• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සියවසේ හොඳම නඩුව…! මීඩියා පකීර්ලට හොඳ පාඩමක්…! අතේ පැළ වෙන බොරු කී FOX NEWS පච මෝල…!

May 4, 2023
in Exclusive, Politics
Reading Time: 11 mins read
A A
සියවසේ හොඳම නඩුව…! මීඩියා පකීර්ලට හොඳ පාඩමක්…! අතේ පැළ වෙන බොරු කී FOX NEWS පච මෝල…!
Share on WhatsAppShare on Facebook

මේ සියවසයේ සිවිල් අධිකරණ නඩු කටයුත්ත ලෙස බොහෝ නීති විශ්ලේෂකයන් හඳුන්වා දුන් Dominion Voting Systems Vs Fox News නඩුව පසුගිය අප්‍රේල් 18 වැනිදා අවසන් විය. ජාත්‍යන්තර මාධ්‍ය සහ පුවත් සේවා වාර්තා කරන අන්දමට එදින ඇමෙරිකාවේ ඩෙලවෙයා ප්‍රාන්තයේ විල්මින්ටන් New Castle County Courthouseහි අදාළ නඩු විභාගය නිල වශයෙන් ආරම්භ කිරීමට විනාඩි කිහිපයකට පෙර Fox News වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ තම සේවාදායකයා Dominion Voting Systems ආයතනයට ඩොලර් මිලියන 787. 5ක් වන්දි ගෙවා නඩුව සමථයකට පත්කර ගැනීමට සූදානම් බව දැනුම් දුන්හ. ඒ වන විට අදාළ නඩුව ආරම්භ කිරීමට ජූරි සභිකයෝ පවා රැස්ව සිටියහ.

වසර 2020 ඇමෙරිකානු ජනාධිපතිවරණය

ජාත්‍යන්තර මාධ්‍ය සහ නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්වූ මේ සිවිල් නඩුව කුමක්ද? වසර 2020 පැවැති ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කරමින් ජෝ බයිඩන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තේය. බයිඩන් Electoral votes 306ක් ලබාගන්නා විට ට්‍රම්ප්ට ලබාගැනීමට හැකි වූයේ 232කි. බයිඩන් ඡන්ද 81,283,501ක් ලබාගත් අතර ට්‍රම්ප් ලබාගත් ඡන්ද ප්‍රමාණය 74,223,975කි. එනම් වැඩි ඡන්ද 7,059 526කින් බයිඩන් ජනාධිපතිවරණය ජයගත්තේය. එහෙත් තම පරාජය පිළිගැනීමට ට්‍රම්ප් සූදානම් නොවීය. ඔහු ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කළේය. ඒ වෙනුවට ඔහු ප්‍රචණ්ඩ ක්‍රමන්ත්‍රණයක් සහ කැරැල්ලක් හරහා දිගටම බලයේ සිටීමට උත්සාහ කළේය. වසර 2021 ජනවාරි 06 වැනිදා නාසි ෆැසිස්ට්වාදීන් ඇමෙරිකානු කොංග්‍රසයට එල්ල කළ ප්‍රහාරය එහි කූටප්‍රාප්තියයි.

ඡන්ද යන්ත්‍ර දූෂිත බවට අභූත චෝදනාවක්

ඒ සඳහා ඔහු පදනම දැම්මේ එම ජනාධිපතිවරණය සඳහා භාවිත කළ Dominion Voting Systems ඡන්ද යන්ත්‍ර දූෂිත බවට අභූත චෝදනාවක් කිරීමයි. තමන් වෙනුවෙන් භාවිත කළ ඡන්ද බයිඩන්ට එකතු වන ආකාරයට Dominion Voting Systems තම ඡන්ද යන්ත්‍ර සකස් කළ බවට ට්‍රම්ප් චෝදනා කළේය. පරාජයෙන් වියරු වැටී සිටි ට්‍රම්ප්ගේ මේ අභූත චෝදනා බොහෝ මාධ්‍ය වැඩි තැකීමක් නොකළ ද ට්‍රම්ප්ගේ ප්‍රචාරක යාන්ත්‍රණය වන Fox News මේ අවලාදයන්ට විශාල ප්‍රචාරයක් ලබාදුන්නේය. ට්‍රම්ප් පමණක් නොව රුඩි ජුලියානි ඇතුළු ඔහුගේ සට්ටැඹිරාළලා මේ අභූත චෝදනා ප්‍රතිවාදනය කළ අතර Fox News ඒ සඳහා විශාල ප්‍රචාරයක් ලබාදුන්නේය. මේ අවලාද සහ අභූත චෝදනා ප්‍රතික්ෂේප කළ Dominion Voting Systems සමාගම තම ඡන්ද යන්ත්‍රවලට එරෙහිව ගෙනයන වෛරී මාධ්‍ය භාවිතාව නවතා දමන ලෙසට Fox News වෙත ලිඛිත ඉල්ලීමක් කළේය. එහෙත් කුමන්ත්‍රණ න්‍යාය (Conspiracy Theories) සමාජගත කිරීම තම මාධ්‍ය භාවිතාව වශයෙන් සලකන Fox News ට්‍රම්ප්ගේ පච, අවලාද සඳහා ප්‍රචාරය ලබාදීම අත්හැරියේ නැත.

