• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් ‌දේශපාලනය අතහරී: ‌ලොකු තනතුරකට පිටරට යන්න හදයි (රාජ්‍ය රහස්)

February 8, 2020
in Exclusive, Rajya Rahas
Reading Time: 1 min read
A A
රනිල් ‌දේශපාලනය අතහරී: ‌ලොකු තනතුරකට පිටරට යන්න හදයි (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ මෑත කාලයේ සිදුකරනු ලැබූ සුවිශේෂම හෙළිදරව් කිරීම සිදුකිරීමට සූදානම්ය. මේ වන විට එජාපය ඇතුළේ පවතින අර්බුදය රටටම රහසක් නොවන අතර එහි රනිල් පිල නියෝජනය කරමින් එක් පාර්ශ්වයකුත්, සජිත් පිල නියෝජනය කරමින් තවත් පාර්ශ්වයකුත් දෙපැත්තට බෙදී සිටින ආකාරයක් දැකගන්නට ඇත.
මෙහිදී සජිත් පිල දිගින් දිගටම පක්ෂ නායකත්වය ලබාගැනීම සඳහා සටනක් දියත් කර ඇති ආකාරයක්ද, රනිල් පිල ඊට මුහුණදෙමින් තවදුරටත් නායකත්වය එම පාර්ශ්වය සතුව තබාගැනීමට සටනක් දියත් කර ඇති ආකාරයක්ද දැකගන්නට තිබේ.
එසේ අතිබහුතරයක් දෙනා එජාප නායකත්වය අත්හරින ලෙසට දැඩිව බලපෑම් එල්ල කරද්දී රනිල් මේ ආකාරයට තවදුරටත් නායකත්වය අල්ලාගෙන සිටීම පසුපස ඇති රහස කුමක්ද යන්නත්, රනිල්ගේ අනාගත දේශපාලන සැලැසුම කුමක්ද යන්නත් පිළිබඳ පසුගිය කාලය පුරා අපි විශාල සෙවිල්ලක නිරත වී සිටියෙමු. අපට එය අනාවරණය වූයේ පසුගිය සතියේය.
සාමාන්‍යයෙන් රනිල් සැලකෙන්නේ දේශපාලන චෙස් ක්‍රීඩාවේ ඉතා සටකපට, සූක්ෂම ගේම්කාරයකු ලෙසටය. ඒ අනුව මෙවර රාජ්‍ය රහස් තීරයෙන් අප මේ සටකපට දේශපාලන ගේම්කාරයාගේ අනාගත බලාපොරොත්තුව පළමුවරට රටට හෙළිදරව් කිරීමට අප සූදානම්ය.
ඒ අනුව රනිල් ගහන මේ ගේම් එක මොකක්ද?
මෙහිදී අපට වාර්තා වී ඇති අතිශය විශ්වාසදායක තොරතුරුවලින් කියැවෙන්නේ රනිල් මේ වන විටත් එජාපයේ නායකත්වය අතහැරීමට තීන්දු කර ඇති බවය. මේ දක්වා හෝ රනිල් ඉතා අසීරුවෙන් නායකත්වය අල්ලාගෙන සිටින්නේ වෙන කිසිවක් සඳහා හෝ වෙන කිසිවකුත් වෙනුවෙන් නොව තමන් ඉල්ලුම් කර ඇති ජාත්‍යන්තර තනතුරක් සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන්ගෙන් කොළ එළිය පත්තු වන තෙක්ය. ඒ අනුව අපට දැනගන්නට ලැබී ඇත්තේ ජාත්‍යන්තරය පිළිගත් ප්‍රධාන ආයතන තුනක ඉහළ තනතුරු සඳහා රනිල් ඉල්ලුම් කොට ඇති බවය. ප්‍රධාන රටවල් කිහිපයක තානාපති කාර්යාල සහ අදාළ ජාත්‍යන්තර සංවිධාන අතර ඒ සම්බන්ධයෙන් මේ වන විටත් කිසියම් සාකච්ඡාවක් රනිල් සමග පැවැත්වෙමින් ඇති බවක්ද රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ඇත.
මෙහිදී රනිල්ගේ වැඩිම කැමැත්ත ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් තනතුර වෙතටය. එය එතරම් ක්‍රියාශීලී තනතුරක් නොවුවද එය ජාත්‍යන්තර වශයෙන් විශාල පිළිගැනීමක් ඇති තනතුරක් බව අමුතුවෙන් කිවයුතු නැත. එම නිසා රනිල්ගේ පළමු ඉලක්කය වී ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් තනතුරය.
රනිල් දෙවැනියට ඇස ගසාගෙන සිටින්නේ ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ඉහළ තනතුරකි. එය මහකොමසාරිස් තනතුර නොවන ඊට පමණක් දෙවැනි උප කොමසාරිස් තනතුරක් බවද රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
