• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඥනක්කාගේ සඳුන් සුළඟ සමඟ ජයවර්ධනපුරයට එන රජගෙදර පරවියෝ…

April 6, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
ඥනක්කාගේ සඳුන් සුළඟ සමඟ ජයවර්ධනපුරයට එන රජගෙදර පරවියෝ…
Share on WhatsAppShare on Facebook

රජ ගෙදර යැයි කී සැණින් බොහෝ දෙනකුට සිහිවන්නේ අතීත රජවරුන් නිවැසි මාලිගාවක් නොව කොළඹ කොටුවේ ඇති ජනාධිපති මැඳුරය. සියවස් කිහිපයකට පෙර ලන්දේසින් ඉදිකළ මේ රජ ගෙදර මුල්ම පදිංචිකරුවා වූයේ ලංකාවේ අවසාන ලන්දේසි ආණ්ඩුකාරයා වූ එංගල් බීක්ය. ඔහුගෙන් පසු බි්‍රතාන්‍ය ජාතික ආණ්ඩුකාරවරු තිස්දෙනකු පමණ මෙහි වාසය කළෝය. 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ශ්‍රී ලංකාව බි්‍රතාන්‍ය කිරීටයේ ඩොමිනියන් තත්ත්වයෙන් මිදුණු පසු මේ රජ ගෙදර නම ජනාධිපති මන්දිරය ලෙස වෙනස් වූයේය. එතැම් සිට නාමමාත්‍රික ජනාධිපතිවරයකුට සහ පූර්ණ බලැති විධායක ජනාධිපතිවරු හත්දෙනකුටද මේ මන්දිරය නිවහන වූයේය.

ශ්‍රී ලංකාවේ ඉතිහාසයට අනුව රාජධානි සහ රජවරුන් මාරුවන විට රජ ගෙවල් නොහොත් මාලිගාද මාරු විය. එහෙත් කොළඹ පැවති පරිපාලන අගනුවර ජයර්ධනපුරයට ගෙන ගියද රජගෙය සහ එහි නිවැසි ජනපතිවරු එහිම විසූවෝය. ලංකාවේ අග නගරය කොළඹින් ජයවර්ධනපුරයට ගෙන ගිය ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන වරක් දළදාවහන්සේ ජයවර්ධනපුරයට වැඩම කරවන්නට උත්සාහ ගත්තේය. මහානාහිමිවරුන් ප්‍රමුඛ බෞද්ධයන්ගේ දැඩි විරෝධය නිසා එම උත්සාහය ව්‍යර්ථව යන ලද්දේය. දළදාවට අත තබන්නට උත්සාහ ගත්තද ජේ.ආර්. කවදාවත් රජගෙදර කොටුවෙන් ජයවර්ධනපුර කෝට්ටේට ගෙනයන්නට උත්සාහ ගත්තේ නැත.