ට්‍රම්ප්ගේ පච ප්‍රචාර පිළිගෙන ඇ. ඩොලර් මිලියන 787.5ක් දඩ ගෙවූ Fox News…

අවසානයේ තම ආයතනයට සිදුවූ හානිය වෙනුවෙන් Dominion Voting Systems සමාගම ඇ. ඩොලර් බිලියන 1.6ක වන්දියක් ඉල්ලා සිටිමින් Fox News ට එරෙහිව සිවිල් නඩුවක් පැවරුවේය. අවසානයේ Fox News ඇ. ඩොලර් මිලියන 787.5ක වන්දියක් ගෙවා නඩුව සමථයකට පත්කර ගත්තේය. මේ වන්දි මුදල Dominion Voting Systems සමාගමේ වසර 2021 ආදායම මෙන් අටගුණයකි. මූල්‍ය වටිනාකමට වඩා වැදගත් වන්නේ Dominion Voting Systems හි ඡන්ද යන්ත්‍ර පිළිබඳ ට්‍රම්ප් ඇතුළු කණ්ඩායම ගෙනගිය ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව Fox News අධිකරණයේදී පිළිගැනීමය.

රූපට් මර්ඩොක්ගේ මාධ්‍ය අධිරාජ්‍යය

Fox News යනු රූපට් මර්ඩොක්ගේ මාධ්‍ය අධිරාජ්‍යයේ ප්‍රධාන කුලුනකි. ඔහුගේ ප්‍රධාන සමාගම වන News Corpට අයත් මාධ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් ලොව පුරා ක්‍රියාත්මක වෙයි. බි්‍රතාන්‍යයේ The Sun, The Times, පුවත්පත්, ඔස්ටේ්‍රලියාවේ The Daily Telegraph, Herald Sun, The Australian පුවත්පත්, ඇමෙරිකාවේ The Wall Street Journal, සහ New York Post පුවත්පත් රූපට් මර්ඩොක්ට අයත්ය. Sky News Australia, Fox News, Sky (වසර 2018 දක්වා) ඇතුළු ලොව පුරා රූපවාහිනී නාලිකා සිය ගණනක හිමිකරු ඔහුය. වසර 2000 වන විට රූපට් මර්ඩොක් සතුව සමාගම් 800ක් රටවල් 50ක තිබූ අතර, ඔහුගේ බලපෑම ආසියාව සහ දකුණු ඇමෙරිකාව දක්වා පැතිර පැවතියේය. එම සමාගම් අතරින් බහුතරය මාධ්‍යයට ඍජුව සම්බන්ධය. වසර 2022 මාර්තු 02 වැනිදා වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 21.7ක ශුද්ධ වටිනාකමකට හිමිකම් කියන මර්ඩොක් ඇමෙරිකාවේ 31 වැනි ධනවත්ම පුද්ගලයා වේ.

