• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

ඉතිහාසයේ කොනටම ගිහින් ලෝකය දකින්න

February 10, 2020
in Holiday
Reading Time: 4 mins read
A A
ඉතිහාසයේ කොනටම ගිහින් ලෝකය දකින්න
Share on WhatsAppShare on Facebook

සිදුහත් කුමරු උත්පත්තිය, බෝසතුන්ගේ බුදුවීම ඉන්දියාවේ නොව ශ්‍රී ලංකාවේ සිදුවූයේ යැයි සලකන පිරිසක් එය බඹරගල රජමහා විහාරය ආශ්‍රිතව සිදුවූයේ යැයි සලකති. එසේ සැලකුවහොත් වසර 2500කට එහා ගිය ඉතිහාසයක් බඹරගල රජමහා විහාරයට පවතී. නුවර යුගයට පසු බි්‍රතාන්‍ය පාලන සමයේ දළදාවහන්සේ ආරක්ෂාව සලකා මෙහි සඟවා තබාගත් බව කියැවේ. මධ්‍යම කඳුකරයේ දෙනිගල හා බෝල්ගල කන්ද යා කරමින් මහවැලි හා හුළු ගඟ එක්වෙන ස්ථානයට මඳක් පහළින් බි්‍රතාන්‍ය රජයේ ආධාර මත ඉදිවූ වික්ටෝරියා වේල්ල නිසා ඇතිවූ වික්ටෝරියා ජලාශයද බඹරගල රජමහා විහාරය ආශ්‍රිතව ඉදිකර ඇත.

නුවර අම්පාර මාර්ගයේ කිලෝමීටර 17ක ගමනකින් අනතුරුව දිගන හන්දියෙන් හැරී තවත් කිලෝමීටර 6ක පමණ ගමනකින් බඹරගලට ළඟාවිය හැක. ගල්ලෙන්, සෙල්ලිපි, ලෙන්චිත්‍රවලින් සපිරි විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු වත්මන් විහාරාධිපති හිමි සහ අනෙක් හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් ගමේ දායක පිරිස මේ වනවිට සිදුකරගෙන යනු ලබති. විහාරය වැඳපුදා ගැනීමෙන් අනතුරුව පෙට්ටිගල කන්ද තරණය සිදුකළ හැක. තරමක කටුක ගමන් මඟකින් කඳුමුදුනට ළඟාවිය හැකි අතර, පැයකින් ගමනාන්තයට ළඟාවිය හැක. ගමන සඳහා වියළි කාලගුණික තත්ත්වයන් වඩා උචිත වන්නේ සමහර තැන්වලදී ලිස්සනසුලුවීමත්, ගස්වල කඳන් ආධාරයෙන් ගමනට රුකුල් ගැනීමට සිදුවීම නිසාත්ය. හන්තාන කඳුවැටිය, මධ්‍යම කඳුකරයේ නකල්ස් වන පියස, වික්ටෝරියා ජලාශයේ සැකැස්ම පෙට්ටිගල මුදුනදී දර්ශනීයව දිස්වේ. සර්පයන් මෙන් ඇඹරී දිවෙන මංමාවත් දිගේ කුහුඹුවන් මෙන් ඇදෙනා වාහන නිරීක්ෂණය කිරීම වෙනමාකාරයේ අත්දැකීමකි. හිරු උදාව හා බැසීම එක් තැනක සිට විඳගැනීමටම හැඩගැසී ඇති ස්ථානයක් ලෙසද පෙට්ටිගල සැලකිය හැක.

දෙදින චාරිකාවක් ලෙස උඩරටට ගමන් කිරීමට උදෑසන 4 හෝරාවට බේරුවලින් ගමන් ඇරඹී මමත්, වසන්තත් පොඩිමැණිකේ දුම්රියෙන් 6 කණිසමට ආසන්න වෙද්දී කොළඹ කොටුවෙන් නුවර බලා පිටත් වූයෙමු. ගම්පහ, වේයන්ගොඩ, පසුකර උදෑසන හිරුඑළිය විඳගනිමින් හරිත තීරු අතරින් පොඩිමැණිකේ ක්‍රමයෙන් කඳුකර උඩරටට ගමන් කළාය. මහනුවර දුම්රිය ස්ථානයෙන් බෝගම්බරට ගොස් චතුරද ගමනට එක්කර ගැනීමෙන් පසු බසයෙන් දිගනට ගොස් ත්‍රීරෝද රථයකින් බඹරගල විහාරය වෙත ගමන් කළෙමු.

ඉරිදා දිනයක් වූ බැවින් දහම් පාසලේ අධ්‍යයන කටයුතු අතරතුර සිටි ස්වාමීන් වහන්සේගෙන් අවසර ගත් අපි ලෙන් චිත්‍ර, ගල්ගුහා නිරීක්ෂණය කළෙමු. විහාරය වන්දනාකර ගෙන ගුහා සංකීර්ණ පසුකරමින් ක්‍රමයෙන් අපි වනගතව පෙට්ටිගල දෙසට ගමන් කළෙමු. හරිත වියන නිසා ගතට කිසිදු අන්දමක විඩාවක් නම් දැනුණේ නැත. විටින් විට ගමන අතරතුර ඡායාරූප හා වීඩියෝවලට නිතැතින්ම අප යොමුකිරීමට සමත් වූයේ ගමනේ අතරමඟ සුන්දරත්වයයි.