ජේ.ආර්., ආර්. ප්‍රේමදාස සහ ඩී.බී. විජේතුංග යන ජනපතිවරුන්ගේ ඇවෑමෙන් ලංකාවේ ජනාධිපති ධුරයට පත්වන්නී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගය. ඕ රජගෙදර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත රැගෙන යාමට තීරණය කරන්නීය. ඇය සිය ධුර කාල දෙකේම රැඳී සිටියේ අරලියගහ මන්දිරයේය. එබැවින් එකල්හි අගමැතිවරුන්ට අතන මෙතන නතර වෙමින් තම රාජකාරි කරන්නට සිදු වූයේය. සැබැවින්ම චන්ද්‍රිකා රජගෙදර භාවිත කළේ රාජකාරි කටයුතු සඳහා පමණි. ඒ වන විට උපරිම තලයට පැමිණෙමින් තිබූ කොටි සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාද ඇගේ තීරණයට හේතුවක් වන්නට ඇති මුත් ඊට වඩාත්ම බලපෑවේ ‍රජගෙදර පිළිබඳ තිබූ වෙනයම් අප්‍රකාශිත මතයක් බව තතු දන්නෝ පවසති. ඊට එක් හේතුවක් වනුයේ වත්මන් ජනාධිපති මන්දිරය තිබූ ස්ථානය අතීතයේ සොහොන් බිමක් ලෙස භාවිත කර තිබීමය. පෘතුගීසින් විසින් රජකමට පත් කළ දොන් ජුවන් ධර්මපාල රජුගේ දේහය පවා මුලින් මිහිදන් කර ඇත්තේ මෙහි බව කියැවේ. (පසුව එම දේහය වෙනත් තැනක මිහිදන් කර ඇත). රටේ නම සහ ජාතික ගීය පවා සුබ අසුබ නිමිති ගැන විශ්වාසයෙන් වෙනස් කළ රටක රජගෙදර වුවද පිහිටියේ සොහොන් බිමක නම් රාජ්‍ය නායිකාව එහි නිවැසීමට අකැමැති වීම පුදුමයක් නොවේ. එහෙයින් චන්ද්‍රිකා කුමාරතුංග රජගෙදර මඟහැර අරලියගහ මන්දිරයේ නතර වීමට ප්‍රධාන හේතුව ආරක්ෂාවෙන් එහාට ගිය එකක් වන්නට බැරි නැත.

ආරක්ෂාව හෝ වෙනයම් කරුණක් නිසා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපති මැඳුර කොටුවෙන් කෝටේට රැගෙන යෑමට උත්සාහ ගත්තාය. ජනාධිපති ලේකම් කාර්යාලය සහ ආරක්ෂක කඳවුරු සහිත සම්පූර්ණ කාර්යාල සංකීර්ණයක් කෝට්ටේ ජයවර්ධනපුරයේ ඉදිකිරීමට යෝජනා වන්නේ ඒ අනුවය. VIP සංකීර්ණයක් ලෙස ඉදිකිරීමට යෝජිත වූ එකී මන්දිරය අදටද පුදුම හිතෙනා තරම් සුඛෝපබෝගී අංග රැසක් ඇතුළත් විය. අක්කර 100කට ආසන්න භූමියක් ආවරණය වන පරිදි මෙහි ගොඩනැගිලි ඉදිවන්නට නියමිතව තිබිණි. ඉතා දැඩි මහජන විරෝධය සහ දේශපාලන අර්බුද නිසා ඇගේ එකී උත්සාහය සාර්ථක වූයේ නැත. අවසානයේ මැඳුර එතනම තබා චන්ද්‍රිකා ධුරයෙන් සමුගෙන පිය උරුමයෙන් තමාට හිමිව තිබූ අත්තනගල්ලේ හොරගොල්ල වලව්වේ පදිංචියට යන්නට තීරණය කළාය.

එදා චන්ද්‍රිකා අතහැර දමන ලද රජගෙදර කොළඹින් පිටට ගෙන යාමේ කර්තව්‍යයට අද කරගසා සිටින්නේ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහය. ඒ රාජපක්ෂවරුන් මුහුද ගොඩකර ඉදිකරන ලද බවට පාරම්බෑ පෝට්සිටිය ජනාධිපති මන්දිරයද බිලිගන්නට කර ඇරගෙන සිටීම නිසාය. ජනාධිපති නිල නිවෙසට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරය, අගමැති කාර්යාලයද පමණක් නොව අමාත්‍ය මණ්ඩල කාර්යාලයද අකුළාගෙන කොළඹින් පසුබසින්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර අවසාන බව දැනගන්නට ඈත.