දක්ෂිණාංශික රජුන් තනන්නා

ඔස්ටේ්‍රලියානු ජාතිකයකු වන මර්ඩොක් සිය මාධ්‍ය ව්‍යාපාරය ආරම්භ කරනුයේ හැත්තෑව දශකයේ ඇමෙරිකාවේ සහ බි්‍රතාන්‍යයේ ටැබ්ලොයිඩ් පුවත්පත් කිහිපයක් මිලදී ගැනීමෙනි. අන්ත දක්ෂිණාංශික අදහස් සහිත මර්ඩොක්, වඩාත් කතාබහට ලක්වන ‘චරිතයක්’ වන්නේ මාග්‍රට් තැචර්ගේ සහ රොනල්ඩ් රේගන්ගේ නව ලිබරල්වාදී ආර්ථික වැඩපිළිවෙළ වෙනුවෙන් සිය මාධ්‍ය මෙහෙයවීමත් සමගිනි. විශේෂයෙන් ඔහු බි්‍රතාන්‍යයේ සහ ඇමෙරිකාවේ රූපවාහිනී නාලිකා ආරම්භ කිරීමෙන් පසුව ඔහු රජුන් තනන්නකු බවට පත්විය. ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයත්, බි්‍රතාන්‍යයේ කොන්සෙවටිව් පක්ෂයත්, ඔස්ටේ්‍රලියාවේ ලිබරල් පක්ෂයත් බලයට පත්කිරීමේ න්‍යායපත්‍රය මෙහෙය වන්නේ රූපට් මර්ඩොක්ය. රොනල්ඩ් රේගන් තමන්ට බලයට උපකාර කළ මර්ඩොක්ට සිය ජනාධිපති බලතල යටතේ ඇමෙරිකානු පුරවැසිභාවය පිරිනැමුවේය.

වර්ගවාදී සුදු ක්‍රිස්තියානි අන්තවාදය ප්‍රවර්ධනය කරන මර්ඩොක්

ආරම්භයේදී නව ලිබරල්වාදය වෙනුවෙන් පෙනී සිටි මර්ඩොක්ගේ මාධ්‍ය ජාලය පසුගිය දශක දෙකක කාලයේදී ක්‍රමක්‍රමයෙන් අන්ත දක්ෂිණාංශික, වර්ගවාදී සුදු ක්‍රිස්තියානි අන්තවාදය ප්‍රවර්ධනය කරමින් සිටියි. ඔවුහු ලොව පුරා මතු වෙමින් ඇති නාසි ෆැසිස්ට්වාදය අගයති. ඔවුන් විශේෂයෙන් ඇමෙරිකාවේ දී කළු ජාතික විරෝධීය. යුදෙව් සහ මුස්ලිම් විරෝධීය. සංක්‍රමණික විරෝධීය. කාන්තා අයිතිවාසිකම්වලට එරෙහිය. සමරිසි විරෝධීය. මේ සෑම කණ්ඩායමක්ම සමාජයේ සතුරන් වශයෙන් වන මතවාදයක් සමාජය තුළ ස්ථාපනය කරමින් සිටියි. මේ කණ්ඩායම්වලට එරෙහි සමාජ වෛරයක්, භීතිකාවක් නිර්මාණය කරයි. මර්ඩොක්ගේ මාධ්‍ය ජාලය ප්‍රජාතන්ත්‍රවාදී පාලනය වෙනුවට ඒකාධිපතියන් උත්කර්ෂයට නංවයි. රුසියාවේ පුටින්, හංගේරියාවේ Viktor Mihály Orbán, ප්‍රංශයේ Marine Le Pen, ඉතාලියේ Giorgia Meloni, රුමේනියාවේ George Simion ඇතුළු යුරෝපයේ නාසි ෆැසිස්ට් නායකයෝ මර්ඩොක්ගේ මාධ්‍ය ජාලය විසින් පසුගිය කාලය පුරා වීරත්වයට නංවා ඇත. ඔවුන්ට බලය ලබාගැනීම සඳහා අවශ්‍ය ප්‍රචාරක සහයෝගය ලබාදෙයි. දකුණු ඇමෙරිකාවේ හිට්ලර් යැයි තමන් විසින්ම හඳුන්වා ගන්නා බ්‍රසීලයේ බොල්සනාරෝ මර්ඩොක්ගේ තවත් වීරයෙකි.

