• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැලණිය පරිගණක හා තාක්ෂණ පීඨය මාස 12කින් ප්‍රතිඵල නිකුත් කර නෑ! පේරාදෙණිය සමසෞඛ්‍ය විද්‍යා පීඨය තාමත් අධ්‍යයන කාලසටහන් ඉදිරිපත් කර නෑ! අන්තරේ වසන්ත පාර්ලිමේන්තුවට ඇවිත් කියයි! තේරීම් කාරක සභාව වහාම ක්‍රියාමාර්ග ගනී!

April 30, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කැලණිය පරිගණක හා තාක්ෂණ පීඨය මාස 12කින් ප්‍රතිඵල නිකුත් කර නෑ! පේරාදෙණිය සමසෞඛ්‍ය විද්‍යා පීඨය තාමත් අධ්‍යයන කාලසටහන් ඉදිරිපත් කර නෑ! අන්තරේ වසන්ත පාර්ලිමේන්තුවට ඇවිත් කියයි! තේරීම් කාරක සභාව වහාම ක්‍රියාමාර්ග ගනී!
Share on WhatsAppShare on Facebook

කැලණිය විශ්ව විද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨය මාස 12කින් ප්‍රතිඵල නිකුත් කර නැහැ – අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ තේරීම් කාරක සභාව හමුවේ හෙළි කරයි

• පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨය තවමත් අධ්‍යයන කාලසටහන ඉදිරිපත් කර නැහැ

• ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා උපකුලපතිවරුන්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ අනෙකුත් අදාළ පාර්ශ්ව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත කැඳවීමට පියවර.

කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨය මාස 12කින් ප්‍රතිඵල නිකුත් නොකිරීම නිසා සිසුන් දැඩි පීඩාවට පත්ව ඇති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා අනාවරණය කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත කැඳවූ අවස්ථාවේදීය. කාරක සභාව එහි සභාපති අධිකරණ අමාත්‍ය (ආචාර්ය) ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (25) පාර්ලිමේන්තුවේදී රැස්විය.

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව, උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින ගැටලු සාකච්ඡා කිරීමට සහ ඒ සඳහා ඉදිරිපත් කළ හැකි යෝජනා සහ ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලීම පිණිස අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කමිටුව හමුවට කැඳවා තිබිණි.

අධ්‍යාපනය වරප්‍රසාදයක් නොව අයිතිවාසිකමක් විය යුතු බව අවධාරණය කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පෙන්වා දුන්නේ උසස් අධ්‍යාපන ක්‍රමයේ පවතින දුර්වලතා හේතුවෙන් මතුවන පීඩනය දරා ගත නොහැකිව බොහෝ සිසුන්ගේ විශ්වවිද්‍යාලය අධ්‍යාපනය බිඳ වැටෙන බවයි.
තවද, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨය තවමත් අධ්‍යයන දින කාලසටහන ඉදිරිපත් කර නොමැති බවත් සබරගමුව විශ්වවිද්‍යාලය තවමත් විභාග පැවැත්වීමට කටයතු කර නොමැති බවත් මෙහිදී අනාවරණය විය.

ඒ අනුව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, සියලුම විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයන් ඇතුළු අදාළ සියලු පාර්ශ්වයන් සාමූහිකව සාකච්ඡා කිරීම සඳහා කාරක සභාව හමුවට කැඳවා ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට කමිටුව තීරණය කළේය.

කමිටු සාමාජිකයන් වන රාජ්‍ය අමාත්‍ය ගරු. (වෛද්‍ය) සීතා අරඹේපොල, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු රවුෆ් හකීම්, ගරු අනුර ප්‍රියදර්ශන යාපා, ගරු එරාන් වික්‍රමරත්න, ගරු (මහාචාර්ය) චරිත හේරත් සහ ගරු දයාසිරි ජයසේකර මහතා යන මහත්ම මහත්මීන් කාරක සභා රැස්වීමට සහභාගි වූහ.

SendShareShare
Previous Post

පොහොට්ටුවේ ප්‍රබලයන් 4 දෙනෙක් රොස්මිඩී පෙදෙසේ ගෙදරක සජිත් එක්ක කරපු රහස් සාකච්ඡාව! රෑ කෑමත් අරන්! සජිත් බීලා තියෙන්නේ ග්‍රීන් ටී! රාජ්‍ය රහස්! EXCLUSIVE

Next Post

නන්දලාලුයි සිරිවර්ධනයි දැන දැනම කරපු වැඩෙන් EPF එකට රුපියල් බිලියන සිය ගණනක පාඩුවක්! වහාම පරීක්ෂණයක් ආරම්භ කරන්න!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.