එමෙන්ම තවත් තනතුරක් සම්බන්ධයෙන් රනිල් හා තවත් ජාත්‍යන්තර ආයතනයක් අතර මේ වන විට සාකච්ඡා වටයක් ආරම්භ වී ඇති නමුත් අපට එම ආයතනයේ තොරතුරු තවමත් වාර්තා වී නොමැත. ලබන සතිය වන විට එම ජාත්‍යන්තර ආයතනයේ තොරතුරුද රාජ්‍ය රහස් කියවන පාඨකයන්ට ගෙන ඒමට අප සූදානම්ය.
එමෙන්ම නිල නොවන ආකාරයට අපට ලැබී ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙම සාකච්ඡා දැනටමත් ඉතාමත් ධනාත්මක තත්ත්වයේ පවතිනවා යැයි කියාය. එමෙන්ම මෙවැනි ජාත්‍යන්තර තලයේ තනතුරක් සඳහා ඉල්ලුම් කරද්දී සාමාන්‍යයෙන් පවතින රජයේ අනුමැතියද බලපාන අතර, ඒ සඳහා රාජපක්ෂ රජයේ විරෝධයක් පලව නොමැති බවද අපට දැනගන්නට ඇත. ආණ්ඩුවේ එම ප්‍රතිචාරය ලැබීමත් සමඟ රනිල් හා එම ජාත්‍යන්තර ආයතන අතර පවතින සාකච්ඡා තවත් පියවරක් ඉදිරියට ගොස් ඇති බවක්ද රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
මෙම තත්ත්වය යටතේ යම් හෙයකින් මෙම සාකච්ඡා සාර්ථක වුවහොත් ඉදිරි කාලය තුළ රනිල් ජාත්‍යන්තර තලයේ සිට අලුත් දේශපාලන භූමිකාවකට පණ පොවනු ඇත. ශ්‍රී ලංකාව තුළ රනිල්ගේ දේශපාලනය සම්බන්ධයෙන් කුමන ආකාරයේ වාද විවාද තිබුණද ජාත්‍යන්තරය තුළ රනිල් සම්බන්ධයෙන් ඇත්තේ ඉතාමත්ම ධනාත්මක ප්‍රතිරූපයකි. ජාත්‍යන්තර කටයුතුවලදී රනිල්ට ඇති අත්දැකීම් සහ එම පරිණත බව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ විශාල කීර්තියක් දිනාගැනීමට රනිල් සමත්ව සිටීම නිසා පක්ෂ නායකයකු ලෙස ඔහු ලංකාව තුළ අසමත් වුවත් ජාත්‍යන්තර නායකයකු ලෙස ඔහු රටට යම් සාධාරණයක් ඉටුකරනු ඇති බව සියලු දෙනාගේම තක්සේරුව වී තිබේ. ඒ අනුව රනිල්ද ක්‍රම ක්‍රමයෙන් තමන් සතුව ඇති පක්ෂයේ බලතල සජිත් ඇතුළු කණ්ඩායමට පවරමින් මේ සැරසෙන්නේ එම අලුත් භූමිකාවට පණපෙවීමටද යන්න ගැන අපටද ඇත්තේ විශාල සැකයකි. සියල්ලන්ම එපා කියද්දී රනිල් පසුගිය ජනාධිපතිවරණයේදී එහි අපේක්ෂකත්වය සජිත්ට ලබාදීමට කටයුතු කර තිබිණි. දැන් නව සන්ධානයේ නායකත්වයද, විපක්ෂ නායක ධුරයද රනිල් විසින් සජිත්ට ලබාදීමට කටයුතු කර ඇත. රනිල් එසේ කරන්නේ අවසන් කාලයේදී තමා මුල්කරගෙන පක්ෂය දෙකඩ වූ බවට වන චෝදනාවට ලක්ව දේශපාලනයෙන් විශ්‍රාම යනවාට වඩා පක්ෂයේ සියලු දෙනාගේම ආශිර්වාදය ඇතිව දේශපාලනයෙන් විශ්‍රාම ගොස් ජාත්‍යන්තර දේශපාලනයට ඇතුළු වීමටද යන්න තහවුරු කර ගැනීම සඳහා තවත් ටික කාලයක් බලා සිටීමට සියලු දෙනාටම සිදුවනු ඇත.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

රාජපක්ෂලා බණ්ඩාරනායකලා එක්වෙයිද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

මෛත්‍රිගෙ මල්ලි ඩඩ්ලි ‘අරලිය ‌හෝටලේ’ ගත්තේ ‘තග’ දාලාද?

MORE NEWS

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

Load More
අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පසුගිය පක්ෂ නායක රැස්වීමේ දී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍ය පාලනයේ ප්‍රධාන කුළුණු තුන (Tripartite System of Government) හා...

Read more
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.