• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

නර්තනයේ අනාගත උරුමය

February 8, 2020
in Heart
Reading Time: 2 mins read
A A
නර්තනයේ අනාගත උරුමය
Share on WhatsAppShare on Facebook

පුතකු යනු පවුලකට ශක්තියකි. පවුලක පාරම්පරික උරුමක්කාරයන් පුතුන්ය. පවුලක් වූ පසුව සෑම පිරිමියකුම පිය පදවිය ලබාන්නට පෙරුම්පුරා බලා සිටිති.
සුවිශේෂීව ගත්කල විශාල බූදලයකට හිමිකම් කියන්නෝ හෝ යම් ශිල්පියකට පාරම්පරිකව හිමිකම් කියන්නෝද තම දායාදය මෙන්ම උරුමය පුතකුගේ කරමත පැටවීමට තුන්කල් සිහින දකිති.
එලෙසම පුතකු නැති වුවහොත් එය දුවකට පවරන ආඩම්බරකාර පියවරුන්ද වෙති.
නමුත් ඒ සඳහාද එයට කැපවෙන දුවක බිහිවිය යුතුය. ඒ වාගේම ඒ දුවණිය වගකීම කරට ගන්නා සුවච කීකරු අයකු විය යුතුය. පිය උරුමයට සරිලන සහජ හැකියාව මෙන්ම එම ආභාසය ඉදිරියට ගෙන යෑමේ දක්ෂතාව කැමැත්ත සහ අභිමානයද තිබිය යුතුය.
ඒ සියල්ලෙන් පිරුණු අපූරු දුවක හදවතින්ම අප හා කතාබහට එක්විය. ඈ අන් කවුරුත් නොව අසේකා විජේවර්ධන. ප්‍රවීණ නර්තන ශිල්පී චන්න විජේවර්ධනයන්ගේ සහ උපුලි පණිභාරත විජේවර්ධනයන්ගේ එකම දූ කුමරිය ඈ විය.
පළමුවෙන් ඔබ ගැන ඔබේ වචනවලින්ම කියනවා නම්?
මම අසේකා විජේවර්ධන. ජීවිතය දිහා බලන්නේ හරිම සරලවයි. සිනාවට මම බොහොම ඇලුම් කරනව.ා ම්… තව මොනවද? මම හුඟාක් නිහතමානී කෙනෙක්.
වඩා සමීප අම්මටද? තාත්තටද?
අම්මට තමයි ගොඩක්ම සමීප. පුදුම විදියට මගේ අම්ම මාව අධ්‍යයනය කරනවා. මම හැරුණත් ඒ මොනවටද කියන එක එයා දන්නවා. ඒ වගේම අම්මයි මමයි හරිම අපූරු යාළුවෝ. යමක් ඉෂ්ටකර ගන්න ඕනෑ වුණාම පළමුවෙන් අම්මට කියනවා. දෙවනුව තමයි තාත්තාගේ අවසරය ලැබෙන්නේ.
ඒ කියන්නෙ තාත්තට ඔබ බයයි?
බයක් නෙමෙයි. මම හිතන්නේ ඒ ගෞරවය සහ දුවක තුළ තිබිය යුතු හොඳකම.
ඔබ ඉස්කෝලේ යන කෙල්ලක කාලේ හරිම ලැජ්ජාශීලීලු?
අපොයි ඔව්. ස්ටේජ් එකක ඕඩියන්ස් එකත් ඉස්සරහා අද නටන්නේ කොහොමද කියලා මට වෙලාවකට හිතෙනවා. ලොකුම ගැටලුවකට තිබුණේ බඩ පේන්න ඇඳලා නටන එකයි. මම කොහොමවත් ආස වුණේ නැහැ බඩ පේන විදියට අඳින්න. ඒ වගේම එහෙම ඇඳලා නටන්න මට මහ නුහුරක් දැනුණා.
නුහුරු හිතින් ඉවත් වුණේ කොහොමද?
අම්මයි තාත්තයි නර්තන විෂය ගැන මාව දැනුවත් කළා. මගේ අදහස් වෙනස් කර ගන්න උදව් කළා. ඒ වාගේම භාතිය සන්තුෂ් කියන්නේ මගේ සමීපතම යාළුවො දෙන්නෙක්. පැහැදිලිවම කියනවා නම් පුංචි කෙල්ලක කාලේමයි මම එයාලගේ රසිකාවියක් වුණේ.
අන්න ඒ දෙන්නත් මම හිතන විදිය වෙනස් කරගන්න නර්තනය තුළ දිග ගමනක් යන්න මට සහාය දුන්නාය කිව්වොත් හරි මම හිතන්නේ.
ඔබ හීන දැක්කේ නර්තන ශිල්පිනියක වීමටද?