මෙවර ‍රනිල් රජගෙදර ගෙන යන්නට හදන්නේ කෝට්ටේට නොව බත්තරමුල්ලට නුදුරු ප්‍රදේශයකටය. මීට දෙවසරකට පෙර රට දරුණුතම ආර්ථික අර්බුදයක ගිලෙමින් පවතින සමයක රුපියල් තිස් කෝටියක් වැයකර බත්තරමුල්ලට නුදුරුව ඉදිකළ සඳුන් උයන නම් නාගරික උද්‍යාන පරිශ්‍රයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව ජනපති මැඳුර ඉදිකිරීමට තීරණය කර ඇති බව සැලවේ. මේ කියන සඳුන් උයනේ සතර අත රෝපණය කර ඇත්තේ සඳුන් පැළ බව කියැවේ. ශ්වේත චන්දන යන සංස්කෘත නාමයෙන් හඳුන්වන සඳුන් ශාකය Santalum album L යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි. Santalaceae කුලයට අයත් ශාකයක් වන සඳුන් ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් නොවනමුත් මෙරට හොඳින් වැවෙන ශාකයකි. ආයුර්වේද වෙදකමේ රෝග ගණනවකට ඔසුවක් ලෙස සඳුන් භාවිත කරයි. සබන් සහ විලවුන් නිෂ්පාදනයටද යොදාගන්නා සඳුන් ශාකයට ලංකාවේ මෙන්ම ඉන්දියවේද ලැබෙනුයේ උසස් සැලකිලිය.

එහෙත් ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය හොබවන සමයේ බත්තරමුල්ල වැනි නාගරික ප්‍රදේශයක අක්කර ගණනක සඳුන් වවා සඳුන් උයනක් සාදන්නේ එහි ඖෂධීය වටිනාකම හෝ ආර්ථික වටිනාකම සලකා නොවේ. ඖෂධීය වටිනාකම සලකන්නේ නම් මෙරටට වාර්ෂිකව මහා පරිමාණයෙන් ඉන්දියාවෙන් ආනයනය කරන කටුවැල්බටු වැනි ඖෂධ ගණනාවක් මෙරට වගාකළ හැක. ආර්ථික වටිනාකම බැලුවේ නම් වල්ලපට්ටා ගසට ආදේශකයක් වන අගාවුඩ් වැනි ශාකයක් වැවීම සෑම අතින්ම ලාභදායකය. ඒ සියල්ල අතහැර පර්චසය කෝටි ගණනින් මිල වන බත්තරමුල්ල වැනි නාගරික ප්‍රදේශයක සඳුන් උයනක් සෑදීම වූ කලී වෙනමම සොයා බැලිය යුතු නිමිත්තකි.

මේ පිළිබඳ සමාජයේ පැතිර ඇති ප්‍රබල මතයක් වෙයි. එය හුදු ඕපාදූපයක සීමාව ඉක්මවා ගිය කතාවක් වන්නේ ගෝඨාභය රාජපක්ෂ මෙන්ම සමස්ත රාජපක්ෂ පරපුරම මිථ්‍යා මත දැඩිව විශ්වාස කරන්නන් බව රටම දන්නා නිසාය. මෙරට හැටනව ලක්ෂයක් ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරනුයේ දියුණු පාලනයක් මෙරට ස්ථාපිත කිරීමට වුවත් සිදුවනුයේ ඊට ඉඳුරාම වෙනස් දෙයකි. විද්‍යාත්මක ප්‍රවේශයකින් රට පාලනය කරනු වෙනුවට ඔහු නැඹුරු වනුයේ ‘ඥානක්කා’ නමැති සාස්තරකාරියගේ උපදෙස් මත රට කරවන තැනටය. රෝහල් උපස්ථායිකවක් වශයෙන් සේවය කළ ඥානක්කා කොහෙන්දෝ ලද වරයකින් සාස්තර කියන්නට පටන් ගත් අතර ඇගේ සේවය වඩ වඩාත් පැතුවේ අනුරාධපුරය අවට හමුදා ලොක්කෝ බව කියැවේ. බැරැක්ක මානසිකත්වයකින් කටයුතු කරමින් සමස්ත රාජ්‍ය සේවයම මිලිටරිකරණය කිරීමට උත්සාහ ගනිමින් සිටි ගෝඨාභය රාජපක්ෂට ඥානක්කා ගැන පණිවුඩය එන්නට ඇත්තේ හමුදා ලොක්කන්ගෙන් යැයි අපට සිතිය හැක. කෙසේ වෙතත් රාජ්‍ය නායකයා සෙත් ශාන්ති කරගැනීමට යන්නට එන්නට වීමත් සමගම අවශේෂ මැති ඇමත්තෝද අගමැති මහින්ද ප්‍රමුඛ රාජපක්ෂ සනුහරේද ‘වැඩ’ කරගන්නට ඥානක්කා සොයා යාමට පටන් ගති. එම නිසා ඥානක්කාගේ කරල පැසුණේය. ඇය දේවාලයට අමතරව හෝටලයක්ද දමාගත් බවත්, ඇගේ සියලු කටයුතු සඳහා ආරක්ෂක හමුදා නිලධා‍රීන් දායක වන බවත් එකල මාධ්‍යයන්හි නිතර පළ විය.

