• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නම් කියනවා විතරයි… හොරු අල්ලන්නේ නෑ… අහවල් එක හංගාගෙන… අහවල් එකෙන් අහවල් හොරකම් අල්ලන… අපේ අහවල් උන්නැහේලා…

May 4, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
නම් කියනවා විතරයි… හොරු අල්ලන්නේ නෑ… අහවල් එක හංගාගෙන… අහවල් එකෙන් අහවල් හොරකම් අල්ලන… අපේ අහවල් උන්නැහේලා…
Share on WhatsAppShare on Facebook

“ගසමුල කෙටුම ගසමුල පෑවුමෙන් දැැනේ – අමුතු බත්දීම අත ඇල්ලුමෙන් දැනේ” යන්න සේම “කුඩේ කිහිල්ලේ ගසාගෙන අතින් ගහනවා නොහොත් අහවල් එක හංගාගෙන අහවල් එකෙන් අහවල් එක කරනවා” යන්න ද ජන වහරේ බොහෝ දේ නොකියා කියන “තැනැති” (ස්ථානෝචිත) කියුම්ය.

ගසක් කපා බිම හෙළීම සහ කෑම ටිකක් කා යන්නැයි කෙරෙන ඉල්ලීමේ ස්වභාවය ද ඒ වෙනුවෙන් ගැනෙන උත්සාහයෙන්ම දතහැකි බව පැරැන්නෝ එසේ කීහ. කුඩේ කිහිල්ලේ ගසාගෙන පහරදීමේ කතාව ද එවැන්නකි. ලෝකයාට පේන්න පහර දුන් බව කීමකි. එහෙත් පහර දිය යුතු අන්දමට නොවේ.

ජේසුස්වාමි දරුවන්ගේ ඝාතනය පිළිබඳ තමන්ගේ සම්බන්ධයක් නැතැයි කීමට “පිලාත්” උන්නැහේ අත් සෝදා ගත්තේද ඔන්න ඔය කියන අන්දමටය.

මහා සංඝ රත්නය ධර්ම දේශනාවලදී කියන අන්දමට මේ අටුවාව “කියන්නට යෙදුණේ” අපේ රටේ දැවැන්ත හොරු වංචාකාරයන් ඇල්ලීමට වගකිව යුතු ඇතැමුන් රටට කරුණු කියන නොසණ්ඩාල අන්දම පැහැදිලි කිරීමටය.

“හොරාගේ නම අනාවරණය කළා” යන ප්‍රකාශයෙන් තමනුත් හොරාත් (වංචනිකයාත්) යන දෙපක්‍ෂයම රැකීමේ “සුංමදනා” සිද්ධාන්තයේ පිහිටා බොහෝ දෙනකු ක්‍රියාකරන අන්දම ගැන කීමටය.

ආසන්නම සිද්ධිය “එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්” MV Xpress Pearl නෞකාව දැවීයාමෙන් සිදුවූ හානියෙන් අපට ලැබිය යුතු වන්දිය අයකර ගත නොහෙන අන්දමට “කාලාවරෝධයක්” (නඩු පැවරිය හැකි කාලසීමාව ඉක්මවීම) වෙනුවෙන් “අතයටින්” ලබාගත් බව කියන ඩොලර් බිලියන දෙසිය පනහක හෙවත් ආසන්න වශයෙන් රුපියල් කෝටි හැත්තෑපන් ලක්‍ෂයකටත් වැඩි අල්ලස සම්බන්ධයෙන් තොරතුරු “කියලත් නැති, නොකියාත් නැති” අයුරින් අපේ නඩු කියන ඇමෑත්ත විජේදාස ගොයියා මහවාසලේදී කළ “තඩි පොරකාසය” ගැන කීමටය. (ඩොලරයක වටිනාකම රුපියල් තුන්සියයක් සේ ගණනය කර) (අපේ රටට අය කරගත හැකි යැයි කියන වන්දිය ඇමෙරිකන් ඩොලර් බිලියන හයයි දශම පහක් (6.5) හෙවත් රුපියල් දෙලක්‍ෂ තිස්තුන් දහස් හාරසිය දෙකෝටි අනූනව ලක්‍ෂ විසිහතර දහස් අටසියයක් බව විගණකාධිපති කියයි.

සිවිල් වගකීම යටතේ නඩු පවරා වන්දිය අපට ලබාගැනීමට නම් 2021.05.21 දින සිදුවූ අනතුර වෙනුවෙන් වසර දෙකක් ඇතුළත හෙවත් 2023.05.21 දිනට පෙර නඩු පැවරිය යුතුව තිබුණු අවුරුද්දයි මාස දහයක පමණ කාලයක් තිස්සේ “විලිලමින්” (ප්‍රසවය සඳහා තැටමීම) සිට කර්මජ වාතය චලිත කර “වැදුවේ” ඊයෙ පෙරේදාය.