ඇබී ග්‍රොස්බර්ග් එල්ල කළ ගරිල්ලා ප්‍රහාරය

ලොව පුරා ෆැසිස්ට්වාදය ප්‍රවර්ධනය කරන මර්ඩොක්ගේ මාධ්‍ය ජාලයේ ප්‍රධාන සංරචකයක් වන Fox News ජනාධිපතිවරණ පරාජයෙන් වියරු වැටී සිටි ට්‍රම්ප්ගේ මේ අභූත චෝදනා සහ අවලාද ප්‍රචාරය කිරීම පිළිබඳ පුදුමයක් නොවෙයි. වර්තමාන ඇමෙරිකාවේ අන්ත දක්ෂිණාංශික, වර්ගවාදී සුදු ක්‍රිස්තියානි අන්තවාදය නියෝජනය කරනුයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ලුම්පන් අන්තවාදී බලවේගයයි. Fox News නාලිකාවට බොරු, අවලාද සහ වෛරී ප්‍රකාශන අමුතු දෙයක් නොවෙයි. එහෙත් මෙවර ඔවුන්ට ඩොලර් මිලියන 787.5ක වන්දියක් ගෙවීමට සිදුවූයේ සමාගම අභ්‍යන්තරයෙන් එල්ල වූ ගරිල්ලා ප්‍රහාරයක් හේතුවෙනි. මේ ප්‍රහාරය එල්ල කළේ යුදෙව් කාන්තාවක් වන ඇබී ග්‍රොස්බර්ග් (Abby Grossberg) වීම සරදමකි. ඇය Fox News හි ජනප්‍රියම Tucker Carlson Show හි විධායක නිෂ්පාදකවරියකි. Dominion Voting Systems සිවිල් නඩුවේදී තමන්ට Fox News හි බලධාරීන් සහ ඔවුන් වෙනුවෙන් පෙනීසිටින නීතිඥයන් අසත්‍ය සහ නොමඟ යවනසුලු සාක්ෂි ලබාදෙන ලෙස බලපෑම් කළ බවට චෝදනා කරමින් ඇය නඩු පැවරීය. එම නඩු පැවරීමෙන් පසුව Fox News ඇයව රැකියාවෙන් නෙරපා හැරියේය.

බයිඩන්ගේ ජයග්‍රහණය රහසේ පිළිගෙන ට්‍රම්ප්ගේ ගව පට්ටිය රැක ගැනීම

Dominion Voting Systems ඡන්ද යන්ත්‍ර දූෂිත බවට ට්‍රම්ප් සහ ඔහුගේ සට්ටැඹිරාළලා සිදුකළ චෝදනාවන් අසත්‍ය සහ අවලාද බව දැන දැනම Fox News දිගින් දිගටම එම ප්‍රචාරය ගෙනගිය බව ඇය සාක්ෂි සහිතව අධිකරණයට කරුණු ඉදිරිපත් කළාය. රූපට් මර්ඩොක් පවා ජෝ බයිඩන් ජනාධිපතිවරණය සාධාරණ ලෙස පැහැදිලිව ජයගත් බව පිළිගත් නමුත් දැන දැනම මේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළේ Fox News වටා ඒකරාශිවී සිටින බහුතර ප්‍රේක්ෂකයන්ගේ (ට්‍රම්ප්ගේ ගව පට්ටිය) පරිභෝජනයට බව ඇය හෙළි කළාය.

ඇබී ග්‍රොස්බර්ග්, ස්ත්‍රී විරෝධී FOX Newsහි හොට පටලවයි

යුදෙව් ජාතිකයකු වීම සහ කාන්තාවක් වීම හේතුකොට ගෙන තමන්ට ආයතන තුළ විඳීමට සිදුවූ නොසලකා හැරීම්, අතවර සහ වෙනස් ලෙස සැලකීම්, අවලාද සම්බන්ධයෙන්ද ඇය Fox News ට එරෙහිව සිවිල් නඩුවක් ගොනුකර ඇත. විශේෂයෙන් ඇගේ චෝදනා එල්ල වී ඇත්තේ ටකර් කාල්සන්ගේ වියරු වර්ගවාදී, කාන්තා විරෝධී, පීඩාකාරී හැසිරීම් පිළිබඳය. ඇගේ අධිකරණ යොමුකිරීම් විශ්ලේෂණයට ලක්කළ කරන නීති විශාරදයන් පෙන්වා දෙන්නේ විසිඑක්වැනි සියවසේ ඇමෙරිකාව තුළ එවැනි ආයතනික සංස්කෘතියක් පැවැතීම මනුෂ්‍යත්වයට කරන නින්දාවක් බවයි.

රූපට් මර්ඩොක් Dominion Voting Systems Vs Fox News නඩුව වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කළ ලිඛිත ප්‍රකාශනයක් හරහා වසර 2020 ජනාධිපතිවරණය පිළිබඳ අසත්‍ය තොරතුරු තම නාලිකා දිගින් දිගටම ප්‍රකාශ කළ බව තමන් දන්නා නමුත් ඒවා නතර කිරීමට තමන් මැදිහත් නොවූ බව පිළිගත්තේය. ට්‍රම්ප්ගේ අසත්‍ය චෝදනා නැවත ප්‍රතිවාදනය කළ Fox News සේවකයන් පවා එම චෝදනා කිසිදු පදනමක් නොමැති අසත්‍ය බව දැන සිටි බවද ඔහු හෙළි කළේය.

