• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපි හෙළිකළා වගේම විපක්ෂය අද සජිත්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී එකතු වුණා! ප්‍රතිත්‍රස්ත පනත-විකාශන අධිකාරී පනත-එක්ස්ප්‍රස් පර්ල් නැව ගැන ඒකමතික තීන්දුවක්! PHOTOS & VIDEO

April 24, 2023
in Exclusive
Reading Time: 17 mins read
A A
ආණ්ඩුව පරද්දන්න විපක්ෂය එකතු වෙයි! මහා සන්ධානයක් ගොඩනැගෙයි!
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන  ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු වලට එරෙහිව දැවැන්ත බලවේගයක් ලෙස එක්ව කටයුතු කිරීම උදෙසා විපක්ෂයේ කණ්ඩායම් රැසක් අද මුලපුරනු ලැබීය.වර්තමානයේ උද්ගතව ඇති දේශපාලනික, ආර්ථික හා සමාජයීය ප්‍රශ්න හමුවේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන අත්තනෝමතික, වැඩපිළිවෙළට එරෙහිව  විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එකට එක්වී පොදු වැඩපිළිවෙලක් සැකසීම සඳහා සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් රැසක් අද(24) පාර්ලිමේන්තුවේ දී එක්විය. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

ජාත්‍යන්තරය සමග ගණුදෙනු නොකර, ළිං මැඩි සංකල්පය තුළ හිඳිමින් රටකට පෙරට යා නොහැකි බවත් අප කළයුත්තේ ජාත්‍යන්තර සමග සංවාදශීලී වැඩපිළිවෙළක් හරහා හොදම දේ දිනාගැනීම බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.

ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත ප්‍රතිත්‍රස්ත පනත ඇතුළු පනත් බොහොමයක් මේ රටේ මානව හිමිකම් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත් එබැවින් ඒවට එරෙහිව ගත හැකි සියලු ක්‍රියාමාර්ග විපක්ෂය එක්ව ගත යුතු බවත් විපක්ෂ නායකතුමා අවධාරණය කළේය.

PTA සහ ATA වෙනුවට විකල්ප වැඩපිළිවෙළක් සකස් කළයුතු බව එහිදී විපක්ෂ නායකතුමා පැවසූ අතර, ඊට මහාචාර්ය ජී එල් පීරිස්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, ලක්ෂ්මන් කිරිඇල්ල, ඉම්තියාස් බකීර් මාකර්, චන්දිම වීරක්කොඩි, නාලක ගොඩහේවා, උදය ගම්මන්පිල, වීරසුමන වීරසිංහ, ගජේන්ද්‍ර පොන්නම්බලම්, දයාසිරි ජයසේකර, ගෙවිදු කුමාරතුංග, ඇතුළුව මන්ත්‍රීවරු කණ්ඩායමක් ඒ සඳහා සුදුසු ලෙස පත්තර ගන්නා ලෙසද විපක්ෂ නායකතුමා ඉල්ලා සිටියේය.

නෛතික, ජාතික, සමාජයීය, ජාත්‍යන්තර යන සිව් ආකාරයෙන් මේ තත්ත්වය පිලිබදව ක්‍රියාමාර්ග කටයුතු බව ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබදව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනාව, ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව එම හමුවේදි මූලික අවධානයක් යොමු අතර පනත පරාජය කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ සමග එක්ව කටයුතු කරන බවට සියලු දෙනාම එක්විය යුතුබව දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ප්‍රතිත්‍රස්ත පනත ක්‍රියාත්මක කළහොත් ජාත්‍යන්තර වශයෙන් බලවත් අනතුරක් ඇතිවිය හැකි බවත් යුරෝපා කොමිසම පවා මේ තීරණාත්මක මොහොතේ එරෙහිවනු ඇති බවත් මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.

මේ පනත් කෙටුම්පත් කරන්නේ නීති පති දෙපාර්තමේන්තුව ට වඩා පෞද්ගලික නීතිඥවරුන් විසින් යයි එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ප්‍රතිත්‍රස්ත පනත ජනාධිපතිවරයා නීත්‍යානුකූල ඒකාධිපතියකු බවට පත් වීම උදෙසා උත්සාහ කිරීමක ප්‍රතිඵලයක් යැයි මනෝ ගනේෂන් මහතා එහිදී පැවසීය.

මෙම පනතට විරෝධය දැක්වීමේ දී නිශ්චිත කාල රාමුවක් සකස් කර ගැනීම අතිශය වැදගත් බව එහිදී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්  මහතා පැවසීය.

ආංශික කාරක සභා රැස්වන අවස්ථාවේදී මේ පනත පිළිබඳව බලපෑම් සහගත සාකච්ඡාවක් සිදු කළ යුතු බව එහිදී රවුෆ් හකීම් මහතා පැවසීය.

මේ පනතට විරෝධය දැක්විය යුත්තේ ත්‍රස්ත විරෝධී පනත රදවා ගැනීමට නොව මේ පනත් දෙකම අහෝසි කොට දියුණු රටවල ක්‍රියාත්මක වන පරිදි ත්‍රස්ත විරෝධී පනතක් ක්‍රියාත්මක කරලීමට විය යුතු බව චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා පැවසීය.

මේ පනත සම්පූර්ණයෙන්ම ඉල්ලා අස්කර ගත යුතු බවට බලපෑම් කළ යුතු බව එහිදී ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා පැවසීය.

මෙම පනතට සියලු දෙනා විරුද්ධ බව පැහැදිලි යැයිද, දැන් අවශ්‍ය වන්නේ ඊට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව එකඟතාවයකට පැමිණීම යයිද උදය ගම්මන්පිල මහතා පැවසීය.

අදාල පොදු එකඟතා කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂ දේශපාලන පක්ෂ එකමුතුවේ කැදවුම්කරු ලෙස විපක්ෂ නායකතුමා සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ නායකයින්ගේ එකඟත්වයෙන් ඉම්තියාස් බාකීර් මාකර් මහතාව පත් කරනු ලැබීය.

ප්‍රතිත්‍රස්ත පනත ඇතුළු ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත් පිළිබඳව  පුළුල් වශයෙන් මාධ්‍ය දැනුවත් කළ යුතු බව එහිදී යෝජනාව වූ අතර එම කටයුත්ත ද ඉම්තියාස් බාකීර් මාකර් මහතාට පැවරිණි.

අප කළ හෙළිදරව්ව!

ආණ්ඩුව පරද්දන්න විපක්ෂය එකතු වෙයි! මහා සන්ධානයක් ගොඩනැගෙයි!
SendShareShare
Previous Post

උතුරේ පංච පුද්ගල ඝාතකයා වමාරයි! පොලිසිය පිහිය සොයාගනී! රත්තරන් පවුම් 26කුත් ‌අහුවෙලා!

Next Post

අත්අඩංගුවට ගන්නත් එපා! ගෝඨාගෝගම නඩුවේ සැකකරුවකු කරන්නත් එපා! නීතිපති දීපු නිර්දේශයට එරෙහිව අභියාචනාධිකරණයෙන් දේශබන්දුට සහනයක්!

MORE NEWS

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

Load More
බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

“අපනයනකරුවෝ ඩොලර් ලංකාවට ගේන්නේ නැතුව සිංගප්පූරුවේ පාක් කළොත් අපි තවත් අමාරුවේ වැටෙනවා” - මහ බැංකුවේ අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව...

Read more
ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.