විලිලෑම උදෙසා මෙපමණ කලක් ගතවූවේ ඩොලර් බිලියන දෙසිය පනහක අල්ලසක් ගැනීමේ සිද්ධියක් නිසා බවද කියනු ඇසිණි. එහෙත් ඒ ගත් අය කවුරුන් දැයි කියන්නට දවස් ගණනක් ද තෙපර බෑවේය.

“දූෂණ විරෝධී හඬ” නමැති සංවිධානයක් ඒ වංචනිකයන් කවුරුන්දැයි ඇමෑත්තයාගෙන් අනාවරණ කරවා ගැනීම සඳහා නීතිමය පියවරද ගත්තේ හරියට “සිසේරියන්” (ගම්මුන් කියන අන්දමට සීසර්) සැත්කම කරව ගත්තාක් මෙනි. අන්තිමේදී හෙතෙම මහ වාසලේ දී මුඛපද්මය විදාරණය කැර ඒ තෙමේ වනාහි චාමර ගුණසේකර නම් කෙනෙකුන් බැව් කීයේය.

“කිරිඅප්පට බල්ලො පැනපි” යැයි කියන්නේ මේ කියන “චාමරයා” කවුරුන්දැයි හොයන්නට ගිය කලය.

සොරකමක් සොයන්නට යෙදූ පොලිස් සුනඛයා භාණ්ඩ හිමිකරුවාගේ නිවෙසටම රිංගුවා සේ චාමර ගුණසේකර කවුරුන්දැයි (Goole) සෙවූකල මතුවන නම්ගොත් අහවලුන්ගේ යැයි සඳහන් වන බවට මාධ්‍යවල කියන කතාව සත්‍ය නම් අපට සිදුව ඇත්තේ ජපානේ “හරාකිරි” ක්‍රමය පැවැත්වීම සඳහා සමූහ සමස්ත මහජනතාව වෙනුවෙන් උත්සවයක් සංවිධාන කිරීමය. එම උත්සවයේ ප්‍රධාන අමුත්තන් හැටියට රාපක්‍ෂලා “බානටම” ආරාධනය කර කැඳවීම මසුරං වටින්නේමය. රාජපක්‍ෂලා “බාන” යැයි හඳුන්වන ලද්දේ හිටපු ජනාධිපති (කජුකිරි කොල්ලංට බයේ පස්ස දොරෙන් පැනගිය රණවිරු) ගෝඨාභය රාජපක්‍ෂ උන්නැහේත් අපේ නඩුහබ කියන කරන ඇමෑත්ත විජේදාස රාජපක්‍ෂ ගොයියාත්ය.

හොරු වංචනිකයන් ඇල්ලීමට උන්ගේ නම්ගම් තොරතුරු සහ වැලගිය මුලගිය තැන් පමණක් නොව උන්ගේ “පෙකනිවැල” ඉංගිරිසියෙං කියන්නේ නම් “නේවල් කෝඩ්” එක කැපූ වින්නඹු අම්මා ඒ අවස්ථාවේ ඇඳ සිටි කම්බාය අලෙවි කළ ව්‍යාපාරික තම්බිගේ නම පවා රටට කියා ඇති අවස්ථා එමටය.

එහෙත් ඒ විස්තර කීමෙන් පමණක් රට්ටුන්ට මෙතෙක් සිදුවූ අබමල් රේණුවක යහපතක් ගැන නම් අසන්නටවත් නැත. ඒ සඳහා උදාහරණ ඕනෑපදම් “මගේ ගානේ නොව තොගේ ගානේම” දිය හැකිය.

රාජපක්‍ෂ නඩය බලයට ඒම සඳහා පාස්තු ප්‍රහාරය සේම මහජනයාට දුන් අනිත් කැරට් අලය මහ බැංකු හොරු ඇල්ලීමය.

පුහ්… අරූ හොරා යැයි රටට කීවේය. මූ හොරා යැයි කීවේය. රනිලා හොරා යැයි කීවේය. ඒ කීවේ ඒ අයට කඩේ නොව බඩේලිය ගියත් අමුඩේ පවා සෝදන්නට ඉතසිතින් ඇපවී කැපවී සිටි මහජනයාට කැලණි නයි පවා පෙන්නීමට පෙරමුණ ගත් “කශ්ටිය” ප්‍රමුඛ මාධ්‍ය “හපුයියන්”ය.