හීන කිහිපයක්ම ඒ කාලේ තිබුණා. නර්තන ශිල්පිනියක්ම වෙන්න ඕනෑ කියන නියමයෙහි මම හිටියේ නැහැ. මගේ අම්මා තාත්තා වුණත් කවදාවත්ම මට බලපෑම් කළේ නැහැ, නැටුම් ශිල්පිනියක් විය යුතුමයි කියලා. ඒ නිසා මම කුඩා කාලේ ටීචර් කෙනෙක් වෙන්න කැමැත්තක් තිබුණා. හැඩට සාරිය ඇඳලා සාරියේ පාටට හෑන්ඞ් බෑග් එක අරගෙන කොණ්ඩ ගෙඩියක් බැඳලා යන්න හීන දැක්කා. ඊළඟට ඔය අතර නිළියක වීමේ කැමැත්තක් තිබුණා. ඉන් පස්සේ චිත්‍ර ශිල්පිනියක් මගෙ හීනවලට ආවා. ඒ හීනෙ නම් සෑහෙන කාලයක් කුඩා කෙල්ලක අවදියේ ඉස්කෝලේ යනකොට තිබ්බා.
නර්තන ශිල්පිනියත් ඒ අතරට ආවේ කොහොමද?
දැනුම් තේරුම් ඇති යුවතියක වෙනකොට නිවෙසේ පරිසරය දකිනකොට හිත වෙනස් වෙන්න ගත්තා. අම්මයි, තාත්තයි ෂෝවලට යනවා, එනවා, උගන්වනවා. ඒ එක්කම සීයාගේ ආභාසය, ඔය හැමදේම නිසා වෙන්නැති මම නර්තන ශිල්පිනියක වුණේ.
ගුරුවරියකගේ හීනයට තිත තිබ්බද?
නැහැ. ඒ ආශාවත් මම ඉටුකර ගත්තා. මම ඉගෙන ගත්තේ බිෂොප් කොලේජ් එකේ. එහිදී ගුරුවරියක ලෙස කෙටි කාලයක් මට සේවය කරන්න ලැබුණා. ඒ වගේම දැනටත් මම කරන්නෙ ගුරුවරියගේ කාර්යය තමයි. චන්න උපුලි රංගායතනයේ ගුරුවරියක ලෙස මම උගන්වනවා.
චිත්‍ර ශිල්පිනියට මොනවද වුණේ?
ඇය තවම මා සිතෙහි ඉන්නවා. මම තවම ඇයට ළැදියි.
එකතු කළ චිත්‍රවලින් ප්‍රදර්ශනයක් තියන්න හීනයක් එහෙම හිතේ ඇති?
බලමු සමහර විට එවැන්නක් සිදුවිය හැකියි. නමුත් ප්‍රශ්නය තියෙන්නේ මං හුඟක් අවිවේකයි. එනිසා එහෙම දේ ගැන ස්ථිරව කියන්න අපහසුයි.
අනාගතය ගැන ඔබේ ඉලක්කයන් මොනවද අසේකා?
ලොකුවට එහෙම අනාගතය ගැන හිතලා නැහැ. හෙමින් ගමනක නියැළෙනවා. ජීවිතය දෙන දේ භාරගන්නවා. එහෙමයි මම හිතන්නේ.
නර්තන කලාව තව ඉහළට ඉගෙන ගන්න විදේශගත වෙන්න ආස නැද්ද?
නර්තන කලාව තවදුරටත් ඉගෙන ගන්න මගේ වටපිටාවේම ඉතාම හොඳ ගුරුවරයෙක් මට ඉන්නවා. ඒ තමා මගේ තාත්තා. තාත්තගෙන් මම ඉගෙනගත යුතු තව බොහෝ දේ තියෙනවා. ඒ හින්දා නර්තනය හදාරන්න තව කොහේවත් යන්න ඕනෑය කියන අදහසක් මා සිතෙහි නැහැ.
ජීවිතය නැවත අලුතින් ඔබට ලැබෙනවා නම් ඔබ ඉල්ලන්නේ මොනවද?
චන්න විජේවර්ධන කියන තාත්තටත්, උපුලි පණීභාරත කියන අම්මටත් දාව උපන්න අසේකා විජේවර්ධනවම මට දෙන්නය කියා ඉල්ලනවා.
අම්මා තාත්තා ගැන යමක් කියනවා නම්?
මගේ තාත්තා තුළ තිබෙන අපූරු නිර්මාණ ශක්තියටත්, මගේ අම්මා තුළ තියෙන ඉවසීමේ ගුණාංගය සහ ජීවිතය දෙන දේ සතුටින් භාරගැනීම යන පැවැත්මටත් මම තදින් ගරු කරනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සෙලාන් බැංකුව පාරිභෝගික සේවා විශිෂ්ටත්වයෙන් අංක 1ට

Next Post

නවම් මහේ දහම් සිසිල ගලන ආණමඩුව ශ්‍රී ආනන්දාරාමය

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.