරීමට පැමිණ සිටියහ. ඒ එක් අයකුවත් පාස්කු ඉරිදාවෙහි සිදුවන සාපරාධී මිනිස් ඝාතනයන් ගැන එකම එක ඉඟියක්වත් දුන්නේ නැත. එයට ළඟින් යන දශමයක හෝ වචනයක් කිව්වේ නැත. අනෙක පාස්කු ඉරිදාව යනු මුළු ලෝ පතල මහා කිතුනු උත්සව සැමරුමකි. ශාන්ත අන්තෝනි මුනිතුමන්ට කැපකර තිබෙන කොළඹ කොච්චිකඩේ දේවස්ථානයද අන්‍ය ආගමිකයන් පවා පය තබන අගනුවර ප්‍රසිද්ධම සිද්ධස්ථානයකි. කුඩා දරුවන්ගේ නමයි උපන් දිනයයි දුරකතනයෙන් අහගෙන අවුරුදු විස්සකින් පමණ සිද්ධවෙන විනාශය ගැන කතා කරන මංජුල පීරිස්ලා වාගේ සාස්තරකරුවන්ට දින දෙකකින් සිදුවන ඒ මහා අපරාධය ගැන පුංචිම පුංචි නිමිත්තක්වත් කියන්නට හැරි වුණේ ඇයි? මංජුල වාගෙම පංපෝරි ඇදබාන චන්ද්‍රසිරි බණ්ඩාර ගැනද කිව යුත්තේ එයම නොවේද? තුන්සියයකට ආසන්න මිනිස් ඝාතනයක් ලේ විලක් මැද සිදුවන වගට දශමයකවත් නිමිත්තක් දීමට බැරි තරමට ඔවුන්ගේ සාස්තර කලාව බංකොලොත්ද? මෙවැන්නක් කියන්නට බැරි ඔවුන්ගේ නිමිති කලාව කුමකටද?

මුළු ලෝකයම පාගේ ප්‍රපාතයට ඇදදැමූ කොරොනා වසංගතය ගැන කතා කරන කොට නම් ලංකාවේ සාස්තර හොරු නන්නත්තාරය. මෙතරම් විශාල වසංගතයක් මුළු ලෝකයම හොල්ලන බවත්, ලංකාවද එහිදී ඉතා දරුණු පසුබෑමකට ලක්වන බවත් කියන්නට ජ්‍යොතිර්වේදී මංජුල හෝ චන්ද්‍රසිරි බණ්ඩාර ඇතුළු නමගිය ප්‍රවීණයන්ට බැරි විය.

‘ලංකාවට සමෘද්ධිය උදාවෙනවා. රට කිරියෙන් පැමිණියෙන් නැහැවෙනවා…’ 2019 ජනවාරි මුල ලංකාවේ ටීවී චැනල්වලට ආව සාස්තරකරුවන් කිව්වේ එහෙමය. එහෙම කියා මාස හතරක් යන්නට පළමුව පාස්කු බෝම්බය පුපුරා ගියේය. ලංකාවට සංචාරකයන් පැමිණිම නැත්තටම නැතිවිණි. එළිමහන් ප්‍රසංග කලාව, සිනමා සහ වේදිකා කලාව බින්දුවටම වැටී ගියේය. සාසතරකරුවන් අතින් හැඩවැඩ දමමින් පම්පෝරි ගසමින් කී ‘කිරි පැණි’ උතුරා ගිය නිමිත්තෙහි ප්‍රභාව එයද?

අනේ 2020 අවුරුදු උදාවේත් ජනවාරියේදී විසිතුරු ඇඳුමින් සැරසීගෙන කිසිම ලැජ්ජාවක් නැතුව ඒ සාස්තර හොරුන් ටීවී චැනල්වලට ඇවිදින් රටට සෞභාග්‍යය උදාවන වසරක් ලෙස 2020 හඳුන්වන්න පුළුවන් සාධක නුදුරු දවසක උදාවේවි යැයි කියන්නට ගත්හ. සමහර විට ඡන්ද 69 ලක්ෂයයේ ගෝඨාභය ජයග්‍රහණය මුල්කොට ඔවුන් කියන්නට ඇත.

සිදුවූයේ කුමක්ද?

කොරෝනා වසංගතයට මැදිවීම තුළ තුන් සිංහලයට වසන්තය කැන්දන හෙළ සිරිතට සමරන සිංහල අවුරුදු උත්සවයෙහි සිරි අසිරියද බක්මහේදී රටට අහිමිව ගියේය. අනේ දෙවියනේ මේ බොරු සාස්තරවේදීන් ගැන ඉතින් තව මොන කතාද?