පෙට්ටිගල මුදුනේ සිට බලන විට අංශක 360ක පරාසයක ඇස්මානයේ වික්ටෝරියා ජලාශය විහිද පවතින අතර, පොල්වතු, තේවතු, කුඹුරු, ඈතින් දිස්වේ. ඒවාද පරයමින් සෞන්දර්යාත්මක අගය ඔප්නැංවීමට සමත්වන්නේ අනන්තය දක්වා විහිද පවතින මධ්‍යම කඳුකරයේ සදාහරිත වනවැස්මයි. පසුගිය නියඟ සමයේ වික්ටෝරියා ජලාශය සම්පූර්ණයෙන්ම පාහේ හිඳී යෑමෙන් මතුවූ පැරැණි තෙල්දෙණිය නගරය ඉහළින් නිරීක්ෂණය කිරීමට දෙස්විදෙස් සංචාරකයන් බොහෝ ප්‍රමාණයක් පෙට්ටිගල තරණය කර ඇතත්, වර්තමානයේ ඔවුන් සීමාසහිත වී පවතින බව දැනගත්තෙමු.

පැය තුනක් පමණ කඳුමුදුනේ ගතකරමින් අනතුරුව අපි ආපසු බඹරගල විහාරය කරා පල්ලම් බැස්සෙමු. දිවා ආහාරය ගමේ දායකයන්ගේ නොවැළැක්විය හැකි ඉල්ලීම් නිසා විහාරයේ දහවල් දානයෙන් සප්පායම් වීමෙන් අනතුරු වික්ටෝරියාවේ එක් ඉමක් සොයා අපි ගමන් කළේ වෙහෙස දුරු කර, නා ගැනීම සඳහායි.

වික්ටෝරියා ජලාශයේ නාන තොටක් ලෙස ගම්මුන් සැලකූ සුන්දර ස්ථානයක අපි ස්නානය කළෙමු. සංචාරකයන් ලෙස වික්ටෝරියාවේ ස්නානයට ගැළපෙන තැන් ගම්මුන්ගෙන් දැනුවත් වෙමින් කටයුතු කිරීමට වගබලා ගැනීම වඩා ප්‍රවේශම්කාරී වේ. සවස 4ට ආසන්න වී සවස් යාමය එළඹ තිබූ බැවින් නැවත මහනුවරට ගමනාරම්භ කළේ සුහදශීලී ගම්වාසීන්ට තුති පුදකරමිනි.
සාමාන්‍යයෙන් තවමත් පෙට්ටිගල ජනප්‍රිය සංචාරක නැවතුම්පළක් නොවේ. එම නිසාවෙන්ම ඒ ආශ්‍රිත පරිසර පද්ධතියේ සමතුලිතතාවයට බලපෑමක් සිදුවී නොමැත.

මිනිසුන් මෙන්ම නොමිනිසුන්ද පැමිණිය හැකි නිසාවෙන් ගම්වාසීන්ද එතරම් සැලකිල්ලක් සංචාරකයන් කෙරෙහි යොමුකර නොමැත.

ගම්වැසියන් බොහෝ සුහදශීලී පිරිසකි. ඉදිරියේදී පෙට්ටිගල සංචාරයේ යෙදීමට බලාපොරොත්තු වන්නකු නම් විහාරස්ථානයේ දියුණුව සඳහා ආධාර පරිත්‍යාග සිදුකළ හැක. එසේම ස්වභාව ධර්මයට ආදරය කරන්නන් ලෙස පරිසරය සුරකිමින් ගමන් කිරීමට වගබලා ගන්න. දෙදින චාරිකාවේ පළමු දිනය බඹරගල රජමහා විහාරයත්, පෙට්ටිගල තරණයත්, ඇතිපදම් ගිලෙමින් දියබුං ගසමින් වික්ටෝරියා ජලාශ්‍රිතව සිදුකළ ස්නානයෙනුත්, ගම්වැසියන්ගේ සුහද ඇරයුමෙන් පන්සලේ නිර්මාංශ දහවල් දානයේ රසයෙනුත් එක්වුණු මතකයන්ගෙන් මගේත්, වසන්තගේත් චතුරගේත් දිනපොත් පිරීමට මතක එක්කොට තිබිණි.
අමිල දහනායක

SendShareShare
Previous Post

උරුමයක පෙළහාර පාන වේදිකාවේ මැණික

Next Post

කෙනකුගේ අතින් හෙළිවන බලගතු රහස්

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

හබරණ, අලුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක තිබෙන බව කියන මැණික් නිධානයක් ගොඩගැනීම සඳහා අනවසරයෙන් කැණීම් කරමින් සිටි හිටපු අමාත්‍ය එම්.කේ.ඩී....

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.