ඔය අතරේ “මහේන්ද්‍රන්” ලොක්කාද අඩංගු වූවේය. බැංකු සල්ලිවලින් කොටස් හිමිකරගත් දේශපාලුවන් සිටින බවද කියන ලද්දෝය. එහෙත් වර්තමානයේ රනිල් ඉහළම පුටුවේය. මගුලක් කිරීමට සිංගප්පූරුවට ගිය මහේන්ද්‍රන් කනෙන් අල්ලා කුදලා ගේන බව කීවේය. එහෙත් ඔහු තවමත් අගේට එහේ මගුල් කරනවාය.

“අල්ලයි මගෙ නැට්ට” යැයි ඔහු කී බව කියන කතාවක් මීට ටික දොහකට උඩදී පත්තරේක තිබූ බව නම් මතකය.

යහපාලන ආණ්ඩුව බලයට පැමිණි 2015 දී මුදල් ඇමැති රවි කරණානායක මහතාද රාජකාරි භාරගත් මුල් දිනවල දීම මෙවැනිම අණාවරණයක් කෙළේය. ඒ මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡා කීපයකදීය. (එවක මව්බිම පුවත්පතේ සේවය කළ මේ ලියුම්කරු ඒ සියල්ලටම සහභාගි වූවේය.

“හිටපු (මහින්ද රාපක්‍ෂ) ආණ්ඩුවේ ලොක්කන්ගේ කෝටි ගණනක සල්ලි පිටරට බැංකුවල තැන්පත් කර තියෙනවා. ඒ මුදල් සියල්ල අපේ රටට ආපහු ළඟදීම ගේනවා. ඒ පිළිබඳ දැන් පරීක්‍ෂණ පැවැත්වෙනවා” යැයි කීවේය. (ඒ පිළිබඳ දැඩි උනන්දුවක් දැක් වූ මේ ලියුම්කරු ඒ ධනස්කන්ධය කෙතෙක්ද? කාගේ ගිණුම්වලද, කවර බැංකුවලද යන්න ඒ සෑම අවස්ථාවකම විමසුවත් පිළිතුරු වශයෙන් පැවසුණේ “පරීක්‍ෂණ නිමවනතුරු අනාවරණ කළ නොහැකිය” යන්න පමණි. එහෙත් යහපාලන ආණ්ඩුව ගෙදර යනතුරුත් ඒ පරීක්‍ෂණ නිම නොවීය).

දැනට අවුරුදු කිපයකට පෙර 2002.11.15 සිට 2004.08.25 අතර අවුරුද්දයි මාස නවයයි දින දහයක කාලය තුළ දකුණු ආසියාවේ විශාලම මුදල් වංචාව සිදුවූයේ නවිකට් ශ්‍රීන් විරාජමාන සිරිලංකාවේය.

මහා වැට් බදු වංචාව ලෙසින් ජාත්‍යන්තරයම “හොල්මං” කළ සිද්ධියෙන් සමාගම් විස්සක් වෙනුවෙන් ලියැවුණු චෙක්පත් දෙසිය තිස්පහකින් වංචා කළ මුදල රුපියල් කෝටි තිස්අට දහස් නමසියයකි.

කමෙල් කුදුබ්දීන් කියන මේ වංචා කරු රටින් පැනගොස් ඩුබායි රටේ කාමර දෙසීයක හෝටලයක් ඇතුළු මහා ධනස්කන්ධයක් සහිත කෝටිප්‍රකෝටිපතියකුව වර්තමානයේ වෙසෙන බව පැවසේ. මේ හොරා වරින් වර ලංකාවට එන යන බවද පැවසේ. එහෙත් බොහෝ දෙනා මුනිවත රකිත්.

වංචා නඩුවේදී රජයේ සාක්‍ෂිකරුවෙක් වූ “සින්නයියා සුබ්බ්‍රමානියම් (කඳසුරිඳු) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මෙසේ කීය.

“මහ මොළකාරයා කුදුබ්දීන් කියල ව්‍යාපාරිකයෙක්. දැන් එයා රට පැනල ඉන්නෙ. එයාට දේශපාලනයේ ඉහළම තලයේ, ඒ කියන්නෙ මුදල් ඇමැති මට්ටමේ අය එක්කත් ඉතාම කිට්ටු සම්බන්ධකම් තියෙනවා. කතා කරන්නෙ මචං ලෙවල් එකෙන්…” තත්ත්වය ඕකය.