රූපට් මර්ඩොක් සාක්ෂි කූඩුවට

Dominion Voting Systems ආයතනයට ඩොලර් මිලියන 787. 5ක් වන්දි ගෙවා නඩුව සමථයකට පත්කර ගැනීමට Fox News තීරණය කිරීමට එක් මූලික හේතුවක් වන්නේ ජූරියක් ඉදිරියේ විවෘත අධිකරණයේ නඩුව විභාග වුවහොත් ආයතනයේ අභ්‍යන්තර කුණුගොඩවල් ලෝකයට නිරාවරණය වීමේ අනතුරයි. Dominion Voting Systems ආයතනය තම සාක්ෂිකරුවන් වශයෙන් Fox Corporation හි සභාපති රූපට් මර්ඩොක්, ප්‍රධාන විධායක නිලධාරී ඔහුගේ පුත් ලැච්ලන් මර්ඩොක්, Fox News හි ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන් වන ෂෝන් හැනිටි සහ ටකර් කාල්සන් නම්කර තිබිණි.

Smartmatic නම් බි්‍රතාන්‍ය ඡන්ද යන්ත්‍ර සමාගම ඇ. ඩොලර් බිලියන 2.7ක් වන්දියක් ඉල්ලා නඩු දමයි

Dominion Voting Systems ආයතනය රුඩි ජුලියානි ඇතුළු ට්‍රම්ප්ගේ සට්ටැඹි රාළලාට සහ Fox News වැඩසටහන් ඉදිරිපත් කරන්නන්ට වෙන වෙනම සිවිල් නඩු පවරා තිබේ. මෙයට අමතරව Smartmatic නම් බි්‍රතාන්‍ය ඡන්ද යන්ත්‍ර සමාගම ද Fox News හි පච ප්‍රචාරයන්ට එරෙහිව ඇ. ඩොලර් බිලියන 2.7ක වන්දියක් ඉල්ලා සිවිල් නඩුවක් පවරා තිබේ. එම සමාගම ද Fox News වැඩසටහන් ඉදිරිපත් කරන්නන්ට වෙන වෙනම සිවිල් නඩු පවරා තිබේ. මේ සිවිල් නඩු වෙනුවෙන් සාක්ෂි ලබාදීමට ඇබී ග්‍රොස්බර්ග් ඉදිරිපත්වී සිටින්නීය.

මර්ඩොක් ටකර් කාල්සන්ට දොර වසයි

පසුගිය දශක දෙකක කාලය පුරා සුදු ක්‍රිස්තියානි නොවන සමාජ කොටස් ඉලක්ක කර ගනිමින් සමාජ වෛරයක්, භීතිකාවක් නිර්මාණය කර ඔවුන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්කළ Fox News හි හොට දැන් පැටලී තිබේ. පසුගිය කාලය පුරා Fox News හරහා අන්ත දක්ෂිණාංශික, වර්ගවාදී සුදු ක්‍රිස්තියානි අන්තවාදය ප්‍රවර්ධනය කරමින් ලොව පුරා මතු වෙමින් ඇති නාසි ෆැසිස්ට්වාදය උත්කර්ෂයට නැංවීමට කටයුතු කළේ ටකර් කාල්සන්ය. ඔහු Fox News හි වර්තමාන දේශපාලන න්‍යාය පත්‍රයේ ප්‍රකාශකයාය. පසුගිය අප්‍රේල් 24 වැනිදා ඔහුගේ සේවය අවසන් කිරීමට රූපට් මර්ඩොක් තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. ඔහුට විරුද්ධව ඇබී ග්‍රොස්බර්ග් අධිකරණයේ ඉදිරිපත් කළ චෝදනා, Dominion Voting Systems ආයතනයට ගෙවීමට සිදුවූ වන්දිය මෙන්ම ඔහුගේ ෆැසිස්ට් දක්ෂිණාංශික අන්තවාදය ආයතනයට පාලනය කරගත නොහැකි මට්ටමකට පැමිණීම මේ තීරණයට හේතුවී ඇති බව මාධ්‍ය විශ්ලේෂකයන්ගේ අදහසයි.