රට ආර්ථික අර්බුදයක මුව විටටම පැමිණ සිටි අවස්ථාවක එලොවටත් නැති මෙලොවටත් නැති සඳුන් උයනක් අග නගරයක් මැද ඉදිකරන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙලඹීම හුදු අහම්බයක් යැයි සිතන්නට නොහැක. එහි පසුබිම් කතාව කුමක් වුවත් සමාජයේ පවතින මතය වනුයේ සඳුන් උයන ඥානක්කා නැතිනම් පසු කාලයක වඩාත් ගරුසරු සහිතව හැඳින්වූ ඥානා මෑණියන් විසින් දෙන ලද උපදෙසක් මත ඉදිවූවක් බවය. ගෝඨාභයගේ ආණ්ඩුවට බලයට පැමිණි දින සිටම සිදුවූයේ බිහිසුණු ප්‍රශ්න වැලකට මුහුණ දීමටය. කොරෝනා වසංගතයෙන් ආරම්භ වී බංකොලොත් වීමෙන් නිමවුණු ඒ ප්‍රශ්නාවලියේ ආරම්භයේදීම ජනපති ප්‍රමුඛ ආණ්ඩුව ඥානක්කාගෙන් උපදෙස් පැතුවේලු. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුව ඉදිරිපිට ඇති ක්‍රීඩාංගණයේ පසෙක ජාතික රණවිරු ස්මාරකය ඉදිව ඇත. රටේ පාලන කේන්ද්‍රස්ථානය ඉදිරිපිට මළවුන් වෙනුවෙන් ස්මාරකයක් ඉදිව තිබීම අසුබ නිමිත්තක් ලෙස ඥානක්කා ජනාධිපති ප්‍රමුඛ රජයට දන්වා සිටියේලු. රණවිරුවන් මාර්කට් කර බලයට පැමිණි නිසා රණවිරු ස්මාරකයට අත තියන්නටද බැරිය. ආණ්ඩුවට අසුබ නිසා වැඩේට මුකුත් නොකරත් බැරිය. කෙටියෙන් කියනවා නම් ආණ්ඩුව පත්වූයේ ‘ගෙදර ගියත් මග සිටියත් තෝම නසිනා තත්ත්වයකට’ය. මේ අර්බුදය ගොඩින් බේරාගත හැකි ක්‍රමයක් ලෙස ඥානක්කා ආණ්ඩුවට ‘සෙකන්ඩ් ඔපීනියන්’ එකක්ද දුන්නේලු. ඒ, පාර්ලිමෙන්තුව ළඟ පාතින් සඳුන් උයනක් වවන ලෙසය. එමගින් සඳුන් ගස් පිස එන සුළඟ පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුළු වන බවත් මියගිය රණවිරුවන් වෙනුවෙන් ඉදිකළ ස්මාරකය මගින් වන අසුබ සියල්ල ඉන් භංග වන බවත් ඥානක්කා පැවසුවේලු. මේ කතාව හුදු ප්‍රබන්ධයක් ලෙස බැහැර නොකරන්නේ රාජපක්ෂවරු පමණක් නොව දේශපාලනඥයෝ බහුතරයක් අණවින හදි හූනියම් ඉස්මුදුණින් පිළිගන්නා මිථ්‍යා දෘෂ්ටිකයන් බව රටම දන්නා නිසාය. ලංකාවෙන් බැරිනම් ඉන්දියාවේ හිමාලයේ ඉන්නා බව කියන යෝගියෙක් හෝ කවුරුන් හෝ රැවුල්කාරයෙක්ගෙන් ගෙන්වාගනා නූල්, මාල, නාගදරණ ඇට ඈලි මෙකී නොකී දහසක් වස්තූන් පලඳින්නට ඔවුන් පෙලඹෙන්නේ ඒ නිසාය. නිවසේ දොර උළුවහු පමණක් නොව යට ලී බාල්ක පවා නිතර වෙනස් කරමින් වාස්තු දෝෂ අරිමින් තම බලය පවත්වාගන්නට ඔවුහු අඛණ්ඩව උත්සහා ගනිති. ඒ සැමදාමත් ගොනාට අන්දන ඡන්දදායකයන්ගේ සර්වජන ඡන්ද බලයෙන් පමණක් බලය සදාකල් රැකගන්නට බැරි බව දන්නා නිසාය. මහින්ද රාජපක්ෂ ජනධිපතිවරයා නිතර මිරිකමින් සිටිනා ජය කොන්තය (පොදු ජනයාගේ භාෂාවෙන් වශී බෝලය) පිටුපස ඇත්තේද මෙවැනි කතාවකි.