විගණකාධිපති කියන අන්දමට අනෙක් සැකකරුවන් මෙසේය

(1) ගොඩගමුව, පිළියන්දල පාරේ, අංක 43/26 ස්ථානයේ පදිංචි අගම්පොඩි ඥානසිරි ජයතිලක (2) සහකාර කොමසාරිස්වරයකු වන ආනන්ද වික්‍රමසිංහ අඹේපිටිය (3) කොළඹ 07, බුලර්ස් පටුමගේ (ඇවනිව්) අංක 46 පදිංචි සින්නයියා සුබ්බ්‍රමානියම් (4) ඩුබායි රටේ පදිංචි බව කියන මහ මොළකරු කමිල් කුදුබ්දීන් (5) කොළඹ 07, ලෝව(ර්) ටෙරස් ප්‍රදේශයේ පදිංචි “අශ්රොෆ්” හාජියාරේ. (6) කොළඹ03, Flower Terraceහි අංක 14 දරන ස්ථානයේ පදිංචි අස්නි අමීර් (7) මොහමඩ් හුසේන් මොහමඩ් මිර්ෂාද් (8) මොහමඩ් නස්මි නාගුර් අදුමාල්.

මේ මහජන සල්ලි මහජනයාට ලබාගන්න හැටියක් නැති හැටි කාට කියන්නද?

“කෝටි ගණනක මහ වැට් වංචාව සිදුවූ හැටි” යන මැයෙන් 2006.04.11 දින ප්‍රථම වතාවට සවිස්තරව මේ වංචාව (ලියුම්කරු එවකට සිටි) ලක්බිම පුවත්පතින් පළමුවෙන්ම මාධ්‍යයට අනාවරණ කළ මේ ලියුම්කරු “ලංකාවේ ලොකුම බදු හොරකම කරපු කුදුබ්දීන් තවමත් නිදැල්ලේ” යනුවෙන් 2022.10.30 දින ‘මව්රට’ 15 වැනි පිටුවේ මහජනයාට සිද්ධිය යළි සිහිපත් කර දුන්නේය.)

පැන්ඩෝරා පේපර්ස්වලින් අනාවරණ කළ වංචාද ලේසි ඒවා නොවේ. ඒ රාජපක්‍ෂ පවුලට ඉතාම කිට්ටු උදවියය. මේවා ගැන ලිවීමත් කිීමත් දවසින් දෙකකින් කළ හැකි දෙයක් ද නොවේ.

මේ වංචා අනාවරණ කරන බව පවසමින් වගකිව යුතු සියලු දෙනා පාහේ ලකුණ දමාගැනීමට පවත්වන්නේ “මල්වෙඩි” සංදර්ශනය. කතාකරන්නේ “හීරෝලා” වගේය. එහෙත් අන්තිමට “සීරෝ”ය. ඒ මහජනතාව මුලාකර තම බඩවඩා ගනිමින් බලයේ රැඳී සිටීමටය. ඔය “හීරෝලාගේ, නීරෝලාගේ” හැටිය.

මේ රටේ මහජනතාව අපේක්‍ෂා කරන්නේ මල්වෙඩි සංදර්ශන නොවේ. වැටී ඇති මේ නරාවලෙන් ගොඩ ඒමේ මාර්ගයකි. ඒ මිස කළයුත්ත වෙනුවට සද්ධර්මරත්නාවලිය් සඳහන් පරිදි “බුරුලු තබා අඟින් කිරි දෙවීම” නොව්.

සර්ප විෂ වෛiවරයකු “රෝගියාගේ “කෑ මුඛේ” ආලේප කරන්න” යැයි දුන් උපදෙස පසෙක තබා මුඛේ වෙනුවට වෙන කොහේදො ගෑ (ආලේප) කළ අන්දමේ ප්‍රතිකර්ම නොවේ.

විනාශ කළ නොහැකි යැයි කී ප්‍රභාකරන් අපේ විරුවන් විසින් නසන ලද්දේය. පරාජය කළ නොහැකි යැයි කී රාජපක්‍ෂලාගේ “පස්ස පැත්තෙන් දුං දම දමා දුවන්නට” අරගලේ කොල්ලං පුංචි පහේ “සත්තමක්” දැම්මේය. ස්වභාවය එසේය.

ටික දෙනකු බොහෝ කාලයක් රැවටිය හැකිය. බොහෝ දෙනකු ටික කාලයක් රැවටිය හැකිය. එහෙත් බොහෝ දෙනකු බොහෝ කාලයක් රැවටිය නොහැකි බවද කවුරුත් සිහිතබාගත යුතුය.



චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

රනිල්ගේ ආරක්ෂක ඇමැතිකමේ වැඩ බලන්න ප්‍රමිතට බාර දෙයි!

Next Post

සියවසේ හොඳම නඩුව…! මීඩියා පකීර්ලට හොඳ පාඩමක්…! අතේ පැළ වෙන බොරු කී FOX NEWS පච මෝල…!

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.