පුටින්ගේ ප්‍රයෝජනවත් මුග්ධයා

මර්ඩොක්, ටකර් කාල්සන්ව පන්නා දමා පැය කිහිපයක් යෑමට පෙර පළමුව ඒ පිළිබඳ සිය විරෝධය සහ කනස්සල්ල පළකළේ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ය. කාල්සන් තරම් පුටින් ඇතුළු ලොව පුරා ඒකාධිපතීන් උත්කර්ෂයට පත්කළ වෙනත් චරිතයක් නැත. පැරණි KGB භාෂාවෙන් පවසතොත් ඔහු පුටින්ට සහ රුසියාවට ප්‍රයෝජනවත් මුග්ධයෙකි (Useful Idiot). දැනටමත් ඔහුට රුසියාවේ රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි සේවය කිරීමට ආරාධනා ලැබී ඇත. ටකර් කාල්සන් දශක දෙකක පමණ කාලයක් ප්‍රවර්ධනය කළ සුදු ක්‍රිස්තියානි ෆැසිස්ට් දක්ෂිණාංශික අන්තවාදය සහ පුටින්ගේ දේශපාලනය අතර කිසිදු වෙනසක් නොමැති බැවින් රුසියානු විදේශ ඇමැතිවරයාගේ කනස්සල්ල පිළිබඳ පුදුම විය යුතු නැත.

දක්ෂිණාංශික ගව පට්ටියෙන් හැකි තරම් කිරි දොවාගැනීමේ න්‍යාය

එහෙත් ටකර් කාල්සන් යනු පරණ HMV තැටියකි. රූපට් මර්ඩොක් ඩෙලවෙයා ප්‍රාන්ත අධිකරණයට ඉදිරිපත් කළ ලිඛිත ප්‍රකාශයට අනුව Fox News හි කාල්සන්, ඇතුළු අන්තවාදී වැඩසටහන් ඉදිරිපත් කරන්නන් ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන අසත්‍ය තොරතුරු, ක්‍රමන්ත්‍රණ න්‍යායන් පිළිබඳ තමන් දන්නා නමුත් ඒවා නැවැත්වීමට තමන් කටයුතු නොකළ බව ඔහු පිළිගත්තේය. ඔහුගේ අරමුණ ඉතා පැහැදිලිය, හැකි තරම් දක්ෂිණාංශික ගව පට්ටිය පෝෂණය කර උපරිමයෙන් කිරි දොවාගැනීමයි. තම සමාගමට ඩොලර් ගලා ඒ නම් සමාජයට, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවන හානිය පිළිබඳ ඔහුට හැඟීමක්, තැකීමක් නැත. ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක් වන්දි ගෙවා ඔවුන් පසුගිය කාලය පුරා ලොව පුරා සමාජ, දේශපාලන සමාජ දේහයට සිදුකළ විනාශයෙන් ගැළවිය නොහැක. ඔවුන් පසුගිය කාලය පුරා සමාජගත කළ කුමන්ත්‍රණ න්‍යාය හේතුවෙන් නිර්මාණය වී තිබෙන ව්‍යාජ සමාජ භීතීන්, සමාජ වෛරයන් සහ ප්‍රචණ්ඩ මානසිකත්වයන් යළි හැරවීම ඉතා දුෂ්කර කාර්යයක් බව ඉතා පැහැදිලිය.

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

නම් කියනවා විතරයි… හොරු අල්ලන්නේ නෑ… අහවල් එක හංගාගෙන… අහවල් එකෙන් අහවල් හොරකම් අල්ලන… අපේ අහවල් උන්නැහේලා…

Next Post

කොරෝනාව එනවා පෙනුනේ නෑ – අරගලවකින් ගෝඨා පන්නනවා පෙනුනේ නෑ, රට කිරියෙන් පැණියෙන් ස්වයං පෝෂිත වෙනවා කිව්වා, මහින්ද පැරදුනොත් වෙඩි තියාගන්නවා කිව්වා, කතරගම දෙවියෝ ජීවමානව වඩිනවා කිව්වා – කියපු එකක්වත් වුණේ නෑ, ජ්‍යොතිෂකාරයෝ ඔන්න අයෙමත් ටී.වී.-ෆෝන් අරක්ගෙන අනාවැකි කියනවා…

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.