ඒ පසුබිම සලකා බලන කල ඥානක්කාගේ කීමට තකහනියක් බත්තරමුල්ලේ සඳුන් වනයක් වවන්නට ජනපති ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂවරු තීරණය කළද එහි පුදුමයක් නැත. එහෙත් දැන් ජනපති රනිල් වික්‍රමසිංහය. ඔහු අලුතින් හදන ජනපති නිවස සඳුන් උයනේ හදන්නට යන්නේ ඇයිදැයි යන පැනය අපට නැගෙන්නේය. මන්ද යත් රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ යනු රාජපක්ෂලාට සහ ලංකාවේ බොහෝ දේශපාලනඥයන්ට සාපේක්ෂව දියුණු මිනිසෙකි.

ඔහුගේ මොන අඩුපාඩුව තිබුණද අප ඒ බව පිළිගත යුතුය. එකම එක අවස්ථාවක හැර රනිල් අගමැති වූ සෑම අවස්ථාවකම ජනපතිකම් දැරුවේ පසමිතුරු ජනපතිවරුන්ය. දත් තිස්දෙක මැද්දේ දිව මෙන් පවත්වාගෙන ආ තම අගමැතිකම රැකගන්නට ඔහු වශී බෝල මිරිකුවේ නැත. බලය රැකගැනීම උදෙසා ඔහුට වෙනමම ක්‍රියාන්විතයන් තබිණි. මන්ද යත් රනිල් යනු මැකියාවලිටත් දේශපාලන කට්ටකම් ඉගැන්වූ ජුනියස් රිචර්ඩ් ජයවර්ධනගේ බෑණාය.

එසේ නම් ‍රනිල් ජනපති මැඳුර පමණක් නොව අගමති මැඳුරද කාර්යාලය සහ කැබිනට් කාර්යාලයද සඳුන් උයනට ගෙන එන්නේ එහි කිසියම් ගුප්ත ආශීර්වාදයක් ඇතැයි සිතාද යන ගැටලුව අපට ඇතිවේ. එහෙත් ජීවිත කාලයක් රැකගත් සිය දියුණු ලිබරල් චින්තනය පාවාදී ඥානක්කා විසින් රාජපක්ෂවරුන්ට කැවූ බව සමාජය පවසන මිථ්‍යා දෘෂ්ටික ලණුව අනිත් කෙළවරින් ගිලින්නට පටන් ගන්නට තරම් රනිල් වික්‍රමසිංහ මෝඩයකු නොවේ.