හැබැයි, ඔය හැම දේම අතරට මඳකට හෝ එක හොඳක් වූයේ ජ්‍යොතිෂවේදීන් වෙනදාට රඟන රැඟිල්ල කෙමෙන් කෙමෙන් අඩුවී යෑමය. කොරෝනාවෙන් පසුව මිනිසුන් මාස්ක් එක ඉවත දමමින් සිටියදීවත් බොරු සාස්තරකාරයන් ටීවී ච ැනල්වල පෙන්වන බොරු පුරාජේරු කල එළියට ආවේ නැති තරම්ය. එයට හේතුව ලැජ්ජාව කියන එක යන්තමට හෝ ඔවුනට තිබීමද, නැත්නම් වෙනත් යමක්ද කියන්නට හරියටම පැහැදිලි නැත.

නමුත්,

දැන් දැන් ටික දවසක සිට සාස්තර විගඩම නැවත ආරම්භ වෙමින් පවතින බව පෙනෙන්නට ඇත. චන්ද්‍රසිරි බණ්ඩාර සහ මංජුල පීරිස්ලා නැවත ටීවී චැනල්වලින් එබෙන්නට මෙන්ම රඟන්නටද ගන්නා නිමිති පෙන්නුම කරමින් සිටිති.

‘කිසිවකුට හැඟුණේ නැත. කොරෝනා උවදුර ගැන යම් නිමිති මට පෙනුණා. ඒ නිමිති ගැන මා පැවසුවා…’

රූපවාහිනී සේවාවක් නොව පුද්ගලික විද්‍යුත් මාධ්‍යයකට චන්ද්‍රසිරි බණ්ඩාර කියා තිබිණි.

2015දී මහින්ද රාජපක්ෂ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබනවාය කියාපු, ලෝක කුසලානය ලංකාවේ ක්‍රිකට් කොල්ලන් දිනනවාය කියපු මංජුල පීරිස්ද ඔහුගේ පුහු සාස්තර ව්‍යාපාරය පුද්ගලික රූපවාහිනී සේවාවක් හරහා පටන්ගෙන ඇත. ඔවුන්ව අදහන මිනිසුන්ද කෙමෙන් කෙමෙන් නැවතත් මේ මළාව වටා පෙළගැසෙනු ඇතිද? ඒක නම් කියන්නට බැරිය. මොකද දෙයියන්ගෙ හාල් කැවුණු මිනිසුන්ට බොහෝ විට දෙවියන් නැති දෙවොලේ රඟන යක්කුන්ගේ කළු පාට පෙනෙන්නේ නැත.

ඉතින් නැවතත් මේ සාස්තර හොරුන් මිනිසුන් රවටා ලාභ ලබනු ඇතිද?

සමහර විටක එය එසේ සිදුවනු ඇත. නමුත් හොර සාස්තරකරුවන් තම හෘද සාක්ෂිය සමග එක් තත්පරයකට හෝ තනිවුණු මොහොතක තමන් කරන බොරුව මායාව දැනුණු කල ඔවුන්ට තමන් ගැනම ඇතිවන ලැජ්ජාව කොයි තරම් හිරිකිත වනු ඇද්ද?

සත්තකින්ම කියන්නේ නම් යම් කලාවක් යම් සත්‍යතාවක් ගැබ්ව ඇති ජ්‍යොතිෂ කලාවට මේ බොරුකාරයන් කරන නිග්‍රහය බරපතළද?

ජ්‍යෙතිෂ කලාව විකුණාගෙන කෑමට ඔවුන්ගේ සිත් තුළ උපදින නරක සිතුවිලි හැකි පමණින් තරන් වෙන්නැයි කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සියවසේ හොඳම නඩුව…! මීඩියා පකීර්ලට හොඳ පාඩමක්…! අතේ පැළ වෙන බොරු කී FOX NEWS පච මෝල…!

Next Post

රට වටේම හෙමින් හෙමින් චෛත්‍ය 11ක්ම හදලා සඟ සතු කරපු සජිත් මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් ආණමඩුවට ගිහින් 12 වැනි චෛත්‍ය රටේ බෞද්ධ ජනතාව වෙනුවෙන් සඟ සතු කරයි! VIDEO & PHOTOS

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.