මැයි 09 ප්‍රහාරයෙන් පසු සැඟව සිටි පොහොට්ටුව එළිපහලියට පැමිණ දැන් යළි කරළියට එමින් සිටියි. රෝහිත, ජොන්ස්ටන් වැනි හිටපු ඇමැතිවරු වඩාත් නිදහසින් කටයුතු කරමින් සිටී. ‘

බ්ලැක් ලිස්ට්’ එකේ සිටි පවිත්‍රාටද ඇමැතිකමක් හිමිව ඇත. ඒ අල්ලපනල්ලේ අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ආතතිය ඉහළ නංවමින් මහින්ද රාජපක්ෂ යළි අගමැතිකම බලාපොරොත්තු වන බවට කනින් කොනින් ආරංචි ලැබෙමින් පවතී. ‍රාජපක්ෂවරුන්ගේ ඔටුන්න හිමි කුමරා වන නාමල්ද මාධ්‍ය හමු පවත්වමින් කෙමෙන් ‘ලිස්සන ගහ’ නැගීම අරඹා ඇත. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අගමැතිත් කැටුව කොටුවෙන් බත්තරමුල්ලට මාරු වෙන්නට යන්නේ මෙවන් දේශපාලන පසුබිමක් යටතේය.

රනිල් තමාගෙන් පසු රටට තබා පක්ෂයටත් අනුප්‍රාප්තිකයෙක් සූදානම් කර නැත. එසේ තිබියදී සඳුන් උයනේ හදන්නට යන ජනපති මැඳුරු අගමැති මැඳුරු ගැන ඔහුට දැවැන්ත බලාපොරොත්තු තිබිය නොහැක.

එසේනම් සඳුන් උයන වී.අයි.පී. සංකීර්ණයක් කිරීමට ජනපති තීරණය කරනුයේ අනාගත ජනපතිවරුන් අගමැතිවරුන්ගේ සුබසිද්ධිය උදෙසාද? එහෙමත් නැතිනම් කෙටි කාලයකට හෝ අගමතිකම ඉල්ලන මහින්දගේ අදහසක් අනුවද? නොඑසේ නම් වැල් පාලමෙන් එගොඩ කළ බවට විපක්ෂය පවසන රාජපක්ෂ පරපුරේ ඔටුන්න හිමි කුමරා වෙනුවෙන්ද? මේ සියලු සැක සංකා හුදී ජනයා තුළ ඇතිවන්නේ නිතැතිනි.

ජනාධිපති රනිල් කුමන අරමුණින් මේ කටයුත්තට අනුමැතිය දුන්නද ඉන් වැඩිපුරම පීඩාවට පත්වෙන්නේ බත්තරමුල්ල, පැලවත්ත, කෝට්ටේ අවට ජනයාය. මන්ද යත් අගමැති, ජනපති දෙදෙනා අසල්වැසියන් වීම නිසා දහස් ගණනක් මිනිසුන්ට අධි ආරක්ෂක කලාපයක සිරකරුවන් වන්නට සිදුවන බැවිනි.



අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

IMF ගිවිසුමේ පිටු 251ම මම කියෙව්වා! ඒ කොන්දේසි ඉටු කරන්න ඉතා අමාරුයි! ඒවා වෙනස් කරන්නත් බෑ! දැන් රට පාලනය කරන්නේ මෙහෙන් නෙමෙයි වොෂින්ටනයෙන්! මහබැංකුවේ අයත් දැන් කරන්න බැරිව නාහෙන් අඬනවා! මම දැන් ස්වාධීන පුද්ගලයෙක්! මට දැන් මේවා හෙළිකරන්න පුලුවන්! VIDEO

Next Post

ආණ්ඩුවේ වැඩ ෂුවර් නෑ! ගේන්නේ නෑ කියලා ආයෙ හොර පාරෙන් පාර්ලිමේන්තුවට ගේන්න පුලුවන්! අලුත් ත්‍රස්ත පනතෙන් මිනිස්සුන්ගේ මූලික අයිතිය කඩවෙන හැටි සජිත් එකින් එක සරලවම කියා දෙයි! සියලු දෙනා සමග එක්ව උසාවි යන බවත් කියයි! VIDEO

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.